2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

රවිරාජ් ඝාතන නඩු තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක්

2017 ජනවාරි මස 11 16:40:20 | . , මනෝප්‍රිය ගුණසේකර

අදහස්(8) බැලූවෝ (782)

පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක‍ෂක භටයාට වෙඩි තබා ඝාතනය කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා යළි මුල සිට නඩුව විභාග කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අද අභියාචනයක් ඉදිරිපත් කළේය.

මෙම ඝාතනයට  හිටපු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලබා සිටියහ. ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාවක් දුන් තීරණය අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ලංකා ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම රාත්‍රියේ නඩු තීන්දුව දෙමින් විත්තිකරුවන් නිදහස් කළේය.

විත්තිකරුවන් සියළු දෙනා  නිදහස් කරමින් ජුරි සභාව   ලබාදුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතීපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.

අදහස්(8) බැලූවෝ (782)

රවිරාජ් ඝාතන නඩු තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කුමාර් (ගල්ෆ්) 2017-01-11 13:19:07

යුරෝපයේ බලපෑමක්ද නැතිනම්, අකුලගන යන්න ඉන්න ඔබාමා පාලනයේ බලපෑමක්ද? (බ)

සරණපාල 2017-01-11 13:21:14

එතකොට අර වාස් මහත්මයාගේ නඩුවට මොකද වෙන්නේ. (බ)

රොකී 2017-01-12 04:38:11

මේ නඩු තීන්දුවෙන් සිදුවුණේ අපේ අධිකරණය ගැන විශ්වාසය ජාත්‍යන්තර වශයෙන් පලුදුවීමයි. ඔය නඩුව මෙහෙයවුණු ආකාරය ගැන අපිට නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. (නි)

රුවන් 2017-01-12 04:47:28

රොකීට මමත් එකඟයි. අපේ රටට මේ විදියට යුරෝපා රටවල් උදවු කරාවිද අධිකරණයේවත් ස්වාධීනත්වයක් නැත්නම් (නි)

ඇසළ 2017-01-12 07:38:29

රොකී, රුවන්, යුරෝපා රටවල් උදවු කරනවා තියා තියන රටවල් වලින් බාගයක් ඉන්නේ එල්ලෙන්න වැල්වත් නැතුව. නෝර්වේ වගේ රටවල් උදව් කරයි රට දෙකට බෙදන්න නම්. නැතුව අපිට කරන උදවුවක් නැහැ. (නි)

සහන් 2017-01-12 12:59:21

ලොකු ප්‍රශ්නයක් වගේ ආයේ.(හේ)

සහන් 2017-01-12 13:03:11

මේක හරියට රාජාගේ කලේ නඩු තීන්දුවක් වගේ (හේ)

සමන් 2017-01-12 13:03:11

කුමක් සිදුවේද (හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :