2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි

2017 ජනවාරි මස 11 12:02:06 | . , කාංචන කුමාර ආරියදාස, ඉන්දික අරුණ කුමාර

අදහස්(24) බැලූවෝ (7349)

කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි යෝජනා ක‍්‍රමයේ අඹන් ගඟ හරහා ඉදිකර ඇති ජලාශයට ජලය පිරවීමේ කටයුතු අද (11) ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදුවිය.

මහවැලි මහ සැලැස්ම යටතේ ඉදිවන මෙම වාරි ව්‍යාපෘතිය යටතේ මහකනදරාව හා හුරුළුවැව දක්වා ජලය ගෙන යාමට නියමිතය.

ජලය පුරවන අවස්ථාවේ මංගල දිය පැන් කල හතකට රැගෙන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ නැහැවීම සඳහා ප‍්‍රදේශයේ ගොවීන් විසින් ජනාධිපති වෙත පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දියවර පිරවීම සිදුවිය.

DSC07797 DSC07811

DSC07838DSC07820 DSC07833  DSC07893

ජායාරූප - කාංචන කුමාර අාරියදාස

president-news-pix-(1) president-news-pix-(2)

ජායාරූප - ක.ග. කරුණාරත්න

 

 

අදහස්(24) බැලූවෝ (7349)

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon තිස්ස තිලකරත්න 2017-01-11 07:04:47

හොඳ වැඩක් ජයවේවා (ම)

වීරසිංහ 2017-01-11 07:41:25

දැදුරු ඔය ජලාශය වගේ නොවේවා ! (බ)

ප්‍රදීප් 2017-01-11 07:54:54

ඉතාම සරල උත්සාහයක්. ඉස්සරනම් මෙවැනි උත්සාහවලට කෝටි ගණනින් නාස්ති කළා (බ)

fb-icon ජයන්ත ජයසුන්දර 2017-01-11 08:19:50

හොඳයි (බ)

ජගත් 2017-01-11 08:59:55

සෑහෙන්න අමාරු ඇති (බ)

දයාල් 2017-01-11 09:00:16

ලංකාවේ හැම පොදු දෙයක්ම හදල තියෙන්නේ එයාගේ පුද්ගලික මුදලින් (බ)

මහේෂ් ඩුබායි 2017-01-11 09:49:36

මහින්ද හදනවා, මෛත්‍රී අරිනවා, රනිල් හාමු විකුණනවා.. ශ්‍රී ලාංකික දේශපාලනයේ යථාර්ථය.... ලක්ෂ 62 ක උගත්, බුද්ධිමත් ජනතාවනි, ඔබට සතුටුයිද දැන්? (බ)

අජිත් ඉපලෝගම 2017-01-11 09:50:44

හොඳ වැඩක් මේවා තමයි රටට අවශ්‍ය (බ)

එස් ජයසිරි 2017-01-11 10:07:34

දේශපාලන කෝණයෙන් බලන්නෙපා හොඳ දේට හොදයි කියන්න පුරුදුවෙන්න (ර)

අතුරා 2017-01-11 10:10:13

මහේෂ් ඩුබායි ඔයා රට ඉන්න එකම හොදයි. මහින්ද මේවා හදන්න පටන් ගත්තේ එයාගේ සල්ලි වලින්ද? (ර)

නිමල් 2017-01-11 10:25:59

අපිට ඕනි රට සංවර්ධනය කරන්න. ජාතික ධනය නිකරුනේ නාස්ති නොකර රටට ඵලදායි සේවාක් වෙනවානම් ඉදිරි පරපුර එය හොදින් රැක ගෙන ඉදිරියෙන් ඉදිරියට යාවි. (බ)

සෙනරත් 2017-01-11 10:31:00

කොහොමටත් මෙයාලගේ අවුරුදු 5 ටම වෙන මොනම ජලාශයක් වත් රටට ලැබෙන්නේ නැහැ. මේකත් මහින්ද මහත්තය පටන්ගනිපු එකෙක් නිසා තමයි කෙරුනේ. රටක කරුමේ තමයි (බ)

ජයන්ත 2017-01-11 10:33:34

මෙම වාරි ව්‍යාපෘතිය තුලින් රට ජනතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබේවා. මෙවැනි වාරි ව්‍යාපෘතිය තව තවත් කිරීමට රජයට හැකියාව ලැබේවා. (බ)

පතිරණ 2017-01-11 10:44:54

මේවා ජනතා මුදල් බදු මුදල් කාගෙවත් පෞද්ගලික ධනයක් නොවේ. සංදර්ශන අඩුකර උපරිමයෙන් වැඩකර රට දියුණු කරමු. සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් තමන්ගේ වගකීම ඉටු වෙනවානම් මේ රට සංවර්ධනය කරන එක ලොකු දෙයක් නොවේ. මුලික දේ අවංක බව සහ නිසි අරමුණකට වැඩ කිරීම.(අ)

නිල්මිණි 2017-01-11 10:53:34

රට ගොඩ නැගීම අපි කාගේත් වගකීමයි. සියලු දෙනා ධනවාදීව සිතමු. රට ඉදිරියට ගෙන ගිය හැක්කේ එකමුතුකමින් වැඩ කෙරුවොත් පමණයි.(අ)

සේනක 2017-01-11 11:12:04

මේ ජලාශය ජලයෙන් පිරුණහම පරාක්‍රම සමුද්‍රය වාගේ සයගුණයක් නම්, ඒක හැදුවේ මහා පරාක්‍රම බාහු රජු. එසේනම් මෙතුමා මෙගා පරාක්‍රම බාහු වන්නේය. ආයු රක්ඛන්තු ආවඩා! (අ)

fb-icon ජීවන්ති 2017-01-11 11:21:24

අනේ හොදයි පුරවන්න..පුරවන්න....(අ)

සේනක 2017-01-11 11:27:06

නිමල්, ඔයා සහසුද්දෙන්ම නිවැරදියි. මේ රටට ආනයනය කරණ අනවශ්‍ය වාහන නතර කරනවානම් මේ රටේ ඉතිරිවන මුදල් වලින් මේ වගේ ජලාස කීයක් ණය නොගෙන හදන්න පුලුවන්ද? පය බරවාට තබා පිටිකර බෙහෙත් බඳින එකනේ කරන්නේ. (ර)

සුනිල් 2017-01-11 11:54:26

අපේ සල්ලි මේ වගේ දේවල් වලට වියදම් කරලා රට දියුණු වෙනවා නම් අපි කැමති. එක මහින්ද කළාද රනිල් කළාද මෛත්‍රී කළාද අපිට වැඩක් නෑ. නමුත් රටේ සල්ලි හොරකම් කරලා උන්ගේ පවුල් විතරක් දියුණු වෙනෙවා නම් එකට තරයේම විරුද්ධයි. එ්ක තමයි අපි පසුගිය කාලේ දැක්කේ (බ)

වික්‍රම 2017-01-11 11:57:00

එතකොට සේනක, පරාක්‍රම සමුද්‍රය හැදුවේ පරාක්‍රම රජතුමාම අමුඩයක් ගහගෙන තනියම පොලව කොටලද? දන්නැති හින්ද අහන්නේ, අතුරලගේ පැත්තේ නම් එහෙමලු කියන්නේ! (බ)

මහේෂ් ඩුබායි 2017-01-11 13:27:44

අතුල, මේවා මහින්දගේවත්, රනිල්ගේවත්, මෛත්‍රී ගේ සල්ලි නෙමයි. ඒවා ජනතාවගේ බදු සල්ලි. ඒවගෙන් කරන්නේ නැතුව , ඔයා දෙනවද මේවට වෙනම සල්ලි? රටට වැඩක් ඇති දෙයක් කළහම එය අගය කරන්න. නරක දෙයක් කළාම විරුද්ධ වෙන්න. (බ)

සුනිල් පුෂ්පදාන 2017-01-11 16:04:25

මහින්ද වතුර පිරෙව්වනම් කොහොමද ජැකා ඇතුලු අය ගිහිල්ලා නැටුම් පෙන්නලා වවුචර් දාලා .... තව තව මොන වැඩද (බ)

සුගත් 2017-01-11 21:46:41

මමත් මහේෂ් ඩුබායි එක්ක එකඟයි. අවුරුදු 2ක් ඇතුළත මේ වගේ විශාල ව්‍යාපෘතියක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ මේකත් මහින්ද මහත්තයගේ කාලේ පටන්ගත් එකක් (නි)

වසන්ජය 2017-01-13 22:22:14

වික්ටෝරිය වේල්ලට උඩින් තියෙන ජලාශය අවුරුද්දේ හැමදාම හිඳිලා. මහවැලිය හිතූ තරම් සාර්ථක නැහැ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :