2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

රතන හිමි ගැන තීරණයක් ගන්න හෙළ උරුමයෙන් කමිටුවක්

2017 පෙබරවාරි මස 17 22:25:50 | . , බිඟුන් මේනක ගමගේ

අදහස්(22) බැලූවෝ (1782)

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට   ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරති.  නීතීඥ සී එම් ජයරත්න සහ නීතීඥ ඩියුඩර් වීරසිංහ මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. 

 

අදහස්(22) බැලූවෝ (1782)

රතන හිමි ගැන තීරණයක් ගන්න හෙළ උරුමයෙන් කමිටුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුජීව 2017-02-17 18:46:29

ජනවාරි 8 පෙරළියට මුල්වූ රතන හාමුදුරුවෝ ගෙදර. පින් ඇමතිලා වැජඹෙනවා. රතන හාමුදුරුවන්ටත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම තමයි (නි)

ද සිල්වා බෙර්ලින් 2017-02-17 19:00:11

ඔය කමිටුව ඉස්සෙල්ලා හොයල බැලුවා නම් හොඳ නැද්ද ආණ්ඩුවේ කොටස්කාරයකු වන හෙළ උරුමයද ඡන්දෙට ඉස්සර රටවැසියන්ට වුණ පොරොන්දු ඉටුකළාද කියලා? මම නම් හිතන්නේ රතන හිමි ගත්ත තීරණය හරි කියා. රතන හිමිට තවදුරටත් ජනතාවට පිටුපාල ඔවුන් සමග යාමට නොහැකි නිසා උන් වහන්සේ ස්වාධින වෙලා (නි)

චන්දා 2017-02-17 19:13:37

ගලේ පැහැරූ පූසන් වගෙයි දැන්... (නි)

මංජුල 2017-02-17 19:30:26

මේ වගේ පාරාජිකා පුද්ගලයින් ගැන මොන කතාද තවත්? (නි)

මුණසිංහ 2017-02-18 01:38:22

හෙළ උරුමය කලෙක ඉඳන් සළු නොමැතිව වගෙයි ඉන්නේ! (නි)

චමින්ද 2017-02-18 04:15:40

යථාර්ථවාදී සත්‍යය සහ ප්‍රායෝගික අභියෝග හමුවේ පක්ෂ, සන්ධාන ආරක්ෂා කරගැනීමේ උත්සාහය අතර සටනක්. (නි)

fb-icon ජයසිරි 2017-02-18 04:56:24

"හෙළ උරුමය" කියන වචන දෙකට අ‍ගෞරව කරන්න එපා. (නි)

නන්ද 2017-02-18 05:05:48

සියයට සියයක් නැතත්, රතන හිමි හරි වැරැද්ද කතා කළා. වැරදි කරන විට ඊට එරෙහිව කතා කළා. විරෝධය පළ කළා. ජාතික ලැයිස්තුවෙන් මීට පෙර පත්වුණු මන්ත්‍රීවරු ක්‍රියා කළ හැටි අපි දන්නවා.ඒ අතින් මේ හිමියන්ට කාගේත් ප්‍රසාදය හිමිවිය යුතුයි. මේ හිමියන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ අයිතිය හෙළ උරුමයට තිබෙන එක ඇත්ත. එහෙත් එම තීරණය නිවැරදි එකක් වේවි කියා, හෙළ උරුමයට සම්බන්ධ නැති අය බලාපොරොත්තු වෙනවා. (නි)

ඇසළ 2017-02-18 05:13:08

හෙළ උරුමය - හෙළ කරුමය වෙලා ගොඩක් කල්. (නි)

රේණුක 2017-02-18 05:18:28

හෙළ උරුමය දැන් ගලේ විතරක් නෙමෙයි හැමතැනම පහරනවා. අපමණ සුවඳක් දැනෙන්නේ. (නි)

සමන් 2017-02-18 05:20:30

දැන්වත් සත්‍ය වටහාගෙන වැඩ කරනවා නම් හොඳයි (නි)

fb-icon අමරා 2017-02-18 06:07:25

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

fb-icon මංගල 2017-02-18 09:19:35

රතන හාමුදුරුවනේ, ඔය පළදෙන්නේ කළ දේවල් තමයි.

සුසන්ත 2017-02-18 10:44:08

මේ ඉවත් වුණෙත් කට්ටිය එකතුවෙලා කළ සැළසුමක කොටසක් ලෙස මිස තනිව නොවේ. මේ සිංහල මිනිසුන්ගේ මෝඩකමින් ප්‍රයෝජන අරගෙන මෙයාලට එල්ලවෙලා තියන ජනතා අප්‍රසාදේ අඩුවෙනකන් සිංහල මිනිස්සු රවට්ටගන්න සැළසුම්. 2020 ජනාධිපතිවරණේ වෙද්දී බලන්න මෙයාලා අපහු එකතුවෙන හැටි. (නි)

කෝරළේ 2017-02-18 14:01:42

ගව ඝාතනය සම්පූර්ණයෙන් නවත්තනවා කිවුවා. සිංහල බෞද්ධයා නියෝජනය කරනවා කිවුවා. පරිසරය සුරකිනවා කිවුවා. මිනිසාට සුදුසු දේශයක් ගොඩනගනවා කිවුවා. ඊටපස්සේ මහින්දට තොග වශයෙන් කඩේ ගියා. තම පක්ෂයට තිබූ ආසන ගණන අඩු කරගත්තා. දැන් අනාථයි. (නි)

නිහාල් 2017-02-18 18:33:56

හෙළ උරුමයේ නායකයින් තම පපුවට තට්ටුකරලා අැහුවා නම් කියයි රතන හාමුදුරුවෝ හරි කියලා. (නි)

ඩිලාන් 2017-02-19 00:31:04

බෙර්ලින්හි ද සිල්වා ලංකාවේ දේශපාලන නීතිරීති නොදන්නා බවයි පෙනෙන්නේ. රතන හාමුදුරුවෝ ජනතාව පත්කළ මන්ත්‍රීවරයෙක් නොවෙයි. උන්වහන්සේ පක්ෂයෙන් පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් (නි)

රන්ජන් 2017-02-19 00:45:17

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දැන් මොනවද කියන්නේ සහල් ආනයනය ගැන. වසවිස නැති ඒවාද ආනයනය කරන්නේ. ඕවට පිළිතුරු දෙන්න බැරි නිසා සද්ද නැහැ. (නි)

මහී 2017-02-19 00:56:06

මේ පොඩි පක්ෂවලට ඉන්නේ කී දෙනාද? ඒ ඉන්න ටික දෙනාත් කුළල් කා ගන්නවා. ඉතින් කාගේ හරි එල්ලෙන්නේ නැතුව පැවැත්මක් නැහැ. වමේ පක්ෂවලට වෙච්චදේම තමයි හෙළ උරුමයට වෙන්නෙත්. (නි)

දෙවිසුරිඳු 2017-02-19 08:28:09

රතන හාමුදුරුවන්ට අන්තිමේදි සිවුර විතරක් ඉතුරු වේවි. (අ)

ෂාන් 2017-02-19 08:48:29

ඕක මොකක්ද ඔච්චර දඟලන්නේ? පක්ෂෙන් අයින් වුනාම, පක්ෂෙන් දීපු පින් මන්ත්‍රී කමේ ඉන්නේ කොහොමද? අනිත් අය කමිටු දාන්න ඕන නෑ, තන්හාව ප්‍රහාරණය කරපු කෙනාම සිවුරේ ගෞරවයත් තියාගෙන අයින් වුනානම් තමයි හොඳ. (අ)

කුමාර් (ගල්ෆ්) 2017-02-19 13:03:40

හාමුදුරුවෝ පතල කළ ශුද්ධ කෘෂිකර්මයට දැන් මොකද වෙන්නේ? (බ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :