2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

2017 පෙබරවාරි මස 17 17:35:19 | .

අදහස්(15) බැලූවෝ (4504)

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් ලබාගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. 

තරගයේ සම්පූර්ණ වාර්තාව සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න.

අදහස්(15) බැලූවෝ (4504)

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජගත් ලියනගේ 2017-02-17 13:46:42

ඉතාමත් අගනා තරගයක්. (ර)

නුමා 2017-02-17 14:24:42

අද නම් යන්තම් දිනාගත්තා. අනේ හැමදාම ඔහොමවත් සෙල්ලම් කරනවනම්. (ර)

විජේපාල 2017-02-17 15:55:33

නියමයි කොල්ලනේ. සුදුස්සාට සුදුසු තැන ලැබුන නිසා තමයි මේ තරගය දිනුවේ. දිල්ෂාන් මුණවීර , කපුගෙදර , මිලින්ද ගොඩාක් දක්ෂ පිතිකරුවෝ නමුත් කිසිම හේතුවක් නැතුව පහුගිය කාලේ ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත් කලා. දැන්වත් ක්‍රීඩකයින්ගේ තරාතිරම බලන්නේ නැතුව දක්ෂයට තැන දෙනවානම් අපේ ක්‍රිකට් තව ගොඩාක් ඉහලට ගෙනියන්න පුළුවන් වේවි. දැන් ඉන්න නායකයාව දිගටම නායකත්වයේ තියාගන්න කුසල් මෙන්ඩිස් , දනන්ජය , චන්දිමාල් පහුගිය කාලේ දිගින් දිගටම අසාර්ථක උනා. ඉතින් ඔවුන්ව තාවකාලිකව හරි පොඩ්ඩක් එළියෙන් තියපු එක ගොඩක්ම හොද තීරණයක්. (ර)

ලලීන් 2017-02-17 19:15:14

මම හිතන්නේ නායකත්වය වෙනස් වුණ ගමන් තරුණ ක්‍රීඩකයෝ ඉදිරියට ආවා. තරංග තව ටික කාලයක් නායකත්වයේ තබාගත යුතුයි. (නි)

සෑම් 2017-02-17 20:30:52

අපේ කණ්ඩායමට සුභ පැතුම්! ඕස්ට්‍රේලියානු ටෙස්ට්, එක්දින, 20/20 කණ්ඩායම් තුනටම ක්‍රීඩාකරන දක්ෂතම ක්‍රීඩකයින් අපේ තරඟාවලියට සහභාගි නොවන බවත් මේ කණ්ඩායම දෙවන පෙළ එකක් බවත් කිවයුතුයි (නි)

ටෙෂාන් 2017-02-18 00:05:24

අහන්නත් සතුටුයි ජයග්‍රහණය කියන වචනය (නි)

රූබි 2017-02-18 00:09:25

සුදුස්සාට සුදුසු තැන ලැබුණ නිසයි මේ වෙනස. (නි)

ලාල් 2017-02-18 01:11:15

අර ජෝඩුව හිටියා නම් මේ මැච් එකත් හබක්. (නි)

විජේපාල 2017-02-18 03:19:42

අහන්නත් සතුටුයි (නි)

නිරේෂ් 2017-02-18 04:49:27

මිලින්ද සිරිවර්ධන ඉතාම දක්ෂයි. එයාට දිගටම අවස්ථාව දෙන්න ඕනෑ ස්ථානය හදාගන්න. අපි දැක්කනේ පහුගිය කාලේ සමහර අයට බින්දු දහයක් ගැහුවත් අවස්ථාව දීපු හැටි. (නි)

හුසේන් මොහමඩ් -රියාද් 2017-02-18 05:35:11

ඕස්ට්‍රේලියාවේ තණතිලිවල, ඔවුන්ට විරුද්ධව මැච් එකක් දිනනවා කියන්නේ, සුළුපටු දෙයක් නෙමෙයි. ලංකාවේ ක්‍රිකට් වලටත් දේශපාලනය ගාගත්ත නිසයි අපිට පසුබහින්න වුණේ. බෝඩ් එකේ ඉන්නේ, ක්‍රීඩකයින්ට වඩා පරිණත ඔස්තාර්ලා. ඔයවගේ උදවියගේ අතට හැන්ද ගිය නිසයි ටීම් එකේ හැමදාමත් ප්‍රශ්න ඇතිවුණේ. (නි)

අබරන් 2017-02-18 05:45:28

ඕස්ට්‍රේලියානු ඇහින්දාස් කණ්ඩායම සමඟ ගහලා ඔයින් ගියා ඇති. ඒත් ඉතිරි දෙකම පරදිනවා. ඒකයි ඇත්ත.... (නි)

ගයාන් 2017-02-18 22:50:24

එ්ක ඕස්ට්‍රේලියාවේ ස්කූල් ටීම් එකක් එක්ක ගහපු තරඟයක් වගේ (නි)

සෑම් 2017-02-19 04:07:28

හුසේන් මොහමඩ් , මම අපේ කණ්ඩායම අවතක්සේරු කරනවා නොවෙයි . නමුත් ඇත්ත තත්වය නම් "ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම" මේ දිනවල ඉන්දියාවේ සංචාරයක යෙදිලයි ඉන්නේ . අපිත් එක්ක තරඟ කරන්නේ "දෙවන පෙළ" කණ්ඩායමක් කියන එක ඕස්ට්‍රේලියාවේ නම් නිතරම කියවෙනවා. ඒ විතරක් නොවේ , අද මැච් එක ගහන්නේ මීට පෙර කවදාවත් ක්‍රිකට් නොගහපු නිකන්ම නිකන් පිට්ටනියක . කවදාවත් ඔවුන්ගේ සම්පුර්ණ කණ්ඩායම සෙල්ලම් කරනවානම් එහෙම තැන්වල සෙල්ලම් කරන්නේ නැහැ. (අ)

අබය 2017-02-19 07:36:56

අපි ජයපැන් බොනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඉන්දියාවේ සෙල්ලම් පෙන්නනවා (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :