Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්
2012 ජූලි මස 13 09:59:37 | පුෂ්පකුමාර
සිය මනාලිය සමග මධු සමය ගෙවා නිවෙසට එමින් සිටි මනාලයෙකි. පොලිස් ජීප් රියක් නිවෙස අසල නතර කැරිණි. මනාලිය කාරයේ සිටිය දී මනාලයා අතුරුදන්විය.
කලින් විවාහවූ බව කියන මේ තරුණයා බිරියගෙන් වෙන්ව වසර කීපයක් කල් ගත කළ බිරිය තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතු ඔහු යළි විවාහයකට ඇතුළත් වීමට තීරණය කළාලූ. අලූතින් දැන හඳුනාගත් තරුණියක හා යළි පෙමින් වෙළී විවාහයට දින නියම කැර ගත්තාලූ.
ඒ අනුව නව මනාලියගේ නිවසේ දී පෝරුවේ චාරිත‍්‍ර හෙළ සිරිතට සිදුවිය. යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය. මේ අතර තම විවාහක සැමියා තමන්ගෙන් නිත්‍යනුකූලව වෙන් නොවී යළි විවාහයකට ඇතුළත්වූ බව පළමු බිරිය දැන ගත්තාය.
ඇය මේ බව පොලිසියට පැමිණිලි කළාය. ජෝඩුව දැන් නගරයේ හෝටලයක ඉන්නා බව දැන ගන්නට ලැබුණු බවද ඇය කීවාය. පොලිස් පිරිසක් හෝටලයට යන විටත් ජෝඩුව නිවසට යාමට පිටත්ව ගොසිනි. පොලිස් රිය නිවස බලා ගමන් කළේ පළමු විවාහක බිරියත් සමගය.
පොලිස් රිය නිවසට ළං වෙද්දී ජෝඩුව රියෙන් බසින්නට නැකත එනතුරු බලා සිටියහ. පොලිස් රියත් එහි තම පළමු බිරියත් සිටිනු දුටු මනාලයා අනෙක් දොර හැර කාරයෙන් බැස දුවන්නට වූයේය. ”මනාලියත් මනාලියගේ පාර්ශ්වයෙන් ආ නෑදෑයොත් අන්දුන් කුන්දුන්වූහ. පොලිසිය පළමු බිරියට කරුණු පැහැදිලි කරදී අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව දැන්වීය.
ටිකවේලාවක් බලා සිටි මනාලියත් නෑයනුත් ආපසු යන්නට හදද්දී එහි ආ මනාලයා නොවඳිනා වැඳුම් වැඳ පිරිස නවත්වාගෙන දිවා ආහාරයෙන් සංග‍්‍රහකොට පිටත්කර හැරීමට ගත් උත්සාහය අසාර්ථක විය. ඔවුන්ගෙන් ඔහුට බඩ කටපුරා කන්නට ලැබිණි. ඒ බත්මාළු නොවේ.
අදහස්(33)
බැලූවෝ (23754)
මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පිලිපීනෝ 2012-07-13 12:48:46
ගෑනු ඔහොම්මමයි.තමන්ගේ මිනිහා එක්ක සතුටින් ඉන්න දන්නෙත් නෑ..ඒ මනුස්සයට වෙන ගෑනියෙක් එක්ක සතුටින් ඉන්න දෙන්නෙත් නෑ...
අමිල 2012-07-13 12:32:39
බදින්න පෙර සොයා බලනු
වරුන 2012-07-13 13:23:24
මනමාලි නැතිවුණාම මොකෝ.හනිමූන් එකට ගියානේ.හිරෙන් නිදහස් වෙලා ඇවිත් තව කෙල්ලෙක් බැද ගනීවිද දන්නේ නෑ
ගිරිගෝරිස් අප්පුහාමී 2012-07-13 13:32:50
පව් අප්පා..
ෆාරු 2012-07-13 14:14:19
ඔව් අමිල....ඔයා හරි..
සරත් 2012-07-13 15:48:17
අපේ ගෑනු ළමයින්ට මොලේ පෑදෙද්දි පෙරහැර ගිහින්....
රජිත් 2012-07-13 16:45:19
ඔය කාන්තාවට තිබුණේ පෝරුවට නගිද්දිම අල්ල ගන්නනේ.එහෙම වුණානම් අද මනමාලිට ප්‍රශ්නයක් නෑනේ
සමින්දු 2012-07-13 17:09:44
ලංකාවේ හොදම පුවත්පත
පාලිත 2012-07-13 18:21:30
ඉරිසියාව.පෙර කරුමය.
ධම්මි 2012-07-13 18:55:51
කාන්තාව හොද නම් පිරිමියා වෙන කසාදයක් කර ගනීද?
මොට්ටා 2012-07-13 18:27:23
පිලිපීනෝ කියන කතාව හරි
S.N 2012-07-13 21:30:12
පවු අර අලුත් මනමාලි කලින් හොයල බැලුවානම් ඔහෝම වෙන්නෙ නෑ. අම්ම තාත්තවත් විශ්වාස කරන්න බැරි කාලයක් අද තියෙන්නේ.
hanuma 2012-07-13 21:32:38
මනමාලියට මොකද වූනේ.
හනුමා 2012-07-13 20:54:08
අන්තිමේ මනාලියට නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ
සේනානායක 2012-07-13 22:52:53
දැක්ක ගමන් හිත ඇදුන ........ වාසනාවේ දොර අරුණා...කබලෙන් ලිපටත් වැටුන ......
ලලිත් 2012-07-14 04:14:26
මිනිහ පුරුදු කරයෙක්නේ ඒක නිසා ඕව ගණනක් නෑ!
රුවන් ගමරාලගේ 2012-07-14 07:53:46
මේකත් පරණ කතාවක් ....මවෙ ඉතින් දෙන සාමාන්‍ය දේවල්නේ .....
පුංචා 2012-07-14 10:40:57
පවු.දැන් ඉතිං මොනවා කරන්නද?
සරත් 2012-07-14 12:18:14
හනුමා, එයා පවු
දුමින්ද 2012-07-14 12:45:57
මනමාලයා දික්කසාද වෙන්න දන්නේ නැද්ද?
සියාතු 2012-07-14 19:35:39
මනමාලිගේ පැත්තේ කට්ටිය මීහරක්ද .කෙල්ල දෙන්න ඉස්සර මොකද්ද කින්ද මන්ද කියල හොයල බැලුවේ නැද්ද අදකාලේ අයියලාගේ හැටි දැනදැනත් .
මෝහමෙඩ් රසීඩ් 2012-07-14 20:26:28
ගුටි කෑවට කමක් නැ ,
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-14 23:18:46
පිලිපීනෝගේ මතය හරිය. නීත්‍යානූකූලව විවාහය දික්කසාදයකින් කෙළර විය යුතුය. මෙහි සදාචාරාත්මක ගැටළුවක් නොමැත. ඇත්තේ නීතිමය ගැටළුවක් පමණි. වෙන්ව විසූ සැමියාට කරගන්න ගිය විවාහයද නැත. මෙය පෙර බිරිඳගේ ඊර්ෂ්‍යාව මත සිදුවූවක් බව හොඳින්ම වැටහේ. මෙයින් සිදුවූයේ තවත් තරුණියකගේ ජීවිතය විනාශවීම බව මේ මෝඩ ගැහැණියට නොවැටහීම මහාම අවාසනාවකි. ගැහැණුන් දුර නොබල මෝඩ පිරිසක් බව මේ සිදුවීම තුළින්ම මනාව පැහැදිලි වේ. පෙර කළ බමුණන් ගැහැණුන්ට ඇත්තේ හැඳි මිටේ නුවණක් බව කීවේ එබැවිනි. අද වුනත් උපාධි පශ්චාත් උපාධි ලබා ගත්තත් ප්‍රායෝගික ජීවිතය අවුල් කර ගන්නා තරමක් ඉන්නේ උගත් ගැහැණුන් බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළදී මමද දැක ඇත්තෙමි. යන්තම් සා.පෙ, උ.පෙ. කළ හෝ ඊට පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිත ගැහැණුන්ට උපාධිධාරීනියන්ට වඩා ජීවිතය, විවාහ ජීවිතය ගතකළ යුතු ආකාරය, සැමියාට ගෞරවයෙන් සැලකීම අතින් ඉහළය. උපාධිධාරිනියන් සිතන්නේ තමන්ට සැමියා වැඳිය යුතු බවකි.කෙසේ වුවද මෙහිදී නීත්‍යානූකූලව දික්කසාදය ලබාගැනීමට ක්‍රියා කළ යුතුව තිබිණ. එසේ වුවා නම් අද මේ පුද්ගලයාගේ විවාහ ජීවිතය අවුල් කිරීමට ඒ මෝඩ ගැහැණියට ඉඩකඩ ලැබෙන්නේ නැත.අද මේ රටේ අවුල් ඇතිකරන තරමක් අවුල් ඇති කරන්නේ මෝඩ ගැහැණු බව පැහැදිලිය.
සුමි 2012-07-15 03:35:29
මොකද පාරු, ඔබ අමිල හරි කීවේ ඔබටත් දයක් ඕනද
පිලිපිනෝ 2012-07-15 10:31:28
මෙන්න බොලේ ආචාර්ය කියනවා මම හරි කියල ? මට නම් දැන් මාවම විස්වාස නැ බොලේ ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-15 13:58:23
පිලිපීනෝගේ මතය හරිය.
රොහාන් 2012-07-15 16:11:44
අවරුදු 4 වෙන් වෙලා හිටයම කොහොමත් නීතියෙන් වෙන් වෙන්න පුලවන්නේ
නිෂි 2012-07-16 05:19:16
පවු. ගෑණිටත් පිස්සුනේ. අවුරුදු හතරක් ළග නොසිටි මිනිහා ගැන මොකට හොයනවද?
කන්කානම 2012-07-16 12:34:27
ආචාර්යතුමා බැදලා ඉන්නෙත් පශ්චාත් උපාධිධාරිනියක්ද?
ඔරංඔටං 2012-07-17 00:48:48
අයියෝ, මනාලයා එච්චර ක්‍රම සහ විධි දන්න කෙනෙක් වෙන්න බැහැ වගේ
ගිහාන් 2012-07-17 09:06:04
ඔයිට කලින් දැන ගත්තනම් මනමාලිට හිත හදාගන්න හරි තිබුණා...
සහන් 2012-07-19 11:04:00
ඒකෙන් උනේ අනිත් ගැහැණියට මනුස්සයෙක් නැති වුණා..
නුවන් 2012-07-20 18:22:07
ගුටි තමයි දෙන්න ඕනෑ අර ගැහැණු ලමයවත් අනාථ කලාට (දී)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(85)
(15992)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(100)
(14829)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(96)
(14821)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(166)
(14742)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(39)
(12642)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11752)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(28)
(10713)