IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙදාස් පන්සීයක් දීලා තාමත් උසාවි යනවා පන්දාහක් දීලා මොනවා වෙයිද?

බැසිල් රාජපක්ෂ

 

​කොරෝනා වසංගතය අවසන් වී නැතත් රට තුළ කොරෝනා වසංගතයේ යම් පාලනයක් මේ වන විට සිදුව තිබේ. දිවයිනේ දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය ගිය සඳුදා සිට ඉවත් කරමින් සහ කොළඹ හා ගම්පහ ඇඳිරි නීතිය තිබියදී සාමාන්‍ය ජනජීවිතයට ඉඩකඩ සලසමින් රජය නීතිරීති ලිහිල් කළේද එබැවිනි. ඒ අනුව රට සාමාන්‍ය ජනජීවිතයට හුරුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.


මහමැතිවරණය ලබන මස 20 වැනිදා පැවැත්වෙයිද? මේ බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි. සාමාන්‍ය ජනතාවටත් වඩා මේ ප්‍රශ්නය ඇත්තේ දේශපාලනඥයන්ටය. ගිය අඟහරුවාදා, අපේක්‍ෂකයන්ගේ මනාප අංක නිකුත් කරනු ඇතැයි මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයෝ වැඩි දෙනා බලාපොරොත්තුවෙන් සිටියහ. ගිය අඟහරුවාදා මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් හමුවූයේ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කාරණා සකාච්ඡා කිරීම වෙනුවෙනි. මීට පෙර පැවැති සාකච්ඡාවට මැතිවරණයට තරග කරන පක්‍ෂ හා සන්ධානවල ලේකම්වරුන් පමණක් කැඳවූවත් මෙවර සාකච්ඡාවට සන්ධානගත පක්‍ෂවල ලේකම්වරුන්ටද ආරාධනා කරන්නට කොමිසම වගබලා ගත්තේය. මැතිවරණයට තරග කරන සන්ධානගත පක්‍ෂවල ලේකම්වරුන්ටද ආරාධනා කරන්නැයි කලින් සාකච්ඡාවට සහභාගි වූ පක්‍ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. මෙවර සාකච්ඡාවට ලේකම්වරුන් සියලු දෙනා කැඳවූයේ ඒ අනුවයි.


ගිය අඟහරුවාදා සවස පැවැති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමට මැතිවරණයට තරග කරන පක්‍ෂ 37ක ලේකම්වරුන් ඇතුළු නියෝජිතයෝ සහභාගි වී සිටියහ. පොදුජන පෙරමුණේ පක්‍ෂ වෙනුවෙන් මහාචාර්ය ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන, දයාසිරි ජයසේකර, තිස්ස විතාරණ, සාගර කාරියවසම් ඇතුළු කිහිපදෙනෙක්ද එජාපය වෙනුවෙන්, රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම්ද, සමගි ජනබලවේගය වෙනුවෙන්, රංජිත් මද්දුමබණ්ඩාර, පාඨලී චම්පික රණවක හා මනෝ ගනේෂන්ද එම සාකච්ඡාවට සහභාගි වූහ. කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න මෙන්ම, මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් පිළිබඳව එහිදී සාකච්ඡා විය. විපක්‍ෂයෙන් සහභාගි වූ පක්‍ෂවල ලේකම්වරුන් කීවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වතාවරණයක් නැති බවය. ආණ්ඩුවේ පක්‍ෂවල ලේකම්වරුන් කීවේ සුදුසු තත්ත්වය බලා මැතිවරණ කොමිෂන් සභාව ඒ ගැන තීරණයක් ගතයුතු බවය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශද ලබාගෙන ඇති බවය. එහෙත් මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්විය හැකි බවක් ඔහු නොකීවේය. කොරෝනා සම්පූර්ණයෙන්ම අවසන් කර මැතිවරණය පැවැත්වීම යථාර්ථයක් නොවේ. එහෙත් යම් පාලනයක් තුළ සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර යටතේ මැතිවරණය පවත්වන්නට සිදුවනු ඇත. ආණ්ඩුවේ පක්‍ෂවල ලේකම්වරුන් වැඩි දෙනකුගේ අදහස වූයේ අපේක්‍ෂකයාගේ මනාප අංක ලබාදිය හැකි බවය. එහෙත් විපක්‍ෂය් පක්‍ෂ ලේකම්වරුන් කියා සිටියේ මනාප අංක දැන්ම නිකුත් නොකළහැකි බවකි. කොරෝනා තත්ත්වය හමුවේ මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවද යම් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව සාකච්ඡාවේදී හෙළිවිය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස වූයේ මහමැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් පිළිබඳව ලබන 18 සහ 19 දෙදින තුළ යම් තීන්දුවක් ආ හැකි බැවින් එතෙක් මනාප අංක නිකුත් නොකරන බවකි.


කෙසේ වූවද සාකච්ඡාවේදී හුවමාරු වූ අදහස් අනුව එකදෙයක් පැහැදිලි විය. එනම් ලබන මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බවය. මැතිවරණය ඉන් පසු සති කිහිපයක් දක්වා කල්යාමට බොහෝ දුරට ඉඩ ඇති බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.


එක පාරක් 2500 ක් දීලා මම තාමත් උසාවි යනවා


බැසිල් පළාත් පාලන ප්‍රධානීන් හමුවෙයි


ආර්ථික පුනර්ජීවන සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ගිය ඉරිදා අරලියගහ මන්දිරයට කැඳවීය. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියද හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න ද ඊට සහභාගි වූහ.


මෙම හමුව කැඳවා තිබුණේ කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ ගැන දැනුම්වත් කිරීම වෙනුවෙනි. සහන සැලසීමේ වැඩපිළිවෙළ ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බැසිල් කීවේ ජීවනෝපාය අහිමි පවුල්වලට දෙන රුපියල් 5000 දීමනාව ජුනි මාසයේදීද ලබාදෙන බවය. ‘‘මේ දීමනාව ලැබිය යුතු සියලුදෙනාටම වගේ ලැබිල තියෙනවා. සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්නත් ඇතිවෙලා තිබුණා. හැබැයි ඒ ප්‍රශ්න අපි විසඳුවා’’ යැයි බැසිල් කීවේය. ප්‍රසන්න රණතුංග කීවේ ඒ වැඩටික හොඳට සිදුවූ බවය. ඒ අතර බැසිල් අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ එකපාරක් මම රුපියල් 2500 දීලා මම තාමත් උසාවි යනවා. මේ පාර 5000 දීලා මොනව වෙයිද දන්නේ නැහැ යැයි කීවේ හැමෝම හිනස්සමිනි.


සාකච්ඡාව යන අතරේ පළාත් පාලන ආයතන ප්‍රධානියකු විමසා සිටියේ මහමැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යනුවෙනි. ‘‘මම ඔයාලව කැඳෙව්වෙ කාර්යසාධක බලකායෙ සභාපති විදියට නිසා මැතිවරණය ගැන කතා කරන්නෙ නෑ. ඒක මැතිවරණ කොමිසම තීරණය කරාවි’’ යැයි බැසිල් කීවේය.


දේවානන්ද මහින්ද හමුවෙයි


ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද අැමැතිවරයා ගිය අඟහරුවාදා හැන්දෑවේ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඒ උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ උතුරේ දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි. ඔහු ධීවර ප්‍රශ්න ගැන කතා කරන අතරේ අගමැතිවරයාට ලිපිගොනුවක්ද බාරදුන්නේය. ඒ උතුරේ දෙමළ සිරකරුවන්ගේ නාමලේඛනයකි. උතුරේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන්ද සොයා බලන්නැයි ඩග්ලස් ඇමැතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. අගමැතිවරයා කීවේ අතුරුදන්වූවන්ගේ දෙමාපියන් ළඟදී හමුවීමට තමා අදහස් කර ඇති බවය. ඩග්ලස් සමග සාකච්ඡාව පැය එක හමාරක් පමණ තිස්සේ පැවැත්විණි.


සුමන්තිරනුත් අගමැති හමුවෙයි


ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා පිටව ගොස් පැයකට පමණ පසුව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ද විජේරාම මාවතේ නිල නිවසට පැමිණියේය. ඒ කලින් කළ දැනුම්දීමකට අනුව අගමැති මහින්ද හමුවීමේ අපේක්ෂාවෙනි. සුමන්තිරන්ද පැමිණියේ උතුරේ අතුරුදන්වූවන්ගේ නම් ඇතුළත් ලිපිගොනුවක්ද ඇතිවය. ඔහු එය අගමැතිවරයාට බාරදී ඉල්ලීමක් කළේ ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත්වන ලෙසය. තමා අතුරුදන්වූවන්ගේ දෙමාපියන් ළඟදීම හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයාද කීවේය. උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ආදියද සාකච්ඡා වූ එම හමුව පැයකට ආසන්න කාලයක් ඇදී ගියේය. එම සාකච්ඡාවට දෙමළ සන්ධානයේ වෙනත් කිසිවකුත් සහභාගි නොවීමද විශේෂත්වයකි.


හෙදියන්ටත් උපාධියක්


ජාත්‍යන්තර හෙද දිනය ඉකුත් අඟහරුවාදාට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. ඊට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියද සහභාගි වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ආරාධනයෙනි. කොරෝනා මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් මේ දිනවල සෞඛ්‍ය කාර්යමණ්ඩලවලටද අාරක්ෂක අංශවලටද ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ජීවිත අවදානමද නොතකා සේවය කරන හෙදියන් වෙනුවෙන් හෙද විදුහල් හරහා හෙද උපාධියක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේය. ඔහු කීවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමාටත් සෞඛ්‍ය ඇමැතිනියටත් උපදෙස් දී ඇති බවය. රටපුරා ඇති හෙද විදුහල් 17 එක්කර හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව ඔහු කීවේය.


ක්ෂේත්‍ර නිලධාරීන්ට අමතර දීමනාවක් දෙන්න ජනකගෙන් චමල්ගෙන් ඒකාබද්ධ කැබිනට් සංදේශයක්
කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් ලොකු දායකත්වයක් ලැබිණි. ගම් මට්ටමින් සහන සේවා කටයුතු සිදුකිරීමේදී ගමේ සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීහු ඒ සඳහා මැදිහත්වී සිටිති. පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ගෙවීම ආදිය ඉන් ප්‍රධානය. එහිදී සමෘද්ධි නිලධාරීන්ට ප්‍රවාහන දීමනාව ඇතුළු අමතර දීමනාවක් ගෙවීමට පියවර ගෙන තිබුණද ගම්වල සිටින ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ට එවැන්නක් නොලැබිණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වශයෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව දැනුම්දී තිබිණි. ග්‍රාම නිලධාරීන්ට, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ට, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටද අමතර දීමනාවක් දීම සුදුසු බව ඇමැතිවරයා අගමැතිවරයාට දැන්වීය. ඊට අගමැතිවරයාද එකඟවූයේ මෙම නිලධාරීන් අවදානම නොතකා කරන සේවය වෙනුවෙන් එවැනි දීමනාවක් ගෙවීම සුදුසු බව කියමිනි. ජනක කීවේ මෙම දීමනාව ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශයෙ මුදලින් ගෙවිය හැකි බවත්ය. ඒ අනුව චමල් රාජපක්ෂ ඇමැතිවරයාද සමග එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අගමැතිවරයා ජනකට දැන්වීය. ඉකුත් සතියේ‍ ඉදිරිපත් කළ එම සංදේශයට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබුණේ මෙය කළ යුතුම කටයුත්තක් බව සඳහන් කරමිනි.

 



අදහස් (0)

දෙදාස් පන්සීයක් දීලා තාමත් උසාවි යනවා පන්දාහක් දීලා මොනවා වෙයිද?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 177 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site