2014 සැප්තැම්බර් මස 02 වැනි අගහරුවාදා

2014-09-01 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.128.7500 , විකුණුම් මිල රු.131.6200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.212.9600 , විකුණුම් මිල රු.219.0600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.0000 , විකුණුම් මිල රු.173.5200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.139.0900 , විකුණුම් මිල රු.144.1700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.117.7700 , විකුණුම් මිල රු.121.7600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.2900 , විකුණුම් මිල රු.123.7900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.5300 , විකුණුම් මිල රු.105.8900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2311 , විකුණුම් මිල රු.1.2701 |

ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන

2012 දෙසැම්බර් මස 21 16:17:40 | සුමින්ද සුදර්ශන පතිරණ

‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

26 දෙනෙක් ජ්‍යොතීර් විද්‍යාරත්න සහ ජ්‍යෙතීර් විද්‍යා විභූෂණ සම්මානයෙන් පුද ලදහ.

සම්මාන ලැබුවෝ -  බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි, ජී එම් ගුණපාල, පියසේන රතුවිතාන, ආනන්ද සෙනවිරත්න, සුමනදාස අබේගුණවර්ධන, විජයසිරි විද්‍යාරත්න, ජයතිලක අඹුවන්ගල, ම.ලි සුගතපාල, නන්දන ජී විදුරුවන්, කඩ හෙට්ටිගේ ධනපාල, ග ක වි අමරසිංහ, පානදුර ආරච්චිගේ උපාලි පීරිස්, පද්මානන්ද සේනාරත්න, හිමසිරි නිමල් කුරුප්පු, කේ ඊබට් ප්‍රනාන්දු, කේ ඇක්ටන්, ලෝලනී රණසිංහ, ටී ආර් හසීම්, එම් ජී චන්ද්‍රභාරනී, බබා නෝනා, සේනානායක මුදියන්සේලාගේ රණසිංහ, ප්‍රියනාත් මංජුල පීරිස්, වයිරමුත්තු වේලායුදන්, සීනි තම්බි දේවානායගම්, රාමනාදන් සත්‍යමූර්ති, විනාසි තම්බි අරුමුගම්

අදහස්(23) බැලූවෝ (3489)

ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

විද්වත් 2012-12-21 16:27:43

ලෝකය හරියට දකින බුද්ධිමතුන්ට, උගතුන්ට උපහාර පිදුවා නම් මොකද වෙන්නේ? ලෝකේ අනිත් රටවල් විද්‍යාව යොදාගෙන ඉස්සරහට යද්දී අපි පස්සට යනවා. (නි)

රිස්වාන් - සවුදි 2012-12-21 16:36:15

අද ලෝක විනාශය වෙනවා කියපු අයට දෙන දඬුවම් මොනවද? (නි)

රත්න 2012-12-21 16:45:46

දැන් මෙයාලා වැඩිහරියක් කරන්නේ " ගල් අහුරක් දමා ගැසීම". අපේ ජනතාව මෙයාලා පොහොසත් කරනවා. (නු)

ගැමුණු 2012-12-21 17:18:06

තම තමන්ම සම්මාන දී ගැනීමක්ද?(නු)

පී. සෙනෙවිරත්න 2012-12-21 18:46:41

දුප්පතුන්ට කරුම, ග්‍රහදෝෂ... ලොක්කන්ට පෙර පින්...

කෝ අලුත් දෙයක් හොයාගත් කෙනෙක්ට සැබැ සම්මානයක් දුන්නද කවදාවත්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.ඇත්තටම මේ ජ්‍යෙතිෂයට පහුගිය වැස්ස නිසා මැරුණු මිනිස්සු ගැන පෙනුනෙ නැද්ද? (නි)

කසුරි 2012-12-21 19:13:19

ජනතාවගෙ අසරණකමින් වාසි ගන්නා අය(නු)

සමන් 2012-12-21 20:02:59

‍මේ ව‍ගේ අයට සම්මාන දෙන එකම රට ශ්‍රී ලංකාවයි.(නු)

සත්‍යපාල 2012-12-22 05:09:58

හරියට ශෘස්ත්‍රය දන්න අය කී‍‍‍යෙන් කී ‍දෙනාද ඉන්නෙ..(නු)

ප්‍රභා 2012-12-22 05:49:39

අ‍පේ ර‍ටේ අවිද්‍යාව කර වටක් ගිලී ඇත... කණගාටුයි..!(නු)

අජිත් 2012-12-22 07:02:34

කෝ? මම හිතාගෙනම හිටපු කෙනෙක් මෙතන නැහැනේ. (නි)

සිරිමල් 2012-12-22 07:58:25

ටීවී වල හැම චැනල් එකකම වගේ උදේ පැය බාගයක් වත් අඩුම ගානේ ලග්න ගැන කියනවා.ඊට අමතරව, එක එක අය ඇවිත් ලග්න ගැන රාහු කාල ගැන නැකත් ගැන ෆෙන්ෂුයි ගැන කියනවා. මේ ගුවන් කාලය ලමයින් ගෙ හරි වැඩිහිටියන්ගේ හරි දැනුම වැඩි කරන යම් දෙයකට යොදවනවා නම්..අපේ මිනිස්සු වැඩි වැඩියෙන් තමන්ගෙ ආත්ම විස්වාශයට වඩා දෙවල් , නොපෙනෙන බලවේග වලට ලබා දීලා හිත හදා ගන්නවා වගේ. ටීවී වලින් ඕවට මුල්තැනක් දෙන්නෙත් මිනිස්සු බලන නිසා. මෙ මිනිස්සුන් ට සම්මාන දුන්නට කමක් නැ. ඒත් කරපිංචා විකුනන මනුස්සයා ගෙ ඉදන් දොස්තර ඉන්ජිනෙරුදක්වා..මහන්සි වෙලා වැඩ කරන සමාජයට ආර්ථික‍යට යම්කිසි වටිනාකමක් එකතු කරන මිනිස්සුන්ට කො සම්මාන. ජොතිෂ්‍ය වැඩ වලට මෙච්චර වටිනාකමක් දෙන්නෙ තමන් ගැන, අදහන ආගම ගැන ආත්ම විස්වාශයක් හරි , අවංක කමක් හරි නැති නිසා. (නු)

සරත් 2012-12-22 08:46:25

සිරිමල් , විශිෂ්ට පැහැදිලි කිරීමක් (ස)

චින්තක 2012-12-22 09:06:34

පොදු ජනතාවගේ සල්ලි මෙවන් අවිද්‍යාවන්ට වියදම් කරන එක හරිද ? (ස)

සංජීව 2012-12-22 09:41:38

කෝ අනේ ගොඩක් අයට සම්මාන ලැබිලා නෑනේ (ස)

සදුන් කුමාර 2012-12-22 09:52:21

මෙයා උපහාර ඇමතිද?(නු)

කුමාරි 2012-12-22 10:06:04

සිරිමල් , ඉතා හොද අදහසක්.

අදහස හරි උනත් මේවා ක්‍රයාත්මක කරන්න කෙනෙක් නෑ (ස)

මෙරිල් 2012-12-22 10:27:33

උපහාර ලබා දෙන්නේ ඇයි (ස)

රසික චාමින්ද 2012-12-22 11:09:47

ගොඩක් අය මෙතන නෑනේ (ස)

ලලිත් කටාර් 2012-12-22 11:18:59

රාජ්‍ය අනුග්‍රහය සම්මාන ඇතිව මහ ජනතාවට සිහින ලෝකයක් පෙන්වීමට අවසර දී ඇති බව නොකියා සිටීමට බැරිය.. ජය වේවා..!(නු)

දයා, සෞදියේ සිට 2012-12-22 14:10:09

මේ එක එක්කෙනාට සම්මාණ දුන්නු හේතුව වෙන වෙනම පෙන්වාදුන්නානම් නේද හොඳ (ස)

ක්‍රිෂාන්ත 2012-12-22 15:12:29

ලොකු සේවයක් කරන මේ මහත්මයන් ඇගයීම ගැන මට සතුටුයි (ස)

හේවා 2012-12-22 17:03:34

සමහර අයට ආචාර්ය උපාදි දෙන රටේ මේකත් පුදුම වෙන්න දෙයක් නැහැ.. එදා උදේ 10.21ට දෝශාභියෝගය භාරදෙන්න කියලා නැකත හැදුවෙ මෙතනින් කවුද දන්නෙ නැහැ..!(නු)

සමන් 2012-12-23 08:39:50

සම්මාන දෙන්න වටිනා මිනිස්සු (දී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :