IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෙලිකොප්ටරය බාන්න බැරිව සජිත්ට කුරුණෑගල රැස්වීම මගහැරෙයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස මහතා පසුගිය සතියේ මහජන රැලි ගණනාවකට සහභාගි වූ අතර එකිනෙකට දුරබැහැර ප්‍රදේශවල පැවැති රැස්වීම්වලට නියමිත වේලාවට සහභාගි වීම සඳහා හෙලිකොප්ටර් යානයක් යොද‌ා ගත්තේය.


පසුගිය බද‌ාද‌ා දිනයේ ඔහු මහජන රැලි 7 කට සහභාගි වූයේය. වවුනියාව, මැදවච්චිය, කින්නියා, දඹුල්ල, කුරුණෑගල, මිනුවන්ගොඩ හා උතුරු කොළඹ එම රැස්වීම් 7යි.


කුරුණෑගල රැස්වීමට සහභාගි වීමට සජිත්ට අවස්ථාව නොලැබුණි. ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා මෙම මහජන රැළිය සංවිධානය කළේය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා ඇතුළු ඇමැතිවරු ගණනාවක් මෙම රැස්වීමට සහභාගි වී මහජනතාව ඇමැතූහ.


සජිත් ප්‍රේමද‌ාස මහතා හෙලිකොප්ටර් යානයකින් එම රැස්වීමට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියේය. රැස්වීම පැවැති භූමිය අසලට දෙතුන් වතාවක් යානය ගෙන ගියත් ගොඩබැස්ස වීමට නියමිත ස්ථානය පැහැදිලි නොවීම ගුවන් නියමුවාට බලවත් ප්‍රශ්නයක් වී තිබුණි.


‘අශෝක් මම තව සුළු වේලාවකින් එනවා.’ සජිත් ගුවනේ සිටම අශෝක් අබේසිංහ ඇමැතිවරයා අමතා ප්‍රකාශ කළේය.
‘ඔව් සර්. මිනිස්සු ඔබතුමා එනතුරු බලා ඉන්නවා. විශාල පිරිසකුත් ඉන්නවා.’ අශෝක් අබේසිංහ ඇමැතිවරයා පිළිතුරු දුන්නේය.


ගොඩබෑමට තැනක් නොමැතිව හෙලිකොප්ටර් යානය කීප වතාවක් එහා මෙහා ගියත් මුළු ප්‍රදේශයම වැහි අඳුරත් සමග තද අඳුරේ වෙළී තිබුණේය.
‘පොළව පැහැදිලිව පේන්නෙ නැහැ. ගොඩබාන්න තැනක් පේන්නෙ නැහැ. ඒ නිසා අපිට ආපහු හැරෙන්න වෙනවා.’ ගුවන් නියමුවා සජිත්ට ප්‍රකාශ කළේය. සජිත්ට ද එය තහවුරු වී තිබුණේය. ඔහු යළි අශෝක් අබේසිංහ ඇමැතිවරයා ඇමැතුවේය. ‘අශෝක්... හරි වැඩක් වෙලා තියෙන්නේ. හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරන්න විදියක් නැහැ. ආපහු යන්න වෙනවා. අපි නැවත රැස්වීමක් සංවිධානය කර ගමු. මම කොහොම හරි එනවා. ඔයා දුක්වෙන්න එපා. මුළු පළාතම අඳුරුයි. ගොඩබාන්න තැනක් නැහැ. කොළඹ ගිහිල්ල එන්නත් පැය 2ක් විතර යාවි. ඒ නිසා අපි නැවත රැස්වීමක් කරමු.’ යි සජිත් කීවේය.


සජිත්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ජනතාවගේ බලාපොරොත්තු සුන්විය. රැස්වීම අවසන් කරමින් කතා කළ අශෝක් අබේසිංහ මහතා බෙහෙවින් හැඟුම්බර විය. දෙනෙතින් වැටුණු කඳුළු ඔහුට වළක්වා ගැනීමට නොහැකි විය.
රට පුරා රැලි 150 කට අධික සංඛ්‍යාවක් ඇමැතීමේ එජාපෙ අපේක්ෂක සජිත්ගේ මෙහෙයුම මෙරට ජනපතිවරණ ඉතිහාසයේ ජනතාව සමග මුහුණට මුහුණලා කළ දැවැන්තම ජනපතිවරණ ප්‍රචාරක මෙහෙයුමය.
ඊට අමතරව ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තියවේදීන්, වැඩ කරන ජනතාව ශිෂ්‍යයන් ප්‍රමුඛ තරුණ පරපුර, කාන්තාවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සකලවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග ද සජිත් මුහුණට මුහුණ සංවාද කරමින් තම අනාගත සැලසුම් පිළිබඳව පැහැදිලි කරමින් සිටී.
මේ බොහෝ කටයුතු ඉතා සමබර ලෙස සම්බන්ධීකරණය කරමින් ද ප්‍රධාන රැලි ඇමැතීම මෙන්ම විවිධ තලයේ ඉහත දැක්වූ සමාජ ස්ථර සමග මුහුණට මුහුණ සංවාද කිරීමෙන් අගමැති රනිල් ද දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටීම විශේෂත්වයකි. අගමැතිවරයා හා සජිත් නිතර හමුවීම් කරමින් මැතිවරණ මෙහෙයුම වඩාත් නිවැරදිව සැලසුම් කිරීම ද එය සඳහා එජාපෙ සෙසු පක්ෂ නායකයන් ඇතුළු ප්‍රබලයින්ගේ සහාය ගැනීම ද කැපී පෙනේ.


එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්ද‌ා මහනුවර ඓතිහාසික රැජිණ හෝටල් පරිශ්‍රයේ දී එළි දැක්වූ අතර ඊට ප්‍රථම එය මහ නාහිමිවරුන්ට පිළිගැන්වීය.
මේ අවස්ථාවට එක්වීම සඳහා අගමැතිවරයා මහනුවර බලා පිටත්ව ගියේ තවත් මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ද තම හෙලිකොප්ටරයට නංවා ගනිමිනි. සජිත් ඊට කලින්ද‌ා මහනුවරට පැමිණි අතර අර්ල් ගුණසේකරට අයත් අර්ල් රිජන්සි හෝටලයේ එදින රාත්‍රියේ ලැගුම් ගත්තේය.
අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් මහනුවර දී පිළිගත්තේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ පිරිසකි. ‘එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ටිකක් පරක්කු ඇයි කියලත් අහන අය ඉන්නවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.
‘නැහැ. අපේ කිසිම පමාවක් නැහැ. පොහොට්ටුව තමයි කලින්ම අපේක්ෂකයා නම් කර අරහෙන් මෙහෙන් ලියාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එළියට ද‌ාලා සෝඩා බෝතලය වගේ උඩ ගිහින් දැන් බිමටම වැටිලා ඉන්නේ.’ අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.


‘පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරන්නන් වාලේ මිනිස්සු රවට්ටන්න කළ දෙයක් බව පැහැදිලියි. ඒකේ වැරදි 276ක් තිබෙනවා.’ මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.
‘වියත් මගේ ඉන්න විකට නළුවොයි, නටන නිළියොයි මේක ලියපු බවයි පේන්නේ. ඒක ආපහු සිංහල හරියට දන්න කෙනෙකු කියවලවත් නැති බව පැහැදිලියි.’ චමින්ද විජේසිරි කීවේය.
‘පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීයබව හා බුද්ධාගමට නිසි තැන දීම ගැනවත් ප්‍රමුඛත්වය දී නැහැ. හංගලයි ගහලා තිබෙන්නේ. දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් ගැන නිශ්චිත සඳහනක් හෝ රැකවරණය හෝ ගැන කිසිම දෙයක් ඒකේ නැහැ කියා සුළු ජාතික පක්ෂ චෝදනා කරලත් තිබුණා.’ නවීන් දිසානායක කීවේ එවැන්නකි.
‘පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ එයාලගේ තනි මතයටයි. එයාලත් එක්ක එකතු වුණා කියපු ශ්‍රීලනිපයේ අදහස් මායිම් කරලත් නැහැ. ඒත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ අපත් එක්ක ඉන්න සියලු පක්ෂවල අදහස් ගෙන පොදු ස්ථාවරයට ඇවිල්ලයි.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අමු පුස්සක්. ඒකෙ තිබෙන්නේ වචන ගොඩක් විතරයි. ඒකට වැටෙන්න ගහන්න පුළුවනි. ඒත් ඊට කලින් අපේ ශක්තිමත් දැක්ම හා වැඩපිළිවෙළ සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට ද‌ාලා ඉන්න ඕනෑ නිසයි ගෝඨාගේ බොරු ප්‍රතිපත්තිවලට මෙතෙක් පහර නොවැදුණේ’ අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.
‘ඇමෙරිකාවත් එක්ක මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණ ද?’ හේෂා විතානගේ ඇසුවේය.
‘ඔව්. ගෝඨා ඒ කාලේ කැබිනට් එකටවත් කියන්නේ නැතුව කාටත් හොරා ඇමෙරිකාවත් එක්ක ගිවිසුම් රහසේ අත්සන් කළා කියා වාසු ඇතුළු හැමෝම බෝම්බ පත්තු කළා. ඒත් අප විනිවිදව හා එළිපිටම රටට වාසිය මිසක් අවාසි නැති විදියට වගේම කැබිනට් අනුමැතියත් ගෙන තමයි යමක් කරන්නේ.’
‘ගිවිසුම් හරහා ලංකාවට කෝටි 8600ක විශාල මූල්‍යමය වාසියකුත් ලැබෙනවා. අනික ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඔය මිලේනියම් වැඩපිළිවෙළ ගැන නොකියා කියා තිබෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.


‘නවීන් ඇමැතිතුමා අගමැතිකම උඩරටට ඉල්ලනවා. ඒ එතුමාට ද ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාට ද දන්නේ නැහැ. ආර්. ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා ඒ තනතුරට ආවාම කන්ද උඩරටට විජේතුංග මැතිතුමාට අගමැතිකම දීපු ඉතිහාසයකුත් තිබෙනවා. ඒත් අගමැති මමයි කියා ඔබතුමා එක පාරටම කියපු එක සමහර ජනමාධ්‍යවලට ලොකු නිව්ස් එකක් වෙලා.’ වජිර අබේවර්ධන කීවේ අගමැති රනිල් දෙස බලාය.
‘අගමැති කවුද කියා මගෙන් ඇහුවාම මා උත්තර දුන්නා. ජනාධිපතිවරණෙන් වෙනස් වෙන්නේ ජනාධිපති ධුරය විතරයි. ජනාධිපති දරපු ඇමැතිකම් ටික ඕනෑ නම් ඇමැතිකම් නැති කට්ටියට බෙද‌ා දෙන්න පුළුවනි.


‘කිරිඇල්ල, රංගේ, ෆීල්ඩ් මාර්ෂල් වගේ අසාධාරණයට ලක් වෙච්චි පිරිසකුත් ඉන්නවානේ? එහෙම නොවී ලොකු ඇමැති මාරුවකට ගියොත් කට්ටිය ඇමැතිකම්වලට පොර කාවී. මොකද ජනාධිපතිවරණය දිනුවාම අප වහාම මහා මැතිවරණයකට යන්න ඕනෑ.’ අගමැතිවරයා පැහැදිලි කළේය.
‘ශ්‍රීලනිපය රැක ගැනීම චන්ද්‍රිකා හා වෙල්ගම භාර ගත්ත එක ගැන ගමේ ශ්‍රී ලංකා කාරයෝ මාර පිකප් එකේ ඉන්නේ. ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් වන රුවන් රණතුංග, ආතාවුද සෙනෙවිරත්න, වික්ටර් ඇන්තනී හා පළාත් සභා, ප්‍රාදේශීය සභා ඇතුළු පාක්ෂිකයන් දහස් ගණනක් සජිත් දිනෙව්වොත් විතරයි ශ්‍රීලනිපය රැකෙන්නේ කියන ස්ථාවරයට ඇවිත්’ නවීන් දිසානායක කීවේය.


ශ්‍රීලනිප කට්ටිය පොහොට්ටුවේ රැස්වීම්වලට නැග්ගාම හූ කියන එක දිගටම යනවා. ශ්‍රීලනිප අය ගැන පොහොට්ටුවේ කට්ටියගේ හිතේ වෛරය ඇති කරලා තමයි, අප පොහොට්ටුව ගොඩ නැගුවේ කියා බැසිල් දයාසිරිට කිව්ව බව දයාසිරි රටටම කිව්වා. ඔය වෛරය තමයි තාම යන්නේ.’
‘ශ්‍රීලනිපයේ නායකයෝ තනතුරු ගන්න පොහොට්ටුවට ගියාට ගමේ ශ්‍රී ලංකා කාරයා පොහොට්ටුවට කවද‌ාවත් ඡන්දය දෙන්නේ නැහැ. ඇල්පිටියේදීත් ඒක ඔප්පු වුණා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
ලෝකෙට ත්‍රස්ත හිසරදය වූ අල්කයිඩා එකේ බින්ලාඩන් වගේම ඊට පස්සේ තර්ජනය වෙච්ච අයි.එස්.අයි.එස් අල් බග්ඩාඩිටත් ඇමෙරිකාව වග කිව්වා. ලෝක ත්‍රස්තවාදය බොහෝදුරට දැන් නිමයි. අවධානය පමණයි දැන් අවශ්‍ය.’


‘ආරක්ෂාව ගැන කියාගෙන ආපු ගෝඨාභය මේවා කතා නොකරන්නේ ඇයි? දැන් ගෝඨාට විකුණන්න දෙයක් නැහැ. ත්‍රස්තවාදයට අද‌ාළ ඉතිරි ප්‍රශ්න ටික ජාත්‍යන්තරව විසඳගන්න පුළුවන් ගෝඨාට හෝ රාජපක්ෂලාට හෝ නොවේ අපට විතරයි.’
‘අනික ලංකාවේ ආරක්ෂාව ගැන සුළු හරි ප්‍රශ්නයක් ආවොත් ගෝඨාභයට වඩා සිය දහස් ගුණයකින් ඒවාට මුහුණ දීමේ හැකියාව තිබෙන ෆීල්ඩ් මාර්ෂල් ඉන්නෙත් අපත් එක්ක නිසා ජනතාව හංසයා දිනවන්න ඕනෑ. හංසයා දිනවලා බත් කනව ද? පොහොට්ටුව දිනවලා වෙඩි කනව ද? කියා මා ඇහුවේ ඒකයි.’ අගමැතිවරයා කීවේ සිනා මැදය.
ජනපතිවරණ සමයේ දේශපාලන පිල්මාරු වීම ද වරින්වර සිදුවෙයි. මෑත කාලයේ පිල්මාරුවට නම් දැරූ මන්ත්‍රීවරයකු වන්නේ වසන්ත සේනානායක මහතාය. ඉකුත් අඟහරුවාද‌ා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයන් රැස්ව සිටියේ ජනපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටය. රවි කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, අර්ජුන රණතුංග, මංගල සමරවීර යන මැති ඇමැතිවරු එම රැස්වීමට සහභාගි වී සිටියහ. එහිදී කබීර් හෂීම් මහතාට ආ දුරකථන ඇමැතුමකින් කියවුණේ පසුද‌ා උදෑසන දහයට වසන්ත සේනානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇති බවත් එහිදී ඒ මහතා එජාප ඡන්ද ව්‍යාපාරයට එරෙහිව ප්‍රකාශයක් කිරීමට නියමිත බවය. කබීර් මෙම පුවත කී පසු එහි සිටි සියලු දෙනාම තීන්දු කළේ වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයා වහාම එජාපයේ තනතුරුවලින් ඉවත් කිරීමටය.
මහ ලේකම් අකිල වහ වහා ඔහු ඉවත් කරන ලිපි ලේඛන සකස් කළ අතර අගමැතිවරයා එම ලිපියට අත්සන් කළේය. අකිල මේ බව ජනමාධ්‍යයට ද කීවේය.
පසුද‌ා කබීර් හෂීම් ඇමැතිවරයා කියා සිටියේ වැරදීමකින් මෙම පුවත ප්‍රකාශ වී ඇති බවය. ඔහු මාධ්‍යයට කියා තිබුණේ පක්ෂයේ මහ ලේකම්තුමාට වැරදීමක් සිදුවී ඇති බවය.
මෙම සිද්ධිය එදින දහවල් වන විට එජාපය තුළ කැලඹීමක් ඇති කළේය. වසන්ත ගියා ද? නැද්ද? බොහෝ දෙනා විමසුවේ මහ ලේකම් අකිලගෙනි.


‘මට නං වැරදිලා නෑ. මම නම් හරි තීන්දුව අරගත්තා... අපි ලියුම් යවලත් ඉවරයි. අගමැතිතුමා ඒ ලියුමට අත්සන් කරලත් ඉවරයි. මෙයාලටයි හරි තීරණයක් ගන්න බැරි. අපේ පක්ෂයට වෙලා තියෙන්නේ හරි තීරණයක් ගන්න බැරිකමයි. තීරණයක් ගත්තම ඒ තීරණයේ ඉන්න ඕනෑ...’ තමාගෙන් ඒ පිළිබඳ විමසූ අයට ඇමැති අකිල එසේ උත්තර දුන්නේය.
ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත ගියේ විශේෂ අවස්ථාවකට සහභාගි වීම සඳහාය. යොවුන් පරපුර සමඟ යොවුන් ප්‍රඥප්ති ගිවිසුමකට එළැඹීම මෙම විශේෂ අවස්ථාවයි. දිවයිනේ සියලු දිසාවලින් පැමිණි තරුණ තරුණියන් 7,000කට අධික ප්‍රමාණයකින් මුළු සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයම අතුරු සිදුරු නොමැතිව පිරී පැවතිණි. මෙහිදී යොවුන් පරපුරේ ගැටලු සහ අපේක්ෂාවන් පිළිබඳ විවරණ කීපයක්ම අසන්නට ලැබුණු අතර ජනමාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න කළ කතාව සජිත්ගේ  අවධානය දිනා ගත්තේය. කථාව අවසානයේදී සජිත් ඔහුට අතට අත දෙමින් කීවේ ‘ඍජුව අදහස් පළ කරමින් කරපු කතාව හරිම ලස්සනයි. ඔබට බොහෝමත්ම ස්තුතියි’ කියාය. ඩිල්ෂාන්ගේ කතාවත් සමග මේ තරුණ සමුළුව හුදු ප්‍රචාරක අරමුණුවලින් බැහැර වූ හරවත් එකකැයි පැමිණ සිටියවුන්ට දැනුණු බවක් ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාරවලින් තහවුරු විය. දමිළ නිවේදිකාව චතුර ලෙසින් සිංහල බස කතා කිරීම, ජාත්‍යන්තර කීර්තියක් දිනූ ‘නදෝ’ වාද්‍ය කණ්ඩායමේ වාද්‍ය ප්‍රසංගය ඇතුළු කලා අංග ගණනාවකින් පැමිණ සිටි තරුණ තරුණියන් වශීකෘත වී සිටියහ.   


බ්‍රහස්පතින්දා උදෑසනින්ම සජිත් සිය මැතිවරණ ප්‍රකාශයේ පිටපත් මල්වතු මහ නාහිමියන්, අස්ගිරි මහ නාහිමියන් සහ රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගැන්වීමට එම විහාරස්ථාන කරා ගියේය. මල්වතු මහ නාහිමියන් පැවැසුවේ ‘බොහොම සතුටුයි, රට ගැන හිතලා නිර්භයව ඉදිරිපත්වෙලා තරග කිරීම ගැන. ඔබතුමා රටටත්, ජනතාවටත් කළ සේවය වෙනුවෙන් ‘ශාසන දීපන අභිමානී-ශ්‍රී ලංකා ජන රංජන’ යන ගෞරව නාමය පුද කිරීමට ලැබීම ගැන අප බොහොමත්ම සතුටට පත්වනවා’ කියාය. අස්ගිරි මහ නාහිමියන්ද පැවැසුවේ ‘අපි බොහොම සතුටු ​ෙවනවා රට දැය වෙනුවෙන් කළ සේවය ගැන. චිත්ත ධෛර්යය අරන් තව තවත් වැඩ කරන්න. අපේ ආශිර්වාදය නොඅඩුව හිමි වනවා’ කියාය. රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝද සජිත් කළ ශාසනික සේවාව සිහිපත් කරමින් ආශිර්වාද කළහ. සජිත් ඒ හැම අවස්ථාවකදීම කීවේ ‘මම මොනම පාර්ශ්වයකටවත් යටත් වෙන්නේ නෑ. රටේ ජනතාවට හැර ජාත්‍යන්තර ගිවිසුම් ඇතිකර ගැනීමේදී පවා ඒවායින් සිදුවිය හැකි යහපත-අයහපත ගැන ජනතාව සමඟ සංවාදයක් ඇතිකර ගන්නවා. ඒ හැමදේම කරන්නේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව තමයි’ කියාය.   


මැදවච්චිය ප්‍රදේශයේදී සජිත්ට හමුවූ රණවිරු පවුල්වල සාමාජිකයන් කීවේ ‘දැන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ අය එකම අරමුණක් වෙනුවෙන් එකතු වෙමින් ඉන්නේ’ කියාය. සජිත් ඔවුන්ට කීවේ තමන් බලයට පත්වූ පසුව යුද්ධයෙන් මියගිය, තුවාල ලැබූ සහ විශ්‍රාම ගිය රණවිරු පවුල් සමඟ පුළුල් සමාජ ගිවිසුමකට එළැඹීමටත්, ඒ යටතේ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික වැඩසටහනක් දියත් කිරීමටත් අදහස් කරන බවත්ය.
දේශපාලන පිටිය ජනාධිපතිවරණ උණුසුමෙන් ගිනියම්ව තිබුණ ද කතානායකවරයා ලෙස දේශපාලන කටයුතුවලින් වියුක්තව ආගමික සහ වෙනත් උත්සව කිහිපයක පමණක් ප්‍රධානත්වය ගැනීමට ගෙවුණු සතියේ ද කරු ජයසූරිය මහතා කටයුතු කර තිබිණි.


නීතිපති දෙපාර්තමේන්තුව ස්වකීය 135 වැනි සංවත්සරය නිමිත්තෙන් Ray of hope ප්‍රසංගය සංවිධානය කළේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ සුභසාධනය සඳහා මූල්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන්ය. එම අවස්ථාවට විශේෂයෙන්ම ආරාධනා ලැබූ කතානායකවරයා 135 වැනි සැමරුම වැදගත් අරමුණක් වෙනුවෙන් කැප කිරීම පිළිබඳ සංවිධායකයන්ට ප්‍රශංසා කළේය.


කොළඹ දී පැවැති 25 වැනි ගාමිණී දිසානායක ගුණ සමරුවට ද හෙතෙම එක් විය.


මේ සෑම අවස්ථාවකදීම හමු වූ බොහෝ දෙනෙක් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන්ම තොරතුරු විමසූ නමුත් කිසිදු පාර්ශ්වයකට දේශපාලන වාසි අවාසි නොවන අන්දමින් මධ්‍යස්ථව පිළිතුරු දීමට උත්සුක වූ කරු ජයසූරිය මහතා පැවැසුයේ ‘මට මේ රටේ ජනතාව භාරදීලා තියෙන වගකීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන එක. පාර්ලිමේන්තුව ඇතුළතදීත් පිටතදීත් ඒ වගකීම නිවැරදිව ඉටු කිරීමයි මගේ යුතුකම. මේ නිසා කිසිම පක්ෂයකට අද‌ාළ දේශපාලන අදහසක් ප්‍රකාශ කරන්න මේ වෙලාවේ කැමැති නෑ. ඒ නිසාමයි දේශපාලනය නොගෑවුණු උත්සව පමණක් තෝරාගන්නේ.’ යනුවෙනි.



අදහස් (0)

හෙලිකොප්ටරය බාන්න බැරිව සජිත්ට කුරුණෑගල රැස්වීම මගහැරෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site