2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

අගමැතිගේ ඉල්ලීමට එරෙහි පෙත්සම විසිවෙයි

2017 පෙබරවාරි මස 17 16:25:14 | . , තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

අදහස්(5) බැලූවෝ (2279)

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු කිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේ කිරීමට තීරණය කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගැනීමෙන් පසුවය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සිය මූලික විරෝධතාවය ඉදිරිපත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වගන්තිය සමඟ කියැවෙන පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය අනුව මෙම පෙත්සම පවත්වාගෙන යානොහැකි බවත් , වගඋත්තරකාර අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු පරිපාලන හෝ විධායක ක්‍රියාවක් කඩකර නොමැති බවත්ය. එම කරුණ පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.

මෙම පෙත්සම ප්‍රියසාද් ඩෙප් , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. 

අදහස්(5) බැලූවෝ (2279)

අගමැතිගේ ඉල්ලීමට එරෙහි පෙත්සම විසිවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

බමුණු 2017-02-17 11:40:46

ජනාදිපති ඊයේ පෙරේද එළිකළ රහස අනුව මේවා කොහොම වෙනවද කියා සිතා ගන්න බැරිය එත් සිතා ගන්න පුළුවන (ර)

නිහාල් 2017-02-17 19:15:38

දේශපාලනයේ නියුතු අය පරිපාලන හෝ විධායක පිළිවෙත් හරියටම ක්‍රියාත්මක කළා නම් අපේරට මෙතරම් ආපස්සට යන්නේ කොහොමද (නි)

මුණසිංහ 2017-02-18 01:57:52

උසාවි නඩු තීන්දු ඉවත දමන්න දේශපාලකයන්ට තියෙන අයිතිය බරපතල ගැටලුවක්. එහෙනම් නඩු අහන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම පත්කර ගනිමු! (නි)

ධනුෂ්ක 2017-02-18 04:53:57

අගමැතිතුමාට මේ බලපෑම් හොරෙන් කරන්න තිබුනා තමන්ට වාසි වෙන විදිහට. හරියට හිටපු අප්පච්චි වගේ. එතුමාගේ විනිවිදභාවය ගොඩක් වටිනවා අනිත් අයගේ අදහස් දැනගන්න. (නි)

සංජු 2017-02-19 05:52:57

ඇස්පනාපිට රටට වෙන නස්පැත්තිය පෙනී පෙනීත් ධනුෂ්ක වැනි අය කවද වෙනකන් කඩේ යාවිද මන්දා? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :