ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්රචාරක කටයුතු ආරම්භ කළේ ගිය සති අන්තයේය. ඒ කඩවත නගරයෙදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල රැළියෙනි. රැළිය සංවිධානය කිරීමේ බර කරට ගෙන තිබුණේ ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්නගේ දෙවන දුවගේ විවාහය ලියාපදිංචි කිරීමද යොදාගෙන තිබුණේ එදිනය. සිය නිවසේදී දියණියගේ විවාහ ලියාපදිංචිය යොදාගෙන තිබුණද ප්‍රසන්න උදේ සිටම සිටියේ කඩවත රැළියේ සංවිධාන කටයුතුවලය.
කඩවත රැළියට විශාල සෙනඟක් පැමිණ සිටියෝය. මහින්දත් ඒකාබද්ධයේ පක්ෂ නායකයෝ සහ මනත්රීවරුත් ඊට සහභාගිවූහ.
ප්‍රසන්නගේ ගෙදර යොදා ගෙන තිබූ කටයුත්ත ගැන මහින්දට කීවේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාය ඔහු කීවේ ප්‍රසන්න ගෙදර වැඩකුත් තිබියදී ඊට නොගොස් රැළියේ කටයුතුවල යෙදී සිටින බව ඔහු කීවේය. එයාට කියල වැඩක් නෑ. ගිය පාර දුවගේ උපාධි උත්සවයට නොගිහින්, මෙහෙට වෙලා නාමයෝජනා හදද්දි මම යන්තම් කියලයි ඒකට යැව්වේ. මහින්ද කීවේ ප්‍රසන්නගේ හැටි දන්නා බැවිනි. රැළිය අවසන්වී මහින්ද පිටත්ව යන්නට සූදානම් වෙද්දි ප්‍රසන්න ආවේය. “අද ගෙදර උත්සවයකුත් තියෙනවලු නේ දැයි මහින්ද අහද්දි ප්‍රසන්න කාරණය කීවේය. දුවගේ එන්ගේජ්මන්ට් එක තියෙද්දි තාත්ත මෙතනට වෙලා හිටියම හරියනවද? ඔයා දැන්ම යන්න” යැයි කියමින් මහින්ද පිටත්ව ගියේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බදාදා උදේ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ විවාදයට මුහුණ දෙන හැටි සාකච්ඡා කර තීරණයක් ගන්නටය. මේ හදන්නෙ වාර්තාව පාර්ලිමේන්තුවට නොදා ඡන්දය ඉවර වෙනතෙක් යට ගහගෙන ඉන්න යැයි කීවේ ප්‍රසන්න රණතුංගය. වාසු කීවේ ජනාධිපති කොමිසම පත් කළේ ජනාධිපතිවරයා වුණාට වාර්තාව රටටම අයිති බවය. බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නෑනේ විවාදයක් කරල වැඩක් නැහැ. වාර්තාවක් නැතිව මොකද්ද විවාද කරන්න යැයි දිනේෂ් ඇසුවේ තර්කයක් මතු කරමිනි.
කෙසේ වෙතත් බදාදා පාර්ලිමේන්තුව හදිසියේ රැස්විය. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව දන්නා නිසා ඒකාබද්ධ විපක්ෂය විරෝධයක් මතු කරන්නට කලින් සිටම සූදානම් විය. අගමැතිවරයාද විශේෂ ප්‍රකාශයක් කරන්නට යන බව ඔවුහු දැන සිටියහ. මේ නිසාම පාර්ලිමේන්තුවේ විරෝධය පළ කරන්නට ඒකාබද්ධය සූදානම් විය. ඒ සඳහා සටන්පාඨ සහිත පෝස්ටර් පාර්ලිමේන්තුවට රැගෙන ඒම පැවැරුවේ බන්දුල ගුණවර්ධනටය. බන්දුල මුල සිටම බැඳුම්කරයට එරෙහිව ලොකු සටනක් දුන් මන්ත්‍රීවරයෙකි. ඔහු සැලසුම් සහගතව පෝස්ටර් ටික පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබිණි.
ඒකාබද්ධයත් එජාපයත් එකිනෙකාට චෝදනා කර ගත්තේ හොරා කියමිනි.
අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට තුවාල සිදුවූ අතර එජාපයේ කාවින්ද ජයවර්ධන ක්ලාන්තවී ඇද වැටුණේය. අවසානයේ පාර්ලිමේන්තුව කල් තැබුවේ ‘‘නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ” යන ආප්තෝපදේශය සිහිගන්වමිනි.
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ
බදාදා දිනයේ දී ජනපති හමුවූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇදගත්හ. රට වෙනුවෙන් මෙන් ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළහ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඒකාබද්ධ විපක්ෂයේ කඩවත රැලිය