Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා
2012 ජූලි මස 10 10:16:23 | . , අරණායක ඊ. සුසන්ත
යතුරු පැදියකින් පැමිණි සොරකු තම මාලය කඩාගෙන යද්දී උපහාසාත්මකව සිනාසුණායැයි එම සොරා ආපසු පැමිණ මාලය හිමිකාරියට කම්මුලට ගැසීමේ සිද්ධියක් අරණායකින් වාර්තා වේ.
මහ දවල් එම කාන්තාව මාර්ගයේ ගමන් ගන්නා අතර යතුරු පැදියකින් පැමිණි අයකු ඇය අසල යතුරුපැදිය නවතා ගෙල බැඳි මාලය වටිනා රන් දම්වැලක් යැයි සිතා කඩා ගෙන යාමට සැරසෙද්දී එය ”ඉමිටේෂන් වර්ගයේ” කිසිදු වටිනා කමක් නැති එකක් කියා උපහාසාත්මකව සිනාවක් පා ඇය ආපසු යාමට සැරසෙද්දී මෙය දුටු සොරා ආපසු පැමිණ ඇයගේ කම්මුලට ගසා මාලයද විසිකර පලාගොස් ඇත.
අදහස්(39)
බැලූවෝ (15273)
මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිසා හාමි..... 2012-07-10 10:58:57
අම්මප මෙයා කැලේ කොටියම කන්න එපැයි..... හොරකම් කරල තව ගහන්නත් එනවා.....
සදුනි 2012-07-10 11:07:04
ඔහොම තමයි හොරකම් කරන්න ගියාම...
සජි 2012-07-10 11:21:16
මේ වගේ අය කිඹුලන්ට කන්න දාන්න ඕන....
ලක්ෂ්මන් 2012-07-10 10:49:21
සිප වැලඳගෙන ගියානම් මීට සැපයි නේ.....
පුංචා 2012-07-10 10:51:09
කෙල්ලටත් තිබුණේ අතදිගහැරල ගහන්නනේ ....
ඉන්දුමණී 2012-07-10 11:35:27
කම්මුල් පාර කෑවත් මොකෝ, ඒ මෝඩයා මගේ පවුම් දෙකේ මාලය විසිකරලනේ ගියේ.
සරනපාල 2012-07-10 12:25:11
ඕකට වෙන්න ඇති අශ්චර්‍යය කියන්නේ...
වරැණ 2012-07-10 12:37:49
අල්ලල අත කැඩුවනම් හරි.. අහල පහළ කවුරැවත් හිටියෙ නැද්ද?
රුවන් ගමරාළගේ 2012-07-10 12:40:04
සමහර විට මේ හොරා කෙල්ලගෙ පරණ පෙම්වතාද දන්නෙ නැහැ..
රුවන් 2012-07-10 12:40:15
කෙල්ලගේ පරණ පෙම්වතාද දන්නේ නෑ.....
දර්ශන 2012-07-10 13:22:03
අනිත් දවසේ කඩන්න කලින් ඉමිටේශන් කියලා කියන්න....
රිවිහාරි සතිල් 2012-07-10 15:14:21
හැමෝම දැන් රත්තරං දාගෙන ගිහින් හොරාට හිනාවුනාම හිතයි දැන්
හැමෝම දාන්නේ ඉමිටේෂන් කියලා හොරට හුලං
පී.එස්. 2012-07-10 16:04:41
දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා.. ලංකාව දැං පල්හොරුන්ටම ගිය රටක් වෙලා..
දයා, සෞදියේ සිට 2012-07-10 16:07:38
මෙහෙම අවස්තාවල අපි ළඟක නෑනේ...හිටියනම් දනියි කරන වැඩේ....
සමන්ත 2012-07-10 17:18:36
එයාගෙ වෙලාව හොද ඇති...
නුවන් 2012-07-10 18:40:06
මන්සිවෙලා මාලේ කැඩුවම එක ඉමිටේශන් කියල කිවුවම කාටද තරහ යන්නේ නැත්තේ ..හොඳ වෙලාවට කනේ පාරකින් බේරුනා ..වෙන මොනව හරි වුනානම් කාට කියන්නද
අකිල 2012-07-10 19:22:46
මේ අයට පාරක් පාරක් ගාණේ ගල් ගහලා මරන්නයි තියෙන්නේ
රුවන් 2012-07-10 23:50:10
ලොක්කෙකුගෙ හයියක් ඇති ඒකයි මෙහෙම කරන්නෙ..
සමන් 2012-07-11 02:13:28
හොරැන්ට ගිය කලක්.. මේ ගෑණු ළමයා විතරද මේ පාරෙ හිටියෙ...
සුනිල් පෙරේරා 2012-07-11 02:13:47
ආසියාවෙ ආශ්චර්යයට යන්න බය මොකද? අත් බෑගයට සෙල්ලන් පිස්තෝලයක් ඇතුලට ඇසිඩ් ටිකක් දගෙන ගියාම සෙල්ලන්ද කොල්ලො කියලා දුන්නනම් පොලිසියට බැරි දේ නිකම්ම නවතී..
ලලිත් 2012-07-11 04:51:58
මේක හරිම අතාත්වික්යි. හොරා රත්තරන් බඩු සාප්පුවක වෙන්නැති වැඩ කරන්නේ; නැත්නම් ඔය කලබලේ මාලේ අතට ගත්තගමන් ඒක අයිතිකාරයා කියපු කථාව විශ්වාසකලේ?
හනුමා 2012-07-11 06:23:40
හොරකමට අලුත් වගේ.ඒකනේ හැගීම් වලට යට වෙලා කම්මුල අතගෑවේ
අයියෝ සල්ලි 2012-07-11 08:07:05
අයියෝ සල්ලි
සලීම් 2012-07-11 08:24:10
මේ හොරු ඉක්මනට මැරෙන්න ඕනේ පව් කාරයෝ .
තිලක් 2012-07-11 07:59:57
මහ මෝඩ කාන්තාවක් බොරුවට හරි කෑ ගහන්නයි තිබ්‍බෙ එහෙනම්
ගුටිනොකාවත් ඉන්න තිබුන
ඩයස් 2012-07-11 13:01:38
හොරුන්ගෙන් බේරීම සදහා කාන්තාවන්ට ML 40 ඇසිඩ් වර්ගය ළග තබා ගැනීමට ඉඩ දෙමු
නයන ශ්‍රී 2012-07-11 13:46:16
"දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා..
ලංකාව දැන් පල්හොරුන්ටම ගිය රටක් වෙලා.."
කැලුම් 2012-07-11 15:16:43
කම්මුලේ ඩෙංගු මදුරුවෙක් හිටියා, ඒකයි කම්මුලට ගැහුවේ
ධනංජය 2012-07-12 08:43:04
හොරා හැගීම්බර වෙන්න ඇති. පවු හොරා
ගිහාන් 2012-07-12 09:32:24
හොරෙක් වුණත් තමන්ගේ රැකියාවට ගරු කරන හොරෙක්.ඒකෙත් හැටි
දම්මි 2012-07-12 14:19:13
දැන්නම් බය නැතිව කරමාල දාගෙන යන්න පුළුවන් වේවි...
ජුවල් ලෝරිස් 2012-07-13 02:31:05
ඉදිරියේදි බයිසිකල් චේන් තමයි කරේ දාගෙන යන්න වෙන්නේ මේ යන විදියට
සහෘදයා 2012-07-13 14:17:49
හොරාට ආත්ම ගරුත්වය මතක් වෙන්න ඇති...ආපහු හැරිලා ඇවිත් ගහලා යද්දිත් හිනා වෙවී හිටියද...නම්බර් එකවත් ලියා නොගෙන....අයියෝ යෝ..යෝ.!!!!!!!!!!!!!!
ජගත් 2012-07-13 14:35:17
ජීවන වියදම අහස උසට බව ඇත්ත.ඒත් හොරකම නරකයි
හොරා 2012-07-13 14:54:30
මම මගට ගියාමනේ දැක්කේ ඉමිටේෂන් කියලා.ඒකයි තරහා ගිහින් කණට ගැහුවේ
සුජීව 2012-07-13 19:16:56
බයිසිකල් චේන් වලට වැඩිය ටයර් මාලේ හොද නැද්ද
වසු 2012-07-16 21:49:05
ඉන්දුමනී,මාර මොළයක්නේ ඔයාට තියෙන්නේ.ගෑණුන්ගේ මොළේ දැන් හැදි මිටට වැඩිය දිගයි කියලා කවුරුත් තේරුම් ගනී
සුදු පුංචා 2012-07-17 17:09:35
අඩා....... හොරාට ගිය කලක්
විනිශ්යකරු 2012-07-20 20:17:24
කතාවේ කිසි තේරුමක් නෑ (දී)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17185)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16288)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12544)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12424)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12284)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11294)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9696)