2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති

විරෙන්දර් සෙවැග්

2012 ජූලි මස 23 21:17:37 | යොහාන් භාසුර , හම්බන්තොට සිට...

ශ‍්‍රී ලංකා අංක එක වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් හොඳින් ලකුණු රැුස්කිරීමට හේතුව මාලිංග අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම වියහැකි බව ඉන්දීය ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් පැවසීය.

පළමු තරගයේදී ඉන්දීය පිතිකරුවෝ මාලිංගගේ  ඕවර 10 තුළදී කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 83 ක් රැස්කිරීමට වූහ. මෙය ශ‍්‍රී ලංකා පන්දු යවන්නකු ශ‍්‍රී ලංකාවේදී පැවති එක්දින තරගයකදී ප‍්‍රතිවාදීන්ට දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

හම්බන්තොටදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෙවැග් මෙසේ පැවසීය.

”අපි මාලිංගගේ පන්දුවලට අයි.පී.එල්. තරගාවලියේදීත් ක‍්‍රීඩා කරලා තියෙනවා, සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුඵවන්. අපි ලංකාව සමගත් තරග විශාල සංඛ්‍යාවකට සහභාගි වී තිබෙනවා. මාලිංග දක්‍ෂ පන්දු යවන්නෙක්, ඔහු බොහෝ අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය දක්වා රැගෙනවිත් තියෙනවා”

සෙවැග්ගේ ප‍්‍රකාශය පිළිබදව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් කළ විමසුමකදී පැවසුවේ එය ඔවුන්ගේ (ඉන්දියාවේ) අදහස විය හැකි බවය.

”ඉන්දීය සෙසු පිතිකරුවන් මාලිංගට හොඳින් ක‍්‍රීඩා නොකළත්, දෝනි මුල සිටම ඉතාමත් හො`දින් මාලිංගගේ පන්දුවලට ලකුණු රැුස් කළා. අජන්ත මෙන්ඩිස් අයි. පී. එල් ක‍්‍රීඩා කරන්නේ නෑ, අජන්තට වෙනත් රටවල්වලට පිතිකරුවන්ට පෙර ඉන්දීය පිතිකරුවෝ හොදින් ක‍්‍රීඩා කළා. මුලික දේ ඉන්දීය පිතිකරුවන් දක්‍ෂයි. ඒකත් සාධකයක් විය හැකියි” යයිද මහේල පැවසීය.

අදහස්(14) බැලූවෝ (3720)

මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුභාෂිනී 2012-07-23 22:17:36

අනේ මුකුත් කියන්න එපා....අඩුවෙන් ගෙවල වැඩියෙන් වැඩ පෙන්වන්න කියන එක හරිද මං අහන්නේ ?.(ස)

ගනේගම 2012-07-23 21:26:30

ෂෙවාග් හරියටම හරි .(දී)

සම්පත් 2012-07-23 21:40:17

අනෙක් තරග ටික හොදට සෙල්ලම් කරමු. (නි)

සිසිර 2012-07-23 21:55:20

ඉන්දියා පිතිකරුවන් දක්ෂ වුවත් ඔවුන්ගේ අදක්ෂ තැන් දැන ගැනීමට අපේ කට්ටියට පුලුවන් වෙන්න ඕනේ. (නි)

නාමල් 2012-07-23 21:56:46

මලින්ගව ඊලග තරග වලටත් දානවද ????????????????????????????

දිමුත් 2012-07-23 23:45:12

නුවන් කුලසේකර තමයි නොම්මර එක. (නි)

නාවලගේ 2012-07-24 07:10:32

ක්‍රිකට් තරඟ බලන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරන්න එපා . 21 වෙනිදා තරඟයේදී මාලිංග උඩ පන්දු රැක්කනම් මේ කතාව වෙනස් වෙන්න තිබුණා. මාලිංග ලංකාවේ වගේම ලෝකෙම හොඳ පන්දු යවන්නෙක්.....(ස)

වරුණ 2012-07-24 07:35:10

ඔක්කොම සල්ලිවලට යට වෙලා..........එදා අර්ජුන කරන්න ගිය දේ කරන්න දුන්නනම් අද මේ දේ වෙන්නේ නෑ....(ස)

චමින්ද 2012-07-24 08:24:12

මේ රට වැසියෝ, ඒ වෙලාවේ මාලිංග ඇරෙන්න වෙන බෝල් කරන්න හිටියේ කවුද? කුලෙත් නැහැ.මම හිටියා නම් මම කරනවා ඒ වැඩේ.ඒත් මමත් හිටියේ නැහැනේ. (නි)

ඇන්ටන් 2012-07-24 10:44:27

දීකිරට බළල්ලුත් සාක්කියිලු නේද ???? (ස)

චතුරංග 2012-07-24 10:37:39

මාලිංග තමන්ගේ පන්දු යැවීමේදී පන්දුව පතිත කරන ස්ථානය පිළිබඳව මීට වඩා අධ්‍යනය කර යුතුයි.....(ස)

උපුල් 2012-07-24 11:33:08

අනේ අනේ..... (ස)

අරුණ ශාන්ත 2012-07-24 12:42:14

මාලිංග බොල 10ට ලකුණු 19ක් ගැහුවෙ මාලිංගටත් ඉන්දියාවෙ පන්දුයවන්නන්‍ හොදට හුරු පුරැදු ඇති... මාලිංගව පංදුවට පහරදිමට පිළිවෙලහි ඉහළින් දාන්න ඕන..(නු)

නාමල් 2012-07-24 14:03:27

අයියෝ සල්ලි........... (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :