IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


​තෙලෙන් රත්වුණු කැබිනට් රැස්වීම

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ඇමැති මණ්ඩලය පළමුවරට රැස්වූයේ පසුගිය සතියේය. කැබිනට් රැස්වීම සාමාන්‍යයෙන් අඟහරුවාදා උදේ සුපුරුදු පරිදි පැවැත්වෙන නමුත් මෙවර පැවැත්වූවේ බදාදා උදේ වරුවේය. ඊට හේතුව වූයේ ජනාධිපතිවරයා අඟහරුවාදා සවස පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරන්නට සහභාගි වීමය. මෙවර කැබිනට් රැස්වීමට අලුත් අමුත්තෙක් ද පැමිණ සිටියේය. ඒ උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස අලුතින් දිවුරුම් දුන් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාය. කලින් අධිකරණ ඇමැති ධුරය දැරූ ඔහු මීට මාස කීපයකට ඉහතදී ඉන් ඉවත් වූයේය.   


කැබිනට් රැස්වීමේ වැඩි අවධානය යොමු වූයේ ඉන්ධන මිල ඉහළ දැමීම ගැනය. මුදල් ඇමැති මංගල සමරවීර මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ ඉන්ධන මිල වැඩිකිරීමේ යෝජනාවලියක්ද රැගෙනය. ඔහු ඉන්ධන මිල වැඩි කිරීමට යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි. එකක් ඉන්ධන මිල අදියර කීපයක් යටතේ පියවරෙන් පියවර වැඩි කිරීමය. දෙවැන්න ඉන්ධන මිල එකවර වැඩි කිරීමය. මංගල සිය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ආර්ථිකය පවත්වාගෙන යාමටත්, රජයේ සංවර්ධන කටයුතු කරගෙන යාමටත්, ඉන්ධන මිල වැඩිකළ යුතු බවය. තෙල් මිල වැඩිකිරීම අදම කළ යුතු යැයි ද මංගල දැඩිව කීවේ තෙල් සංස්ථාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය ගැන ද දීර්ඝ ලෙස පැහැදිලි කරමිනි.   


මංගලගේ යෝජනාව වූයේ ඉන්ධන මිල අදියර කීපයක් යටතේ වැඩි කිරීමය. පෙට්‍රල් හා ඩීසල් රුපියල් 30 කින්ද, භූමිතෙල් රුපියල් 60 කින්ද වැඩි කිරීමට යෝජනා කර තිබිණි. රාජිත සේනාරත්න හා මහින්ද අමරවීර කීවේ තෙල් මිල පියවරෙන් පියවර වැඩි කිරීමෙන් ජනතාවගෙන් දිගින් දිගටම බැනුම් අහන්නට වන බැවින් එකවර වැඩි කළ යුතු බවය. මංගල කීවේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ද ඉදිරිපත් කරන බවය.   


 අනතුරුව කතා කළේ චම්පික රණවකය. තමා විදුලිබල ඇමැතිව සිටියදී ඛනිජ තෙල් හා විදුලිය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් සකස් කර 2015 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද මහා භාණ්ඩාගාරය එය ප්‍රතික්ෂේප කළ බව කීවේය. ඔහු චෝදනාවක් කරමින් කීවේ මෙවර ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 160 ගන්න බලාගෙන මිල සූත්‍ර ඉදිරිපත් කිරීම වැරදි බව ඔහු කීවේය. ඉන්ධන මිල වැඩි කිරීමෙන් දේශපාලන වශයෙන් සිදුවන බලපෑම ගැන තක්සේරුවක් කළ යුතු බව ද චම්පික කියා සිටියේය.   


 අනතුරුව කතා කළේ මංගලය. ඔහු කීවේ ආණ්ඩුව තෙල් මිල වැඩි කළද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ තිබුණ තෙල් මිලට වඩා අඩු අගයකට මිල වැඩි කරන බවය. ඒ නිසා තෙල් මිල ඉහළ දැමීමෙන් ජනතාව තුළ ඇතිවන විරෝධය සමනය කරගත හැකිවනු ඇතැයිද ඔහු කීවේය. මම හිතන්නේ අපි මෙච්චර ගණනකින් ඉන්ධන මිල වැඩි කරනවා කියලා මෙතනදී තීන්දුවක් ගන්න අවශ්‍ය නැහැ. අපි අද රෑ 9.00 ට රැස්වෙලා නිලධාරිනුත් කැඳවල මේ ගැන තීන්දුවක් ගනිමු. අපි මෙතනදී තෙල් මිල ගැන ප්‍රතිපත්ති තීරණයකට පමණක් යමු යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් ඒ අනුව ඉන්ධන මිල ගැන තීරණයක් ගැනීම එදින රාත්‍රියට කල්තැබිණි.   


 මේ අතරවාරයේ රාවුෆ් හකීම් ඇමැතිවරයා තවත් යෝජනාවක් කළේය. ඔහු කීවේ ජල ගාස්තුව වැඩි කිරීම ගැන ද තීන්දුවක් ගත යුතු බවය. ඒ අනුව ජල බිල වැඩි කිරීම ගැන ද සලකා බලන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. චම්පික රණවක කීවේ ඉන්ධන මිල වැඩි කිරීමේදී දැවි තෙල් මිලත් වැඩිවෙනවා. එ්ක විදුලියට බලපානවා. ඒ නිසා ඉන්ධන මිල වැඩි කිරීමේදී ඒ හා බැඳුණු අනෙක් ක්ෂේත්‍ර ගැනත් අවධානය ​ෙයාමු කරන්න කියාය.   
 දුම්වැටි භාවිතය අඩු කිරීමට තනි දුම්වැටි අලෙවිය තහනම් කරන්නැයි රාජිත ගෙනා යෝජනාවට මංගල සමරවීර ඇමැතිවරයා විරුද්ධ විය. මංගල කීවේ එය රජයේ ආදායම නැතිවන වැඩක් බවය. ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් තැබිණි.   


 සරත් ෆොන්සේකා ජනපති හමුවේ


 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉකුත් සතියේ අවස්ථා දෙකකදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කළේය. තිරසාර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් කැඳවමින් ෆොන්සේකා ඇමැතිවරයා ජනපති මෛත්‍ර්‍රී දැඩිව විවේචනය කර තිබිණි. 


අනතුරුව ඉකුත් සති අන්තයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එජාප මැයි රැලියේදීද ෆොන්සේකා ජනපති මෛත්‍රිට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ෆොන්සේකාගේ එම ප්‍රකාශ දෙක ගැනම ශ්‍රීලනිපය මැති ඇමැතිවරු බලවත් විරෝධය පළ කරන්නට වූහ. ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් ද කර තිබුණේ ෆොන්සේකා ඇමැති ධුරයෙන් ඉවත් කරන්නට කියාය. ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයා ද දැඩි කළකිරීමකට පත්ව සිටියේය.   


 ගිය බදාදා පැවැති කැබිනට් රැස්වීම හමාර වනවාත් සමගම ෆොන්සේකා ජනපති මෛත්‍රි හමුවන්නට ඔහුගේ කාර්යාලයට ගියේ අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමැතිවරයාද සමගය. එහිදී ෆොන්සේකා ඇමැතිවරයා තමා අතින් සිදුවූ වරද ගැන ජනාධිපතිවරයා වෙත සිය කනගාටුවද පළකර සමාව ඉල්ලා සිටි බව වාර්තා විය.   


 ෆොන්සේකා ජනපති මෛත්‍රිගෙන් සමාව ඉල්ලීම ගැන ප්‍රවෘත්තිය රට පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පහුවදාම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා පහුගිය දිනවල ඇතිවූ දේශපාලන ක්‍රියාදාමයන් ගැන අගමැතිවරයාද සමග ගොස් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවය. එසේ නැතිව ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලූ බව ඔහු සඳහන් කළේය.   
ෆොන්සේකා සමාව ඉල්ලූ බව රාජිත තහවුරු කරයි.   


 බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගැනීමේ ප්‍රවෘත්තිය ගැන මාධ්‍යවේදීන් විමසා සිටියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගෙනි. ඔහු කීවේ ෆොන්සේකා ඇමැතිවරයා ජනපති මෛත්‍රීට කනගාටුව පළකර ඔහුගෙන් සමාව ගත් බවකි.   


 ඉන්ධන මිල වැඩි කිරීම ගැන තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය බදාදා රාත්‍රියේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් යළි රැස්විය. මුදල් ඇමැති මංගල සමරවීර, ඇමැති අර්ජුන රණතුංග, ඛනිජ තෙල් සංස්ථාවේ සහ මහාභාණ්ඩාගාරයේ නිලධාරිහු ද ඊට සහභාගි වූහ. එහිදී දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා මත පෙට්‍රල් රුපියල් 20 කින්, ඩීසල් 14 කින් හා භූමිතෙල් රුපියල් 57 කින් වැඩි කරන්නට තීරණය විය. සමෘද්ධිලාභීන්ට හා ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය දිගටම ලබා දෙන්නටද තීන්දු විය. එහිදී තීරණය වූයේ ඉන්ධන මිල වැඩිවීම පහුවදා මධ්‍යම රාත්‍රියේ සිටම සිදුකරන්නටය. තෙල් මිල වැඩි කිරීමට හේතු වූ කරුණු ගැන කතා කියමින් තෙල් මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීම පහුවදා මාධ්‍ය හමුවක් කැඳවා සිදුකිරීමටද එහිදී තීරණය විය. ඒ අනුව මංගල සමරවීර ඇමැතිවරයා බ්‍රහස්පතින්දා සවස මාධ්‍ය හමුවක් කැඳවා තෙල් මිල වැඩිවීම ගැන කීවේය.   

 



අදහස් (0)

​තෙලෙන් රත්වුණු කැබිනට් රැස්වීම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site