IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ආණ්ඩුවේ අවුරුදු තුන ​එජාපය සැමරූ හැටි

බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ ජනපතිගේ ප්‍රකාශයත් සමගම එජාපය දෙසට ඇඟිලි දිගු වෙද්දී අගමැතිවරයා තම සමීප ඥාතියකු වන ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහගේ සහෝදරයාගේ මිණිබිරියගේ විවාහයට එක් වූයේය.


නිවසේ පැවැති සාදයේ දී සියලු දෙනාම සංගීතයට අනුව නටන්න පටන් ගත්හ.



‘‘ඇයි, රනිල් ඩාන්ස් කරන්නේ නැත්තේ? මෙයා පොඩි කාලේ ඉඳලම හොඳට නටන්න දන්නවා. නැටුම් හදාරලත් තිබෙනවා’’ අයිරාංගනී සේරසිංහ කීවේ සභාව මැදය.


අභියෝගය පිළිගත් අගමැතිවරයා තම නැන්දණිය වටා අපූරු නර්ථනයක් ඉදිරිපත් කළේ සියල්ල මවිත කරවමිනි. ඒ නර්තනය මෑතක දී සමාජ ජාලාවල වැඩිම ආකර්ෂනය දිනා ගත් නර්තනය බවට පත් වීමට ගත වූයේ විනාඩි කිහිපයකි.


උත්සවයේ සිටි කිහිප දෙනෙකු අගමැතිවරයාගේ නර්තනය දුරකථන හරහා පටිගත කළ අතර ආරක්ෂක අංශ ද එය වැළැක්වූයේ නැත.
පසුදා උදයේම රාජගිරිය නව ගුවන් පාළම විවෘත කිරීමට ජනපති සමග අගමැතිවරයා ද එක් වූයේ මහා මාර්ග ඇමැති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඇරයුමෙනි.


රුපියල් කෝටි 470ක් වැය කළ එය නියමිත කාලයට වඩා මාස 11කට පෙර ජනතා අයිතියට පත් කිරීමට කිරිඇල්ල ක්‍රියා කර තිබිණ.
අනතුරුව ජනපතිවරයාගේ ඇරයුමෙන් ඔහු හා මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අගමැතිවරයා එක් විය. එය මහවැලි ව්‍යාපෘතියේ විශාලතම යෝජනා ක්‍රමයය. රජරට ජල ප්‍රශ්නයට ඒ හරහා විසඳුම් දීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබිණ.


ඒ අතරේ බැඳුම්කර වාර්තාව ගැන වහාම පාර්ලිමේන්තු විවාදය අවශ්‍ය බවට ඒකාබද්ධය, ශ්‍රීලනිපය හා ජවිපෙ කතානායකවරයාගෙන් ඉල්ලීය. කතානායක ඇමතූ අගමැතිවරයා මෙන්ම සභානායක කිරිඇල්ල කීවේ වහාම පක්ෂ නායක රැස්වීම කැඳවා පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු යොදන ලෙසය.


නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජනවාරි 23 වැනිදාය. පක්ෂ නායක රැස්වීමට කිරිඇල්ල සහ අගමැතිවරයා ද එක් වූහ.


අපට හංගන්න දෙයක් නැහැ. බැඳුම්කරේ ගැන තුන් වරක් රජය පරීක්ෂණ කළා. ඉල්ලන හැම පාරම විවාද දුන්නා. මේ විවාදයත් කරන්න අප සූදානම් ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


අපට බැඳුම්කර වාර්තාව මුලින් දෙන්න. නැතුව විවාද කරන්නේ කොහොමද? විපක්ෂයේ පක්ෂ නායකයෝ කීහ.


සිල්ලර වැඩ කරන්න එපා. ඒක නොදැන ද වහාම පාර්ලිමේන්තු විවාදය ඉල්ලුවෙ? කිරිඇල්ල ආවේගයෙන් ඇසුවේය.


මට බැඳුම්කර ගැන විශේෂ ප්‍රකාශය කරන්නත් අවශ්‍යයි. අප පාර්ලිමේන්තුව රැස් කරන්න එකඟයි අගමැතිවරයා ද කීය.


අනතුරුව වාර්තාවේ පිටපත් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට නිල ලිපි කඩිනමින් යැවීමට ද තීන්දු විය. ඒ අනුව බදාදා හදිසි පාර්ලිමේන්තු සභා වාරය පැවැත්විණි.


අපේ කාලේ බැඳුම්කරෙන් රුපියල් බිලියන 11ක් රටට අහිමි වෙලා නම් එය අය කරන්න ක්‍රියා කරනවා. ඒත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති කාලේ 2008 සිට 2015 දක්වා රුපියල් බිලියන 5175ක බැඳුම්කර මහ බැංකු මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතිව නිකුත් කරලා.
ඉන් බිලියන 4700ක් සෘජු නිකුතුයි. ඒ හරහා වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට විශාල හානි වූ බව බැඳුම්කර වාර්තාවෙත් තිබෙනවා. ඒ නිසා තමන්ගේ කාලෙ බැඳුම්කර ගැන මහින්ද රාජපක්ෂ සභාවට ප්‍රකාශයක් කළ යුතුයි.


මා බය නැතිව අපේ කාලේ දේවල් කතා කරනවා නම් එතුමාටත් ඒ කාලේ බැඳුම්කර මගඩි ගැන කතා කරන්න කොන්දක් ඇතැයි හිතනවා විශේෂ ප්‍රකාශය කරමින් අගමැතිවරයා කීවේය.


අගමැතිවරයා හා එජාපයට එරෙහිව ඇඳ තිබූ පෝස්ටර් තොගය සභා ගැබ තුළ ප්‍රදර්ශනය වූයේය.


ඒකාබද්ධ අයට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසක් ද යටින් සහාය පළ කරමින් ක්‍රියා කරන බවට ශ්‍රීලනිපයේම තවත් මැති ඇමැතිවරුන් පිරිසක් අගමැතිවරයා කලින්ම දැනුවත් කර තිබිණ.


ඔය ප්‍රවෘත්ති දැනටමත් මට ඒකාබද්ධය පැත්තෙනුත් ලැබිලා තිබෙන්නේ. අලුත් තොරතුරු තියනවා නම් කියන්න අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.


කෙසේ වෙතත් විපක්ෂය ඉල්ලූ හදිසි සභා වාරයට ජනතා මුදල් රුපියල් ලක්ෂ 26ක් වැය වී තිබිය දී එය නිමා වූයේ දෙපාර්ශ්වය ගුටි බැට ඇණ ගැනීමෙනි.


විපක්ෂය විවාදය ඉල්ලුවේ අප නොදේවි කියා හිතලයි. අප විවාදවලට බය නැහැ. විවාද දුන්නම විපක්ෂය ඒකෙන් පැන දිවූවා. පෙබරවාරි 10 මැතිවරණයේ දී ගෙදර දුවන්නම ජනතාව උත්තර දේවි ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


බ්‍රහස්පතින් දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණෙන විට ද සුපුරුදු ලෙස බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ.


‘‘රනිල් හොරා කියා පටන් ගත්ත පාර්ලිමේන්තු සභාව අන්තිමට ඉවර වුණේ මහින්ද හොරා කියලයි’’ දයා ගමගේ කීවේය.


දැන් බැඳුම්කරේට වඩා මිනිස්සු කතා කරන්නේ අගමැතිතුමාගේ මාර ඩාන්ස් එක ගැනයි ගයන්ත කරුණාතිලක කීවේ සිනා සෙමිනි.


ඒ අස්සේ ජනාධිපතිතුමාගේ කාලය ඉවර වෙන්නේ 2020ද, 2021ද කියා ශ්‍රේෂ්‍ඨාධිකරණයෙන් අහපු එකත් දැන් මිනිස්සු අතර ප්‍රධානම මාතෘකාව වෙලා. දයා ගමගේ කීය.


ග්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශය ඉල්ලලයි, යවා තිබෙන්නේ. එ්කේ කිසිම නීතිමය බැඳීමක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන්නේ මතයක් හෝ තීන්දුවක් හෝ නෙවෙයි.


ඊළඟ ජනපතිවරණයට 2019 ඔක්තෝබර්වලයි, මැතිවරණ කොමසාරිස් ගැසට් කළ යුත්තේ. ජනපතිට ධුර කාලය වසර 05යි කියා මැතිවරණ කොමිසම කිවවොත් වසර 06ක් ඉඩ ති​ෙබනවා කියා ජනාධිපතිතුමාට උසාවි යා හැකියි. ධුර කාලය 06යි කියා මැතිවරණ කොමිසම කිව්වොත් 19 වැනි සංශෝධනයට අනුව 05යි කියා ඕනෑ නම් සෙසු පාර්ශ්වලට උසාවි යා හැකියි එජාප නීති අංශ ප්‍රධානියෙක් විග්‍රහ ක​ෙළ්‍​්ය.


ජනාධිපතිතුමා වටේ ඉන්න එජාප විරෝධී අය තමයි, එතුමා තවත් පාරක් මඩ ගොඩකට තල්ලු කරන්න හදන්නේ කියලයි මට ආරංචි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේය.


‘‘බැඳුම්කර වාර්තාව නිසා එජාපය වැටිලා කියා හිතා තව වසරක් දිගු කර ගත්තොත් කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ කියා හිතලා මේ වැඩේ ප්ලෑන් කළ බවත් මට ආරංචියි’’ චමින්ද විජේසිරි වැඩිදුරටත් කීය.


ජනාධිපතිතුමා ශ්‍රේෂ්‍ඨාධිකරණයෙන් උපදේශනය විමසන බව අගමැතිතුමාට කලින් කියල තිබුණ ද? වජිර අබේවර්ධන ඇසුවේය.
මට නම් කියා තිබුණෙ නැහැ. එහෙම කියන්න ඕනැ කමකුත් නැහැ. අගමැතිවරයා කීය.


ජනාධිපතිතුමා බලයට පත් කරන්න සහාය දීපු කිසිම පක්ෂයක් මේ උපදේශ විමසීම ගැන දැන ඉඳ නැහැ. ඒ පක්ෂ නායකයෝ හුඟ දෙනෙකු මේ ගැන මාත් එක්කත් කනගාටුව පළ කළා. ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ එහි සිටි සියලු දෙනාටම ද විවිධ පාර්ශ්ව වලින් විවිධ මාර්ග හරහා ඒ වන විටත් ලැබී තිබූ තොරතුර බව කවුරුත් තහවුරු කළහ.


දැන් අවශ්‍ය නම් ජනාධිපතිතුමාට 2015 දී සහාය දුන් පක්ෂවලට වසර 05ද, 06 ද කියන එකට අදාළව තම මතය එළිපිට කීමේ අයිතිය තිබෙනවා’’ එජාප නීති අංශ ප්‍රධානියා කීය.


ජනපති පත්වී වසර තුන පිරෙන වෙලාවෙ රාජගිරිය පාලම හා මොරගහකන්ද ජනතා අයිතියට දී අප එය සැමරුවා. මහින්ද හිටියා නම් රට පුරා කටවුට්, බැනර් ගහලා කෝටි 500ක් විතර නිකරුණේ නැති කරලයි වසර තුන සමරන්නේ රන්ජන් රාමනායක කී දේ අගමැතිවරයා ද අනුමත කළේය.


අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංගයකුත් ගේන්න ප්ලෑන් කරනවා. ඒ පිටු පස්සේ ඒකාබද්දේ වගේම ශ්‍රීලනිපයේ සමහරුත් ඉන්නවාලු ගයන්ත කරුණාතිලක කීය.


ගේන්න කියන්න. මීට කලින් ගෙනාපු කීයක් එයාලා දිනුවද? කීයක් එයාලම අකුළ ගත්තද? අගමැතිවරයා කීවේ සිනා සෙමිනි.
පෙබරවාරි 10 ඡන්දයෙන් එජාප ජය නියත බව සමීක්ෂණ වාර්තා කියනවලු. ඒ ජයග්‍රහණයෙන් පසු තනි එජාප ආණ්ඩුව ඕනෑ කියලයි, ගමේ පාක්ෂිකයෝ කියන්නේ කිරිඇල්ල, දයා ගමගේ මෙන්ම එහි සිටි මැති ඇමැතිවරුන් වැඩි පිරිසක් කීවේ එවැන්නකි.


රට ගොඩ ගෙන මිනිස්සුන්ට සහන දෙන්නයි, කවුරුත් හිතන්න ඕනෑ. තනි ආණ්ඩු හදන ඒවා ඡන්දයෙන් පසුව කතා කරමු යයි කී අගමැතිවරයා අසුනින් නැගිට්ටේ නියමිතව තිබූ රැස්වීමට යාමටය.



අදහස් (0)

ආණ්ඩුවේ අවුරුදු තුන ​එජාපය සැමරූ හැටි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 119 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 399 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 237 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 242 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1432 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site