IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති ඔස්ලෝ නුවර ව්‍යාපාරිකයන් හමුවෙයි

  • සංහිඳියාව ඇති කරන්න කතානායකගේ වෑයමක්

 

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.


මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.


දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ ව්‍යාපාරිකයෝ ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳව සාකච්ඡා කළහ.


ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


කොළඹ දිස්ත්‍රික්කය හැරුණු විට ශ්‍රී ලංකාවේ වැඩිම ජනවාර්ගික සම් මිශ්‍රණයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ජාති, ආගම්, කුල, පක්ෂ භේද පසෙකලා එකම සහෝදර බැම්මකින් එක්සත් කරවන වැඩපිළිවෙළක පදනම සකස් කෙරුණු මහා සමුළුවක් වෙනුවෙන් ගෙවුණු සතියේ දිස්ත්‍රික්කයේ ආගමික හා දේශපාලන නායකයෝ ද රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.


ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවන ලද දෙවැනි දිස්ත්‍රික් මහා සමුළුව වූ ඒ සඳහා එක්වීමට කතානායකවරයා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද අම්පාර බලා ගොස් සිටියහ.


කතානායකවරයා සමඟ මල්වතු අස්ගිරි අනුනාහිමිවරු දෙපළ, ඔස්වර්ල්ඩ් ගෝමස් රදගුරුතුමන් මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් මෙන්ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැඇත්තන් ද සමුළුවේ ප්‍රධාන කථිකාවතට ප්‍රවේශය ලබා දුන් අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, අබ්දුල් හලීම්, ඩී. ස්වාමිනාදන්, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්. ෆවුසි, ලකී ජයවර්ධන, ශ්‍රියාණි විජේවික්‍රම, විමලවීර දිසානායක, අලි සහීර් මව්ලානා, ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරු මෙන්ම නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන අය ද ආරක්ෂක ප්‍රධානීහු රාජ්‍ය නිලධාරිහු මෙන්ම අම්පාර සිවිල් හා ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් ද එක්ව සිටියහ.


මේ අතර පසුගිය සතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ‘ලෝක තොරතුරු දින ජාතික උළෙල’ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. තොරතුරු දැනගැනීමේ පනතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙවරක් පාර්ලිමේන්තුවට ගෙන එමින් විටෙක හුදෙකලා සටනක නිරත වූ කථානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ පු​ෙරා්ගාමියෙකු ලෙස ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් සටහන් කර ඇති බව මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

අගමැති ඔස්ලෝ නුවර ව්‍යාපාරිකයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site