උදා වූ දෙදහස් දහ නවය නව වසර ලෝකවාසී සැමටම සුබ වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ උදෙසා කිරිපිඬු දානයක් පූජා කරමින් සත් බුදු බෝධි වන්දනාමය පින්කමක් ද සිදු කළහ.
ශාක්‍යමුණි විහාරයේ දායක දායිකාවන් මහත් භක්තියෙන් කැපවීමෙන් විහාරස්ථානයේම සකස් කළ කිරිපිඬු දානය ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ට පූජා කර නව වසරට ආශිර්වාද කළහ. නව වසර උදාවීමත් සමග පැමිණ සිටි විශාල පින්වතුන් පිරිසට ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ කොටපොළ මංගල ස්වාමීන් වහන්සේ ද කිරම මහානාම ස්වාමීන් වහන්සේ ද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූල් බැඳ ආශිර්වාද කර සෙත් පැතූහ. ඒ අතර කිරි උතුරවා උදා වූ නව වසර ලෝකවාසී සැමට සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කළහ.
ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දුවා දරුවන් ඒකරාශී කරගෙන බුලත් හුරුලු දී මා පිය වන්දනාව සිදු කළේ මවු පිය වන්දනා ගාථා කියමින් ඉතාමත් හැඟුම්බරවය. ඒ අතරේ වැඩිහිටි උදවිය එකිනෙකාට බුලත් අතක් දී වැන්දේ පෙර චාරිත්‍රවලට ගරු කරමිනි. අද සමාජය තුළ පෙර සිට පැවත එන හෙළ සිරිත් විරිත් ඉදිරියට පවත්වාගෙන යන්නට මහා රුකුලක් වූ මා පිය වන්දනාමය පිංකම ඉතාම අගය කළ යුතුය.
ඒ සඳහා පන්සල කදිම තෝතැන්නකි.
විහාරස්ථානය මූලික කරගෙන මෙවන් හෙළ සිරිත් විරිත් දුවා දරුවන් මගින් පෙළ ගැස්සීම පිළිබඳව ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේට නමස්කාර කර ගෞරවයෙන් යුතුව පින්දෙමි.
නව වසර උදා වීමත් සමගම විහාරස්ථානයට ආශිර්වාද ලබා ගන්නට පිරිත් ඇසීමට පිරිත් නූල් බැඳ ගැනීමට ආගමික වතාවත්වල යෙදීමට බොහෝ බෞද්ධ පින්වතුන් පිරිසක් ඒකරාශී වී සිටියහ. ශ්‍රී ලක් බිමේ මෙන්ම කිරි බත් කැවුම් කොකිස් මුංකැවුම් ආදී රස කැවිලි රාශියකින් අලුත් අවුරුදු කෑම මේසය පිරී ඉතිරී තිබෙනු දක්නට ලැබුණි. ශ්‍රී ලාංකික සියලු දෙනාම එකිනෙකාට සුබ ප්‍රාර්ථනා කර ගනිමින් නව අවුරුද්දේ සතුට බෙදා හදා ගන්නා අයුරු දක්නට ලැබුණි.
මේ කලාතුරකින් දැක ගන්නට ලැබෙන සුන්දර වූ අවස්ථාවකි.
මේ එහි ඡායාරූප කිහිපයකි.
ප්‍රේමා කාංකානම්ගේ
රෝමය
ඡායාරූප: අනුරුද්දි සහ අමීශා.
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව වසරට සෙත් පතා ශාක්‍යමුණි විහාරයේ පිංකම්