IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ නායකත්ව ගැටුම දිගටම

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සමරු උත්සවයක් පැවැත්වීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියමයෙන් විපක්ෂනායක කාර්යාලයේදී ඉකුත් බදාදා සිදුවිය. එහිදී මන්ත්‍රීවරයකු සජිත්ට කීවේ මෙවර තෛපොංගල් ජාතික දින උත්සවයක් පැවැත්වීමට රජය කටයුතු කර නැති බවය.


විපක්ෂ නායක ධුරයේ රාජකාරි ඇරැඹීමෙන් පසු පළමු වරට දළදා වහන්සේ වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට විපක්ෂ නායකවරයා ඉකුත් බ්‍රහස්පතින්දා කටයුතු කළේය. එහිදී මල්වතු මහ නාහිමියන්ගේ විමසීමකට විපක්ෂනායකවරයා කීවේ තමා රජයේ හැම දේටම විරුද්ධවන කුහක විපක්ෂ නායකවරයකු නොවන බවය. “මම හොඳ දේට තදින්ම උදව් කරනවා. නරක දේට තදින්ම විරුද්ධ වෙනවා.” සජිත් කීවේය.


“දැන් ඔබතුමාට විපක්ෂනායක කම ලැබුණා. පක්ෂ නායක ධුරය කොහොමද?” මල්වතු මහනාහිමියන් විමසූවිට සජිත් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.


එ.ජා.ප නායක පසුගියදා විදේශගත වූවේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයටය. එ.ජා.ප නායකත්වය පිළිබඳ අභ්‍යන්තර කඹ ඇදීම ඒ වන විටත් නිමවී නොතිබිණ.


ඇතැම් මාධ්‍ය මත පළ කළේ එ.ජා.ප නායක සටන අතහැර විදෙස් ගතවූ බවය. එහෙත් නායකයා ලෙස ඔහු දිගටම රැදී සිටිය යුතු බවට භික්ෂූන් වහන්සේලා මෙන්ම එ.ජා.ප යේ ඇතැම් දේශපාලකයෝද සිය මත පළ කරන්නට වූහ.


ඊට ප්‍රතිචාර ලෙස සෙසු පාර්ශවයන් ගෙන්ද විවිධ ප්‍රතිචාර ආවේය. බදාදා රාත්‍රියේ එ.ජා.ප නායකයා යළි සිය රට පැමිණියේ බ්‍රහස්පතින්දා තීරණාත්මක මන්ත්‍රී රැස්වීමට මුහුණ දීමට තිබූ පසුබිමකය.


ඒ අතර විපක්ෂ නායක සජිත් ජනපතිවරණයේ දි සහාය දැක්වූවන්ට ස්තූති කිරීමේ රැස්වීම් මාලාව දිගටම පවත්වා ගෙන යන අතර පසළොස්වක පොහෝදා විපක්ෂනායක කාර්යාලයේදී ධර්ම දේශනාවක්ද සංවිධානය කළේය. තෛපොංගල් දිනයේ සමරුව ද කාර්යාලයේදීම පැවැත්වූ අතර හිටපු විපක්ෂනායක ආර්. සම්පන්දන් ඇතුළු සියළු ජාතීන්ට අයත් මන්ත්‍රීවරු ඊට එක් වූහ.


බ්‍රහස්පතින්දා උදේ මහනුවරට ගිය විපක්ෂනායකයා දළදා වහන්සේ වැඳ පුදා ගෙන මහ නාහිමිවරුන් ද බැහැදැක ඔවුන්ගේ අනුශාසනා සහ ආශීර්වාද ද ගත්තේය.
බ්‍රහස්පතින්දා උදේ එ.ජා.ප නායකයා ඇමතු බොහෝ මන්ත්‍රීවරුන් විමසූවේ “අද හවස වෙන්නේ කුමක්ද” කියාය. ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පිකා ප්‍රේමදාස, ජේ.සී අලවතුවල, කේ.කේ. පියදාස, වජිර අබේවර්ධන, දයා ගමගේ, ආශු මාරසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් විමසුවේ එකම පැනයකි.


“අද හවස එකම දෙයයි, තීන්දු කරන්න තිබෙන්නේ. ඒ සජිතුයි, කරුයි, මමයි අත්වැල් බැඳගෙන එකට යනවා ද, නැද්ද කියලයි. මේ ආණ්ඩුව තරම් කෙටි කලකදී ජනතාව ඉදිරියේ නිරුවත් වූ, වැඩ බැරි ආණ්ඩුවක් ඉතිහාසයේම නැහැ. ඒ නිසා ළඟ එන මහ මැතිවරණයේදී අපට විශාල සටනක් දීමේ හැකියාව තිබෙනවා. අපේ එකමුතුකම ඊට අත්‍යාවශ්‍යම සාධකයයි.”, එ.ජා.ප නායකයා පැහැදිළි කළේය.


“2015 අපේ දින 100 තුළ ජනතාවට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, 10,000 ක පඩි වැඩිවීම, විශ්‍රාම වැටුප, මහපොළ හා සමෘද්ධිය දෙගුණ කිරීම, ඉන්ධන, ගෑස් අඩු කිරීම ඇතුළු විශාල වැඩ කොටසක් කළා. ඒත් මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ” ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඇමතුම තුළ ගැබ්ව තිබුණේ එවැන්නකි.
“ඩලසුයි, ප්‍රසන්න රණතුංගයි කියන්නේ සුළුතර ආණ්ඩුව නිසා ජනතාවට සහන දෙන්න බැහැ කියලායි. ඒත් රටේ ඉඩම් විකුණන්නයි, රාජ්‍ය සේවකයාගේ පඩි, ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මළු කපන්නයි ආදි ජනතා විරෝධි වැඩ කරන්න මෙයාලට සුළුතර ආණ්ඩුවෙන් පුළුවනී.” ජේ.සී. අලවතුවල කීවේ සිනා සෙමිනි.
“2015 දී අපේ ආණ්ඩුව සියළු සහන දුන්නේ මන්ත්‍රීවරුන් හතළිස් ගාණක් විතරක් ඉඳලයි.”, චම්පිකා ප්‍රේමදාස මතක් කළේය.


“නායකත්ව මණ්ඩල ප්‍රධානියා හැටියට කරු ජයසූරිය ගේන එකට සමහරුන් විරුද්ධයි. 2015 දී ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට නොදී දැන් කරු හොදයි කියන එක පුදුමයක් බවට සමහරුන් මතු කරන තර්කය ප්‍රබලයි නේද?”, කේ.කේ. පියදාස එ.ජා.ප නායකයාට ප්‍රබල පන්දුවක් එල්ල කළේය.
“2015 දී මා හෝ කරු හෝ ඉදිරිපත් වෙන්නයි, හැදුවේ. ඒත් ඒ වෙලාවේ සිවිල් සමාජය තමයි, ප්‍රබලම භුමිකාව කළේ. ඔවුන් මෙන්ම ජ.වි.පෙත් කිව්වේ එ.ජා.ප අපේක්ෂකයකුට සහාය දෙන්න බැහැ. පොදු අපේක්ෂකයෙකු දාමූ කියලායි. අප ඒකට එකඟ වුණා. අප අතර ප්‍රධාන තනතුරු තුන ජයග්‍රහණයෙන් පසු බෙදා ගත්තා. මමයි-කරුයි රට වෙනුවෙන් කළ හැකි උපරිමය කළා. ඒත් මෛත්‍රී එහෙම කළාද, නැද්ද කියන එක ගැන මා කතා කරන්න යන්නේ නැහැ.

 

 


කථානායක ලෙස කරු රටතුළ ස්වාධීන පරිපාලනය ඇති කරන්න විශාල කැප කිරීම කළා. දින 52 දීත් ඔහු කළ කාර්ය භාරය ජාත්‍යන්තරවත් ප්‍රසාදයකට ලක්වුණා. කරු කථානායක නොවී ඇමැතිකමක් කළා නම් ඔහුට ඒ කීර්තිය අත්වෙන්නේ නැහැ.”, එ.ජා.ප නායකයා කේ.කේ. පියදාසගේ පැනයට පිළිතුරු දුන්නේ එළෙසිනි.
“දැන් රටේ සියළු ප්‍රශ්න වහන්න රන්ජන්ගේ හඬ පටි ජනතාවට තුන් වේලටම කන්න දෙන එකයි, ආණ්ඩුව කරන්නේ.රන්ජන් මේවා පටිගත කිරීම සාදාචාරත්මක නැහැ. ඒත් පොලිසිය භාරයට ගත්ත හඬපට රටට ලීක් වුණේ කොහොමද? ඒක කරපු අය රන්ජන්ටත් වඩා සදාචාර විරෝධියි.” දයා ගමගේ කීවේ එවැන්නකි.
“රන්ජන් ගැන පක්ෂය තීන්දුව ගත්තා. දැන් ඊට එරෙහිව ඔහුගේ පැත්තෙන් කරුණු දක්වන්න ඕනෑ. ඊට පසු කරන්නේ මොනව ද කියා අපට තින්දුවකට එන්න පුළුවනි”, එ.ජා.ප නායකයාගේ ස්ථාවරය එවැන්නකි.


තීරණයකින් තොරව එජාප රැස්වීම අවසන්


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට ඉකුත් බ්‍රහස්පතින්දා කැඳවා තිබූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද තීරණයකින් තොරව අවසන් විය. බොහෝ දෙනා බලා සිටියේ එදින එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවය. මෙවැනි බලාපොරොත්තුවකින් සිරිකොත රැස්වීමට ගිය මන්ත්‍රීවරුන්ට එජාප නායකයා පැවැසුවේ පක්ෂ නායකත්වය පිළිබඳ බෙදීමකින් තොරව ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතු බවය. එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එයට එකඟ වූයේ නැත.


“ඔබතුමා එක්ක ගිහිං අපිට ඉදිරි ඡන්දය දිනන්න බෑ. ඔබතුමා අයින්වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයාට පුටුව දෙන්න එක්කෝ ඒකට ඡන්දයක් තියන්න. එම මන්ත්‍රීවරු කීහ.
“මේ අය ඇවිත් කීවෙ ඡන්දයක් ඕනැ නෑ කියලා. ගොඩක් මන්ත්‍රීවරු කීවා ..” එජාප නායකයා කීවේය.
“සර් එහෙමනම් ඡන්දයක් ඕනැද කියල තීන්දු කරන්න ඡන්දයක් තියන්න ...” හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කීවේය. එහිදී සජිත් හිතවාදී මන්ත්‍රීන්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරු බොහෝ පිරිසක් පක්ෂ නායකත්වය පිළිබඳව තීන්දුවක් ගැනීමට ඡන්දයක් අවශ්‍ය බව නැගිට කීහ.


යම් කිසිවකු කරු ජයසූරියගේ නම කියද්දි රංජිත් මද්දුම බණ්ඩාර කීවේ කරුගේ නම ඉදිරිපත් කරන්නේ මේ ප්‍රශ්නය වෙනත් අතකට යොමු කිරීමට බවය. මේ අතරතුර මන්ත්‍රීවරු ඝෝෂා කිරීමට පටන් ගත්හ. එහිදී එජාප නායකයා නැගිට සිරිකොතේ තම කාමරයට ගියේය. ඔහු කීවේ ලබන සතියේ යළිත් සාකච්ඡාවක් තබා මේ ගැන තීන්දු කරන බවය.
එජාප නායකයා පිටව ගිය පසු රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනා කළේ එජාප නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරගත යුතු බවය. මේ පිළිබඳ විමසූ විට මන්ත්‍රීවරයා පැවැසුවේ එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන් 52 දෙනකු අත උස්සා සජිත්ගේ නම අනුමත කළ බවය. එජා පෙරමුණේ සෙසු පක්ෂ නායකයන් මුණගැසී සජිත්ගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් හදා මැතිවරණයට මුහුණදීම සඳහා ඉකුත් සිකුරාදා සාකච්ඡාවක් පැවැත්වීමටද මෙහිදී මන්ත්‍රීවරු තීන්දු කළහ.


එහෙත් එජාපයේ තවත් පිරිසක් කියන්නේ එවැනි සිද්ධියක් නොවූ බවය. එජාප නායකත්වය වෙනස් වන්නේ නම් එය සිදුවිය යුත්තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බවද මන්ත්‍රී කණ්ඩායමට එවැනි බලයක් නැති බව ද ඔවුහු කියති.

 

 



අදහස් (0)

එජාපයේ නායකත්ව ගැටුම දිගටම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 128 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site