Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නෑ”
වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)
- මාධ්‍ය ආයතනයක සේවකයෙකු වශයෙන් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම පිළිබඳව අදහස් දක්වමින්
”මා ඞ්වේන් බ‍්‍රාවෝට සුබපතනවා විතරක් නොවෙයි, එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට අවශ්‍ය සියලූ සහයෝගය දෙනවා. ලෝකයේ එක්දින ශුරයන් වීමට අප ගන්නා උත්සාහයේදී මගේ නොසැලෙන කැපවීම පිළිබඳව ඔහුට සහතිකයක් දිය හැකියි”
ඩැරන් සැමී
- කොදෙව් එක්දින පිලේ නායකයා වශයෙන් ඞ්වේන් බ‍්‍රාවෝ පත්කිරීමෙන් පසු
”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අභ්‍යාසක ආදි නිලධාරීන්ගේ සේවය ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් අවශ්‍යයයි”
නිශාන්ත රණතුංග මහතා
- බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්
”ඇතැම් ක‍්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක‍්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක‍්‍රීඩකයන්ට අපි කළ යුතු වැඩ පවරනවා, ඒවා නොකළහොත් ගිවිසුමෙන් ඉවත් කරන බවට ගිවිසුමේ වගන්ති ඇතුළත් කරනවා”
සනත් ජයසූරිය
- වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්
”මේ ගැන දැන් මම නිතිඥවරුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. නීතිය ඉදිරියේ මේ සියලු චෝදනා බොරු කරන්න හැකියාව ලැබෙන බවට මට විශ්වාසයි”
මනිලාල් ප‍්‍රනාන්දු
අ.පා.ස. පැනවූ වසර 8ක තහනම සම්බන්ධයෙන්
වසර 2005 සිටම මිනිසුන් මගේ සමුගැනීම ගැන කතාවෙනවා. ඒත් මටනම් ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි..මගේ හිත කියන තරම් කාලයක් මා කී‍්‍රඩා කරනවා”
-සචින් තෙන්ඩුල්කාර්
තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන
”ප‍්‍රධාන විධායක නිලධාරි තනතුර හමුවේ වසර 2001 සිට පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්වරයාගේ බලතල සීමා වීමෙන් එම ධූරයේ තත්ත්වය හෑල්ලූ වුණා. ඒත් මෙතැන් සිට ප‍්‍රධාන ලේකම්වරයාගේ සියලූ බලතල යළි ලබා දෙනවා”
රංජිත් රුද්‍රිගූ
පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර අහෝසි කරමින්
”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒ බව දැනගෙන තමයි ඔවුන් ඉන්දියාවට ගිහින් තියෙන්නේ.”
අරවින්ද ද සිල්වා
-ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්...
”මම කි‍්‍රකට් කී‍්‍රඩාවෙ දෙවියෝ නෙවෙයි. මටත් වරදිනවා. ඒත් දෙවියන්ට වරදින්නේ නෑ.”
සචින් තෙන්ඩුල්කාර්
- ප‍්‍රවර්ධන වැඩසටහනකදී...
”ඔබට අවදානමක් නැතුව කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න බැහැ. අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ. සමහරවිට ඒ අවදානම නිසා ඔබ දැවී යන්න පුලූවන්. සමහරවිට එයින්ම ලකුණු රැස්කරගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබාගනිමින් මේ අන්ත දෙක අතරේ සමබරතාව තබාගත යුතුයි.”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු ලබාගත යුතු අවදානම පිළිබඳ අදහස් දක්වමින්...
”දිවා විවේකයට පෙර තණතීරුවෙන් වැඩි සහයෝගයක් මට ලැබුණේ නැතත් පසුව නිසි තැන්වල පන්දුව පතිත කිරීම මා පවත්වාගෙන ගියා. ඒ නිසා මට සාර්ථකව කඩුලූ දවා ගැනීමට හැකිවුණා.”
රංගන හේරත් - වේග පන්දු යවන්නන් වෙනුවෙන් නිර්මාණය කළ තණතීරුවක කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු
දීර්ඝ සාකච්ඡවකින් පස්සේ ඇන්ජලෝ මැතිව්ස් වගෙම අනෙක් කී‍්‍රඩකයොත් ගිවිසුම අත්සන් කරන්න කැමති වුණා. එය සදුදා උදේ වෙනකොට භාර දෙන්න ඔවුන් පොරොන්දු වුණා. පළමු ටෙස්ට් තරගය සදහා සම්පූර්ණ ශක්තියෙන් යුතු ශි‍්‍ර ලංකා කණ්ඩායමක් තෝර ගන්න අපට එය හොද අවස්ථාවක්.
සනත් ජයසූරිය - ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයන් සමග පැවති සාකච්ඡවකින් පසු
”පොඩි කාලයේ ඉඳලම ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්න මම නිතරම සිහින මැව්වා. නමුත් නායකත්වයට නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. එක්දින සහ ටෙස්ට් තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා.”
ඇන්ජලෝ මැතිව්ස් - එක්දින සහ ටෙස්ට් නායකත්වයට පත්වීම පිළිබඳව තම අදහස් දක්වමින්...
”මේක හරි පුදුම කතාවක්.....ඒක රූපවාහිනී අයිතිවාසිකම් පැවරීම ගැන සොයා බලන්න පත්කරන ලද විශේෂ කමිටුවෙන් කරන ලද ඉල්ලීමක්. කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන අනුර ජයවික‍්‍රම මහතාත් ඒ කමිටුවේ සිටියා.”
උපාලි ධර්මදාස මහතා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති
‘මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා’
සනත් ජයසූරිය - ඉදිරි සැලසුම් පිළිබදව අදහස් දක්වමින්
”පිටියේ හතර සීමාව ආසන්න ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වැස්සෙන් තෙතබරිත වෙලා.... අවාසනාවකට වගේ දැන් අපට පුළුවන් මෙම තරගාවලිය සමකරන්න විතරයි”
මයිකල් ක්ලාක් - ඕස්ටේ‍්‍රලියාව හා ශී‍්‍ර ලංකාව අතර සිඞ්නිහිදී පැවති සිව්වැනි එක් දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් පසු
‘අවංකවම මහ අවාසනාවන්ත දවසක්. අපේ පන්දුවට පහරදීම ඉතාමත්දුර්වලයි. නිදහසට කියන්න කිසිම කාරණාවක්නෑ ...... අපි දවස් දෙකකින් දක්‍ෂතා වර්ධනය කර ගත යුතුයි.. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් දැඩි විශ්වාසනීයත්වයකින් සිටින නිසා ඉතිරි තරග දෙක අපිට ගොඩාක් දුෂ්කර වෙයි’
මයිකල් ක්ලාක් - 3 වන එක් දින තරගය පරාජය වීමෙන් පසු
‘වැඩිපුර ප‍්‍රසිද්ධියේ නොකළත්, මා දන්නවා අපේ කණ්ඩායමේ (1996) සාමාජිකයන් බොහෝ දෙනෙක්, තම තමන්ගේ පෞද්ගලික මට්ටමින්, වරප‍්‍රසාද අහිමි බොහෝ දරු දැරියන්ට උදව් කරනවා කියා. ඒත් මා හිතන්නේ කණ්ඩායමක් හැටියට, 1996 දී කළා වගේ, නැවත වරක් එකතුවෙලා යමක් කරන්න මේ හරි අවස්ථාව බවයි’
අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්
”මම ඊළඟ තරගාවලියේදී කණ්ඩායම් නායකයා නෙමෙයි. ඉතින් මෙතැනින් ඉදිරියට අප යා යුත්තේ කුමන අතටද කියල තේරීම් කමිටු සාමාජිකයන්ට සහ කණ්ඩායමේ නායකත්වයට යම්කිසි වැඩපිළිවෙළක් ගැන හිතන්න වෙනවා.”
මහේල ජයවර්ධන - ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරග 3න්ම (3-0ක් ලෙස) ශී‍්‍ර ලංකාව පරාජයට පත්වීමෙන් අනතුරුව
”ජයග‍්‍රාහී ලකුණ ලබාගන්න මොහොතේදී, එතැන හිටිය එක ගැන මට දැනුනේ උහුලගන්න බැරි සතුටක්. සිහිනයක් සැබෑවුණා වගෙයි. වැදගත්ම දේ අපි ටෙස්ට් තරගය දිනපු එකයි.”
මයික් හසී - ශී‍්‍ර ලංකාවට එරෙහිව ඕස්ටේ‍්‍රලියාව පැවති ටෙස්ට් තරගවලින් 3-0ක් ලෙස ජයග‍්‍රහණය ලැබීමෙන් අනතුරුව
”මැග‍්‍රාත් පදනම් දිනයේදී ශතකයක් ලබාගැනීමට හැකිවීම අති විශේෂ දෙයක්. මට කිසිදා එය අමතක නොවේවි. එය සුවිශේෂී දිනයක් වගේම මගේ පැත්තෙන් බැලූවාමත් එය සුවිශේෂී දෙයක්”
මැතිව් වේඞ් - මැග්රාත් පදනම් දිනයේදී ලබාගත් ටෙස්ට් ශතකය සම්බන්ධයෙන්.
”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.”
ඇන්ජලෝ මැතිව්ස් - ජාතික කණ්ඩායමේ නායකත්වය ලබාගැනීම පිළිබඳව
‘‘මම කැමතියි වසරේ හොඳම ටෙස්ට් තරගයට (මෙල්බන්හිදී) ක‍්‍රීඩා කරන්න, මම එම ක‍්‍රීඩාංගණයේ මගේ පළමු ටෙස්ට් ශතකය රැුස්කිරීමට බලාපොරොත්තු වෙනවා.”
මයිකල් ක්ලාක් - දෙවැනි ටෙස්ට් තරගයට පෙර ආබාධයට ලක්ව සිටියදී.
”ටෙස්ට් ලකුණු 10,000 ක් කියන්නේ සෙසු පිතිකරුවන් සහ තරමක් මතකයේ රැුඳෙන පිතිකරුවන් වෙන්කෙරෙන සීමාව වගේ දෙයක්. ඒ වගේ ඉසව්වකට ආසන්න වීමත්, එතැනින් ඔබ්බට යන්න ලැබීමත් ඉතාමත් සතුටුදායක දෙයක්”
කුමාර් සංගක්කාර - ටෙස්ට් ලකුණු 9960 ක් ලබා සිටියදී
” ඕස්ටේ‍්‍රලියාවේ දේශීය කි‍්‍රකට් තරගාවලියේදී පවා ඔවුන් වැඩි වශයෙන් (80% - 90% විතර) කී‍්‍රඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිවයි. ඒ නිසා දඟ පන්දු යවමින් කඩුලූ දවාගන්න මට අවස්ථාවක් තිබෙනවා”
රංගන හේරත් - දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ දවාගැනීමේ අවස්ථාව ගැන
”කොහොම වුණත් මේ (දෙවැනි) ටෙස්ට් තරගය සඳහා මගේ සූදානම් වීම තරමක් වෙනස් තත්ත්වයක් ගනීවි. මේ ගිම්හානයේදී මා හොඳින් ලකුණු ලබාගත් නිසා මට මා ගැන විශ්වාසයක් තිබෙනවා”
මයිකල් ක්ලාක් - ශී‍්‍ර ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය සඳහා පුහුණුවීම් අතරතුර
එය ඉතාමත් තෘප්තිමත් ශතකයක්. විශේෂයෙන්ම එය ලබාගත්තේ ඉතාමත් හොඳ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව මෙන්ම අතිරේක ඉපිළීමක්ද සහිත ඕස්ටේ‍්‍රලියානු තණතීරුවක් මත වීම නිසයි
තිලකරත්න ඩිල්ෂාන් - ඕස්ටේ‍්‍රලියාවේදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය සම්බන්ධයෙන් අදහස් දක්වමින්
”ලකුණු අනූ ගණන් වලට ආවට පස්සේ මනසේ එක එක විකාර දේවල් වෙනවා. ඇත්ත වශයෙන්ම මගේ හෘද සපන්දන වේගයත් වැඩිවුණා. ඒ වගේ දැඩි පීඩනයක් යටතේ සිටින විට යම් මෝඩ තීරණ වලට එළඹෙන්නත් පුලූවන්.”
මයිකල් හසී - හෝබාර්ට්හිදී ලකුණු 96 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ට උඩපන්දුවක් දීම ගැන.
(මෙම උඩපන්දුව මැතිව්ස් වෙතින් ගිළිහී ගියේය)
”ඒ (දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති) තරගමාලාවෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. එයින් අපට ලබාගත හැකි වැදගත් සහ ඵලදායක දේවල් කි‍්‍රයාත්මක කිරීමට වගබලා ගැනීම අපේ වගකීමක්”
මයිකල් ක්ලාක් - ශී‍්‍ර ලංකාවට එරෙහිව තරගය පැවැත්වීමට පෙර...

”අපිට තරුණ නායකයෙක් කරා යන්න වෙනවා. කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින් සිටියදීම නායකත්වයට අලූත් කෙනෙක් ගත්තොත් අපට පුළුවන් ඔහුට උදව් කරන්න.”
මහේල ජයවර්ධන - නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳ අදහස් දක්වමින්...
චමින්ද අපිට හිටපු දක්‍ෂතම පන්දු යවන්නෙක්. නවක පන්දු යවන්නන්ට හොඳ අවවාද දෙන්න ඔහුට පුළුවන් කම තිබුණා. මෙය අනාගතයේ වත් සිදු වෙනවා නම් මම හිතනවා ඇත්තටම එය ගොඩක් හොඳ දෙයක්.
මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්
”ඒ දුවද්දී දැවීයාම ඉතාමත් වැදගත් වුණා. සමරවීර ඉතා දක්‍ෂ පිතිකරුවෙක්. ඔහුට දිගු කාලයක් පිති හරඹයේ රැදී සිටින්න පුළුවන්. සෑහෙක වෙලාවකට පස්සේ ඔහුගේ කඩුල්ල දවාගැනීම අපට ගොඩක් වාසි වුණා.”
රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින්
මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප‍්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ පිතිකරුවෙක් ලෙස අවශ්‍ය මට්ටමත් මෙය නොවෙයි.
රිකී පොන්ටින් - ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින්
”ඒ කඩුලූ 3 ත් ලබාගෙන අද දවසේ තරගය අවසන් කරන්න පුළුවන් වුණ එක හොඳයි. ඒ කඩුලූ තුනත් එක්ක මා හිතනවා පළමු ඉනිමේ ලබාගත් ලකුණු සංඛ්‍යාවේ වටිනාකම වැඩි වුණා කියලා”
කේන් විලියම්ස් - පළමු ඉනිමේදී ලකුණු 412ක් ලබාගත් නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් ලකුණු 43 ට දවාගැනීමෙන් පසු...

පාපන්දු සම්මේලනයට අවශ්‍ය සියලූ දේ අපි ලබා දීලා තියෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ප‍්‍රතිඵල පෙන්වීම පමණයි. එසේ නොවුනහොත් පාපන්දු කී‍්‍රඩාව ගැනත් අපිට තීරණයක් ගන්න වෙනවා.
මහින්දානන්ද අලූත්ගමගේ - ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්
”විදුලි ආලෝක පද්ධතිය ස්ථීර වීමෙන් පසු අපි අනිවාර්යෙන්ම එක් දින ජාත්‍යන්තර තරග සඳහා දඹුල්ල කී‍්‍රඩාංගණය යොදා ගැනීම සම්බන්ධයෙන් සලකා බලනවා. විස්සයි 20 හා එක් දින ජාත්‍යන්තර තරග සඳහා එය අනර්ඝ ස්ථානයක්”
නිශාන්ත රණතුංග - දඹුල්ල කී‍්‍රඩාංගණයට නැවත කි‍්‍රකට් තරග ගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ කී‍්‍රඩිකාවන්ටත් ජාත්‍යන්තර මට්ටමට එන්න පුලූවන් කියලා අපි ඔප්පු කළා. මා ජයග‍්‍රහණය ලබන තුරු නිරතුරුවම උදව් උපකාර කළ සියලූ දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
අනූෂා කොඩිතුවක්කු - ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා බොක්සිං තරගාවලියේදී, ඇයගේ දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම දිනාගැනීමෙන් පසු...

”අපගේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වුණා. එයින් ලද අත්දැකීම් නිසා මේ තරගාවලියේදී අපට දිගු ගමනක් යාහැකි බවට කිසිදු සැකයක් නැහැ.”
නවසීලන්ත කි‍්‍රකට් නායක ජේකබ් ඕරම් ‐ ශී‍්‍ර ලංකා / නවසීලන්ත තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්

”මහේල ජයවර්ධනගේ උපනායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කිරීම මට ඉතා හොඳ අත්දැකීමක් වුණා.”
ඇන්ජලෝ මැතිව්ස් ‐ ශී‍්‍ර ලංකා විස්සයි 20 පිලේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන්

”ඇත්ත වශයෙන්ම අනුග‍්‍රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග‍්‍රාහකයන් අපේක්‍ෂිත සීමාවන්හි රැඳී සිටිනවා නම්, ඒක මගේ අයිතියක්. හේතුව, එස්. එල්. පී. එල්. තරගාවලියට සහභාගි වූ එක් කණ්ඩායමක අයිතිය මටත් තිබුණ නිසා”
සන්දීප් බාමර් මහතා - එස්. එල්. පී. එල්. තරගාවලියට අනුග‍්‍රාහකයන් සෙවීම සම්බන්ධයෙන්

”ලකුණු 20 ට අඩුවෙන් ගේල්ව දවාගත්තොත් ලංකාවට දිනන්න පුලූවන් වෙයි. නමුත් එහෙම නැති වුනොත් බටහිර ඉන්දීය කොදෙව්වන් වඩා සවිමත් බව සනාථ වෙනවා.,
ජෝර්ජ් බේලි - ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟය සම්බන්ධයෙන් -4012
”අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මේ වැඬේ හරියට කළේ නෑ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මේ ගැන කළ හැකි කිසිවක් නැති වුනත් යම් වැරදි සහගත දෙයක් වුණොත් ඒ සම්බන්ධයෙන් මිනිසුන් දොෂාරෝපණය කරන්නේත් අපටයි”
උපාලි ධර්මදාස මහතා -විස්සයි 20 ලෝක කුසලන තරගාවලියේ ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය සම්බන්ධයෙන් 4012

”වොට්සන් සහ වෝනර් අවශ්‍ය කළා. හසීත් ලකුණු හොඳින් රැස් කළා. නමුත් උද්වේගකර තරගයක් නිමා කරන්නට වැස්ස බාධා කළ නිසා ඒ ගැන කණගාටු වෙනවා”
ඕස්ටේ‍්‍රලියානු නායක ජොර්ජ් බේලි - කොදෙව් පිල සමග පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම සම්බන්ධයෙන්
”වැස්ස නිසා උද්වේගකාරී තරගයක් බලාගන්න බැරිවුණා. හැමෝම ඒ ගැන උනන්දුවෙන් සිටියේ. අපගේ පිතිකරුවන් ඒ ගොල්ලන්ගෙන් වියයුතු දේ ඉටුකළා. ඕස්ටේ‍්‍රලියාව තදින් පහර දෙන බව අප දැනගෙන සිටියත් ඊට නිසි ප‍්‍රතිචාර දෙන්නට අප පමා වුණා”
කොදෙව් නායක ඩැරන් සැමී - ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව
”පෞද්ගලිකව මා එයට කැමතියි. මා හිතනවා එය කී‍්‍රඩාවට පැමිණි ඉතාමත් හොඳ දෙයක් කියා. මා දන්නවා අපට නිරාකරණය කිරීමට කිසියම් ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒත් කිසියම් අළුත් දෙයක් හදුන්වා දීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ද වෙනවා”
රන්ජන් මඩුගල්ල - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්
”ඔබ අහන්න විධායක කමිටුව දින නියම කරමින් එය අනුමත කළේ නැද්ද කියලා? අෂ්ලි (ද සිල්වා) ගෙන් චන්දිම මාපටුනගෙන් අහන්න තරඟය නියම වෙලාවට පවත්තන්න බැරි වීම සම්බන්ධයෙන් ඔවුන් බැණුම් ඇහුවේ ඇයි ඇයි කියලා. මා වෙන්න ඕනෑ දේ නියම කරලා තියෙනවා. ඒත් එය සිද්ද වුණෙ නෑ.
”මට වුණත් යන්න පුළුවන් දුරක් තිබෙනවා. මා කාර්යයක් නියම කරලා එයින් ඉවත් වෙනවා. ඒත් ඒ දිහා බලා ඉන්නවා”
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප‍්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්.
”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන කිසි උනන්දුවක් දැක්වුයේත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඔවුන් එය පැවැත්තුවා.”
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරගාවලිය සම්බන්ධයෙන්
”සාමාජික රටවල් වලට ණය ඇතුළු මුදල් ප‍්‍රදාන පිළිබඳ සියළුම තීරණ ගන්නෙ අපේ මුල්‍ය හා වාණිජ කටයුතු කමිටුවයි. මේ වෙනකොට එහි ප‍්‍රධානියා වෙන කෙනෙක් නොවේ, අන්තර් ජාතික කි‍්‍රකට් කමිටුවේ සභාපති ඇලන් අයිසැක් මහතාමයි. එවැනි තීන්දු සම්බන්ධයෙන් ප‍්‍රධාන විධායක නිලධාරියාට ඒ තරම් බලයක් නෑ. එමනිසා එවැන් නිගමනයකට පැමිණීම හාස්‍යජනකයි”
ඬේවිඞ් රිචඞ්සන් - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් ආධාර පිරිනැමීම පිළිබඳ අදහස් දක්වමින්.
”මේ ගැන සෑම දෙනාම අවිශ්වාසෙන් ඉන්නෙ. අපිට දැනගන්න ලැබුනා හරූන් ලෝගාට් මහතට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව. ඉතින් අපි ඩොලර් ලක්ෂ පහක් ගන්නකොට, ඔහුට එයින් ලක්ෂයක් නැවත දෙනවා. ඒ අනුව මෙතැන සිද්ද වෙන්නෙ මොකක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්”
අර්ජුන රණතුංග - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ඩොලර් මිලියන භාගයක් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පිරිනැමීම සම්බන්ධයෙන්.
”අපි මේ වන විටත් ගෙවීමට තිබෙන හිඟ මුදල් කොපමණද කියා සම්පුර්ණයෙන්ම තක්සේරුකර අවසන්. මගේ අදහස අනුව, මම හිතනවා මේ තත්ත්වයෙනන් නිදහස් වෙන්න, අවම වශයෙන් අවුරුදු පහක් වත් ගතවෙයි කියලා”
උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්.
”මෑතකදී පා පන්දු කී‍්‍රඩාව පිළිබඳව අපට කිසිම හොඳ පුවතක් අහන්න ලැබුනෙ නෑ. එය හැකි ඉක්මනට සංශෝධනය කිරීමට අවශ්‍ය වෙනස්කම් කරන්න කී‍්‍රඩා අමාත්‍යංශයට තිබෙන හොඳම අවස්ථාව මෙයයි”
මහින්දානන්ද අළුත්ගමගේ - පාපන්දු කී‍්‍රඩාවේ වත්මන් පරිහාණිය සම්බන්ධයෙන්

”පසුගිය මාස 6 තුළ කී‍්‍රඩා වෛද්‍ය ඒකකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කරා. ඒ අතරතුර දිවයින පුරා දිස්තී‍්‍රක 25 ආවරණය වන පරිදි ප‍්‍රධාන නගර 6ක කී‍්‍රඩා වෛද්‍ය ඒකක 6ක් පිහිටුවීමට පියවර ගත්තා.
මහාචාර්ය අර්ජුන ද සිල්වා - ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන්

‘‘ ඕස්ටේ‍්‍රලියාවේදී තරග වාරයක් ක‍්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණා. ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් රෙනෙගේඞ්ස් පිල නියෝජනය කිරීමේ අවස්ථාව මට ලැබුණා, එය මා කැමැත්තෙන් පිළිගත්තා’’
මුත්තයියා මුරලිදරන් - ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියට අත්සන් කිරීමෙන් පසු

”අවසාන ඕවර 15 දී අප ඉලක්කය කරා යාමට සූදානමින් හිටියා. මා කඩුල්ලේ රැඳී සිටියා නම්, අපේ ඊළ`ග පිතිකරුවා වශයෙන් එවන්නට සිටියේ තිසර පෙරේරායි. ඒත් ‘චන්ඩි’ (දිනේෂ් චන්දිමාල්) දැවී ගිය නිසා අවසාන මොහෙතේ කණ්ඩායම අසීරුතාවට පත් නොකිරීමේ අරමුණ ඇතිව, තවත් ඕවර 10 ක් විතර මට පරෙස්සමෙන් පන්දුවට පහර දෙන්න වුණා”
මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු

‘‘අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමත් සමග මගේ උරමත පැටවිලා තිබුණු ලොකු බරක් සැහැල්ලූ වුණා වගේ දැනෙනවා. පසුගිය දින දෙකේ සුළු කනස්සල්ලෙන් හිටියා, ඒක තරමක් අසීරු දින කීපයක්’’
බ්‍රෙට් ලී - අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු

''අපට ඕනෑ කළේ පාකිස්තානු පිලට ලගා වීමට නොහැකි ඉසව්වක් කරා තරගය ඇදගෙන ගිහින් අපේ පන්දු යවන්නන්ට හොඳ විවේකයක් දීමටයි’’
මහේල ජයවර්ධන - ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු

'' වඩාත්ම වැදගත් දේ විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය ටෙස්ට් තරගාවලි සඳහා අනිවාර්ය කිරීමයි. මා හිතන්නේ බෝහෝ දේ නිවැරිදි කිරීමට එය ඉවහල් වේවි''
ඩැව්නෙල් වට්මොර් - ගාල්ල ටෙස්ට් තරගයේදී ”විතීවි” ක‍්‍රමවේදය නොමැතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

'' මා කවදාටත් ‘විතීවි’ ක‍්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත් පහසුවක්’’
මහේල ජයවර්ධන - ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ‘‘විතීවි’’ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප‍්‍රමාණය අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමක් දිනාගන්න නම් වඩාත් හොඳ දස්කම් දක්වන්න කී‍්‍රඩකයන් දිරිගන්වන්නයි අප බලාපොරොත්තු වන්නේ”
නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන්

''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන්
”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි”
මහේල ජයවර්ධන - අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන්

”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්”
”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න ඕන නෑ’ කියන එකයි”
ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්

‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග කරගත නොහැකි වුණත් ලාහෝරයේ රාජකිය ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේදී හොදින් ක‍්‍රීඩා කිරීම ගැන මා සතුටු වෙනවා.’’
එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව

‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීමයි. ඊට අවශ්‍ය ධෛර්ය අපට තිබෙනවා. ’’
යෝෂිත රාජපක්‍ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර.

‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’
කේවින් පීටර්සන් - රගාවලියට ලැබිය යුතු ප‍්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්.

”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.”
”ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින ක‍්‍රිකට් තරග සදහා විනිසුරු තීරණ ක‍්‍රමවේදය ඇතුළත් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම ‘හොට් ස්පොට්’ විශේෂාංගය එක්විය යුතුයි.”
තිලකරත්න ඩිල්ෂාන් - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක‍්‍රිකට් කී‍්‍රඩාවේදි මගේ කාර්ය ප‍්‍රමාණය කිසියම් ප‍්‍රමාණයකට කළමණාකරණය කරගන්න නම් ඕනෑ’’
ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්.
‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක‍්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනියේම ප‍්‍රයෝජනයට අරන් ප‍්‍රතිවාදින් පීඩනයට පත් කරන්න ඕනෑ. එත් අපි ඒක කළේ නෑ’’
මහේල ජයවර්ධන - එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.

”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්දු යැවීමේ යෙදෙන කී‍්‍රඩකයෙක්.”
මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන්

”කඩුලූ 12 ක් ලබා ගැනිමත් අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වීම අතිරේක පීඩනයක් නොවෙයි. මට කළ හැකි දේ මා කරනවා”
රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු.
‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු පන්දු යවන්නේ නෑ’
අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු.

”බොක්සිං තහනම් කළ යුතු බවට දැන් යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා”
වෛද්‍ය ලාල් ඒකනායක - ක‍්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා වූ සමුළුව අමතමින්

”අපි අයින් වෙලා ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කරගන්න අලූත් පරම්පරාවකට බාර දෙන්න කාලය හොදයි”
රහුල් ද්‍රවිඞ් - අන්තර් ජාතික ක‍්‍රීකට් පිටියේන් සමු ගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කරමින්

"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”
කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි”
පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා”
සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා. ඒත් මාස හතරක් ඇතුළත නිලවරණ දෙකක් පැවැත්වීමේ තේරුමක් නෑ”
කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු

මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක”
තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු

"ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය ඔහුට වගේම කණ්ඩායමටත් හොඳ දෙයක් වේවි"
සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන්
"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා"
ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු

"මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත් කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ‍්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණා ශී‍්‍ර ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලන්න.”
ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.”
සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්

එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියැළී නැහැ. මෙය ඊට හොඳ අවස්ථාවක් වේවි”
ටී. එම්. ඩිල්ෂාන් - පාකිස්තානු පිලට එරෙහිව ඩුබායි සහ සාජාහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව
ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් දිනන්න අවශ්‍ය කඩුලූ 20 ක් දවාගන්න එක පන්දු යවන්නන්ට අසීරු අභියෝගයක් වේවි”
මිස්බා උල් හක් - ශී‍්‍ර ලංකා පාකිස්තානු තරගාවලිය පිළිබඳව
මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංකාවයි ඉන්දියාවයි හැම අගහරුවාදාම කී‍්‍රඩා කරමින් කී‍්‍රඩාවේ තිබෙන උද්වේගකර ස්වභාවය එයින් ඈතට ඇදගෙන යාමක් වගෙයි”
ඉංගී‍්‍රසි ලේඛක ෂෙහාන් කරුණාතිලක -ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව
‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්. ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’
කුමාර් සංගක්කාර
“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”
“කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.”
2013 මැයි මස 19 20:06:51
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) පළමු කණ්ඩායම් හතරට පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (19) සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝ..
අදහස්(0) බැලූවෝ (943)
2013 මැයි මස 19 20:02:22
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර පිටියේදී අද ..
අදහස්(8) බැලූවෝ (348)
2013 මැයි මස 19 18:56:22
( නාමල් පතිරගේ )
නව තරග වාර්තා 17 ක් පිහිටුවමින් ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය අද (19) දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. දින හතරක් පුරා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී (පළමු දින 2) සහ ..
අදහස්(0) බැලූවෝ (94)
2013 මැයි මස 19 16:09:48
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 71 වැනි තරගය ලෙස පූනේහිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පාරජය කළේය. පූනේ පිල ව..
අදහස්(4) බැලූවෝ (1192)
2013 මැයි මස 18 23:52:35
( . )
අයි. පී. එල්. තරගාවලියේ 70 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ලකුණු 24 ක ජයක් ලබගැනීමට බැ..
අදහස්(1) බැලූවෝ (3534)
2013 මැයි මස 18 20:07:38
( . )
කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර රාජකීය රග්බි සංකීර්ණයේ අද (18 වැනිදා) පැවැති රග්බි තරගය මතභේදාත්මක ආකාරයෙන් අවසන් විය. තරගය ආරම්භ වී විනාඩි කිහිපයකින් පසුව දෙපිලම ලකුණු 20 ක් බැගි..
අදහස්(17) බැලූවෝ (1445)
2013 මැයි මස 18 20:05:30
( . )
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප‍්‍රබල ශාන්ත පීතර විදුහල පරදවා ලකුණු 41-15 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිල සමත් විය. බෝගම්බර කී‍්‍රඩාංග..
අදහස්(7) බැලූවෝ (353)
2013 මැයි මස 18 20:04:01
( . )
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායම පරදවා ලකුණු 25-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල සමත් විය. ගල්කිස්ස විද්‍යා ..
අදහස්(1) බැලූවෝ (195)
2013 මැයි මස 18 20:02:13
( . )
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප‍්‍රබල ති‍්‍රත්ව කණ්ඩායම පරදවා ලකුණු 18-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල සමත් විය. ලොන්ඩන් පෙදෙස සී. ආර්. ..
අදහස්(0) බැලූවෝ (322)
2013 මැයි මස 18 19:40:38
( . )
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වීමක් වශයෙන් මේ දිනවල පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා වමත් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙ..
අදහස්(1) බැලූවෝ (345)
2013 මැයි මස 18 18:49:58
( . )
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන සඳහා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී චානක වෙළගෙදර සහ ෆර්වීස් මහරුෆ් දෙදෙනාම තුවාල ලබා සිටිති. ඒ හේ..
අදහස්(0) බැලූවෝ (224)
2013 මැයි මස 18 16:10:58
( . )
අයි. පී. එල්. තරගාවලියේ 69 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 50 ක පහසු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන..
අදහස්(1) බැලූවෝ (561)
2013 මැයි මස 18 10:35:00
( . )
ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීමට තමන් පෙළඹුන බව ඉන්දීය ටෙස්ට් සහ එක්දින කී‍්‍රඩක ශාන්තකුමා..
අදහස්(6) බැලූවෝ (4024)
2013 මැයි මස 18 10:29:42
( . )
ගිංතොට කුරුඳුවත්ත එක්සත් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සත් සාමාජික පාපන්දු තරගාවලියක් මේ මස 24, 25 යන දින වලදී ගිංතොට සහිරා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොද..
අදහස්(1) බැලූවෝ (59)
2013 මැයි මස 18 10:20:36
( . )
කාටාර් රාජ්‍යයේදී අද (18) පැවැත්වෙන ‘‘එමීර්’’ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු..
අදහස්(1) බැලූවෝ (184)
2013 මැයි මස 18 10:17:58
( නාමල් පතිරගේ )
රග්බි විනිසුරු දිමිත‍්‍රී ගුණසේකර මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින නාවික හමුදා රග්බි ක‍්‍රීඩක රෝහිත රාජපක්‍ෂ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ කමිටුවේ කටයුතු කිිරීම වෛද්‍ය මයිය..
අදහස්(5) බැලූවෝ (627)
2013 මැයි මස 17 22:13:09
( යොහාන් භාසුර )
මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරගයේදී (දිවා/රාත‍්‍රි) ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් ..
අදහස්(5) බැලූවෝ (2006)
2013 මැයි මස 17 20:59:58
( නාමල් පතිරගේ )
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (17) තරග නිමාවට පත්වන විට නව වාර්තා පහක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලිය පෙරේදා (16 වැනිදා) කොළඹ සුගතදා..
අදහස්(0) බැලූවෝ (216)
2013 මැයි මස 17 19:58:46
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 68 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17 වැනිදා) පැවැති තීරණාත්මක තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ රාජස්ථාන් රෝයල්ස් පිල..
අදහස්(7) බැලූවෝ (1701)
2013 මැයි මස 17 19:03:01
( . )
ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීම හෙවත් තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය ප..
අදහස්(2) බැලූවෝ (2263)