IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපතිගේ මහනුවර සංචාරය

 

 

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬ පට සද්ධිය ගෙවී ගිය සතියේ ද දේශපාලන කරළිය ගිනියම් කළේ ලැව් ගින්නක් මෙනි. එය කෙතරම් දුරට ඇවිලී ගියේ ද යත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට රිමාන්ඩ් භාරයට පත්වන්නට සිදු වූ අතර මහේස්ත්‍රාත් විනිසුරුවරයකුට වැඩ තහනමකට ලක්වන්නට සිදුවිය. හඬ පට සිද්ධියට නම ගෑවී ඇති තවත් මහාධිකරණ විනිසුරුවරයකු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද අද හෙටම පියවරක් ගැනීමට ඉඩ ඇත.


රන්ජන්ගේ හඬ පට සිද්ධිය බලපා ඇත්තේ ඔහුගේ දේශපාලන දිවියට පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට අධිකරණ ක්‍රියාද‌ාමයට රහස් පොලිසියට පමණක් නොව පොදුවේ සමාජයට ද ඉන් ඇති වූ බලපෑම මෙතෙකැයි කියා කිව නොහැකිය. ඒ තරමටම එය බැරෑරුම් මෙන්ම දේශපාලන කරළිය උඩු යටිකුරු කළ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වී හමාරය.


ගෝඨාභය මහනුවර


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ මහනුවර බලා පිටත්ව ගියේ දළද‌ා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගෙන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් ප්‍රමුඛ මහානායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. කොළඹ සිට හෙලිකොප්ටරයෙන් ගිය ජනාධිපතිවරයා පිළිගන්නට මහනුවර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු අස්ගිරිය ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. මහින්ද‌ානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ අනුරාධ ජයරත්න එසේ පැමිණ සිටි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකි. ඔවුන් පැමිණ ජනාධිපතිවරයා පිළිගත් අතර ජනාධිපතිවරයා මහින්ද‌ානන්ද ද වාහනයේ නංවාගෙන දළද‌ා මාළිගාව වඳින්නට පැමිණයේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා පිළිගෙන කරඬුව අසලට කැඳවාගෙන යනු ලැබූ අතර ජනාධිපතිවරයා දළද‌ා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව දියවඩන නිලමේවරයා සිය කාර්යාලය වෙත ජනාධිපතිවරයා කැඳවා ගෙන ගියේ තේ පැන් සංග්‍රහයක් ද සූද‌ානම් කර තිබූ බැවිනි. ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ද සමඟ තේ බොමින් කතාබහ කරමින් සිටින අතරෙ දැනගන්නට ලැබුණේ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීමට පැමිණ සිටින බවකි. ඔවුන් ද ගෙන්වා ගත් ජනාධිපතිවරයා ඔවුන්​ගේ ඉල්ලීම මත වෙන වෙනම ඉඳ ඡායාරූප කිහිපයක් ද ගත්තේය.


අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහානාහිමියන් බැහැ දකින්නට ගියේ මන්ත්‍රීවරුන් පිරිස ද කැටුවය. ජනාධිපතිවරයා එවර සිය වාහනයට නංවා ගත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයායි. ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් තිබ්බොටුවාවේ සුමංගල මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ද පැහැදිලි කරමිනි. මල්වතු මහනාහිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා ඊළඟට යන්නට නියමිතව සිටියේ නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියන් බැහැ දැකීමටය.
උන්වහන්සේගේ පන්සල පිහිටියේ මහානාහිමියන්ගේ ආරාමයේ සිට මීටර 150 ක් පමණ දුරිනි. එතනට යන්නට පාලමක් ද ඇති නමුත් බොහෝ දෙනා යන්නෙ වාහනයෙනි. එහෙත් එදින ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ද කැටුව පාලම දිගේ පන්සලට ගියේ පයින් යන එක ඇඟට වගේම හිතටත් හොඳ බව කියමිනි.


වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහානාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා ඊළඟට ගියේ නාපාන පෙමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් බැහැ දැකීමටය. මැණික්හින්න හුරීකඩුව විද්‍යා සාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්​තේ තමා ගත වූ කෙටි කාලය තුළ ද රට වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගත් බව ද සඳහන් කරමිනි.


කැබිනට් රැස්වීම


බදාදා දිනය නිවාඩු දිනයක් වූ බැවින් මෙවර කැබිනට් රැස්වීම පැවැත්වූවේ අඟහරුවාදා දිනයේය. අඟහරුවාදා හැන්දෑවේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙවර කැබිනට් රැස්වීමට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයෙනි. එය ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. එමගින් යෝජනා කර ඇත්තේ මෙරට බුද්ධි අංශ වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. ජාතික බුද්ධි පනත නමින් නව පනතක් ඒ සඳහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට එමගින් යෝජිතය. පසුගිය කාලයේ මෙරට බුද්ධි අංශ දුර්වල කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණි. පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ බුද්ධි අංශ වඩාත් ශක්තිමත් කර රටේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේම වැඩි අවධානය යොමුවිය.


මේ අතර වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ යෝජනාවද අනුමත වූයේ ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමෙනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 750ක් පමණ විය. එය රුපියල් දහස දක්වා වැඩි කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදීද පොරොන්දුවක් දුන්නේය. එය ගෝඨාභයගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවකි. ඒ අනුව වතු කම්කරු වැටුප ලබන මාර්තු 1 වැනිදා සිට වැඩි කරන්නට ආණ්ඩුව තීරණය කළේය. එය තෛපොංගල් දිනයේදී ප්‍රකාශයට පත් කෙරුවේ වතුකරයේ ජනතාවට දුන් තෛපොංගල් තෑග්ගක් ලෙසිනි.


මේ අතර ගිය සතියේ ජනාධිපතිවරයාගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය. ඒ රජයේ සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන්ගේ දීමනා බරපතළ ලෙස කප්පාදු කරමිනි. මීට පෙර රජයේ සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් ඒ ඒ සංස්ථා මණ්ඩල අනුව දීමනා ගෙවනු ලැබීය. ඇතැම් ආයතනවල සභාපතිවරුන්ට ලක්ෂ විසිපහ තිහ ගෙවනු ලැබූ අවස්ථාද වාර්තා විය. තවත් සභාපතිවරුන්ට ලක්ෂ පහ දහය පහළොව ආදී වශයෙන්ද ගෙවනු ලැබීය. එහෙත් ජනාධිපති ලේකම්වරයා විසින් ගිය සතියේ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට යවන ලද විශේෂ චක්‍රලේඛයෙන් දන්වා තිබුණේ සභාපතිවරුන්ගේ දීමනාව උපරිම රුපියල් ලක්ෂයක් බවය. ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීමද මීට පෙර පැවැති සියලු රජයන් යටතේ සිදුවූවකි. ඇතැම් විට කිසිවක් හෝ කරගත නොහැකි අය පවා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර දීමනා වාහන ඉන්ධන ආදී වරප්‍රසාද දුන් ආකාරය මෙරට දේශපාලනය ගැන දන්නා අයට අමුත්තක් නොවීය. ගිය සතියේ නිකුත් කළ චක්‍රලේඛයට අනුව මින් පසුව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු නැත. සභාපතිවරයාට පවා ලැබෙන්නේ එක් නිල වාහනයක් පමණක් වන අතර ඉන්ධන ලීටර් 150කි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මාසයේ කොපමණ වාර ගණනක් රැස්වීම්වලට සහභාගි වුවද හිමිවන දීමනාව රුපියල් විසිපන්දහසක් පමණි. ඔවුන්ට වාහන හිමිකම් නැති අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවනවිට පමණක් යාමට ඒමට ප්‍රවාහන පහසුකම් සැලසෙනු ඇත. මෙය එක්තරා ආකාරයට ආයතනවල සභාපති පුටුවලට අධ්‍යක්ෂ මණ්ඩල පුටුවලට එන්නට බලා සිටි ඇතැමුන් දුර්වල කරන තීන්දුවක් ද විය හැකිය.


බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ගිය බදාදා නිවාඩු දිනයේ හම්බන්තොට බලා පිටත්ව ගියේ උසස් අධ්‍යාපනයට අදාළව දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩු සොයා බැලීම වෙනුවෙනි. තංගල්ල සාගර විශ්වවිද්‍යාලයට මුලින්ම ගිය බන්දුල අනතුරුව හම්බන්තොට බලා පිටත්ව ගියේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සූරියවැවේ ආරම්භ කරන ලද තොරතුරු තාක්ෂණ උද්‍යානය පසුගිය ආණ්ඩුව සමයේ අතහැර දැමීම නිසා මේ වනවිට එය වල් බිහිවී තිබේ. එම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා එහිදී උපදෙස් දුන්නේ තොරතුරු තාක්ෂණ උද්‍යානය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සැලසුමක්ද ඇති බව දන්වමිනි. බන්දුල එදින රාත්‍රිය ගත කළේ තිස්සමහාරාම රන්මිහිතැන්න සිනමා ගම්මානයේය. සිනමා ගම්මානයට ගිය බන්දුලට රාත්‍රියේ තවත් අමුත්තෙක් හමුවිය. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. සුනිල් ආරියරත්න මහතා මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය රන්මිහිතැන්නේ රූගත කරමින් සිටි බන්දුලට ඔහු හමුවූයේ චිත්‍රපටය රූගත කරන අතරතුරය.

 

 


ශ්‍රීලනිපය මහ ඡන්දයට සූදානම් වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් මධ්‍යම කාරක සභාවත් ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ කැඳවා තිබුණේ ඉදිරි දේශපාපාලන කටයුතු ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ අපේක්ෂාවෙනි. මුලින්ම රැස්වූවේ එහි දේශපාලන මණ්ඩලයයි. මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී දේශපාලන මණ්ඩලය රැස්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ගණන 14කි. ඉන් දුමින්ද දිසානායක හැර අනෙක් සියලු දෙනා සහභාගිවී සිටියහ. ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයා සහ හිටපු ජනපති මෛත්‍රීත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට එහිදී තීරණය විය. මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සම්මේලනය ලබන 30 වැනිදා පැවැත්වීමටද තීරණය විය.


දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්විය. ඒ හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. පසුගිය ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයාට සහාය දුන් පළාත් පාලන නියෝජිතයන්ගේ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණ පවත්වන්නට තීරණය විය. එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදීම සඳහා කැපවී කටයුතු කළ යුතු බවටද එහිදී තීරණය විය.


රුසියානු විදේශ ඇමැති ගෝඨාභය සමග සිංහලෙන් කතා කරයි


ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල් හතරක නියෝජිතයෝ ගිය අඟහරුවාදා දිනයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළහ. ඒ අතර රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රෝව් මහතාද විය. ඔහු 1970 ගණන්වල ශ්‍රී ලංකාවේ සිටි රුසියානු තානාපතිවරයෙකි. එකල ඔහුට සිංහල භාෂාව හැසිරවීමට හැකියාව තිබිණි. ගිය අඟහරුවාදා ජනාධිපතිවරයා හමුවූ රුසියානු තානාපතිවරයා කීවේ තමාට සිංහල ටිකක් ටිකක් තේරෙන බවය.


ඇමැති චමල් ගොවිජන මන්දිරය නිරීක්ෂණයේ


පෞද්ගලික ගොඩනැගිල්ලකට විශාල මුදලක් ගෙවා පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය යළි පැරණි ස්ථානය වූ ගොවිජන මන්දිරය වෙත ගෙන යෑම සඳහා නව රජය තීන්දු කළ ද එම කටයුත්ත තවමත් ඉටුවී නැත. මේ පිළිබඳව විෂය භාර ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව අමාත්‍යංශය යළි පැරණි තැනම පිහිටුවීමට නියමිතය. පැරණි ගොඩනැගිල්ල වූ ගොවිජන මන්දිරය මේ දිනවල අලුත්වැඩියා කෙරෙන අතර එහි කටයුතු නිරීක්ෂණය සඳහා ගිය ඇමැති චමල් රාජපක්ෂ මහතාටත්, අමාත්‍යංශ ලේකම්වරයාටත් දැකගත හැකිවූයේ යහපාලන රජය පසුගිය වසර හතර හමාර තුළට එම ගොඩනැගිල්ල පාලුවට හැර ඇති බවය.


පසුගිය කාලයේ එහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවී නැති බව ද එම නිරීක්ෂණ චාරිකාවේදී දැකගත හැකිවිය. ඇමැති චමල් එහිදී නාවික හමුදාවට කීවේ ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්කර ගොඩනැගිල්ල තමාට ලබාදිය යුතු බවය. එම කටයුතු අවසන් වූ වහාම ලක්ෂ 240ක මාසික කුලියක්දී පවත්වාගෙන යන ගොඩනැගිල්ල භාරදී පැරණි ගොඩනැගිල්ලට යෑමට නියමිතය.



අදහස් (0)

ජනපතිගේ මහනුවර සංචාරය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 412 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site