2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

අපි නිදහස භුක්ති විඳින විදිහ ගැන සිතා බැලිය යුතුයි

ජනපති සිරිසේන

2017 පෙබරවාරි මස 17 18:42:43 | . , ආරියරත්න රණබාහු

අදහස්(35) බැලූවෝ (1412)

වෙන කවර කලකටත් වඩා ආණ්ඩුව පිළිබඳ විවේචන කරන පෙළපාළි යන උද්ඝෝෂණ කරන පාරේ කෑ ගහන අයට අද හිමිවී ඇති මහා නිදහස භාවිතා කරන පිරිස එම නිදහස කොතරම් දුරට ශීලාචාරව විනයගරුකව භාවිත කරනවාදැයි සිතා බැලිය යුතුව ඇතැයි ජාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අරලිය ගහ මන්දිරයේ අද දහවල් පැවති උත්සවයකදීය. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත් කර ඇති රාජ්‍ය තොරතුරු නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.

‘මීට පෙර රට ආණ්ඩු  කළ විදියට රට පාලනය කිරීම සඳහා නොවෙයි ජනතාව මේ අලුත් ආණ්ඩුව පත් කර ගත්තේ.

ඒ පත්කර ගත් ආණ්ඩුවෙන් ඒ වෙනස ඇති කර ගන්නේ කෙසේද ඒ වෙනස ඇති කර ගැනීමේදී අපේ වගකීම් හා යුතුකම් ඉටු කළ යුත්තේ කෙසේද යන්න අපි හිතා බැලිය යුතුයි.‘ යැයිද ජනාධිපතිවරයා පැවසීය. 

අදහස්(35) බැලූවෝ (1412)

අපි නිදහස භුක්ති විඳින විදිහ ගැන සිතා බැලිය යුතුයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

රුවනි 2017-02-17 14:03:45

ලංකාවේ ඔය ලොකු ලොකු දේවල් වලට වඩා මුලින්ම කුණු කසල වලට කරන දෙයක් හොයාගන්න . ලංකාවේ සියලුම මධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න . කුණු කසල කොහොමද පලදායී ලෙස යොදාගන්නා අයුරු යුරෝපීය තානාපති වරුන්ගෙනත් දැනගන්න .දියුණු රටවලින් උපදෙස් ගන්න. යන්ත්‍ර උපකරණ ඉල්ලාගන්න (ර)

ධම්ම 2017-02-17 14:00:22

ඒ කාලේත් ආණ්ඩුව පිළිබඳ විවේචන කරන පෙළපාළි යන උද්ඝෝෂණ කරන පාරේ කෑ ගහන අය හිටියා. ඒවාට ලැබුණු ප්‍රතිචාරවලට වඩා වෙනස්, පලදායි ප්‍රතිපල ඕනෑ නිසයි අපි මේ ආණ්ඩුව පත්කරගත්තේ. (ර)

කපිල 2017-02-17 14:32:57

මෙයනම් සත්‍යයක් (ර) .

සෙනෙවි 2017-02-17 14:33:00

මිනිස්සු උද්ඝෝෂණය කරන්නෙ තියෙනවයි කියන නිදහසක් නිසා නොව වැරදි නිසා බව තේරුම් ගැණීමට පාලකයන්ට නොහැකිවීම රටේ අභාග්‍යයකි . (ර)

හරිශ්චන්ද්‍ර 2017-02-17 18:06:54

හොඳයි අපි එහෙම කරන්නම් (නි)

හේවාවිතාරණ 2017-02-17 18:02:55

අනාදිමත් කාලයක් තිස්සේ අපිත් හිත හිතා තමා ඉන්නේ (නි)

සිරි 2017-02-17 19:35:10

හැමදාම, හැමදේම සිත සිතා ඉන්න එකනේ මෙච්චර කල් කළේ. ඉතිරි අවු.2/3 ත් හිත හිතා ඉන්න. පසුගිය අවුරුදු දෙකටම කළේ පළිගැනීම විතරයිනේ. යහපාලන නඩේ දැන්වත් දහම් පාසලකට ගියොත් හොඳයි නේද? (නි)

මහී 2017-02-17 21:35:16

ඒ කතාව ඇත්ත. ප්‍රශ්න හැමදාම තිබුනා. ඉදිරියටත් තිබේවි. නමුත් උද්ඝෝෂණය කරන්න තරම් නිර්භීත වුණේ කීයෙන් කී දෙනාද? නිදහස භුක්ති විඳින්න ඉස්සර කාලේ උද්ඝෝෂණය කරපු අය හෝ ඔවුන්ගේ නායකයෝ පහුවදා උදේ වෙනකොට අතුරුදහන් වෙලා. අමිහිරි වුණත් ඇත්ත ඒකයි. (නි)

fb-icon ටෙනිසන් 2017-02-17 23:45:03

මේවා කියලා විතරක් වැඩක් නැහැ (නි)

fb-icon අමිත් 2017-02-17 23:45:04

එහෙමයි එහෙමයි (නි)

වින්සන්ට් 2017-02-17 23:56:13

මෙතුමා කියන වගකීම් සහ යුතුකම් ජනතාව වගේම පාලකයන්ගෙන්ද ඉටුවිය යුතුය. පාලකයන්ගෙන් එසේ සිදුවුණේ නම් මහබැංකු බැඳුම්කර වංචාවන් සිදුනොවන බව අප කිවයුතුය. ලැබී ඇති නිදහස අද බොහෝවිට භුක්ති විඳින්නේ දුෂිතයන්, ආත්මාර්ථකාමීන් සහ කුහකයන් බවද පෙනෙන්නට ඇත. නිවැරදි ගමනක් යාමට පාලකයන් ගැන ජනතාවට විශ්වාසයක් තියන්නට හැකි වියයුතුය. (නි)

දහම් 2017-02-18 01:15:40

අනේ ඇයි දෙයියනේ මෙයාට තේරුමක් ඇති දෙයක් කියන්නම බැරි. (නි)

ආර්. වික්‍රම 2017-02-18 02:44:02

කපිලලා වගේ මෙය නම් සත්‍යයක් කිය කියා හැම එකටම එහෙයි කියන අය ඉන්නකන් හැමදාම මෙහෙම තමයි! (නි)

හේවාවිතාරණ 2017-02-18 03:06:02

කතාව දෝලාවෙන් ගමන පයින් (නි)

අජිත් කරුණාරත්න 2017-02-18 03:59:58

නිදහස වැඩිවීමත් රටට ඉමහත් කරදරයක් බවයි පෙනෙන්නේ. ජනපතිතුමනි, උද්ඝෝෂණ වලින් හිරිහැර වෙනේ රජයට නොවෙයි. මහජනතාවටයි. (නි)

සමන් 2017-02-18 04:43:00

ඉතිරි කාලයත් හැමදේම ඔහොමම හිත හිතා ඉන්න (නි).

ප්‍රකාශ් 2017-02-18 05:03:32

අනේ මගේ කට! (නි)

නන්දන 2017-02-18 05:31:44

හදවතින්ම කතාකරන එකම නායකයා (නි)

සාගර 2017-02-18 05:57:38

අපි නිදහස භුක්ති විඳින්නේ අපේ නිදහස රැකදුන් විරුවන්ගේ නිදහස අහිමි කරමින්... ඊටවඩා මොනවා හිතන්නද? (නි)

පාලිත 2017-02-18 06:43:29

රැකියාවට අැවිල්ලා අත්සන් කරලා පාරේ බෝර්ඩ් අල්ලාගෙන කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් වෙන වෙන තැන් වල, සමහරු ගෙදර. නිදහස උපරිම භුක්ති විඳිනවා. (නි)

සුනිල් 2017-02-18 08:06:20

ඕවා ඉතින් අපිට කියලා අපෙන් අහලා පලක් නැහැනේ? අපි පත් කළේ නිසි පියවර ගන්නනේ (නි)

අරවින්ද 2017-02-18 09:16:45

හොඳයි අපි හිතන්න පටන් ගන්නම්කෝ (නි)

තිළිණ 2017-02-18 09:24:16

අනේ ඔව් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරගත්තේ උද්ඝෝෂණ පෙළපාලි යන්න තියෙන උවමනාව නිසාමයි. මෙහෙමත් කතා. (නි)

රුවන් 2017-02-18 12:30:14

ඔබතුමා ආවට පස්සෙ මිනිසුන්ට කිසිම විදිහක ප්‍රශ්නයක් නැහැ. හොඳ වැටුපක් ලැබෙනවා. බඩු මිල ඉතාම අඩුයි. කන්න බොන්න ඕනෑතරම්. හැමෝමටම කාර් තියනවා. රටේ දූෂණයක් අැත්තෙම නැහැ. ඒ නිසා මිනිස්සු විනෝදෙට වගේ උද්ඝෝෂණ කරනවා. මම නම් කියන්නෙ මිනිස්සු හරිම වැරදියි. රට මෙච්චර දියුණු කරපු නායකයට මෙහෙම කරන්න හොඳ නැහැ (නි)

ගමගේ 2017-02-18 14:40:35

එක පාලකයෙකුට මුළු රටම හදන්න බැහැ. රටේ ජනතාව තමන්ගේ රටට ආදරයක් තියෙන්න ඕනෑ. දේශපාලන නායකයින්ට වගේම මහජනයා ඔවුන්ගේ යුතුකම් ඉටු කළ යුතුයි. (නි)

ගමගේ 2017-02-18 14:44:34

දේශපාලකයින් සහ රටේ ජනතාව අපි සෑම දෙනෙක්ම අපේ රට ගැන ආදරයකින්, උනන්දුවකින් සහයෝගය දුන්නොත් අපේ රට මීටවැඩිය දියුණු වේවි. (නි)

ගමගේ 2017-02-18 14:56:07

සම්පූර්ණ ඇත්ත. (නි)

ඩින්ගිරාළ 2017-02-18 15:05:31

කියනා බණ බොහෝය... අසනා බණ බොහෝය... හැදෙනා කෙනෙක් ගම් හතකත් නැති සේය... රට කරනා පාලකයන් නිදිසේය... දවසින් දවස රට වළටම යනසේය... (නි)

ගමගේ 2017-02-18 15:22:33

තනියම කිසිම කෙනෙකුට රටක්, රාජ්‍යක් පාලනය කරන්න බැහැ. අනෙකුත් මැති ඇමතිවරුන්ගේ සහයෝගය අවශ්‍යමයි. සෑම දෙනෙක්ම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා නම් සෑම කටයුත්තක්ම සාර්ථක වේවි. (නි)

සෙනරත් 2017-02-18 16:19:43

හැමදාම ලොකු කතා නම් ඇහෙනවා. එ්ත් වැඩ නම් නොමැත. ඉතිරි ටිකත් මෙහෙම ගෙවා දමලා ගෙදර යාවිද දන්නේ නැහැ. මේ අවුරුදු 2 ට ඩොලරය රුපියල් 18 කින් වැඩිවුණා (නි)

ඩෑම් 2017-02-18 18:32:33

දැන් අපිට නිදහස එක එක්කෙනාගෙන් ඉල්ලාගෙන හිඟාකන තත්ත්වයට බාල්දුවෙලා මහත්තයෝ (නි)

ද සිල්වා 2017-02-18 21:19:36

අධිකරණ නියෝග පවා උල්ලංගනය කරමින් පාරවල් වසාගෙන උද්ඝෝෂණ කරන උද්ඝෝෂකයන්ට, පරණ ආණ්ඩුවේ හිටපු හොරුන්ට, අලුත් ආණ්ඩුවේ ඉන්න මහබැංකු වංචා වැනි මහාපරිමාණ වංචා කරන වංචාකාරයන්ට ඕනෑතරම් නිදහස තිබෙනවා. මහජනතාවට ගමනක් යන්න නිදහස නැහැ උද්ඝෝෂකයෝ නිසා. හොරු හොරාකන ජාතික ධනය පියවන්නේ අපිට බදු සහ දඩ ගසමින්. රටේ ලොකු මහත්වරුත් සම්පප්‍රලාප දොඩවමින් රට වටේ යනවා. අර්ථවත් දෙයක් කියන්න නැත්නම් කට වහගෙන ඉන්න බැරි මොකද (නි)

ජනහිත 2017-02-18 23:30:36

නිදහස කියන තරම්දුරට ශීලාචාරව විනයගරුකව භාවිත කළා නම් අද ඔය කියන අයත් ඔය තැන්වල ඉන්නේ නැහැ. ඒ ගැනත් සිතීමට කාලය ඇවිල්ලා. තම රට ගැන මෙන්ම එකට හිටිය අය එක්කත් එකට හිටියා නේද කියන එකත් සිතිය යුතුයි. මේ තර්කය උඩම තමා ජීවිතත් ගතකරන්නේ. සමහර වෙලාවට කතා කරලා බේරගන්න පුළුවන් ප්‍රශ්න දුරදිග ගිහින් වෙන්වෙලා අරගල ඇති කරගන්නවා විතරක් නොවෙයි පොලිසි උසාවි ගානේ ගිහින් තමයි නවතින්නේ. (නි)

මහීත් 2017-02-19 04:04:10

ගුණත් නෑ. අගුණත් නෑ, පතෝල වගේ. අවංකව කතා කරලා වැඩක් නෑ රට ඉස්සරහට ගෙනියන්න බැරිනම් (අ)

ප්‍රදීප් ලියනගේ 2017-02-19 05:58:03

හරියටම හරි. අපි හැමෝම හිතන්න ඕනෑ අපි අද කොහොමද මේ නිදහසේ ඉන්නේ කියලා. අපිට නම් හොදටම මතකයි එදා බස් එකක කෝච්චියක යන්න බැරුව, වැඩට ගිය අය නැවත ගෙදර ඒවිද කියලා විශ්වාසයක් නැතුව හිටපු හැටි. අද ඒ නිදහස දිනා දීපු අයට ඔබතුමාලා සළකන විදිය ගැන කළකිරෙනවා. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :