2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

සයිටම් තීන්දුවට ඇපෑලක් වෛද්‍ය සභාව තීරණය කරයි

(වීඩියෝ සහිතයි)

2017 පෙබරවාරි මස 17 17:26:15 | . , රංජන් කස්තුරි, ඡායාරූප ගයන් අමරසේකර

අදහස්(55) බැලූවෝ (3866)

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද පස්වරුවේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර එම තීරණයට එකඟ වූ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි.

GLA_3859 GLA_3879

අදහස්(55) බැලූවෝ (3866)

සයිටම් තීන්දුවට ඇපෑලක් වෛද්‍ය සභාව තීරණය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මංගල වේලාරත්න 2017-02-17 12:24:45

හොද තීරණයක් නිතිය අඩුපාඩුවක් තිබෙනවානම් නීතියෙන්ම විසදාගන්න බොරුවට දගලන්නේ නැතුව (ර)

කුමාරගේ 2017-02-17 12:44:05

ඇපල් තියා දොඩම් ගත්තත් අපි අපේ ළමයිව දොස්තරලා කරලා තමා පස්ස බලන්නේ,අපි කෝටි ගානක් වියදම් කලේ ළමයිව ගෙදර තියා ගන්න නෙවේ (ර)

සෙයිලනිකස් 2017-02-17 13:46:21

ඕක තීරණය කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනේ ද ? සාමාන්‍ය කෙනෙක් පොඩි නඩුවකදී උනත් කරන්නේ ඇපෑලක් ඉදිරිපත් කරන එක නේ. පාරවල් අවහිර කරගෙන, කඳුළු ගෑස් කාගෙන දඟලන්නේ නැතුව ඕක මුලින්ම කල නම් ඉවරනේ (ර)

ධම්ම 2017-02-17 13:56:56

බලමු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කොහොම වෙයිද කියලා. (ර)

රත්නායක 2017-02-17 14:15:52

අනේ මන්දා මේවා කවදා කොහොම විසදෙයිද කියල (ර).

ධනුෂ්ක 2017-02-17 14:24:07

නුඹලාට අපගේ උත්තමාරචාය. නුඹලා අාරක්ෂා කරන්න උත්සාහ කරන්නෙ නුඹලා අා ගමන් මග. රටේ සුවහසක් වූ දූ දරුවන්ගෙ. අධයාපනය. ධනපතියන් කුමන අවලාද නැගුවත්, සයිටම් එකට අනුමැතිය ලබා දුනහොත්, මේ වගේ කඩ තව 05ක් අැරලා රජයෙ කැම්පස්වල අාචාර්යවරුන් වැඩි වැටුපට මිළ දී ගතහොත් නිදහස අධයාපනේ එතනින් ඉවරයි. (ර)

චාමර 2017-02-17 14:30:11

ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .. (ර)

ද සිල්වා බෙර්ලින් 2017-02-17 14:43:38

ඔබල පෙනී සිටින්නේ රෝගීන් වෙනුවෙන් නොව ඔබලාගේ මඩි තර කර ගැනීම වෙනුවෙනි. (ර)

සගීත් 2017-02-17 15:12:34

මුලදී මේ ප්‍රශ්නයට විසිදුමක් දෙන්න හැකිය තිබෙද්දී මෙම සබාව වගකිව යුතුයි (ර)

ලාල් 2017-02-17 15:29:12

හොඳ විදියට විසදුනොත් ඇති (ර)

සුසිල් 2017-02-17 17:50:05

ඉහළ උසාවිය ඒ තීරණයම අනුමත කළොත් ඔබ ගෙදර යනවද? (නි)

චානක ලොස් ඇන්ජලිස් 2017-02-17 18:20:40

සියලුම රජයේ වෛද්‍ය විද්‍යාල අහෝසි කර තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළයුතුයි. ජනපතිතුමනි, අපි යහපාලනය බලයට පත්කළේ අන්තරේට ඕනෑ විදියට නටන්න නොවේ (නි)

ද සිල්වා 2017-02-17 19:13:11

දුප්පත් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න අසරණ රෝගීන්ට මරණය උරුමවන විදිහට දොස්තර වර්ජන කරමින්, මුදල් ගෙවා පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගන්න ධනවතුන්ට ප්‍රතිකාර කරන ඔබ සංගමයේ ක්‍රියාකලාපය අනුමත කරන ඔබ පුද්ගලික විද්‍යාල වලට විරුද්ධ වන්නේ ඔබලාගේ මුදල් පසුම්බිය තර කරගැනීමට මිසක් දුප්පත් රෝගීන්ගේ යහපත සදහා නොවන බව සාමාන්‍ය බුධියක් ඇති සියලු දෙනාටම වැටහෙනවා. ගරු අධිකරණය මේ ප්‍රශ්නෙදි පහළ අධිකරණයේ තින්දුව අනුමත කරන බව මගේ අදහසයි. එම නිසා මාර්ග අවහිර කරමින් ජනතාවට වදනොදී එම කාලය චැනල් කඩයක හෝ පුද්ගලික් රෝහලක ප්‍රතිකාර කිරීමට වැය කර ඔබලාගේ මුදල් පිපාසය සන්සිදවා ගන්න (නි)

චතුරි 2017-02-17 19:26:03

කුමාරගේ, ඔබ කෝටී ගණනක් වියදම් කරලා අහුවෙලා තියෙන්නේ ලෝක කපටියෙකුටයි. ඔය හොර උපාධි කඩෙන් දෙන එම් බි බි එස් උපාධියට කියන්නේ "මුන්ගෙන් බෙහෙත් බීවොත් සුන්\" කියලයි.මට හිතෙන හැටියට ඔබගේ දොස්තර දරුවෙකුගෙන් ලෙඩෙක් බෙහෙත් බිවුවොත් ලෙඩා සුන්. පනින්න පෙරෙයි සිතා බලන්න තිබුනේ. දැන් ඉතින් තව ලක්ෂ ගණනක් වියදම් කරලා කොහොමහරි උසස්පෙළ හොඳින් පාස් කරවගන්න ඔබගේ දරුවන්ගේ. (නි)

අරවින්ද 2017-02-17 20:16:53

ඒක වහන්න ඔච්චරටම ඕනෑ ඇයි? (නි)

ලලිත් 2017-02-17 22:34:50

ලංකාවේ නීතිය පිළිබඳ අන්තර්ජාතික වශයෙන් කිසිම විශ්වාසයක් නැහැ. මේ තීන්දුත් කොයිවගේ වේවිද? (නි)

සුමුදු 2017-02-17 23:46:42

හැමදේම කුණු වූ රටේ වෙදකම විතරක් ඉතුරුවෙන්නේ කොහොමද? ඕකත් ඉවරකරලා දාන්න. ජනතාවගේ කැමැත්තනේ. (නි)

මහී 2017-02-18 00:36:26

රටේ දරුවන් තමන්ගේ අධ්‍යාපනය මුදල් ගෙවා ලබාගත්තහම නිදහස් අධ්‍යාපනයට වෙන හානිය මොකක්ද කියලා කාටහරි පෙන්නලා දෙන්න පුලුවන්ද? ආණ්ඩුවෙන්ම වියදම් කරලා ළමයි ඉගෙනගන්න ඕනෑ කියන එකද නිදහස් අධ්‍යාපනය කියන්නේ? සයිටම් ප්‍රමිතිය හරි නැත්නම් ඒකට නියමිත ප්‍රමිතියක් ඇති කරලා එ්ක ක්‍රියාත්මක කරනවා වෙනුවට මේ සභාව කරන්නේ තමන්ගේ රාජ්‍යය වැටෙයි කියලා බයේ පැලැස්තර හොය හොයා යන එක නේද? (නි)

ධනුෂ්ක 2017-02-18 01:13:09

මහී, නුඹට එ්ක තේරෙන්නේ නැද්ද. මේක සයිටම් එකෙන් නවතින්නෙ නැහැනේ. මේ වගේ කඩ 05ක් විතර අැරියොත්. එ්වට රජයෙ හොඳ අාචාර්යවරු වැඩි පඩියට මිළ දී ගන්නවා. දැන් සයිටම් එකත් කයිවාරු ගහනවා නේද රජයෙ වෙෙද්‍ය පීඨ වල හිටපු අය ඉන්නේ එයාලා ළඟ කියලා. මුදල් නැති සැබෑ දක්ෂයාගේ උනන්දුව පිරිහෙනවා. එ්වා නුඹලට පේන්නෙ නැහැ. ධනයෙන් අන්ධවෙලා. (නි)

කැනඩා දිසා 2017-02-18 01:16:50

අනේ පව් කියලා හිතෙනවා (නි)

සංකා බඹරවාන 2017-02-18 01:41:15

මහී, ඔබ කියන දේ තේරුම් ගන්න ලංකාවේ වැඩි දෙනෙකුට නොහැකිවීම තම කරුමේ. නිදහස් අධ්‍යාපනේ කියන්නේ නොමිලේ අධ්‍යාපනයම විතරක් නොවේ. ප්‍රමිතිය නැත්නම් ප්‍රමිතියට තම නිදහසේ අධ්‍යාපනය ලබාගන්න ඉඩදීම තමා නියම නිදහස් අධ්‍යාපනේ. (නි)

රවීන් 2017-02-18 01:41:26

අපිට පුවත්පත් වලින් දැනගන්න ලැබුනු විදියට සමහර වැදගත් කරුණු හරියට උසාවියට ඉදිරිපත් නොකර ඇතිබවයි. එ්ක ඉතින් අමාත්‍යංශ නිතීඥවරුන්ගේ අතපසුවීමක් හෝ හිතාමතා කළ දෙයක්. ඇපෑලේදි කරුණු හරියට ඉදිරිපත් කරනවද කියලා හොඳට බලාගෙන හිටියොත් තමා හොඳ. මොකද කොයි කොයි කිල්ලෝටෙත් හුණු තියනවා. (නි)

ඉමේශ් 2017-02-18 02:07:22

හොඳයි බලමුකෝ! (නි)

සුසිල් 2017-02-18 02:11:24

අන්තිමට මෙයාට නීතිය ළඟටම යන්න වුණා සාධාරණය ඉල්ලලා. අනේද කියන්නෙ..? (නි)

මහී 2017-02-18 02:48:35

ධනුෂ්ක, නුඹේ හිතවත් ඔය වෛද්‍ය මාෆියාවේ අය එහෙම මුදලට වහල්වෙලා පුද්ගලික විද්‍යාලවල සේවය කරන්න යයිද? එහෙනම් ඔවුන්ගේ කිසිම ප්‍රතිපත්තියක් නැහැනේ. මෙහෙන් කෑ ගහනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියලා. හැබැයි අලුතෙන් දැම්මොත් පැනලා යනවා ඒවායේ උගන්වන්න. ඒකෙන් ඔහෙම ඔප්පු කරනවා නේද මේ ගොල්ලෝ සල්ලි වලට කෑදරයෝ පිරිසක් මිසක් ප්‍රතිපත්තියක් ඇති අය නොවන බව? (නි)

සැසි 2017-02-18 03:33:05

අපි ප්‍රමිතිය රැකගන්න කටයුතු කරනවා. එ්ත් අපි සයිටම් එක පිළිගන්නෙ නැහැ (නි)

ලෙස්ලි 2017-02-18 04:19:28

සත්‍යය කවදා හෝ ජයගන්නවා (නි)

රෙයාන් 2017-02-18 04:21:51

දැන්ද උසාවිය මතක්වුණේ? (නි)

චමින්ද 2017-02-18 04:27:25

මෙම තීන්දුවෙන් උසාවියේ ප්‍රමිතියත් අපිට තේරුම් ගන්න පුළුවන් වේවි. එස් තුනක් ගත්ත අයට නීතිඥයින්, විනිසුරුවන් වෙන්න පුළුවන් පුද්ගලික නීති විද්‍යාලත් ඕනෑතරම් ලංකාවේ තියනවනේ (නි)

චතුර 2017-02-18 04:44:18

වෛද්‍යවරයා කියන ගෞරවනිය නාමය මුදලට විකුණන්න ගන්න උත්සාහයක්? සහජ බුද්ධියක් නැති මිනිස්සු එ්ක මිලට ගන්නත් ඕනෑ මුදලක් වියදම් කරන්න ලෑස්තියි. මෙම අලුතින් එක්වන අදක්ෂ මිනිසුන් වෘත්තීය ගරුත්වය හෑල්ලු කරපුදාට කව්රුත් එක මිලට ගන්න එන එකක් නැහැ. ඒ වෙනකොට අහිංසක රෝගීන් දහස් ගණනක් අකාලයේ මියදේවි (නි)

රොහාන් 2017-02-18 05:00:03

අනේ කාලෝ, ඔයා ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න. (නි)

සේපාලි 2017-02-18 07:53:48

එක සතියක් ප්‍රයිවට් චැනලින් යන එක නවත්තන්නකො සයිටම් එකට විරුද්ධව, අනේ! (නි)

ශාන් 2017-02-18 08:47:56

මම කාලෝ ෆොන්සේකා ගැන හිතාහිටියේ මීට වැඩිය වෙනස් විදිහට (නි)

සෙලනිකස් 2017-02-18 08:52:30

ඒ කියන්නේ මේ වගේ උගන්වන අය මුදලට දැනුම විකුණනවා කියන එකනේ. (නි)

කුමාරගේ 2017-02-18 09:28:11

සයිටම් ආයතනය කියනවා නම් ප්‍රමිතිය හොඳයි කියලා මොකද්ද වෛද්‍ය සභාවට තියෙන ප්‍රශ්නය? (නි)

අරුණ 2017-02-18 09:47:41

චතුරි කියන කෙනා අනෙක් අයට අවවාද දෙන්න කලින් ඔය කුහකකම් අත්හැර ගන්න. ඔයාගේ උසස්පෙළ ප්‍රතිඵල මොනවද (නි)

ලක්සිරි 2017-02-18 10:00:58

සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන හොයන්න මෙච්චර උනන්දු වෙන මේ ලොකු මහත්තුරු, රට වටේ පිහිටා තිබෙන චැනල් කඩ හා පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නැත්තේ ඇයි? අපිට නම් හැඟෙන්නේ, ඔය වෛද්‍ය සභාව දොස්තරලට තියන ආදරය කරුණාව රෝගීන්ට නොදක්වන බවයි. අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන වෛද්‍යවරුන් හා මේ කඩ අයිති ව්‍යාපාරකයින් වෙනුවෙන් නම් ඔබලා මේ කරන කාර්යය ප්‍රශංසනීයයි. මෙතන නිකම් බොරු කරන්නේ නැතුව ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්න. (නි)

සේන 2017-02-18 10:20:54

රටේ ජනතා නියෝජිතයන් යැයි කියාගන්න අය අද කරන්නේ මේ හොර සයිටම් ජාවාරම වෙනුවෙන් පෙනී සිටීමයි. මෙතුමන්ලා අසරණ රෝගීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරාවි කියලා අපි හිතනවා. (නි)

ප්‍රීති 2017-02-18 12:14:25

වර්තමාන දොස්තරලා ලියන බෙහෙත් මල්ල ගන්න වෙනම බෑග් මල්ලක් ගෙනියන්න ඕනෑ. ඒ බෙහෙත් ජාවාරම් මාෆියාව ගැන මේ කතා කරන ලොකු ලොක්කෝ දන්නවද දන්නේ නැහැ? වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු ගැන මේ අය අහලවත් නැහැ වගෙයි? නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන ලොක්කන්ට නිදහස් සෞඛ්‍ය සේවය නොමිලේ ලබාගත යුතුයි කියන්න, කට පන මදි ඇති නේද? වර්තමාන දොස්තරලා දොස්තර වැඩේ වෙනුවට දේශපාලනයයි කරන්නේ. අනෙකුත් රජයේ සේවකයින් මෙන් රැකියාවට වාර්තා කරන වෙලාව සහ පිටවෙන වෙලාව සටහන් වෙන ක්‍රමවේදය ගැන වෛද්‍ය සභාවට වගේ වගක් නැහැ වගෙයි. සම සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව වැඩි කිරීම සඳහා රජය ගත් පියවරට වෙද මාෆියාව දැක්වූ විරෝධයට හේතුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තේරුම් ගන්න බැරිවුණාට රටේ ජනතාව දන්නවා. අපි අපේ මුදල් ගෙවලා බෙහෙත් අරගෙන ඒ අයගේ සංඛ්‍යා ලේඛනවල ඉලක්කම් ටික ඉහළ දමන එක තමයි මේ අසරණ රෝගීන් කරන්නේ. (නි)

ලාසි 2017-02-18 13:44:32

වෙන රටවල වගේ ඉගෙනගන්න ණයක් දීලා රැකියාව කරනකොට ගෙවිය යුතු ක්‍රමයක් විශ්වවිද්‍යාල ඉගැනුමට බිහිකළා නම් හොඳ නැද්ද? විශ්ව විද්‍යාල ඉගැනුමත් අනිත් ජනතාවගෙ සල්ලි වලින් කරන එක තමා මේ හැම එකකටම මුල. ඒ කියන්නේ ඒ අයගෙ විශ්ව විද්‍යාල ඉගෙනුමට අපිත් බදු ගෙවලා උදව් කරනවා කාටවත් නොතේරුනාට (නි)

ධනුෂ්ක 2017-02-18 14:57:32

චානක, ඔයා ඉන්නෙ ලොස් අැන්ජලීස් වලනේ. එ්ක නිසා දන්නෙ නැතුව අැති. මෙහෙ තවම 80% පමණ දෙනා ළමයි නිකන් උගන්වන පාසලට යවන්නෙත් දහදුක් විඳලා. හැබැයි ඔයා කියන විදියට කළොත් නම් එ් දරුවන් ඊටපස්සෙ ඔයාලා ළඟ වහල්ලු වශයෙන් තබාගන්න පුළුවන්. ඔයා දන්නෙ නැහැ මෙහෙ අම්මා කෙනෙක් දරුවන්ට පොත් ටික අරන් දෙන්න බැරිව නිල්වලා ඟඟටත් පැන්නා. හිත්පිත් නැතුව කකුල් හතරෙ අදහස් නොදා අැමරිකාවට වෙලා පාඩුවේ ඉන්න යාලුවා (නි)

රවිඳු 2017-02-18 17:53:27

ධනුෂ්ක නම් සැබෑ මෝඩයෙක්. ළිඳක් ඇතුළේ ජීවත්වෙන මෝඩ ළිං මැඩියෙක්. මේ ලෝකය එක තැන තියන දෙයක් නෙමෙයි. ලොකු ලොකු දේවල් හිතන්න, කතා කරන්න කලින් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ගූගල් සර්ච් කරලා එංගලන්තය වැනි රටවල ක්‍රමවේදය ගැන පොඩ්ඩක් හොයා බලන්න. මුදල් නොමැති අයට රාජ්‍ය අනුග්‍රහය ඇතුව ණය මුදලක් ලබාදීලා පසුව රැකියාව කරනවිට අය කරගත යුතුයි. නුඹලට ඔක්කොම පිනට ලැබෙන නිසා තමයි අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

නාලක 2017-02-18 18:59:45

මහී, ඕක තේරුම් ගන්න පුළුවන් මොළයක් ඇති අයට. කටපාඩම් කරලා විභාග ලියන එකෙයි යමක් අලුතෙන් සොයාගන්න, තේරුම් ගන්න පුළුවන් එකයි දෙකම පුළුවන් අය ඉන්නේ බොහොම ටිකදෙනයි. (නි)

නිමල් රාජපක්ෂ 2017-02-18 21:10:28

ද සිල්වා මහතාණනි, මාද ඔබ දරන මතයේය සිටින්නේ. මේ මාපියාව බිඳදැමිය හැකිනම් එයයි අපි ලබන සතුට හා ජය (නි)

සුසිල් 2017-02-19 02:32:09

සමහර අය මේකට විරුද්ධව ප්‍රමිතියෙන් පටන් අරන්. අද වෙනකොට කියන්නෙ "රජයෙ හොඳ අාචාර්යවරු වැඩි පඩියට මිළ දී ගන්නවා" කියලා. ඒක ඉතින් සයිටම් එකේ වරදක් නෙමෙයි, මනුස්ස ස්වභාවය. කවුරුත් සල්ලි වලට කැමතියි. ඔය දොස්තරලා කියන්නෙ ඒ අය චැනල් කරන්නෙ පඩි මදි නිසා කියලා. (නි)

fb-icon පුෂ්පකුමාර 2017-02-19 03:00:57

වැඩ බැරි අයට තමා සයිටම් ඕනෑ (නි)

සහන් 2017-02-19 03:16:21

මේ ‍ෆොන්සේකා ගෝඨාගේ කාලේ කොහෙද හිටියේ?, කොතලාවල පටන් ගන්නකොට මෙයාලා කොහෙද? (නි)

කුමාර 2017-02-19 03:53:27

දොස් තර කරන එක තම වැඩි පුර කෙරෙන්නේ. මට මතක විදියට එක විශ්වවිද්‍යාල ළමයකුගේ අතක් කැපුවේ සෛටම් එකෙන් පාස්වුන දොස්තර කෙනෙක්ද? බොරුවට කරනවා. තමුන්ගේ පෙලන්තිය රැකගන්න. ඔය කියන දුප්පත් ළමයින්ට උගන්වන්න මේ රටට වැඩිය බදු ගෙවන්නේ, මේ රටේ ව්‍යාපාර කරන ධනපතියෝ කියල කුහකයන් විසින් හංවඩු ගහන මිනිස්සුන්ගේ සල්ලිවලින් බව කවුරුවත් හිතල නැහැ. සාමාන්‍ය කෙනෙක් වසරකට මිලදී ගැනීම් හරහා කරන අයබදු වලට වැඩ වැඩිය ප්‍රමාණයක් මිනිස්සුන්ට රස්ස්වල් දෙන ව්‍යාපාරිකයො මහා භාණ්ඩාගාරයට ගෙවලත්, ඒ මිනිස්සුන්ගේ ළමයකුට මේ රටේදී මෙහෙම සලකනවානම් අනෙක් සාමාන්‍ය අයට කොහොමද තත්වය. (අ)

අරුණ 2017-02-19 05:12:04

දැන් ඉතින් මොනවා වෙයිද? (නි)

රොමේෂ් 2017-02-19 06:33:07

කුමාරගේ, ගොඩක් කට්ටිය කාගේදෝ හයියක් අරන් රඟපෑවාට පස්ස බිම ඇනගන්න බොහොම ළඟයි. සමහරක් අයව හරක් කියලා හඳුනාගන්න පුළුවන් තප්පුලනකොට කියනවනේ. (නි)

අමරසිරි 2017-02-19 07:03:28

පෞද්ගලික අධ්‍යාපනය වහා අහෝසි කර දාන්න හොඳ ආරම්භයක් සහ නිර්භීත පෙළගැස්මක්. දේශපාලකයින්ගේ මොළ මළබැඳීම හේතුවෙන් කිසිම විෂයක් ගැන අවබෝධයක් නැති හේතුවෙන් රට විනාශ කරන අය වහා පෝරකයට යැවීමට නම් සුදුසුය. (නි)

රොෂාන් 2017-02-19 07:24:04

කාලෝ මහත්තයලා කටවල් අරින්නේ පෙරහැර ගියාට පස්සේ නේද? අර වෙද මාෆියා සංගමයේ අය අපේ රටේ ළමයින් වෛද්‍යවරු වෙනවට කැමති නැහැ. ඒක ඔබතුමාට තේරෙනවද දන්නේ නැහැ, කොතලාවල වෛද්‍ය පීඨයේ විදේශ සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය විද්‍යාව හැදෑරිය හැකි බවත් ලාංකික සිසුන්ට එම අවස්ථාව නොදෙන බවත් ඔබතුමාලා දන්නවාද? (නි)

යොහාන් 2017-02-19 07:35:11

මේක කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ (නි)

උදාර 2017-02-19 07:48:28

අපි ඉවසලා බලමු මොකද වෙන්නේ කියලා (නි)

අරවින්ද 2017-02-21 08:16:14

අපි මොකටද මේවට වදවෙන්නේ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :