2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

වල්අලියාට බයේ ගහට නගිද්දී හොල්මනක් දැකලා

2017 පෙබරවාරි මස 16 10:56:27 | . , වියලුව වාර්තාකරු

අදහස්(3) බැලූවෝ (2684)


වල් අලියකුට බිය වී රෑ මැදියමේ ගසකට ගොඩවීමට ගිය පුද්ගලයකු එම අලියාටම බයේ ඊට පෙර ගසට ගොඩවී සිටි පුද්ගලයකුට බියවීම නිසා ගුරුකමක් කොට නූල් බඳින්නට සිදුවූ බව කියන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


නිතර වල් අලි කඩාවදින ගම්මානයකි. පසුගිය දිනෙක ගමේ මළ ගෙදරකට ගොස් මහ රෑ මැද්දේ තනි පංගලමේ ආපසු නිවෙස බලා එමින් සිටි පුද්ගලයකුට
එක්වරම අලි පන්නා දමන හඬක් ඇසී ඇති අතර, බෙහෙවින්ම බියට පත්වූ හෙතෙම දිව ගොස් පාර අයිනේ තිබූ ගසකට ගොඩවී ඇත්තේ අලියෙකුට හසුවුවහොත් සිදුවන්නේ කුමක් දැයි හොඳින් දන්නා හෙයිනි. මර බියේ අඩියට දෙකට ගසට ගොඩ වූ ඔහුට ඝන කරුවලේම ගස උඩ සිටි යමෙක් “හෙමින් නැගපන්” කියමින් සිනා සී අත දිගු කර ඔහු තදින් අල්ලාගෙන ඇති අතර අලියාට බියේ අව සිහියෙන් මෙන් ගසට ගොඩ වූ හෙතෙම එයින් දැඩි භීතියකට පත්ව මර හඬ දී අත ගසා දමා ගසින් බැස ඇත්තේ මේ නම් හොල්මනක් යැයි සිතමිනි.


ගස උඩ සිටි අය “දුවන්න එපා මම අහවලා” කියමින් කෑ ගසද්දීම පස්ස නොබලා තම නිවසටම දිවගොස් ඇති අතර, දින කිහිපයකින් පසු ඔහු පියවි සිහියට එළැඹ ඇත්තේ ගුරකු ගෙන්වා කරේ කහ නූලක් ද බැඳීමෙන් පසුවය. ගස උඩ හිඳ ඇත්තේ ද අලි එළවන හඬින් බිය පත්වූ එම ගම්මානයේම පුද්ගලයෙකි.

(වියලුව වාර්තාකරු)

අදහස්(3) බැලූවෝ (2684)

වල්අලියාට බයේ ගහට නගිද්දී හොල්මනක් දැකලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon හේරත් 2017-02-17 07:50:58

මරණයට අපි කවුරුත් බයයිනේ (නි)

ගුණවර්ධන 2017-02-17 14:44:16

එක තමයි සමහර වෙලාවට , සමහර අය කියන්නේ අලි හොල්මනක් දැක්ක කියල. (ර)

ලාසි 2017-02-19 18:36:18

අලි ජංජාලයයි කියන්නේ ඔයවගේ ඒවට තමයි (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :