IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සම්මුතිවාදී ආණ්ඩුවකට එජාපය දිගටම කැපවෙයි

2015 ජනවාරි 08 ජනපතිවරණය ජනපති මෛත්‍රීට දිනාදීමේ ප්‍රමුඛතම වගකීම හා කැපවීම කළ එජාපයට අගමැති ධුරය හිමිවිය. රනිල් සිව් වැනි වරට ජනවාරි 09 අගමැති වූයේ ඒ තුළය.   


ජනපතිවරණය ජයගත් උණුසුම තුළම මහ මැතිවරණයට හා පළාත් පාලන ඡන්දයට නොගිය රජය රටට හිතැති සාධනීය ලක්ෂණ රැසක් ඇතුළත් 19 වැනි සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය දීම තුළ මහ මැතිවරණය කල් ගියේය.   


2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණයේදී එජාපය මන්ත්‍රී ධුර 106 ක් හා එජාපයට හිතවත් මුස්ලිම් කොංග්‍රසයට තනි මන්ත්‍රී ධුරය ලැබීමෙන් මන්ත්‍රී ධුර 107 ක් බවට පත් විය.   


පළාත් පාලන මැතිවරණය කල් ගියේ සීමා නිර්ණයට යම් කාලයක් ගතවීමක් ශ්‍රීලනිපය දෙකඩ වීමෙන් වන අවාසිය මග හරවා ගැනීමට ශ්‍රීලනිපය පැත්තෙන් මැතිවරණය කල් දමා ගැනීමක් බවට මතවාද පැවතිණි.   


කෙසේ වෙතත් 2018 පෙබරවාරි 10 වැනිදා මේ ජනපති, අගමැති ආණ්ඩුව සිය පළමු මැතිවරණ උරගා බැලීම කළ අතර එහිදී එජාපය හා ශ්‍රීලනිප පරදවා වසරක් වයසැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තාගත ජයක් ලැබීය. එහෙත් එ් පක්ෂයට 44% ක ඡන්ද ප්‍රතිශතය ලැබෙද්දී ඔවුන්ට විරුද්ධ සියලු පක්ෂවලට 56% ක ප්‍රතිශතයක් ලැබී තිබේ.   


ප්‍රතිඵලයෙන් අනතුරුව රට යම් දේශපාලන අස්ථාවර බවක් ලැබුවේ අගමැති මෙන්ම ආණ්ඩුවද ගෙදර යා යුතු බවට මතවාද එළි දුටු හෙයිනි. එහෙත් ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණ පසුබැසීමකින් පසුව ජනපති හෝ මධ්‍යම ආණ්ඩුව ඉවත් විය යුතුය යනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් නැත.   


එහෙත් අගමැති හා ආණ්ඩු මාරුව සඳහා විවිධ මෙහෙයුම් දියත්ව තිබේ. ඉන් සමහර වෑයම් සාධාරණ මතයක පිහිටා ක්‍රියාත්මක වන බව පෙනෙන අතර සමහර මෙහෙයුම් ඉතා අවස්ථාවාදී බව පෙනේ. ඡන්ද ලක්ෂ 36 ක් ලැබූ අගමැති රනිල් ඉවත් කර ඡන්ද ලක්ෂ 13 ක් ලැබූ ශ්‍රීලපනිප අයෙකු අගමැති කළ යුතුය යන එජනිස එවැනි අවස්ථාවාදී ඉල්ලීමකි.   


අගමැති රනිල් පාර්ලිමේන්තුවේ 113 පෙන්වා 2015 දී අගමැති වූ අතර ඔහුට යළිත් වරක් 113 පෙන්වීමේ අවශ්‍යතාව නැති බව නීති අංශවල අර්ථ දැක්වීමය.   


ඒ අතර ශ්‍රීලනිපයේ අයකු අගමැති කළ යුතු බවට සංධාන මහ ලේකම් හා සුසිල් ප්‍රේම ජයන්ත ජනපතිට දුන් ලිපියට අනුව සිකුරාදා සවස වන විට දිව්රුම් ප්‍රකාශ මගින් මන්ත්‍රීවරු 113 දෙනෙකු තමන්ට සිටින බවට ශ්‍රීලනිපය ඔප්පු කළ යුතු බවට ජනපතිවරයා කල් දී තිබිණ.   
කෙසේ වෙතත් අගමැති රනිල් අගමැති ධුරයෙන් ඉවත් වී කරු ජයසූරිය හෝ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨයෙකුට අගමැතිකම බාර දී ඉදිරි වසර 02 තුළ එජාප ආණ්ඩුව රැක ගත යුතු බවටද විවිධ මත එජාප අභ්‍යන්තරය තුළ එළිදකිමින් තිබිණ.   


ඒ අතරේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා හා ජනපති අතර තවත් තීරණාත්මක හමුවක් පැවැත්විණ. අනතුරුව අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ විශේෂ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමටය.   


එහි යාමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද අගමැතිවරයා පවතින තත්ත්වය ගැන කතා බහ කළේ ඉතා සැහැල්ලුවෙනි. 

 
“19 වැනි සංශෝධනය අනුව අගමැති ඉවත් කරන්න බැහැ. තව දින කීපයකින් මා මිය යාවිද දන්නේ නැහැ. එහෙම වුණොත් නම් අගමැති ධුරයට වෙන කෙනෙකු පත් කළ හැකියි. මට ඉල්ලා අස්වීමට හේතුවකුත් නැහැ. ඉල්ලා අස්වෙන්නෙත් නැහැ. ඒ තුළ අගමැති ධුරයත්, එජාප ආණ්ඩුවත් මා රැක ගන්නවා. සිදුවූ වැරදි නිවැරදි කර ජනතාවට සහන හා තරුණ පරපුරට රැකියා දී ගිය වසර තුන තුළ ඇතිවූ අඩු පාඩු හදා ගන්නවා” අගමැතිවරයා කීය.   


එහිදී එජාප නීති අංශ ප්‍රධානියෙකුද 19 වැනි සංශෝධනය ගැන වැදගත් අර්ථ දැක්වීමක් කළේය.   


“ජනාධිපතිට දෝෂාභියෝගයක් ගෙනැත් ඉවත් කළ හැකි වුවත් අගමැති ඉවත් කරන ක්‍රමය 19 තුළ නැහැ. විශ්වාසභංගයකින් අගමැති පරාද කළද ඊට බලපෑ හේතුව නිවැරදි කිරීම මිස අගමැති ඉවත් විය යුතු නැහැ” ඔහු කීය.   


“19 වෙනස් කර අගමැති ඉවත් කරන ක්‍රමය ඊට දැන් ඇතුළු කළ හැක්කේත් එජාපයට විතරයි. එජාපයට ඊට අඩු ඡන්ද සුළු සංඛ්‍යාවක් විතරයි.   


19 එන්න පෙර ජනාධිපති විසින් පත් කරන අගමැති ජනාධිපතිටම ඉවත් කළ හැකියි. දැන් එහෙම බැහැ. ඇමැතිවරුන් පත් කිරීම හෝ ඉවත් කිරීම හෝ ජනපති කළත් සියල්ලට අගමැතිගේ එකඟත්වය නැතිව කරන්නත් බැහැ” නීති අංශ ප්‍රධානියා තවදුරටත් කීය.   


“2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දිනූ පක්ෂ දෙක පළාත් පාලන මැතිවරණයකදී පරාද වුණාම අගමැති හා ආණ්ඩුව විතරක් නොවෙයි, එහෙනම් ජනාධිපතිත් ගෙදර යා යුතුයි කියා දඹර අමිල හිමි රට හමුවේ මාර තර්කයක් මතු කරලා” ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලකද කීවේ එකම කතාවකි.   


අනතුරුව ආණ්ඩු පක්ෂ රැස්වීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ.   


“ මා උදේ ජනාධිපතිතුමා හමු වුණා. සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න අප දෙදෙනා තීන්දු කළා. ශ්‍රීලනිපයේ යන අයට මහින්ද ළඟට යන්න කියනවා කියලත් ජනාධිපතිතුමා කිව්වා. අනිත් අය දිගටම ආණ්ඩුවේ ඉන්නවා. ඒ අනුව ඉතා මහන්සි වෙලා ඉදිරි අනාගතයේ රටට වැඩ කරන්න සූදානම් වෙන්න.”අගමැතිවරයා කීය.   


“ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර මුල් කාලේ තිබුණ බැඳීම ඒ විදියටම රැකගන්න. සුළු දුරස්වීම් ලොකු ප්‍රශ්නවලට මඟ පාදන බව මෑතක සිද්ධිවලින් පේන නිසා පාර්ශව දෙකම විශ්වාසය හා සුහද බව තහවුරු වෙන ලෙස එකිනෙකා දැනුවත්ව වැඩ කරන්න.” ඇමැති රාජිත මෙන්ම ඇමැති සජිත්ද කීවේ එකම කතාවකි.   


“පක්ෂයේ වගකීම තරුණ අයටත් පවරන්න. අගමැතිතුමාගේ වටේ ඉන්න සුළු පිරිස අතරට දක්ෂයනුත් ළං කරගන්න”අජිත් පී. පෙරේරා කීය.   


“මේ ආණ්ඩුව වැටෙන්න අප ඉඩ දෙන්නේ නැහැ. දූෂිත හා දුෂ්ට දේශපාලන බලවේගවලට ඔළුව උස්සන්න නොදී එජාප ආණ්ඩුව රැක ගනිමු. ජනතාවට මීට වඩා සහන දෙමු. ජනතාව හා තරුණ පරපුර බලා ගනිමු. සංවර්ධනය වේගවත් කරමු.” සුළු ජාතික පක්ෂවල නායකයන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, දිගම්බරම්, මනෝ ගනේෂන් මෙන්ම හෙළ උරුමයේ නායක ඇමැති චම්පික රණවක ද කීවේ එකම කතාවකි.   


රැස්වීම් අවසානයේ සියලු දෙනා සිටියේ එතෙක් පැවැති අවිනිශ්චිත බව තුරන් වූ සතුටු සිත් ඇතිව බව පෙනිණ.   

 



අදහස් (0)

සම්මුතිවාදී ආණ්ඩුවකට එජාපය දිගටම කැපවෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 177 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site