IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආර්ථික වාසි රැගත් අගමැතිගේ වියට්නාම් සංචාරය

ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය කිරීමට වියට්නාමයට ගිය අගමැතිවරයා එහිදී කළ දේශනය චීනය-ජපානය-ඉන්දියාව සිංගප්පූරුව ඇතුලු කලාපයේ සියලු රටවල දැඩි අවධානයට යොමු විය. කලාපයේ බලවත් රටවල නියෝජිතයන් හා විශේෂ සාකච්ඡා ඔහු නිමා කළේ ලංකාවට ආර්ථික අතින් වාසි රැසක්ද හිමිකර ගනිමිනි.


“මේ ඔක්තෝම්බර්වල ඉන්දීය සාගරයේ නිදහස් නාවික සම්මුතිය ලංකාව, ඉන්දියාව හා සිංගප්පූරුව අතර ඇති වෙනවා.ඒ තුළ ලංකාව නාවික කේන්ද්‍රය බවට පත් කිරීමේ පදනම වැටෙනවා.” අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ජනපති මෛත්‍රී නේපාලයේ බිම්ස්ටෙක් සමුළුවට එක් වීමට පිටත්ව ගිය අතර මොණරාගල එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තෙදින ප්‍රදර්ශනය විවෘත කිරීමට තිබූ නිසා අගමැති රනිල් වියට්නාමයේ සිට යළි දිවයිනට පැමිණ පැයක් තුළ මොනරාගල බලා පිටත් විය.


අතිවිශාල ජනතා සහභාගීත්වයක් තුළ මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම ඇතුළු මැති-ඇමතිවරුන් රැසක් සමඟ ඔහු කුටි 500 ක ප්‍රදර්ශනය විවෘත කළේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේය.
“ගම්පෙරලිය, එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ රාජපක්ෂ සමයේ දැයට කිරුළ, දිවි නැගුම ආදිය කොපි කිරීම බව නාමල් කියා නිකං සවුත්තු වෙනවා”, මංගල සමරවීර කීවේ අගමැතිටය.


“එජාපය ගම් උදාව, මහපොළ, යොවුන් පුරය ඇතුලු රටේ විශාලම ප්‍රදර්ශන හා ව්‍යාපෘති කළ පක්ෂයයි. අප කාගෙවත් දේවල් කොපි කරන්න තරම් බංකොලොත් නැහැ. එයාලයි අපෙන් මේවා ඉගෙන ගත්තේ.”, අගමැති කීවේ ද උපහාසාත්මකවය.


“රාජපක්ෂලගේ කාලේ මේ වගේ ප්‍රදර්ශන තිබ්බේ හෙංචයියන්ට හම්බ කරන්න හා බොරු සෝබනයටයි, ප්‍රතිරූප පුම්බන්නයි, දැයට කිරුළ නිසා වෛද්‍ය ශිෂ්‍යාවක සදාකාලික ආබාධිත වුණා. ඒ තරම් අනාරක්ෂිතවයි, එයාලා ඒවා කළේ. අපේ අරමුණ ඊට වඩා පළල් දැක්ම සහිත ජනතාවාදී එකක්”, රංජිත් මද්දුම බණ්ඩාර කීය.


මොණරාගල උත්සවය අති සාර්ථක වූ නිසා එහි දිගටම රැදුණු අගමැතිවරයා එදින රාත්‍රිය එ් ප්‍රදේශයේම ගතකර යළි කොළඹ ආවේ බ්‍රහස්පතින්දා උදයේය. කෙළින්ම අරලිය ගහ මැදුරට පැමිණි ඔහු සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙකු හා කතා කර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ආරක්ෂක අංශ සමුළුවට එක් වීමටය.


ජනපති විදෙස් ගතව සිටි නිසා සම්මන්ත්‍රණයේ පූර්ණ වගකීම් දරා සිටියේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාය.


“ රණවිරුවන් දිවි හිමියෙන් රකිනවා. ඒ අයගේ සුභ සාධනය උපරිමව කරනවා. ඒත් රණවිරුවන් ලෙස එක එක්කෙනා දීපු පහත් කොන්ත්‍රාත් මත වැරදි කළ සුළුතරයට නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්න කාටවත් බැහැ. අද නීතිය කාටත් සමානයි”, අගමැතිවරයා සමුළුවට යාමට පෙර අරලිය ගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේ හිතවතුන් හමුවේය.


ආරක්ෂක සමුළුව නිම කළ අගමැතිවරයා යළි අරලියගහ මැදුරට ආවේ ඇමැති රාජිතගේ පුත් මන්ත්‍රී චතුරගේ විවාහයට එක් වීමටය.


“අද වැඩ අධිකයි. ඉක්මනට අරලියගහ මැදුරට එන්න. චතුර මන්ත්‍රීතුමාගේ වෙඩින් එක අරලිය ගහ මැදුරේ ලොකු හෝල් එකේ තිබෙන්නේ”, අගමැති කීවේ බිරිය මෛත්‍රීට ඇමතුම දෙමිනි.


“අරලියගහ මැදුරේ ලොකු හෝල් එක වැඩිපුර දිනවල වහලා තිබෙන්නේ. ඒක විශ්වාසය තහවුරු කළ හැකි අයගේ උත්සවවලට දී ආදායම් ගන්න තීන්දු කළා. එතකොට ඒ සල්ලි එදිනෙදා වියදම් පුරවා ගන්න පාවිච්චි කළ හැකියි.” ඉහළ නිලධාරියෙක් කීවේ අරලිය ගහ මැදුර විවාහ මංගල්‍යය සඳහා දෙන්නේ කවර පදනමකින් දැයි එහි සිටි ඇමතිවරයෙකු විමසු විටය.


“ මටයි, අද එන්ටර්ප්‍රයිස් ලංකා ප්‍රදර්ශනය විවෘත කරන්න ති​බෙන්නේ. මා දැන් එහේ යනවා. පළාත් සභා සීමා නිර්ණය පනත පාර්ලිමේන්තුවේ පරාද කිරීම අපේ ගේම් එකක් බව විපක්ෂය රටට කියාගෙන යනවා”, සභානායක කිරිඇල්ල කීය.


“පනත සම්මත වෙන්නම ඕනැ නෑ. ඒ වාර්තාව ගැන පක්ෂ එකඟ නැහැ. පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණේ ඒකයි. දැන් මගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කළා. කමිටුවත් පක්ෂ නායක මතය විමසනවා.
දැනට පවතින නීතිය යටතේ ඡන්ද තියන්නත් බැහැ. උප ලේඛන හදා නැහැ. සංශෝධන දෙකක් එන්න ඕනෑ. කල්දදා ඉන්නවාට වඩා පවතින නීතියට සංශෝධන ගෙනැත් ඡන්දය තියමු කියලයි, අප කියන්නේ”, අගමැතිගේ විග්‍රහය එය විය.


“ඡන්ද කල්යාම හා නොපැවැත්වීම ආණ්ඩුවට හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් ඡන්ද තියන්න අපි ක්‍රියා කරමු”, නවීන් දිසානායක කීය.


“පනත පාර්ලිමේන්තුවේ දී හිරවූ නිසා ජනපති නොවෙයි, අගමැතිට අස් වෙන්න කියා මහින්ද කිව්වා”, දයා ගමගේ කීවේය.


“පක්ෂ නායකයන් කතා කර මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ්‍රීලනිප ඇමති කෙනෙකුයි. බහු ආසන ගැන ප්‍රශ්න තිබුණා. ජවිපෙ හා ශ්‍රීලනිපයයි පනතට එකඟ වුණා. පස්සෙ ශ්‍රීලනිපයත් බැහැ කීවා. ජවිපෙ ඡන්ද වෙලාවේ ගියා” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“අර්ජුන මහේන්ද්‍රන්ගේ නීතිඥ පිරිස ඔහුට ඇති චෝදනා හා වෙනත් විස්තර ලංකාවෙන් නිල ලෙස ඉල්ලුවා. ඒත් මහින්ද ගේනවා කියපු උදයංග හා පැන ගිය ජාලිය වික්‍රමසූරිය තාම එහෙමවත් කර නැහැ.” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා පිළිගත්හ.


“සැප්තැම්බර් 05 වැනිදා සෙනඟ ගේන්න අමාරු බව දන්න ඒකාබද්ධය මිනිස්සු බය කරා එදාට පාරවල් බ්ලොක් කියා සෙනඟ වැඩට එන එක වළක්වන්න යාම විහිළුවක්”, විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නකි.
“එන්ටර්ප්‍රයිසස් ලංකා එකෙහි සෙනඟ දැකපු අය නම් ඒකාබද්ධෙ බංකොළොත් උද්ඝෝෂණවලට කොළඹ එන එකක් නෑහැ” වජිර අබේවර්ධන කීය.


“මහින්ද අගමැති කරන්න ජනාධිපති සූදානම්ලු. එත් මහින්ද තාම එකඟ වෙලා නැහැ කියා වාසුදේව කිව්වා. රාජිත ඇමැතිතුමා ඒකට හොඳ උත්තරය දුන්නා. සීතල කාලෙට හීන පෙණුනත්, රස්නේ කාලෙත් වාසුට හීන පේන එකයි පුදුමේ කියා ඇමැති රාජිත කිව්වා”, චමින්ද විජේසිරි කීවේ සිනා සෙමිනි.


පස්වැනිදා කොළඹ ඇවිත් සිවිල් නීති කඩ කළොත් දැඩි නීති ක්‍රියා මාර්ග ගන්න ආරක්ෂක අංශ තීරණය කරලා. ඒ කාලෙ වංචා කළ මුදල් වලින් මිනිස්සුන්ට කන්න-බොන්න දී කොළඹ පෙන්නල ගෙනියන එකට අපට ප්‍රශ්නයක් නැහැ” ගයන්ත කරුණාතිලක කීවේ සිනා මැදය.


“ 2002 එජාප කාලේ ඇමරිකාව ලංකාවට යුද නැවක් දුන්නා. යුද්ධයට ඒකෙන් විශාල ශක්තිය ලැබුණා. දැන් තවත් නැවක් දීලා. ජපානෙනුත් වෙසල්ස් කුඩා නැව් දෙකක් අපට තෑගි ලැබිලා. මේ ඔක්කොම එජාප කාලෙ ලැබීමයි, පුදුමේ”, විජයදාස රාජපක්ෂ කීවේය.


“කිරිඇල්ල ඇමැතිතුමා සිංහල-දෙමළ වතු කම්කරුවන්ට පර්චස් 07 ක් බෙදන එක වළක්වන්න මහින්දානන්ද අලුත්ගමගේ ගේමක් ගැහැවලු නේද”, චමින්ද විජේසිරි විමසීය.


“ජනවසම හා රාජ්‍ය වැවිලි නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා මහින්දානන්ද අහලා තිබෙනවා ඉඩම් කොමිසමේ අනුමැතිය නැතිව මේ ඉඩම් දෙන්න ඔයාලට ඇති අයිතිය මොකක්ද කියලා. සියලු ඉඩම් අයිති ජනවසම හා රාජ්‍ය වැවිලි එකට බවටත් මහින්දානන්ද දන්නේ නැහැ. අප ආවාම පර්චස් 07 ක් නොව 10 ක් දෙනවා කියා මහින්දානන්ද දැන් ලැජ්ජා නැතිව වතුවලට ගිහින් කියනවලු. මා ඉඩම් කට්ටි 5000 ක් බෙදුවා. මේ වසර ඉවර වෙනවිට 10,00ක් බෙදනවා. දයාගේ අපනයන ගම්මාන 5500ක වැඩ පිළිවෙළත් හුගක් වටිනවා.”, කිරිඇල්ල කීය.


“ඔව්. කුරුඳු-ගම්මිරිස්-කරාබු නැටි ඇතුලු අපේ සාම්ප්‍රදායික කුළු බඩු හා වැවිලි භෝගවලට ලෝකයේ ඉහළ මිල ලැබෙන නිසා ඒවා වවන ගම් 5500 ක් බිහි කරනවා. ඒක ඒ ජනතාවට හා රටට විදේශ විනිමය ලොකු ක්‍රියාවක් වෙනවා ඒකාන්තයි.”, දයා ගමගේ විස්තර කළේය.


“හමුදා මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපති කාලේ නේවි සම්පත් කියන අර ළමයි 11 මරපු බවට චෝදනා ඇති අයට රැකවරණ දීම ගැන සොයා එයාව අත්අඩංගුවට ගන්නැයි උසාවිය නියෝග දීලා නේද?” විජයදාස රාජපක්ෂ විමසුවේ අගමැතිගෙනි.


“උසාවි නියෝගය ආවාම ඕනෑම කෙනෙකුට ඊට මුහුණ දෙන්න වෙනවා. වැරදි කළා නම් ඒ කිසි කෙනෙකු රකින්න හෝ උසාවියට අත පොවන්න හෝ ආණ්ඩුවට බෑනේ”, එජාප නීති අංශ ප්‍රධානියෙක් කීය.
එහි සිටි සියලු දෙනාගේ නළල රැලි ගැන්වුණේ පවතින තත්ත්වය බැරෑරුම් බව තේරුම් ගත් නිසා විය යුතුය.



අදහස් (0)

ආර්ථික වාසි රැගත් අගමැතිගේ වියට්නාම් සංචාරය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site