IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


​ණය ගෙවන හැටි ​අගමැති හෙළිකරයි

​ගෙවුණු සතිය පුරාම අධික වැසි හේතුවෙන් කාලගුණ තත්ත්වය ව්‍යාකූල වුවද අගමැතිවරයා යොදාගෙන තිබූ සියලු කටයුතුවල නිරතවීමට වග බලා ගත්තේය.  



සතිය ආරම්භයේදී දකුණු පළාතේ දිස්ත්‍රික් තුන තුළම සංචාරය කළ ඔහු තේ කර්මාන්තය ඇතුලු ජනතා ගැටලු සාකච්ඡා කළ රැස්වීම් කිහිපයකට එක් විය. අනතුරුව සාගල රත්නායක සමග එක්ව දෙනියාය ආසනය තුළ ගෙයින් ගෙට ඇවිදිමින් එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ද එක් විය.  


‘හැම තැනම වතුර නිසා සපත්තු ගලවලා රබර් සෙරෙප්පු දෙකක් දාගනිමුද’ සාගල මෙන්ම ආරක්ෂක නිලධාරින්ගේ යෝජනාවට අගමැතිවරයා අවනත විය. දෙනියයේ පාවාහන් කඩයකින් සෙරෙප්පු යුගල ලැබුණේ අනතුරුවය.  


 අගමැතිවරයා බදාදා නාත්තන්ඩිය බලා ගියේ රජය යටතේ ඉදිවූ 43 වැනි හා විශාලතම උදාගම වන අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමටය. සජිත් ප්‍රේමදාස හා ප්‍රදේශයේ එජාප පිරිස් එය සංවිධානය කර තිබිණ.  


 ‘ජනතාවට ටිකක් අමාරු බව ඇත්ත. ජනතාවට විතරක් නොවෙයි ආණ්ඩුවටත් රාජපක්ෂලා ගත්ත මහා ණය කන්ද නිසා හුඟාක් අමාරුයි. අප බලයට එන විට රටේ ආදායම ණය පොලිය ගෙවන්නත් මදියි. අප ඒක වෙනස් කළා.  


 දැන් ණය ගෙවලා රට සංවර්ධනය කරන්නත් මුදල් තිබෙනවා. ඒත් ලබන වසර 2 තුළ තව රුපියල් කෝටි ලක්ෂ 03 ක මහා ණය කන්ද ගෙවන්න තිබෙනවා. අප එය කරනවා. එවිටයි ණය කන්දේ මුදුනටම අප නැග්ගා වෙන්නේ.   


ඊට පස්සේ කන්දෙන් පහළට බහින එක ලෙහෙසියි. මොන අමාරුකම් තිබුණත් අපේ නොවැම්බර් අය වැයෙන් ජනතාවට හා රටට සංවර්ධනය ගේන්න මුදල් ඇමැතිතුමා ක්‍රියා කරනවා. අගමැතිවරයා කීය.  


 අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට ආවේ රාජකාරි කිහිපයක් ඉටු කිරීමටය. අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරුන් ඇතුලු පිරිස සමග ද පිළිසඳරක යෙදිණි.  


 ‘නව ව්‍යවස්ථාව ගැන අපේ සමහර හාමුදුරුවරුයි, ජනමාධ්‍යයයි මුහුදට හත් ගව්වක් තිබෙද්දී කලබල වෙලා පුදම දේවල් කියන්නේ.’ ඇමැති වජිර අබේවර්ධන කීවේය.  


‘හාමුදුරුවරුයි, ජනමාධ්‍යයයි කලබල වෙලා නොවෙයි අවස්ථාවාදී දේශපාලකයන් ඔවුන් කලබල කරවන්නයි හදන්නේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


‘ව්‍යවස්ථාවට තවම යෝජනා ගන්නවා විතරයි. අද උදේ 11 ට ජනමාධ්‍යයට අදාළ පිරිස් ඔවුන්ගේ අදහස් ඇතුළත් වාර්තාව මට බාර දෙනවා.’ අගමැතිවරයා කීය.  


 ‘රාජපක්ෂලාගේ කාලේ අරලියගහ මන්දිරෙන් එන ඇමැතුම් අනුව නඩු තීන්දු පවා දුන් බවට ආරංචි ගියා. මේ රජය අධිකරණය ස්වාධීන කළා. ඒත් සමහරුන්ට ඇප දීම හා​ නොදීම ගැන සැකයක් තිබෙන බව පේනවා.’ දයා ගමගේ මතු කළ කරුණ ඉතා වැදගත් බව කාගේත් අදහස විය.  


‘අවුරුදු 03 ක් හිරේට නියම වුණු සිල්​ රෙදි අය ඇපිල් කළ ගමන් ඇප ලැබීමයි, එකට එකතුවෙලා උද්ඝෝෂණය කළ අයගෙන් නාමල්ලට විතරක් ඇප ලැබීමයි ජාත්‍යන්තර වරෙන්තුවකින් අල්ලල ගෙනාපු දස ලක්ෂ 30 ක් වංචා කළ බවට චෝදනා ලැබූ තරුණියට පැයෙන් ඇප ලැබීමයි ඩීල් බවයි, මිනිස්සු කියන්නේ’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


 ‘ඇප දීම, නොදීම විශේෂ කරුණු මත වෙනවා. එතන දී මේ ආණ්ඩුවේ බලපෑම් නැහැ. අධිකරණයයි, සියලු කරුණු සහ නීති තර්ක සළකලා ඇප දීම හෝ නොදීම හෝ තීන්දු කරන්නේ’ අගමැතිවරයා කී දේ කවුරුත් අනුමත කළහ.  


‘හම්බන්තොට විරෝධය පවත්වලා තියෙන්​ෙන් ගුවන් තොට බදු දීමට හෝ ආණ්ඩුවට විරුද්ධව හෝ නොවේ තමන්ට විරුද්ධව බව අමරවීර කියනවා.’ දයා ගමගේ කීවේය.  


‘නාමල්ලා එක්ක උඩක් බිමක් දන්​ෙන් නැතුව උද්ඝෝෂණයට ආපු අයට හිරේම ඉන්න දීලා ඔවුන් විතරක් ඇප ගත්තා කියලා මිනිසුන් අතරේ ලොකු විරෝධයක් තිබෙනවා. දැන් ඒ පවුල්වලට සලාක බඩු බෙදනවා කියලත් ආරංචියි.’ රන්ජන් රාමනායක කීවේය.  


‘නව ව්‍යවස්ථාව ගේනවටත් සමහර හාමුදුරුවරුන් විරුද්ධයි. සයිටම් එකටත් සමහර හාමුදුරුවරුන් මැදිහත් වෙන්න හදනවා. මේ කවුරුවත් මහින්ද​ෙග් කාලේ ‘මීක්’ කිව්වේ නැහැ. වජිර අබේවර්ධන කීවේය.  


 ‘නව ව්‍යවස්ථාව ගැන අප ජනතාවට මැතිවරණවල දී කිව්වා ජනතාව වරම දුන්නා. ඒ වරමට හාමුදුරුවරුන් අයිතියි. ඒ නිසා ජනවරමට විරුද්ධව පටු දේශපාලකයන්ගේ ගානට වැටී කතා කරන්න ගෞරවණීය ස්වාමීන් වහන්සේලා උත්සාහ කිරීම සුදුසුද කියලා හිතන්න ඕනෑ.’ අගමැතිවරයා සඳහන් කළේය.  


‘බැඳුම්කර කොමිසමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගෙන්නුවා. ඒත් ඔය සමාගමට අවසර දීපු කබ්රාල් හෝ සමාගමේ අධ්‍යක්ෂවරියක වූ ඔහුගේ සහෝදරිය හෝ ගෙන්නුවේ නැත්තේ ඇයි කියලා හුඟදෙනෙකු අහනවා.’ රන්ජන් රාමනායක කීය.  


 ‘කොමිසමට ගෙන්නන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අය නම් 16 ක් දීලලු. අගමැතිතුමාගේ නමත් ඒ අතර තිබිලා කියලත් ආරංචියි. නීතිපති දෙපාර්තමේන්තුවේ අයයි, කොමිසමේ අයයි කැඩිලා කියලත් කියනවා. ඔබතුමාගෙන් විමසපු කරුණුවලට ප්‍රතිචාර දක්වනවාද?’ ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.  


 ‘ඔව් දිවුරුම් ප්‍රකාශයකුත් එක්ක උත්තර යවනවා. එහි කරුණු 16-17 ක් තිබෙනවා. ඒවා සීරියස් ඒවා නොවෙයි. පැහැදිලි කිරීම් ඉල්ලලා තිබෙන්නේ. කැදෙව්වා නම් කොමිසමට මා යනවා. රාජපක්ෂලා වගේ සෙනඟ ගෙනියන්නේ නැහැ. අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.  


‘රාජපක්ෂගේ කාළේ අගමැති නොවෙයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු කොමිසමකට කැදෙව්වා නම් හෝ දිවුරුම් ප්‍රකාශ මගින් කරුණු දක්වන්න කිව්වා නම් හෝ ඒ කියපු අයයි අදාළ ලියුම ගෙනිච්ච අයයි ආගිය අතක් නැතිවේවි.’ රන්ජන් රාමනායක සඳහන් කළේය.  


‘සයිටම් ගැන මහානාහිමිවරුන් නිවේදනයක් නිකුත් කළා නේද?’ දයා ගමගේ ඇසුවේ කිරිඇල්ලගෙනි.  


 ‘මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම්වලට අප ගරු කරනවා. දොස්තර සංගමය ඇතුළු අනිත් සියලු පාර්ශ්වත් නම්‍යශීලි වෙන්න ඕනෑ. මස් රාත්තලම ඉල්ලන යල් පැනපු න්‍යාය හරි යන්නේ නැහැ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


 ‘නව ව්‍යවස්ථාව හදනවාට මල්වතු-අස්ගිරි සංඝ සභාව නිවේදනයක් නිකුත් කළා නේද?’ වජිර අබේවර්ධන ඇසුවේය.  


 ‘ඔය සංඝ කාරක සභාවලට නෙවෙයි රට පුරා පන්සල් වලටයි ශක්තිය තිබෙන්නේ. මහින්ද නාහිමිවරුන් හා කාරක සභා බලය බින්දේ ඔවුන් අත හැර පන්සල්වලට සමීප වෙලයි. එයා පන්සල් වලට බැහැලා දේශපාලනයයි කරන්නේ. ඒත් අප පන්සල් හා බුදුසසුන දියුණු කරනවා. දැනටමත් පන්සල් 1000 කට වඩා දියුණු කළා. තව 3000 ක් ඉක්මනින් දියුණු කරනවා’ අගමැති කීය.



අදහස් (0)

​ණය ගෙවන හැටි ​අගමැති හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 170 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site