Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි
2012 අගෝස්තු මස 03 19:51:29 | මහින්ද නිශ්ශංක
බාල ඩීසල් ශ්‍රී ලංකාවට සැපැයූ සිංගප්පූරුවේ විටෝල් සමාගමේ ටෙන්ඩරය අත්හිටැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද තීරණය කෙළේය.
බාල ඩීසල් පාවිච්චි කිරීම නිසා දළ වශයෙන් ලංගමට රුපියල් ලක්ෂ 750ක ද, දුම්රියට ලක්ෂ 30ක ද පාඩුවක් සිදුව ඇතැයි දැන ගන්නට ඇත. මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට වූ අලාභය වෙනුවෙන් වන්දියක් ඉල්ලන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
මෙම සමාගම අසාදු ලේඛණ ගත කර තිබිණි.
ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසුයේ කලින් හිටපු සභාපති එම සමාගම හොඳ සමාගමක්සේ ලියාපදිංචි කර ඇති බවයි.
අදහස්(92)
බැලූවෝ (6210)
බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සමන් ඩුබායි 2012-08-03 20:01:58
ඇමති තුමාගේ කතාව හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට . (දී)
සුමනා 2012-08-03 20:00:40
රටේ නිලධාරීන්ට අවශ්‍ය ඕනෑම විදියකට වැඩ කරන්න ඇමතිතුමා ඇයි ඉඩ දුනනේ? (නි)
ජගත් බාලසුරිය 2012-08-03 20:07:57
ඇමතිතුමා ගෙදර යන්න රට කන්නේ නැතුව . (දී)
කසුන්-ලක්සම්බර්ග් 2012-08-03 20:34:34
"ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසුයේ කලින් හිටපු සභාපති එම සමාගම හොඳ සමාගමක් සේ ලියාපදිංචි කර ඇති බවයි." කාට කියන්නද මේවා? තොග පිටින් ගන්න කලින් සාම්පල පරීක්ෂා කරල නැහැ වගේ එතකොට. ලියාපදිංචි කරල තිබුණ නිසා ගෙන්වා ගත්තා, එහෙමද? කොමිස් කතාවල් පැත්තක තියමුකෝ. ඒත් ඇමතිතුමා පොඩ්ඩක් තාත්වික වෙන්න බලන්න. (නි)
රංග 2012-08-03 20:40:28
මේ කරපු බලු වැඩ වලට කවද හරි හම්බෙයි.
ස්ලික් 2012-08-03 20:42:57
හිටපු සභාපතිතුමා පත්කළේ කවුද ? (නි)
චමී 2012-08-03 20:51:02
අනේ, අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි. (නි)
චතුල වෙරෝනා 2012-08-03 20:58:35
අපිට බෑරිද තෙල් ගන්න ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් හදන්න? (නි)
දිලිප් 2012-08-03 21:15:58
අවුරුදු දෙකක් ගතවන්නටත් පෙර නැවතත් බාල ඉන්ධනම ගෙන්වන්න තරම් අමතක වීමක් සිදු වුණේ ඇයි? (නි)
සමන් 2012-08-03 21:16:52
තවත් නම කැත කර ගන්නේ නැතුව ඉල්ලා අස් වුණා නම් හොද නැද්ද? (නි)
රොනී 2012-08-03 21:18:09
ඇමැතිතුමාට මතක නැතිව ඇති හිටපු සභාපතිගේ කාලේ කවුද තෙල් ඇමැති කියලා?
firo 2012-08-03 21:24:16
ඇමැතිතුමා තාම නිදිමරගාතෙද කතා කරන්නේ? (ත)
ඇරිස් 2012-08-03 21:27:03
සමාගමෙන් වන්දි ඉල්ලන්නකෝ. (නි)
තරංග
2012-08-03 21:31:13
ඒ ගමන අපට තවත් නාටකයක් පෙන්වන්නද හදන්නේ? (නි)
රෝහිත සමරකෝන් 2012-08-03 21:36:41
ජනාධිපතිතුමනි,
එකමදේ දෙතුන්පාරක් වෙනකම් ඔබ තුමා ඇයි මොනවත් කරන්නේ නැත්තේ? (ත)
අමිල කටුනායක 2012-08-03 21:39:30
බාල තෙල් වලට බාල කතා. (ත)
පාලිත වීරතුංග 2012-08-03 21:51:41
දෙවරක් අසාදුලේඛන ගත කරපු දමාගම තව ටික කාලෙකින් නැවත පගා දීලා බාල තෙල් එවයි. (ත)
sarfaz 2012-08-03 21:53:11
එතකොට යාළුවන්ට දීපු ටෙන්ඩර් හොදයි. (ත)
කැලුම් 2012-08-03 21:59:53
අනේ මේකෙ සභාපතිකම මට දෙන්න බැරිද? (නි)
නන්දිත 2012-08-03 22:13:26
වෙන රටක මෙහෙම වුණානම් මෙලහකට ඒ ඇමති ඉල්ලා අස්වෙලා. (නි)
සුජීව 2012-08-03 22:33:46
අනේ මෙහෙමත් කාලයක්..!!(නු)
චමිලා 2012-08-03 22:45:48
දැන් මේ කියන්නේ වගකීමක් ඇති පිළිතුරක්ද? අන්තිමට මේවායින් විදවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට. (නි)
ලක්සිරි 2012-08-03 22:47:59
කලින් සභාපතිතුමාව පත්කළේ අපිමනේ. (නි)
යෝනුසලවි 2012-08-03 22:53:01
මේ ඇමතිතුමෝ, සිංගප්පූරුවෙන් ගෙනාවේ බොර තෙල් ද? නැත්නම් පිරිපහදු කරපු තෙල් ද? කෙසේ වෙතත් අපේ පිරි පහදුවේ තෙල් නිකුත් කරන්න කලින් බලන්නේ නැද්ද? ඔය පාඩුව ඇස්තමේන්තු කරල තියෙන්නේ යස අගේට. මෙම පාඩුවත් අපි වගේ සාමාන්‍ය ජනතාවට තමයි විදවන්න වෙන්නේ. (නි)
සංජය
2012-08-03 22:54:55
ණයට ගන්න දේවල් මෙහෙම තමයි. (නි)
එඩ්වඩ් 2012-08-03 23:04:21
මෙහෙම ඇමතිවරුන්ව තවත් තියා ගන්න නම් හොද නැහැ. (නි)
රිස්වාන් - සවුදි 2012-08-03 23:07:03
මේ සභාපතිවරුන් පත් කරන ක්‍රමවේදය කුමක්ද? (නි)
ප්‍රියන්ත 2012-08-03 23:27:32
මගේ වාහනය ගෙදර. ඩීසල් ගහන්න බයයි මට. (නි)
ඔසධ 2012-08-03 23:28:46
මොනවා කළත් ඇමතිතුමාට තියෙන්නේ හොද ප්‍රියමනාප මුහුණක්. (නි)
ගයාන් 2012-08-03 23:48:35
දේශපාලනඥයන් මේ රට විනාශ කරලා අවසන් වෙන්නේ කවද්ද? (ත)
රුවන් 2012-08-03 23:51:15
අසාදුලේඛන ගතකරපු සමාගමක් කොහොමද හොද වෙන්නේ? මේකට සම්බන්ධ අයගේ සියලුම දේපළ රාජ සන්තක කර උපරිම දඩුවම් දෙන්න. (ත)
ජයරත්න දේවපතිරාජ 2012-08-04 00:01:57
මේ නාගත්තේ කීවෙනි පාරටද? (ත)
පුරවැසියා 2012-08-04 00:30:18
මට නම් ඔබතුමා ගැනත් මං ගැනත් හරිම දුකයි. මොකද අපිනෙ ඔයාලව පත්කළේ. (ත)
සිල්වා 2012-08-04 07:18:42
අනුන්ට උදව් කරන්න ඕන නැහැ.. කරදරයක් නොවී හිටියානම් ඇති.. ඒකට අපේ අය..(නු)
බමුණුසිංහ 2012-08-04 07:32:49
යුද්ධය දිනපු එක ඇත්ත වුණත්...??? (නි)
මීමනගේ 2012-08-04 07:41:30
මේ රට දැං අයෙත් ගොඩ ගන්න බැහැ.. රට විනාශ කරලා තියෙන්නෙ.. කතිරෙ ගහපු අපි තමයි වග කියන්න ඕන..මේවට...!!(නු)
නලින් 2012-08-04 07:40:24
සුසිල් බබා මොනවත්ම දන්නෙ නැහැ..!!(නු)
බමුණා 2012-08-04 07:40:53
ඇයි මගේ ප්‍රතිචාරය කැපුවේ. මේක ස්වාධීන පත්තරයක් නිසා රජය ගැන මිනිසුන්ගේ අදහස් කියන්න ඉඩ දෙන්න.
කමල් 2012-08-04 07:44:31
අපිට බැරිද ඇමතිව අසාදු ලේකනයට දාන්නද
සරත් 2012-08-04 08:26:45
කමල්,
ඒත් වැඩක් නෑ. මහජනතාව ආයෙමත් පත් කරනවා. (ත)
නිමල් ලලිත 2012-08-04 08:26:38
අතක් කැපුවත් එක් පක්ෂයකටම පමණක් ඡන්දය දෙන වහල් ඡන්ද දායකයො සිටින රටක දේශපාලන සොරුන් සහ ඔවුන්ගේ ගෝලයන් සොරකම් කරනවා. (ත)
gamma 2012-08-04 08:53:52
මෙයාලට ඡන්දය දුන්න ඔය කමෙන්ට්ස් දාන අයගෙන්ම තමයි පාඩුව අය කරගන්න ඕන. (ත)
සජී 2012-08-04 09:01:13
මේ විදියට වැඩ කළොත් රට ඉතුරු වෙන එකක් නෑ. (ත)
tom 2012-08-04 09:39:46
ඇමතිතුමා ගෙදර යන්න
මහාචාර්ය බබා සේන 2012-08-04 10:07:08
ජනාධිපති තුමනි
මේක ලොකු වරදක් නෙමෙයද දෙපාරක්ම කරලා තියෙන්නේ , ස්ත්‍රී දුෂකයෙක්ම වෙන්න ඕනෙද තනතුරෙන් පහකරන්න .
රංජිත් 2012-08-04 10:22:06
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට දින කිහිපයකට කලින් කිව්වා සාම්පල් බැලුවා ඒත් ඒවා බාල ඩීසල් නෙවෙයි. ඇයි අද වෙනකොට බාල ඩීසල් කියා කියන‍්නේ. ඔබලාගේ බාල වැඩ නිසා වදවන්නේ අපි. (ත)
රන්දුල 2012-08-04 10:33:53
කොහෙට හරි ලොකු කුට්ටියක් යන්න ඇති. මේක මුළු රටටම ලොකු පිළිලයක් වෙලා.
ඉන්ද්‍රජිත් 2012-08-04 10:42:33
"රංග 2012-08-03 20:40:28
මේ කරපු බලු වැඩ වලට කවද හරි හම්බෙයි..."
කවදාහරි ඉබේ හම්බවෙනකල් ඉන්න නම් රටකට නීති පද්ධතියක් හෝ අධිකරණයක් මොකටද රංග..? (ත)
අසන්ක 2012-08-04 10:54:19
දැන්නට් කට්ටියට යන කාලේ හරි වගේ. (ත)
පිනිබබා 2012-08-04 11:15:11
ඇමැතිතුමාට මේවා නිසා නමුත් වැටිලා. (ත)
රොෂාන් - සෞදි 2012-08-04 12:14:37
ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇමි මේවා පේනේනේ නැත්තේ. ඇයි ඇමතිවරු හිරේ දාන්නේ නැත්තේ?
ප්‍රවීන් 2012-08-04 12:16:44
මේවා දකිනකොට ඇගේ මාළු නටනවාත මේ හැම දේකින්ම කැත වෙන්නේ ජනාධිපතිතුමාගේ නම. (ත)
කසුන් අමරණායක 2012-08-04 12:20:08
ලංකාවේ තවත් ආශ්චර්යයක්. (ත)
ගමරාල 2012-08-04 12:28:18
රටට කරන අපරාධවලට ස්වභාව ධර්මයෙන් උපරිම දඩුවම් දෙන්න ඕන.(ත)
රංග 2012-08-04 12:56:38
මොනවා කලත් ඇමතිතුමාව බ්ලැක් ලිස්ට් එකට වැටෙන්නෙ නෑ. ඒක තමා අපේ රටේ සදාකාලික ආශ්චර්යය. ඇමති මණ්ඩලයේ ගීතය: පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා..(ත)
hanifa 2012-08-04 13:13:51
ඇමැතිතුමා බේරෙන්නයි හදන්නේ. (ත)
සරත් අමරසිංහ 2012-08-04 13:16:18
දැන්නම් ඉස්සරට වඩා රටේ විනයක් නැති පාටයි. කවුරු මේවා නිවැරදි කරයිද මන්දා. (ත)
රූපවතී 2012-08-04 13:22:42
ජනාධිපතිතුමනි වැරදි කරන ඇමැතිවරුන්ට දඩුවම් දෙන්න නීතියක් නැද්ද? (ත)
රවින්ද 2012-08-04 13:46:03
ජනාධිපතිතුමාට කියලා වැඩක් නැහැ. ලංකාවේ මන්ද බුද්ධික ජනතාව මොවුන්ට ජන්දය දුන්නා නම්, එහි ප්‍රතිවිපාකත් ඔවුන් විසින්ම විද ගත යුතුය. (නි)
කුරේ නාවලගේ ජූඩ්
2012-08-04 14:32:30
ගමරාළ ඔයා ඉල්ලන්නෙ සුනාමියක්ද අනේ... කීයටවත් එපා..!!
(නු)
කුමාර 2012-08-04 14:59:47
ඔය ආසනය කරන්න පුළුවං කෙනෙකුට දෙන්න.. හිටපු ඇමති ෆවුසි හොදයි ...(නු)
සෝමදාස 2012-08-04 15:02:02
හිටපු සභාපති තාමත් වැඩද?(නු)
ජයසූරිය 2012-08-04 15:01:36
හිටපු සභාපතිතුමත් හරිම බබා තමයි . එයා කවුද කියල නොදැනද ඔය තනතුරට පත් කලේ ?(නු)
සමීර 2012-08-04 15:33:11
අපේ අයම පත් කළ කෙනානෙ. දැන් බැණලා වැඩක් නැහැ. ආයෙ ඡන්දෙ ඉල්ලුවොත් පත්කරනවානෙ. (නි)
සිරිවර්ධන 2012-08-04 15:41:22
මේ වගේ ඇමතිවරුන්ට මනාපෙ දුන්න අපට ගහන්න ඕනැ මඩු වල්ගෙන්. (නි)
සමීර 2012-08-04 16:13:14
අපේ රටේ කෝටි ගණන් නාස්ති කරන අයට කිසිම දඩුමක් නැද්ද? ආශ්චර්යයක් කරන්න බැරිනම් රට තවත් වලපල්ලට නොදා ඉන්න බැරිද?(නු)
නිමල් සෞදි 2012-08-04 16:53:45
ඇමතිතුමනි ඉල්ලා අස්වෙන්න නම් එපා! මේ ලංකාවනේ..!තව ටික කාලයක් ගිහිං ආයෙ බාල පෙට්‍රල් ටිකක් ගේනන.. අපි සූදානම් මේවගේ කතා අහන්න..!(නු)
ජගත් චන්දන අධිකාරි 2012-08-04 17:02:03
හිටපු සභාපති පත්කළේ අපිද ?
අධ්‍යක්ෂක මණ්ඩලය පත්කළේ අපිද ?
බාල පෙට්රල් - බාල ඩීසල් ගෙන්වූයේ අපිද ?
සභාපතිලාට ඕනෑ ඕනෑ විදිහට කරනතුරු බලා සිටියාද?(නු)
ධර්මෙ 2012-08-04 17:04:33
මේකට වගකියන්න ඕන සභාපති නම් ඇමතිතුමා ඉන්නෙ මොකටද? ඇමතිතුමාගෙ නිර්දේශයෙන් නේද තෙල් ගෙන්නුවෙ.. පැහැදිළි උත්තරයක් දෙන්න ඇමතිතුමා..!!(නු)
හෑගොඩ 2012-08-04 17:10:04
එකට වැඩේ කරලා ඇග බේරගන්න හදනවා නේද?(නු)
ප්‍රසාද් චමීර 2012-08-04 17:57:32
මම එනකම් පොඩ්ඩක් ඉන්න.. ඔක‍්කොම හදලා ගන්නවා...
(නු)
නලින් 2012-08-04 18:00:37
අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරන්න එපා මේවගේ බාල දේවල් කරලා..!!(නු)
ඩයස් 2012-08-04 18:34:10
ඩීසල් බාල වෙන එක ගැන අපට හිතා ගන්න පුලුවන්. ජය වේවා! (නි)
ෆෙවුන්ඩ්
2012-08-04 18:39:35
මේ වගේ ලජ්ජා නැති කට්ටියක් ලංකාවේ ඉඳලම නැහැ. (නි)
මනෝජ් ඩුබායි 2012-08-04 18:48:04
ආණ්ඩුව එකම වරද දෙපාරක් කළාම මොකද? අපේ මිනිස්සු සිය පාරක් විතර එකම වරද කර කර ඉන්නෙ මේගොල්ලන්ටම ඡන්දය දිදී..!!
(නු)
වාස් ඩයස් 2012-08-04 20:28:09
මේ බාල ඩීසල් ගැටලුව පිළිබදව ජනාධිපතිතුමා බලාරීන් ගැන තීන්දුවක් ගන්න ඕන.. හැමදාම මේගොල්ලන් ලිස්සලා යනවා.. (නු)
සෙනරත් 2012-08-04 21:08:25
අයියෝ අපේ සල්ලි. (නි)
පාලිත වීරතුංග 2012-08-04 21:32:18
මේවගේ තව බාල ටෙන්ඩර් කොපමණ රජයේ ආයතනවල තිබෙනවාද ඒවා එලියට නෑවිත් සල්ලි කොපමණ විනාශ කරනවාද? මේවත් සොයා බලන්න..(නු)
දර්ශණ 2012-08-04 22:27:47
ඇමතිතුමා හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ජනතාව මොනවා කනවා කියලාද දන්නෙ නැහැ.. (නු)
සුසන්ත 2012-08-04 22:27:48
ඒ තෙල් සමාගම බලෙන් ලංකාවට තෙල් දෙන්න එන්නේ නෑනේ. ලංකාවෙන් ඉල්ලුවොත් තමා තෙල් දෙන්නේ. ඇමතිතුමා කියන කතා හොදයි කෙන්ඩේ බැදපු චීන්නුන්ට.(නු)
සුනිල් අබුඩාබි 2012-08-04 23:32:31
අපි මේවට හැමෝම අදහස් දක්වමු.. දුප්පත් අපිට හැමදාම දේශපාලනයෙන් සෙතක් නැහැ.. අපි පත් කරපු නිසා අපිම අපේ වාහන හදාගමු..(නු)
සනත් ඉන්දික 2012-08-05 04:38:07
මනෝජ් ඩුබායි 2012-08-04 18:48:04
ආණ්ඩුව එකම වරද දෙපාරක් කළාම මොකද? අපේ මිනිස්සු සිය පාරක් විතර එකම වරද කර කර ඉන්නෙ මේගොල්ලන්ටම ඡන්දය දිදී..!!
මම දැකපු ලස්සනම කොමන්ට් එක ඔය හරියටම හරි
බෙස්ටර්
2012-08-05 05:04:38
මේ ආණ්ඩුව තමයි ස්ත්‍රී දූෂකයන් වැඩියෙන්ම ඉන්න ආණ්ඩුව. (නි)
ඉක්බාල්
2012-08-05 07:01:00
ජනතාව රැවටුනා මදිවට තවත් රැවටෙනවා. ලොකු පොඩි හැමෝම හිතෙන හිතෙන විදියට සෙල්ලම් කරනවා. (ත)
සමන් ප්‍රදීප් 2012-08-05 07:36:49
ඇමැතිතුමනි ඔබ රටට ආදර්ශයක් දෙන්න. ඔබගේ අත්වැරදීම පිළිගන්න. ජනතාවගෙන් සමාව ඉල්ලලා අස්වෙන්න. එතකොට ඔබ ජාතික විරයෙක් වෙයි. (ත)
සුසිල් 2012-08-05 12:31:28
සභාපතිට ඕනෑ විදිහට වැඩ කරනවා නම් ඇමති කෙනෙක් මොකට ද? (නි)
ජගත් චන්දන 2012-08-05 14:25:56
රටක ආණ්ඩුව පත් කරන්නෙ ජනතාව. එහෙමනම් ඒ ආණ්ඩුව වැරදි දේ කරනකොට ඒ වැරදි ජනතාවට කියන එක මාධ්‍යයක යුතුකම සහ වගකීම වෙනවා. ඒ සමඟම ඒ වැරදි පිළිබඳව කතා කරන එක ජනතාවගෙ අයිතිය. මාධ්‍ය බිහිවෙන්නෙ ඒ අයිතිය ලබාදීම සඳහා. යම් ඇමතිවරයෙක් ජනතාවට අහිතකර තීන්දු තීරණ ගන්නවා නම් ඊට එරෙහි වීම අපේ අයිතියක්. අපි කරන්නෙ ඔවුන් කරන වැරදිවලට එරෙහිව අපේ මතය කියන එක. අපේ මතය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. (නි)
පතිරණ 2012-08-05 16:31:42
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්? (නි)
නිහාල් 2012-08-05 16:40:01
අනේ මහින්ද මහත්තයෝ, මොනවා හරි කරන්නකෝ. (නි)
සිසිර 2012-08-06 09:10:38
ඇයි අප්පේ අරාබිකරයේ තෙල් සමාගම් ඕනෑතරම් තියෙන්නේ. (නි)
පිනා 2012-08-06 11:01:54
සමන් ප්‍රදීප් 2012-08-05 07:36:49
ඔය කියන විදියට මෙයා අස්වුනොත් තමයි පුදුමේ එහෙමනම් මෙයා අස්වෙන්න ඕන අර බාල පෙට්රෝල් ගෙනාපු දවස් වලයි (දී)
අසිත් 2012-08-06 11:14:05
මෙවැනි නාස්තිකාර වැඩ නවතා ලංකාව කවදා නම් ගොඩ එයිද දන්නේ නැහැ. (නි)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(115)
(17486)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12777)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12750)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12468)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11720)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(52)
(10768)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(67)
(9776)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(8940)