2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

‘වෛද්‍ය සභා ආඥා පනතේ සම්පූර්ණ පිටපතක් වෛද්‍ය සභාවේවත් නෑ‘

ලේඛකාධිකාරී කියයි

2017 පෙබරවාරි මස 17 12:36:45 | . , බිඟුන් මේනක ගමගේ

අදහස්(17) බැලූවෝ (2426)

ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතේ පරිපූර්ණ පිටපතක් තමන් සන්තකයේවත් නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.  
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණි සිල්වා මහතා මේ බව පැවැසුවේ වෛද්‍ය සභාව සතුව එම ආඥා පනත නැති බවට වෛද්‍යවරු රැසක්ම “ලංකාදීප“යට කළ දැනුම්දීමක් ගැන විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු වශයෙනි.  
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතේ පිටපත් හතලිහක් පමණ තිබෙන නමුත් ඒවා පසුගිය කාලයේ කළ සංශෝධන ඇතුලත් නැති අසම්පූර්ණ ඒවා යැයි ලේඛකාධිකාරිවරයා පැවැසීය.  
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද(17) රැස්වන විට සිය සාමාජිකයන්ට ලබාදීමට එම පිටපත් කීපය සුරැකිව තබාගෙන සිටින්නේ යැයි කී හෙතෙම සංශෝධන සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනත ඉතා ඉක්මණින්ම සැකැසීමට කටයුතු කරන්නේ යැයි අවධාරණය කර කීය. 

අදහස්(17) බැලූවෝ (2426)

‘වෛද්‍ය සභා ආඥා පනතේ සම්පූර්ණ පිටපතක් වෛද්‍ය සභාවේවත් නෑ‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුසිල් 2017-02-17 07:47:41

එතකොට කොහොමද පහුගිය කාලය තුළ තීන්දු තිරණ ගත්තේ. ඊට එහා මොනවා කතා කරන්නද? (නි)

ද සිල්වා බෙර්ලින් 2017-02-17 08:10:18

වෛද්‍ය සභවේ නිතිය ඉතාම සරලය. "අපේ ඉල්ලීම් දෙනු! නැත්නම් අපි වර්ජනයකර ලෙඩ්ඩු මරා දමනු ලැබේ" (නි)

අරුණ 2017-02-17 08:16:47

දැන් තේරෙනවා නේද තත්වය? නීතිය දන්නේ නැතුව වැඩ කරන්නේ (නි)

විජේපාල 2017-02-17 08:22:40

අනේ කාලේ වනේ වාසේ! (නි)

ජයසේකර 2017-02-17 08:44:58

ඔන්න ඇත්ත තත්වය! (නි)

fb-icon අමාරා 2017-02-17 09:41:59

පනත නැතුවද මේ සයිටම් එක ගැන ලොකු කතා කියන්නේ? (නි)

කමල් 2017-02-17 10:05:36

අනේ දෙයියනේ කාටද මේවා කියන්නේ? (නි)

පෙරුමාල් 2017-02-17 11:36:44

තමන්ගෙ හිස් බව වහ ගන්නෙ අනුන්ගෙ නැති කුණු අවුස්සමින් (ර)

සිරි 2017-02-17 13:33:05

සියළුම වෘත්තිය ආයතන වලට බලය ලබා දෙන්නේ පාර්ලිමේන්තු ආඥා පනත් තුලින්. කිසියම් වෘත්තිය ආයතනයක්, තම බලය ඉක්මවා කටයුතු කරනවානම්, මහජන සුභ සිද්දියේ නාමයෙන් එක්තරා සම්මාජ කොටසකට පක්ෂග්‍රාහීව සහ තවත් කොටසකට විරුද්දව අසාධාරණ ලෙස ක්‍රියා කරනවානම් රජයට නැවත ඒ බලතල පවරාගත හැකියි. රජය මේ අවස්ථාවේ කරන්න ඕනෙ අන්න ඒකයි. (ර)

රන්ජිත් 2017-02-17 17:57:39

අාඥා පනත කියවන්නෙත් නැතුවද සයිටම් එකට විරුද්ධවන්නේ? මරු පාලක සභාව. (නි)

සම්පත් හොරණ 2017-02-17 18:08:35

මේක සුවිශේෂී ප්‍රශ්නයක්. ගනුදෙනුව ජීවිතත් එක්ක. ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු එළියට ආවට පසු තේරේවී. එතකොට ප්‍රමාද වැඩියි. සුළුතර බලවත් පිරිසකගේ මනදොළ පිනවන්න බහුතරය අමාරුවේ දාන එක රජයක් කළයුතු නැත (නි)

බන්දුල 2017-02-18 07:07:51

ඔන්න ඉතින් පේනවනේ ඇත්ත තත්ත්වය! (නි)

රවීන් 2017-02-18 07:14:56

අපේ අයියලද? ඔය පනත උස්සලා පොඩි විනෝදයක් ගන්න ඇති. (නි)

ඇන්ටන් 2017-02-18 10:42:05

මෙච්චර කල් වෛද්‍යවරයින්ගේ වැරදි නිසා මැරුණු ලෙඩුන්ටත් වගකියන්න ඕනෑ සයිටම් එකේ අයද... (නි)

සේනක 2017-02-18 22:43:55

පිටරට ගිහින් ඉගෙනගෙන ලංකාවට එන දොස්තර මහත්වරුන්ට වඩා සයිටම් එකේ අයගේ උගත්කම හා දැනුම බොහොම හොඳයි (නි)

මහී 2017-02-19 02:37:19

රෙද්දකුත් ඇඳගෙනද මේ කියන්නේ? තමන්ගේ ආයතනය පවතින්නේ මොන නීතිය මතද කියන එකත් නොදැනයි මේගොල්ල මෙතුවක් කල් වැඩ කරලා තියෙන්නේ. ඉතින් කොහෙද ප්‍රමිති ගැන කතා කරන්නේ? (නි)

නිමල් 2017-02-21 08:18:17

හැමදාම කිව්වේ බොරු. කලින් නම් සයිටම් හොඳයි නේද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :