2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

මැලේසියාවේ සිට කොළඹ ආ ගුවන් යානය ආපසු හරවයි

2017 පෙබරවාරි මස 17 14:49:33 | . , ඩේලිමිරර් ඇසුරෙනි ­- 042

අදහස්(8) බැලූවෝ (9412)

මැලෙසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච් 179 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් නිසා ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ වෙත ආපසු හරවා යවා ඇත.

ඊයේ(17) රාත්‍රී 10.10ට ගමන් ඇරඹූ එම යානයේ උප විදුලි පද්ධතිය ක්‍රියා විරහිත වීම යානය ආපසු කැඳවු බව නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. සාගර කලාප හරහා යානය පියාසර කිරීමේදී අමතර බලයක් සැපයීම සඳහා එම පද්ධතිය අවශ්‍ය වෙයි. යානය ක්වාලාලාම්පූර් ගුවන්තොටට අළුයම 1.50ට ළඟා වී ඇත.

 “බණ්ඩාරනායක ගුවන් තොටුපල අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමා ඇති හෙයින් හදිසි ගොඩබැමක් සිදු කළ නොහැකි විය. එනිසා මගීන් ක්වාලාලාම්පූර් ගුවන්තොටුපල ආසන්න හෝටල්වල  නවාතැන් ගැන්වීය. ක්වාලාලම්පූර් සිට 3.30ට පිටත් වන යානයකින් ලංකාවට පැමිණීමට මගීන්ට පහසුකම් සලසා ඇත.සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් මැලේසියානු ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටී “යැයි එම ආයතනය නිවේදනයක සඳහන් කර තිබිණි.

- 042

අදහස්(8) බැලූවෝ (9412)

මැලේසියාවේ සිට කොළඹ ආ ගුවන් යානය ආපසු හරවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පිටිගල මිලානෝ 2017-02-17 10:12:55

ගුවන්යානයේ එන්ජින් බලගන්වන්නේ මෙම 'ඒ පී යු' පද්ධතිය ක්‍රියාත්මක කර ඉන් ලබාගන්නා අධික පීඩනයෙනුයි. එම අවස්ථාවේ නියමුවන් යම් දෝෂයක් නොදුටුවේද? සුළු යමක් දැක එය නොසළකා හැරියේද? (නි)

එරන්ද 2017-02-17 10:33:36

කාටවත් අපහසුවක් නොවුණා නම් එච්චරයි! (නි)

ලාල් 2017-02-17 14:08:49

ගත් තීරණය හොඳයි (ර)

ලලිත් 2017-02-17 15:33:51

සමාව නම් දුසිම් ගානක් උනත් දෙන්න බැරිද? බිමට කඩා වැටුනානම් නේ ප්‍රශ්නේ (ර)

අරවින්ද 2017-02-17 20:16:28

මේ වගේ සුළු අතපසුවීම් ඉතින් ඕනෑම වෙලාවකදී බලාපොරොත්තු වෙන්න පුලුවන් (නි)

කීර්ති 2017-02-18 13:01:21

සිදුවීම කාර්මික දෝෂයක් වෙන්න පුළුවන්. එ්ක කාටවත් නොවැළැක්විය හැකි දෙයක් වෙන්නත් ඇති. නමුත් ඊටපස්සේ මගීන්ට හොඳට සළකන්න ඕනෑ (නි)

ගමගේ 2017-02-18 13:57:23

වෙන්න තියෙන දේවල් අපි කාටවත් වළක්වන්න බැහැ. (නි)

ගමගේ මුරීන් 2017-02-18 14:19:18

අපිත් එහෙම තමා. අපිට ඕනෑම වෙලාවක නෙට්වර්ක් තියෙනවා.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :