Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
නව කඩඉම් ලකුණු නිකුත් වෙයි
සමහර සිසුන්ගේ කඩයිම් ලකුණු සහ දිස්ත්‍රික් මට්ටම වෙනස් වෙලා
2012 ජූලි මස 22 16:14:23 | තරිඳු ජයවර්ධන
2011 අපොස උසස්පෙළ විභාගයේ Z ස්කෝර් නිවැරදි කඩඉම් ලකුණු මාස හතකට පසු අද අන්තාර්ජාලයට මුදා හැරියේය.
මෙම ලකුණු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය හා සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන් පසුව අලුතින් එම ලකුණු ගණනය කර ප්‍රමාධයකින් තොරව ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉකුත් ජූනි 25 දින ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කළේය.
එම නියෝගය නොපිළිපැද උසාවියට අපහාස කළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කරුණු දැක්වීමට සදහා උසාවියට කැඳවා තිබේ.
උසාවිය නියෝගය නිකුත් කළේ පැරණි සහ නව නිර්දේශ වෙන වෙනම ගණනය කරන ලෙසයි.
ඇතැම් සිසුන්ගේ එම නිර්දේශ දෙක එකට ගෙන ගණනය කළ නව කඩඉම් ලකුණු සහ පැරණි කඩයිම් ලකුණු අතර වෙනසක් වී ඇත.
කලින් දිස්ත්‍රික් මට්ටම 150 තුබූ ශිෂ්‍යා දැන් 50 වැනි තැනටත්, කලින් 25 තිබූ ශිෂ්‍යයා දැන් 94 වැනි තැනටත් පැමිණ ඇත.
මුලින් ගණනයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් තිබූ සිසුන්ට දැන් එය අහිමී ඇත්නම් එසේ වී තිබෙන්නේ සිසුන්ගේ වරදින් නොවන නිසා එම සිසුන්ටද සාධාරණයක් ඉටු කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී.
අදහස්(10)
බැලූවෝ (3588)
නව කඩඉම් ලකුණු නිකුත් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඉෂි 2012-07-22 17:11:34
අනේ ස්ටාලින් මහත්තයෝ, ඔයාම කියන්නකෝ හැමෝටම සාධාරණයක් වෙන ක්‍රමයක්.(ත)
අමිල කටුනායක 2012-07-22 17:20:28
මේ අයගෙ විකාර නිසා කොයි තරම් ළමයින්ට සිත් තැවුල් ඇතිවෙනවාද? (ත)
ජගත් චන්දන 2012-07-22 17:25:40
දිස්ත්‍රික් මට්ටම 25 තිබූ ශිෂ්‍යයා හිටියෙ ගොඩාක් සතුටින්. විශ්වවිද්‍යාල යන්න පුලුවන් නිසා Revision ගියෙත් නෑ. දැන් 98. සිහින මහ පොළවට සමතලා වෙනකොට හිතට දැනෙන ආතතියට වන්දි ගෙවන්නෙ කවුද ? (ත)
DAMINDA DUNASENA 2012-07-22 19:14:34
මේ දරුවන්ගෙ මේවාගේ වද දෙන්න එපා (අ)
නලීන් 2012-07-22 19:45:54
ළමයිට අසාධාරණයක් වුණේ. ආසියාවේ ආශ්චර්ය (ත)
ජනිත් 2012-07-22 21:11:04
වහා පැරණි නිර්දේශය යටතේ ලියපු ළමයින්ට සාධාරණය ඉටු කළ යුතුයි. (නි)
සනත් 2012-07-23 01:13:48
කැකිල්ලේ තීන්දුවක් වගේනේ මේක. (නි)
ගිහාන් 2012-07-23 10:48:15
අධිකරණ තීන්දුවේ වරදක් නැත..එහි කියා ඇත්තේ විෂය නිර්දේශ දෙකට අදාළ Z අගයන් වෙන වෙනම ගණනය කරන ලෙස පමණි.ගැටලුව වී ඇත්තේ අගයන් වෙන වෙනම ගණනය කර ඒවායේ අනුපිලිවෙල ගත් ආකාරයේය. මෙම අනුපිලිවෙල ගන්නා ආකාරය පිළිබඳව කමිටුව විසින් කරන ලද නිර්දේශය නිවැරදි නොවේ.පැරණි විෂය නිර්දේශයේ ළමයින් ගේ දිස්ත්‍රික් කුසලතා අසාමාන්‍ය ලෙස පහත බැසීමට හේතුව මෙයයි. විෂය නිර්දේශ දෙකේම විභාගයට ඉදිරිපත් වූ ළමයින් ප්‍රමාණ සලකා,ඒ අනුව විෂය නිර්දේශ දෙකට වෙන වෙනම ප්‍රතිශත ක්‍රමයකට අනුව දිස්ත්‍රික් කුසලතා ගැන්වීම කළා නම් මෙපමණ අසාධාරණයක් සිසුන්ට සිදු නොවන්නට ඉඩ තිබිණි.වරද ඇත්තේ කමිටුව අතේය. විභාගයට සති දෙකකට කලින් ප්‍රතිඵලය වෙනස් කර ඕන නම් නැවත විභාගය ලිවීමට හැකියැයි කීම හාස්‍ය ජනකය. විභාගයට පෙර සුදානමක් නොතිබූ සිසුන්ට උසස් පෙළ වැනි විභාගයකට සති දෙකකින් සුදානම් වන්න කියන්නේ කිසිදා උසස් පෙළ නොකෙරූ අය විය යුතුය. කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ලෙස ප්‍රතිඵල නිකුත් කරන්න යැයි ජනාධිපතිවරයා කීවත් අද රටේ සියලු දරුවන්ට සාධාරණය ඉටුවී තිබේද? (නි)
ඉරාන් 2012-07-23 11:08:11
අහෝ, අධ්‍යාපනයක ආශ්චර්යය...... (නි)
හර්ෂ 2012-07-24 11:29:16
පරණ විෂය නිර්දේශයට සහ අළුත් විෂය නිර්දේශයට ඉසෙඩ් ස්කෝර් එක වෙන වෙනම හදලා පස්සේ ඒවා සියල්ලම එකට පෙළ ගැස්සවීම අසාධාරණ නොවේද? (නි)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(118)
(17560)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12841)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12841)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12528)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11769)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(55)
(11006)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(96)
(10772)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9007)