IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කැබිනට් රැස්වීමට වෙලාවට නොඑන ඇමැතිවරු

කලින් එන්නේ ජනාධිපතිවරණය ද? පළාත් සභා මැතිවරණය ද? මේ බොහෝ දෙනා මේ දිනවල අහන ප්‍රශ්නයකි. ඊට නිමිත්ත වූයේ පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය හැකි දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමය.


ජනාධිපතිවරයාගේ මතය විමසීම ලබන සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙන්නේ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය. ඒ අනුව කලින් එන්නේ පළාත් සභා ඡන්දය ද ජනාධිපතිවරණය ද යන්න ලබන සතිය වනවිට තීරණය වනු ඇත.


සතියේ කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා උදේ 7.30ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් මණ්ඩල රැස්වීම උදේ 7.30ට ආරම්භ වුව ද ජනාධිපතිවරයාට අමතරව සිටියේ ඇමැතිවරුන් පස් දෙනකු පමණි. පැය භාගයක් පැයක් යද්දි ඇමැතිවරුන්ගේ පැමිණීම වැඩි විය. කලින් අඟහරුවාදා උදේ 9.30ට ආරම්භ වූ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයා විසින් මීට සති කිහිපයකට උඩදී උදේ 7.30ට කැඳවනු ලැබුවේ ඇමැතිවරුන්ට කැබිනට් රැස්වීම් හමාරවී සිය අමාත්‍යාංශවල කටයුතුවලට යෑමේ පහසුව සැලකිල්ලට ගනිමිනි. එහෙත් 7.30ට ආරම්භ වූ කිසිදු කැබිනට් රැස්වීමකට ඇමැතිවරුන් වෙලාවට පැමිණ සිටියේ නැත. කැබිනට් රැස්වීම ආරම්භයේ දී ආවේ ඇමැතිවරුන් හතර දෙනකු නැත්නම් පස් දෙනකු පමණි. ඇමැතිවරුන් 20ක් 25ක් ගෙන්වා ගැනීමට පැයක් පැය භාගයක් බලා සිටින්නට සිදුවිය. ඒ අනුව මෙවර ද 7.30ට පැමිණ සිටියේ ඇමැතිවරුන් පස් දෙනකු පමණි. මම උදේ 7.30ට කැබිනට් රැස්වීම දැම්මෙ ඔයාලට කැබිනට් ඉවරවෙලා අමාත්‍යංශවලට කලින් යන්න පුළුවන් නිසයි. නමුත් ඔයාලා එන්නෙ නැති හින්දා ලබන සතියෙ ඉඳලා කැබිනට් රැස්වීම උදේ 8.30ට දානවා ජනාධිපතිවරයා කීවේ උදේ නැගිටින්නෙ නැති ඇමැතිවරුන්ට චෝදනාවක් ද එල්ල කරමිනි.
මේ අතර ලබන වසර සඳහා මේ වසරේ අයවැයක් ඉදිරිපත් නොකර මුල් මාස හතරේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ද කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබිණි. එය ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමැති මංගල සමරවීර විසිනි. එහෙත් එදින මංගල නොසිටියේය. එසේ වුවද අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී අනුමත විය. දැනට තිබෙන තත්ත්වය අනුව ලබන දෙසැම්බරයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙයි. ඉන් ජය ගන්නා ජනාධිපතිවරයා ලබන මාර්තු වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යයි. දැනට තිබෙන පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තුවෙන් අවසන් වේ. 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව මාස 6 කට පෙර විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත. ඒ අනුව අලුතින් පත්වන ජනාධිපතිවරයා ලබන අගෝස්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට යනු ඇත. ඒ අලුතින් පත්වන පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවට අයවැයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ තබා එතෙක් රජයේ වියදම් පියවා ගැනීම අතුරු සම්මත ගිණුමකින් සිදු කිරීම මෙහි අරමුණය.


වතුකම්කරුවන්ට නිවාස ඉදිකර ගැනීමට පෞද්ගලික වතු හිමිකරුවන්ගේ ඉඩම්වලින් ඉඩම් කොටස් ලබා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ඇමැති පලනි දිගම්බරම් විසිනි. ඔහුගේ යෝජනාවට තලතා අතුකෝරල, කබීර් හසිම් ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ම විරුද්ධ වූහ. ඔවුන් කීවේ එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවන බවය. දිගම්බරම් සිය යෝජනාවට විරුද්ධ වූ ඇමැතිවරුන්ට උත්තර දුන්නේ ඇනුම්පදයක් ද කියමිනි. වතු අයිතිකරුවන්ට වතුකම්කරුවන් මතක් වන්නේ ඡන්දෙ කාලවලට පමණක් බව ඔහු කීවේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආසන කළමනාකරුවන්ගේ රැස්වීමක් ගිය බ්‍රහස්පතින්දා උදේ පක්‍ෂ මූලස්ථානයේ දී කැඳවා තිබිණි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු ද ඊට සහභාගි වූහ. එවෙලේ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද පැමිණ සිටියත් ඔවුන් සිටියේ පක්‍ෂ මූලස්ථානයේ පහත මාලයේ පැවැති මාධ්‍ය හමුවේය. දයාසිරිත් නිමල් සිරිපාලත් ආසන කළමනාකරුවන්ගේ රැස්වීමට සහභාගි වී සිටියහ. පක්‍ෂයේ අනුශාසකවරිකය ද වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද හදිසියේම එම රැස්වීමට ආවේ හැමෝම මවිතයට පත්කරමිනි. එතුමිය සැබවින්ම පැමිණ සිටියේ වැරදීමකිනි. ආසන කළමනාකරුවන් කැඳවමින් යැවූ ලිපියක පිටපතක් හිටපු ජනාධිපතිනියට ද යවා තිබුණේ මේ ගැන පක්‍ෂයේ අනුශාසකවරිය ලෙස එතුමිය දැනුවත් කිරීමේ අපේක්‍ෂාවෙනි. එහෙත් එතුමිය සිතුවේ එය තමාට රැස්වීමට එන ලෙස පක්‍ෂ මූලස්ථානයෙන් ලැබුණු ආරාධනාවක් ලෙසය. රැස්වීමට හදිසියේ ආ චන්ද්‍රිකා මැතිනිය එවෙලේම පිටත්ව ගියේ ඇයට වැරදීමක් සිදුව ඇති බව පවසමිනි.


පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර කෙරෙන සාකච්ඡා ද මේ සතියේ අලුත් මුහුණුවරක් ගෙන ඇත. මේ දක්වා සාකච්ඡා පැවැතියේ දෙපාර්ශවයේම කමිටු දෙකක සහභාගිත්වයෙනි. ශ්‍රීලනිපයෙන් සාකච්ඡාවලට ගියේ මහින්ද අමරවීර, රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා දයාසිරි ජයසේකර යන තිදෙනාය. පොදුජන පෙරමුණේ ජී.එල්., ඩලස් හා ජගත් වැල්ලවත්ත යන තිදෙනා සහභාගි වූහ එහෙත් ශ්‍රීලනිපයෙ අයගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ නම්කර ඇති නිසා වෙනත් අය සමග නොව ගෝඨා සමග සාකච්ඡා කර විසඳුමකට ආ යුතු බවය. ඔහු සමග සාකච්ඡා කර යම් වැඩපිළිවෙළකට එකඟතාවක් ඇතිකර ගත යුතු බව ඒ අනුව ඔවුන්ගේ අදහසය. ශ්‍රීලනිපය හා ගෝඨාභය අතර හමුවක් මේ සතියේ දී පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇත. ඒ සඳහා ශ්‍රීලනිපයෙන් තවත් කිහිප දෙනකු ද නම් කෙරෙනු ඇත.


කාම්බෝජයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ යළි දිවයිනට පැමිණියේ සාර්ථක විදේශ සංචාරයක් අවසන් කරමිනි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගිය අඟහරුවාදා මහනුවර දිස්ත්‍රික්කයේ උත්සව කිහිපයක්ම යොදා ගෙන තිබුණත් අධික වැස්ස නිසා ජනාධිපතිවරයා ඊට සහභාගි නොවීය. එහෙත් ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා දහවල් මහනුවර බලා පිටත්ව ගියේය. එහි විවෘත කිරීම් කිහිපයක් මෙන්ම ශ්‍රී දළදා පෙරහර සංදේශය බාර ගැනීමට ද නියමිතව තිබීම ඊට හේතුවය. උදේ කටුගස්තොට හා දිගන ප්‍රදේශවල උත්සව කිහිපයකට ගිය ජනාධිපතිවරයා දවල් කෑමට මහනුවර ජනපති මැදුරට ගියේය. උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක සහ මධ්‍යම ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන දෙදෙනා ද දවල් කෑම මේසයට ජනාධිපතිවරයා සමගම ඉඳගත්හ.


පෙරහර සංදේශය බාර ගැනීම එදින පස්වරුවේ සිදුවූයේ ද ජනාධිපති මන්දිරයේය. ජනාධිපතිවරයා සිය කතාවේ දී ‘‘වාචාල කතා කියන ඇමැතිවරයෙකු හා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ගැන’’ ද සඳහන් කළේ චෝදනා මුඛයෙනි. ජනාධිපතිවරයා කීවේ ‘‘එම ඇමැතිවරුන් කළ වාචාල කතා නිසා නුවර පෙරහර බලන්නට ආ සෙනඟ මෙවර අඩු වූ බව’’ ය. සමහරුන් කීවේ ජනාධිපතිවරයාගේ චෝදනාව එල්ල වූ එක් ඇමැතිවරයකු එම උත්සවයට ද සහභාගි වී සිටි බවය. තවත් අයකු කීවේ ජනාධිපතිවරයාගේ චෝදනා එල්ල වූ අනෙක් කෙනා එතන නොසිටි එහෙත් ආණ්ඩුවේම මේ දිනවල දැඩි කතාබහකට ලක්ව සිටින මන්ත්‍රීවරයකු බවය.


මේ අතර ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රැය ගත කළේ ද මහනුවරය. මධ්‍යම පළාතේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන නියෝජිතයින් ද බදුල්ලේ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන නියෝජිතයින් ද ජනාධිපතිවරයා විසින් මේ සති අන්තයේ මහනුවර මන්දිරයට කැඳවා ඇති බව වාර්තා විය. ඔවුන් වෙනුවෙන් එදින දහවල් භෝජන සංග්‍රහයක් ද ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබූ බව වාර්තා විය.



අදහස් (0)

කැබිනට් රැස්වීමට වෙලාවට නොඑන ඇමැතිවරු

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site