2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා

2017 පෙබරවාරි මස 17 10:51:08 | . , අලව්ව ජයන්ත කුමාර දිසානායක

අදහස්(6) බැලූවෝ (4882)


 සැමියා නිවෙසේ නොමැති විට හොර රහසේ බිරියගේ පහස පතා එන පුද්ගලයකු අනපේක්‍ෂිතව සැමියා නැවත නිවෙසට පැමිණීමත් සමඟ එම අනියම් සැමියා එම නිවෙසේ දොරෙන් වෙනුවට ජනේලයෙන් පැන යාමට  උත්සාහ දැරීමේදී ජනෙල් කූරු අතර එළියට හිසද ගෙතුළට කඳ කොටසද වන සේ සිරවී නිවෙස් හිමියාගේ  අතට හසුවූ පුවතක් අලව්ව ප්‍රදේශයට අයත් ගම්මානයකින් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය,


 ප්‍රසිද්ධ සිප් හලක ගුරුවරයකු වන නිවෙස  හිමිකරු පාසල බලා උදයේ පිටත්ව ගියද සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණියේය. එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව  දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවිය.


සිදුවී ඇති දේ පිළිබඳ අවබෝධ කොට ගත් ගුරුවරයා ජනෙල් කූරු මෑත් කොට සිරවි සිටි පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන“ තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි” යනුවෙන් පවසා අතින් පයින්ද එම පුද්ගලයාට පහර දුන්නේ “ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න  ආවොත් බලාගෙනයයි” යනුවෙන් පවසමිනි.


 ගුරු බිරියගේ පහස පතා පැමිණි ගුරුවරයාගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමටත් පෙර ගම අතහැර ගොස් අවසන්ය. 

(අලව්ව ජයන්ත කුමාර දිසානායක)

අදහස්(6) බැලූවෝ (4882)

හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon අශිකා 2017-02-17 07:49:14

මතක හිටින දඬුවමක් දෙන්න තිබුනේ (නි)

පැරකුම් 2017-02-17 08:28:27

එතකොට ගුරු බිරිය නිදොස්ද? දුරදිග දකින උගත් බුද්ධිමත් ගුරුවරයෙක්. (නි)

යොහාන් 2017-02-17 09:59:32

අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)

පිටිගල මිලානෝ 2017-02-17 10:18:37

ලංකාවේ ගෘහණියෝ ආගන්තුක සත්කාර මැනවින් දන්නා බෙදා හදාගෙන කන්න උපන් හපන් කොටසක් කියලා රොබර්ට් නොක්ස් ලිව්වේ ඒකද කොහෙද. මෙවන් මනා ගතිගුණ ඇති ලංකාවේ අක්කලා මා ජීවත්වන ඉතාලියේත් ඉන්නවා. (නි)

සුජිත් 2017-02-18 16:13:46

ඕවා ඉතින් නවත්තන්න බැහැ. මොනවා වුණත් ලිපිය නම් හොඳයි. (නි)

ජගත් චන්ද්‍ර 2017-02-18 17:19:29

මෙයාටත් කරන්න තිබුනේ අර ගස් දෙබලේ හිරවුණ කොටියට නරියා කරපුදේම තමයි.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :