2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

වෛද්‍ය ස්ථානමාරු පමාව වෛද්‍ය සංගම් නිසයි - රාජිත

2017 ජනවාරි මස 11 20:18:21 | . , ඩයනා උදයංගනී

අදහස්(8) බැලූවෝ (990)

නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද  (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එයට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා මාරුවීම් දියයුතු තැන් තීරණය කරන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත්, වෘත්තීය සමිතිවලට අවශ්‍ය අයුරින් එවැනි කටයුතු කළ නොහැකි බව ත් සඳහන් කළේය.

වෛද්‍ය ස්ථාන මාරුවීම් ලබාදීමේදී   සමහර රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් යොදවා ඇතැයි කී අමාත්‍යවරයා නිලධාරීන් එය විසඳීමට යන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණ ඒවා වෙනස් කරන බවට නිලධාරීන් චෝදනා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

තමන් අමාත්‍යවරයා ලෙස එම ගැටලු විසඳීමට යන විට දේශපාලනීකරණය කියමින් චෝදනා නැගෙන බවද කී ඇමතිවරයා එයින් පීඩාවට පත්වෙන්නේ  අහිංසක රෝගීන් යැයිද පැවසීය. වෛද්‍යවරු නොමැතිව වැසී ගොස් ඇති රෝහල් 40ක් විවෘත කිරීම සඳහා මීට පෙර උත්සාහ ගත් අවස්ථාවේදීද දේශපාලන ඇඟිලිගැසීම් බව කියමින් තමන්ට චෝදනා එල්ල වූ බව මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

අදහස්(8) බැලූවෝ (990)

වෛද්‍ය ස්ථානමාරු පමාව වෛද්‍ය සංගම් නිසයි - රාජිත සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දිමුත් 2017-01-11 16:06:48

එතකොට ඇගිලි ගැසීම නැති අනික් හැම තැනම හරිවෙලාවට මාරුවීම් ලැබෙනවා නේද ඇමති තුමෝ ? (බ)

ගයාන් 2017-01-11 16:38:49

මෙය 2017ට පමණක් අදාළ දෙයක් නොවේ. හැමදාම එයාලට ඕනෑ විදියට තමා වැඩ. වෛද්‍යවරු සහ ලෙඩ්ඩු යන දෙපිරිසම අසරණ වෙති (නි)

කරුණාපාල 2017-01-11 21:11:27

ලෝකේ තියන සියලුම මාෆියා ලංකාවේ වෙද මාෆියාවට පරාදයි කියලා අපි දැනගෙන ගොඩක් කල් ඇමතිතුමනි (නි)

සිසිර 2017-01-11 22:36:12

ඔයාලා වක්කඩක් කැඩුවා වගේ තොරතෝංචියක් නැතුව කියන කතා මහජනතාව අවලංගු කරන්න පටන් අරන් ගොඩාක් කල්. (නි)

ලුම්බිණි 2017-01-12 00:03:52

අපේ වෛද්‍යවරු (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) ඉන්නේ වර්ජන කරන්න පෙළපාලි යන්න සහ ඒගොල්ලන්ගේ යහපත ගැන පමණක් බලන්න විනා ලෙඩුන් ගැන බලන්න නොවෙන බව අපි දැනගෙන බොහෝ කල්. (නි)

ලක්විදු 2017-01-12 03:31:46

ඔවු ඔවු. ඇඟිලි ගහන්න අයිතිය තියෙන්නේ දේශපාලකයන්ට විතරනේ (නි)

ටිකිරි 2017-01-12 03:34:40

එයාලට ඉතින් උත්තර තියෙනවනේ හැම එකටම (නි)

භද්‍රානි 2017-01-12 11:21:12

ලංකාවේ වෛද්‍ය මාෆියාවයි, පෞද්ගලික බස්රථ මාෆියාවයි අතර ලොකු වෙනසක් නැහැ. රටේ නීතියත් මාෆියා කාරයින්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ වාසිය සඳහා වෙනස් කරන්නයි ඔවුන්ට උවමනාවී ඇත්තේ.(හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :