2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

පොතක් එළිදැක්වීමේ උළෙලකට ලක්ෂ 50 ක් ගිය හැටි සොයයි

2017 පෙබරවාරි මස 17 13:45:42 | . , බිඟුන් මේනක ගමගේ

අදහස්(24) බැලූවෝ (6057)

 ‘යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ‘ මැයෙන් රචනා කර ප්‍රකාශයට පත්කළ කෘතිය එළිදැක්වීමේ උළෙලට ‘සැලසිනේ‘ ආයතනය රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යංශ බලධාරින්ට නියෝග කර ඇතැයි රජයේ විශ්වසනීය ආරංචිමාර්ග පවසයි. 

යහපාලනයේ වැදගත්කම ලෝකයාට කියා දිම සඳහා බෞද්ධ දර්ශනය තුලින් යහපාලන සංකල්ප පිළිබඳ කෘතියක් රචනා කරන්නැයි ජනාධිපතිතුමා කළ ආරාධනාවකට අනුව මෙම කෘතිය රචනා කරනු ලැබුවේ ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ  ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ එම විශ්ව විද්‍යාලයේම  ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ප්‍රංශුවා චෙනේ මහතා විසිනි.  

එම උළෙල පසුගිය මස 16 වැනිදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. බිල්පත සැලසිනෙ ආයතනය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට යොමුකරනු ලැබ ඇති අතර පොතක් එළිදැක්වීමේ උළෙලකට එතරම් විශාල මුදලක් වැය වූයේ කෙසේදැයි එහිදී ඇමැතිවරයා විමසා තිබේ.

අදහස්(24) බැලූවෝ (6057)

පොතක් එළිදැක්වීමේ උළෙලකට ලක්ෂ 50 ක් ගිය හැටි සොයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

තිලක 2017-02-17 08:49:37

පහුගිය ආණ්ඩුව නොතිබුනා නම් මේවා ගැන හොයනවද? මිනිස්සු හොඳ පෙන්නන්න හේතුව පහුගිය ආණ්ඩුව. එහෙනම් සබැ වෙනසක් වෙන්නේ නැහැ. (නි)

සුසන්ත 2017-02-17 08:56:11

සහභාගි වුණ අයට සරල බෝල්පොයින්ට් පෑන ගානේ දෙන්න වෙන්න ඇති සල්ලි වියදම් වෙන්න ඇත්තේ. (නි)

ලුසේනා 2017-02-17 09:17:03

කාගේ පාලනයට රට ගියත් යහපාලනය නම දැම්මත් අන්තිමට වියදම් එහෙමමයි (නි)

සෙනෙවිරත්න 2017-02-17 09:39:10

පරීක්ෂණ, කොමිසම් නම් පත්කරනවා කෙළවරක් නැතුව. එ්ත් කිසිම දඩුවමක් නම් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට දීලා තියෙනවද? මේකද පොරොන්දු වුණු යහපාලනය? (නි)

fb-icon හිමාල් 2017-02-17 09:43:51

පහුගිය ආණ්ඩුවනේ වියදම් කරනවා කියලා කෑ ගගහා හිටියේ (නි)

තිළිණ 2017-02-17 09:44:43

වෝටර්ස් එජ් හෝටලය තෝරාගන්නකොට දන්නේ නැද්ද එතරම් මුදලක් වැයවන බව.. (නි)

සාගර 2017-02-17 10:08:09

අශ්වයා පැන ගියපසු ඉස්තාලය වසා දැමීම... (නි)

අරවින්ද 2017-02-17 10:35:46

අපි බලමුකෝ ඉවසලා.... (නි)

ලාල් 2017-02-17 13:12:57

එකනම් හොඳයි (ර)

සරත් - නිව්යෝර්ක් 2017-02-17 18:51:23

දැන්වත් ඔය වැඩ නවත්වලා රට හදන වැඩපිළිවෙළක් හැදුවොත් හොඳයි නේද? (නි)

අප්පුහාමි 2017-02-17 22:59:54

නැට්ටුවෝ හරි ගායක ගායිකාවෝ හරි ආවද? එහෙමනම් ලක්ෂ 50 ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (නි)

මුණසිංහ 2017-02-18 02:05:22

වෝටර්ස් එජ් ගත්තා නම් ගාන හරි. මුලින්ම හොයන්න එතන ගත්තේ ඇයි කියලා. ඕකට පාසලක හෝල් එකක් ගත්ත නම් 10000 කට වැඩිය යන්නේ නැහැ. (නි)

නන්දාවතී හොරන්ගල්ලේ 2017-02-18 03:58:20

දැන් කොටිත් නැහැනෙ. යහපත් පාලනයකට ආදර්ශයක් ලෙස මින්පසුවට පිරිසිදු ගහක් යට මේ වාගේ දෙවල් කරමු. කොතරම් මුදල් ඉතිරයක්ද. මුතුන් මිත්තන් නැවත ආදර්ශයට ගමු. (නි)

සේනක 2017-02-18 06:02:03

ඇමතිතුමනි, මේ උත්සවය පවත්වන්න සැලසුම් කරන අවස්ථාවේ නේද ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා තීරණයක් ගන්න තිබුනේ. මේ වගේ අය ඔය තව රටවල් ගණනාවකත් ඉන්නේ. ඒ අය වැඩ ඉන්න තැන්වල වටාපිටාවෙන්ම සාධාරණ තීන්දු තීරණ වලට එන්නත් පුළුවන්. (නි)

හිමාල් 2017-02-18 06:38:52

ඔව් දැන් බිලක් ආවම ඒක මොකක්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව රට හදන වැඩපිළිවෙල ගැන කල්පනා කර කර ඉන්න ඕනෑ. (නි)

රවීන් 2017-02-18 07:10:51

හොඳටෝම පොත පෙරළලා වගේ. (නි)

තරංග 2017-02-18 09:50:21

බෞද්ධ කෑල්ල කපලා එ්කට වෙන මොකක්හරි දාලා වියදම් කළා නම් ගැටළුවක් වෙන එකක් නැහැ මගෙ හිතේ (නි)

ගමලත් 2017-02-18 13:14:29

ඇත්තටම අපේ රටේ හැමදෙයකටම මේ නැට්ටුවෝ, ගායකයෝ අවශ්‍යද? ජාතික ගීයේ රෙකෝර්ඩ් එක තියෙනවනේ. ඇයි මේ වියදම් යන දේවල් කරන්නේ? මේවා හැමතැනටම අවශ්‍යද? මේ පුද්ගලික නැටුම් කණ්ඩායම් වලට අාදායමක් දෙන්නද? රාජ්‍ය කටයුතු වලට නම් අවශ්‍යමයි. කොහේහරි මොකක් හරි විවෘත කරනකොටත් බෙර වාදන අවශ්‍යද? (නි)

ගමගේ 2017-02-18 13:23:59

නැට්ටුවෝ, මල් වඩම් මේ ඔක්කොම සල්ලි. පුද්ගලික මිනිස්සු ඒගොල්ලන්ගේ උත්සව වලට ඕනෑතරම් සැරසිලි කරපුවාවේ. රජයෙන් ගෙවන සෑම මුදලක්ම මහජනයාගේ සල්ලි. මැති ඇමතිවරු ඒවාට ගෙවන්නේ නැහැ, ගෙවන්නත් බැහැ. (නි)

සිරිපාල 2017-02-18 14:49:54

ඕක අමාත්‍යංශ ශ්‍රවණාගාරේ තියාගන්න තිබුණනේ. (නි)

ධම්ම 2017-02-19 02:53:16

පැලෙන්න කාලා ඉවරවෙලා බිල ගෙනාවාම වේටර් එක්ක රණ්ඩුවෙනවා වගේ වැඩක් මේක. (නි)

fb-icon එරන්ද 2017-02-19 03:02:49

කරන්න කලින් එපැයි හිතන්න (නි)

fb-icon චමින්ද 2017-02-19 06:51:11

අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම (නි)

රංජන් 2017-02-20 06:24:10

කෘතිය එළි දක්වන්නන නෙවෙයි ලක්ෂ 50 ගියේ, වෙන අයට සැප දෙන්න. (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :