IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයේ තවත් පිරිසකට ආසන අහිමිවෙයි

දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් වෙමින් තිබේ. ගෙවී ගිය සතියේද දේශපාලන කරළිය ගිනියම් වූ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයත් ඊට තදින්ම බලපෑ සිද්ධීන් බව අවිවාදිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වූයේ ඉකුත් සතියේය. දේශපාලන කරළියේ මෙන්ම ජනමාධ්‍යවලද ඒ සම්බන්ධයෙන් ප්‍රබල හඬක් මතු වුවද ජනපති මෛත්‍රී ඒ ගැන කලබල වූ බවක් පෙනෙන්නට නොතිබිණි. අඩුම තරමින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් හෝ නොකළ අතර ජනාධිපතිවරයාගේ නිහඬ බව හැමෝටම ප්‍රශ්නයක්ද වී තිබිණි. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් යන්තමින් හෝ කතා කළේ ඉකුත් සතියේ සිකුරාදා උදේ පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී පමණි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කලබල නොවූ නමුත් මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටින බව ඔහු ගැන නිරීක්ෂණය කරන ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත.


මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපයද ගිය සතියේ දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සංසිද්ධියක් වී තිබිණි. ඔහුට එල්ලවන චෝදනා හමුවේ පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවටද ගිය සතියේ ආරංචි පැතිර ගියේය.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති නිල නිවසේ පැවැති රැස්වීම ආරම්භ වූයේ පස්වරු 6.30ට පමණය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්යමේ කිසිවකුත් මෙවර මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි නොවීමද විශේෂයෙන් කැපී පෙනුණි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය ඇතුළු කිහිප දෙනකු එදින මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි නොවන බව ලිපි මගින් දැනුම් දී තිබිණි. පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇමැතිවරයාද එදින රැස්වීමට සහභාගි නොවීය. පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීම් වාර්තාව ඉදිරිපත් කළේය. අනතුරුව ඔහු පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ ප්‍රගතිය ගැන විග්‍රහයක් කළේ සංඛ්‍යා ලේඛනද ඉදිරිපත් කරමිනි. ජනාධිපතිවරයා විමසා සිටියේ බල මණ්ඩල පිහිටුවා නැති ආසන කීයක් තිබෙනවාද කියාය. ඒ අනුව මහලේකම්වරයා බල මණ්ඩල පිහිටුවා නැති ආසන ලැයිස්තුව ඉදිරිපත් කළේය. ඉන් බහුතරය ආණ්ඩුවෙන් ඉවත්වූ 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සංවිධායකධුර දරන ආසනය. ඒ අනුව සුසිල් ප්‍රේම ජයන්තගේ කඩුවෙල, ජෝන් සෙනෙවිරත්නගේ රත්නපුර, ලක්ෂ්මන් යාපාගේ හක්මණ, චන්දිම වීරක්කොඩිගේ හබරාදූව, අනුර යාපාගේ කටුගම්පොළ යන ආසනවලට මෙන්ම කරන්දෙණිය, යාපහුව ඇතුළු ආසන කිහිපයකටද අලුතින් සංවිධායකවරුන් පසුවදා උදේ පත් කරන්නට තීරණය වූයේ දැනට සිටින ආසන සංවිධායකවරුන් ඉවත් කරමිනි. මධ්‍යම මහ ඇමැතිවරයා ප්‍රමාද වී රැස්වීමට පැමිණියේය. හයට තියෙන එකට දැන්ද එන්නේ ජනාධිපතිවරයා විහිළුවට මෙන් අහද්දී ඔහු කීවේ හදිසි කටයුත්තක් හේතුවෙන් ප්‍රමාදවූ බවය. පසුව මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා අසලට ගොස් කාරණය කීවේය.


මේ අතර සෝමරත්න දිසානායක කලාකරුවන් පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කරද්දි ලසන්ත අලගියවන්න කීවේ ඔවුන්ට තිබූ බදු ගැටලුවද නිරාකරණය කර ඇති බවය. කලාකරුවන් හා ජනාධිපතිවරයා අතර හමුවක් ළඟදී පවත්වන්නටද තීරණය විය. මධ්‍යම කාරක සභා රැස්වීම අවසන්වීමට මිනිත්තු කීපයක් තිබියදී සරත් ඒකනායක මහ ඇමැතිවරයා ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ පැවැති උත්සවයට සහභාගිවූ නිසා තමාට ඒමට ප්‍රමාද වූ බව කීවේ ප්‍රමාදය ගැනද කනගාටුව පළ කරමිනි.


පළාත් සභා මැතිවරණය ගැනද මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් එක් පළාත්වල දේශපාලන තත්ත්වය සහ මැතිවරණ ක්‍රමය ගැනද කතාබහට ලක්වූ අතර මැතිවරණයද ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කමිටු කිහිපයක් පත් කරන්නටද යෝජනා විය.


මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වීමත් සමග ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්ද කැඳවා තිබිණි.



අදහස් (0)

ශ්‍රීලනිපයේ තවත් පිරිසකට ආසන අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 162 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site