2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස්

2012 ජූලි මස 26 18:18:14 | යොහාන් භාසුර

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂෝන් පොලොක්, අයි.පී.එල්. තරගාවලියේදී තමන්ට උපදෙස් දුන් බවත් ඒ අනුව පන්දු යැවීමෙන් සාර්ථකවීමට හැකි වූ බවත් තිසර පෙරේරා පවසයි.

ඉන්දියාවට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේ වීරයා වූ තිසර, තරගයෙන් පසුව පැවැති මාධ්‍යහමුවේදී මේ බව පැවසීය.

මෙම තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. එහිදී දකුණතින් වේග පන්දු යවන තිසර පෙරේරා සිය පළමු  ඕවර තුනේදී ලකුණු නොදී කඩුලූ තුනක් දවාගත්තේය.

ෂෝන් පොලොක්ගෙන් ලැබුණු උපදෙස් පිළිබදව තිසර මෙසේ අදහස් දැක්වීය.

”ඔහු මට කිව්වා මගේ පන්දු යැවීමේ ඉදිරියව්වේදී පන්දුව අතහරින වෙලාවේදී මම ඉක්මනට නැගිටනවා කියලා. ඔහුගේ උපදෙස වුණේ පන්දුව අතින් අතහරිනකම් සාමාන්‍ය විදියට ඉදලා, පන්දුව තණතිල්ලේ පතිත කරන්න කියලා. ඒ ආකාරයට පන්දු යැවුවම පන්දුවේ මැස්ම හොඳින් තණතිල්ලේ වද්දන්න මට පුළුවන් වුණා”

අදහස්(11) බැලූවෝ (4788)

ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චානක 2012-07-27 09:12:14

සුභ පැතුම් තිසර! (නි)

අතපත්තු 2012-07-26 18:37:34

තිසර ඔබට ජයෙන් පිරි ප්‍රවේග කාරී ක්‍රීඩකයෙක්.. රිද්මය ඔය විදියටම තියාගන්න... දීප්තිමත් තරුවක් වෙන්න..!(නු)

සුසිල් 2012-07-26 18:42:02

විශිෂ්ඨයන්ගේ උපදෙස් හැමවෙලාවේදීම ඉතා වැදගත්. තමන්ගේ දැනුම භේදයකින් තොරව හැම දෙනා වෙතම ලබා දීම ඉතාම විශිෂ්ඨයි...!(නු)

dinesh 2012-07-26 19:04:33

තිසර විස්සයි 20 තරගාවලියෙදී වැඩි පුරම ඔබ ගැන බලාපොරෝතුවෙන් ඉන්නේ ඔබ ගැනයි.ඔබට සුභ අනාගතයක් ඔබගේ ක්‍රිඩා දිවිය සාර්තක වේවා. (අ)

රාජ් 2012-07-27 04:09:55

තිසර ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. නියමයි. (නි)

අජිත් 2012-07-27 07:03:47

බලන්නකෝ තිසර, ඊළග අයි.පී.එල්. තරගාවලියේදී වැඩිම ලන්සුව කාටද ලැබෙන්නේ කියලා. (නි)

ඉරේෂ් 2012-07-27 09:07:50

තිසර අයියේ ඔයාගේ මම අනිත් ක්‍රීඩකයන්ගේ එතරම්ම නොදකින එක්තරා වැදගත් ක්‍රීඩා කෞශල්‍යක් තියෙනවා,

තිසර අයියේ ඔබට ජයෙන් ජය..(ස)

සු‍පුන් 2012-07-27 10:10:11

සුභ අනාගතයක් ..(ස)

ඩිලාන් 2012-07-27 12:57:09

කවද හරි ලංකාවෙත් ක්‍රිස් ගේල් කෙනෙක් පහල වෙනවා......සුභ පැතුම්....

අරලියා 2012-07-27 13:05:20

ඔයාට තියෙන දක්ෂතාවය දිගටම පවත්වාගන්න.......(ස)

ඉන්දි 2012-07-28 11:22:51

ඔබේ ක්‍රීඩා ජවය ඉතා ඉහලය. ඒය අප කණ්ඩායෙම් ජයග්‍රහණයට මනා පිටුවහලකි.ක්‍රිකට් ලොව ජය ගැනිමට ඔබ ශක්තිය ඇත.

සුභ අනාගතයක්

ඔබට උපෙදස් දුන් මහතාට අපෙග් ප්‍රණාමය .............. (ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :