X

2017 ජනවාරි මස 20 වැනි සිකුරාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

විමල්ට පිටින් කන්න අවසර

2017 ජනවාරි මස 11 14:33:12 | . , ජයන්ත සමරකෝන්

අදහස්(56) බැලූවෝ (4027)

කොළඹ මැගසින්  බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා  සිටින ජාතික නිදහස් පෙරමුණේ  නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී  විමල් වීරවංස  මහතා පිටතින් ආහාර  ලබා ගැනීම සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඉල්ලීමක්  කර ඇත.

ඒ අනුව ඔහුට  අදාළ අවසරය අද සිට ලබා දී ඇති බව එහි  ප්‍රකාශකයෙක් පැවසීය.

අදහස්(56) බැලූවෝ (4027)

විමල්ට පිටින් කන්න අවසර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නාලිකා 2017-01-11 09:22:00

මෙට්ටයකුත් ගෙදරින් ගෙනල්ල දෙන්න. එතකොට ඔක්කොම හරි. (ර)

ෆාරා 2017-01-11 09:32:47

සමාජවාදී පොර කථා කියන මෙයාට අනිත් අය වගේ හිරේ බත් කන්න බැරිද (බ)

සරත් 2017-01-11 09:37:00

විමල්ට එහෙම වුනාට අපි හිරේට ගියොත් කෑම හිරෙන්ම තමා. (බ)

තිරූ 2017-01-11 09:37:07

ඇයි..අපි හිරේ ගියහම කන්න පුළුවන් නම් මෙයට කන්න බැරි.. මුන්ට හිරබත්කවන්නම ඕනේ. මොකක්ද වෙනස.(බ)

සුමිත් 2017-01-11 09:42:37

ඉල්ලගෙන කෑව කොහොමත්, කට නිසා මාළුවා නහින්නේ (බ)

සහන් 2017-01-11 09:43:09

අපරාදේ පිටින් කන්නේ. කටින් කන්න තිබුනනේ. (බ)

බුද්ධි 2017-01-11 09:47:02

ඔව් ඉතින් පහුගිය කාලේ මෙයාල කාපු කෑම අපි දානවනේ. එ්ක මෙයාලට හොඳ වුනාට මේ රටට දිරවන්නේ නැ ඔරොත්තු දෙන්නේ නැ. (බ)

රෝහිත 2017-01-11 10:09:35

පිදෙල් කස්තෝර් හිරේ ඉන්නක කලේ නම් එක දවසක් වත් පින්ටින් කෑම ඉල්ලුවේ නෑ. හිරේ අය කන කෑම එයාලා ඉක්ක එකතු වෙලා තමයි කෑවේ. (ර)

අමල් 2017-01-11 10:12:47

ඇයි මෙහෙම විශේෂ වරප්‍රසාද.? (ර)

රවීන් 2017-01-11 10:31:10

කොහොමත් මෙයාට පිට කෑම කාලා තමයි පුරුද්ද. (බ)

ප්‍රදීප් 2017-01-11 10:38:03

කොහොමත් ගෙදර අනිත් අයත් පිටින්නේ කෑම කන්නේ. (අ)

අසේල 2017-01-11 10:50:47

මීට වඩා හොදයි ගෙදර තිබ්බනම්. (අ)

එන්සිනා 2017-01-11 11:03:38

අර පොලෝසියෙන් පහරක් වැදුණු කෙනාගේ පවුලෙන් අලුත් මාඵ එහෙමත් ලැබෙයි.. (අ)

තිසුල් 2017-01-11 11:13:07

මම හිරේ ගියොත් මටත් පිටින්කන්න දෙන්නම වෙනවා. (අ)

ලවාන් 2017-01-11 11:16:50

රිමාන්ඩ් යනු හිරගෙදර නොව රදවා තබන තැනකි... දඩුවමක් නොවේ... (ර)

සුදේශ් පෙරේරා 2017-01-11 11:21:45

අනේද කින්නෙ.....පිටින් කන්න .......?. (අ)

සම්පත් පතිරණ 2017-01-11 11:28:55

හිරේ ඉන්න අය ගැන ලොකු කතා කියපු නෝනා මහත්තයත් බයේ උසාවි එන්නෙත් නැතිලු... (ර)

සංජය 2017-01-11 11:45:23

ඊ වෝඩ් එකට විසිට් පුලුවන් දවසට දෙතුන් වතාවක් වුනත්. සැකකරුවෙක් මිසක් හිරකරුවෙක් නෙමේ. (බ)

ලලිත් 2017-01-11 12:46:27

විමල් මහතාණනි ඔබ වාමාංශික නැඹුරු දේශපාලකයෙක් ඔය හිරගෙදර දෙන බත්ම කන්න. (බ)

රාවන් 2017-01-11 12:49:39

මොන මගුලක්ද මේ? බන්ධනාගාර නිලධාරින් එක්ක ගෙදර තිබ්බ නම් ඉවරනේ.මහජනයාට එක නීතියක්, පාලකයින්ට තව නීතියක්. (බ)

ලක්විදු 2017-01-11 13:04:27

දැන් අර උද්ඝෝෂණය කරපු අය පෝලිමේ එයි කෑමත් අරන් (බ)

රෙක්ස් 2017-01-11 13:04:50

එතකොට බීම ? (බ)

ශෂී 2017-01-11 13:06:09

සැකකරුවෝ වෙන්නේ කොහොමද ? හිරකාරයෝ මිසක්. රට හදන්න ආව ලොකුම සමාජවාදී අය..කොහොමද කට නම්... අනෙක් හිරකරුවන්ට දෙන හිරබත්ම තමයි දෙන්න ඕනේ ...අවුරුදු 8 ට හොඳ කෑමක්නේ කෑවේ, පවුලේ අය එකතු වෙලා....(බ)

කමල් පානදුර 2017-01-11 13:16:41

මෙය ජේවීපී එකේ ඉන්නකොට මහින්දත් එක්ක කළා එකෙන් අයින් කළා. අපේ සමහරුන්ට පට්ට වීරයෝ . ආණ්ඩුවේ ඉන්න අගමැති ඇතුළු කට්ටියත් ඉන්න ඕකෙත් මේක ඇතුලේ තමයි .(බ)

පොඩිරත්න 2017-01-11 14:13:06

දැන් ගෙදරට බෙහෙත් වර්ග එහෙම රුපියල් සීයේ මන්ත්‍රීතුමා ගිහින් දෙයි (බ)

සුසිල් 2017-01-11 15:02:54

ජාතියේ පංචායුධය කියලා නේද කිව්වේ ? (හේ)

සමන් 2017-01-11 15:00:37

මෙයා කැමතිම බීම වර්ගත් ගෙදරින් ගේන්න පුලුවන්ද ?(හේ)

ජයා 2017-01-11 15:38:34

මේක අහල එයාට හොඳ නම් මට මොකද බැරි කියල ගෙදරඅයත් පිටින් කනවා කිවුවොත්? (අ)

චානක්ලොස් ඇන්ජලිස් 2017-01-11 15:52:38

මොහු එදා ෆෝන් එකත් උස්සගෙන කව්ද සීනියර් ඩී. අයි . ජී කිය කියා අහමින් එතන රාජකාරී කළ පොලිස් නිලධාරියාව අසරණ කල ක්‍රියාව .. කෝ අද එම බලය? කෝ එදා එම ෆෝන් එකෙන් පලුයන්න පොලිස් නිළධාරියාට බැනපු සුපිරි බලවතා ? ඔහුගෙන් පිහිටක් නැද්ද දැන් ? (අ)

බන්දුල 2017-01-11 16:31:35

හිරේ ඉන්න අනිත් අයත් ගෙදරින් කන්න ඉල්ලුවා නම් හරි (නි)

රණවීර 2017-01-11 16:40:47

මේක මාර රටක්නෙ. දුප්පත් අහිංසක හිරකරුවන්ට තමන්ගේ පවුල් වල අය ඉඳලා හිටලා ගේන කෑම වේලටත් රටේ නැති තහංචි දාන රටක්. රට කන දේශපාලුවන්ට කම්බා හොරුන්ට පාතාල නායකන්ට ඕනෑම දෙයක් ඕනෑම තැනක කරන්න ඉඩදෙන රටක් මේක. මහා ලොකු ධර්මදීපය..! (නි)

සාලින්ද 2017-01-11 16:46:55

ඇත්ත. විමල් මහත්තයා හොඳ සනීපෙන් ඉන්න ඕනෑ කොහේ හිටියත් (නි)

චතුරි 2017-01-11 16:51:02

බිරිඳට බන්ධනාගාර මුළුතැන්ගෙට ඇවිල්ලා හැමදාම උයලා දෙන්න කියන්න. පුදුම නීති. හිරගෙදර කියන එකේ තේරුම මොකක්ද. හිරකාරයට ඕනෑ විදියට සැප දෙන්න මොකටද අත්අඩංගුවට ගත්තේ? (නි)

හේවාවිතාරණ 2017-01-11 16:56:07

එයාලට හිරේ ගියත් සැපසම්පත් වලින් අඩුවක් නැහැ (නි)

ටෙරන්ස් 2017-01-11 17:49:04

ගෙදර අය එහෙනම් කෑම ගෙනල්ලා දෙනවා ඇති නේද? (නි)

යෝනක 2017-01-11 18:28:49

මෙයා හිරේ ඉන්නකොට ගෙදර බලාගන්නේ කවුද? (නි)

කුමාර් 2017-01-11 19:11:45

හිරේ නෙමෙයිනේ ඉන්නේ. ඉතින් කොහෙන් කෑවත් මොකෝ? සරත් ෆොන්සේකා විතරයි දඬුවම බය නැතුව වින්ඳේ (නි)

රිචි බාලසුරිය 2017-01-11 19:47:07

අධි පරිමාණයේ සොරකම් වංචා කරපු දේශපාලකයන්ට, ප්‍රභූවරුන්ට රිමාන්ඩ් එකෙත් සිරගෙදරත් ඉහළ සැළකිලි. මේවා නිසා ඔවුන් වංචා සොරකම් කිරීමට බියක් නැතිවනවා. එහෙත් සාමාන්‍ය පුරවැසියකුට සුළු දෙයකට හෝ රිමාන්ඩ් වුවහොත් අපායක ජීවිත තමා ලැබෙන්නේ (නි)

රියාද් 2017-01-11 19:57:48

එයාට කල්දේරම් බත රස නැතුව ඇති (නි)

වසන්ජය 2017-01-11 21:20:44

අනේ මන්දා! ගෙදර අයව නවත්තගන්න ගෙන්නලා දෙන්න කිවුවොත් එ්කත් සළකලා බලයි වගේ (නි)

යසන්ත 2017-01-11 22:37:49

අපි හිරේට ගියොත් ඒත් පිටින් කන්න දෙනවද? (නි)

සුසිල් 2017-01-11 23:06:48

අයියෝ විමල්, ඇයි නිර්ධන පන්තියේ කෑම දිරවන්නේ නැද්ද? (නි)

නිමල් 2017-01-11 23:46:15

දැන් ඉතින් ඉන්නකෝ හිරගෙයි. කළකම් පළදේ! (නි)

සඳුන් 2017-01-12 00:10:30

මෙයාට පිටින් කෑම ගේනවා කිවුවේ ලෙමන් පෆ් වෙන්න ඇති. (නි)

නිල්හාන් 2017-01-12 00:33:05

අනෙක් අයටත් මේ අවසරය දෙන්න. නීතිය කාටත් පොදුනේ! (නි)

බමුණු ආරච්චි 2017-01-12 01:02:26

විමල් මහතා, ඔබ කී යටත් විජිතවාදය වගේ දේවල් තේරුම් ගැනීමට මෙතැන ලියන 99%කට බැහැ. ලෝකයේ ප්‍රබල රටවල් අපි වගේ දුර්වල රටවල් මෙල්ල කරනහැටි තේරුම් ගැනීමට අපේ අය කිසිම උත්සාහයක් ගන්නේ නැත. මෙතන කියන දේවල් වලින් පෙනෙනවා මෝගොල්ලන්ගේ දැනුම සහ ප්‍රශ්න දිහා බලන ආකාරය. (නි)

පිටිගල 2017-01-12 02:37:34

ගෙදර අයත් පිටින් තමයි කන්නේ. ළඟදි ඔප්පුත් වුණා නේ? (ම)

fb-icon නවුෂාඩ් 2017-01-12 02:53:51

කන්න දෙයක් මෙයාට තව ඉතුරුවෙලා තියෙනවද මන්දා (නි)

සෙනරත් 2017-01-12 03:11:56

පාලකයෝ දන්නවා මේ අත්අඩංගුවට ගැනීම වැරදි බව. ඒ නිසා එයාලා වරප්‍රසාද දෙන්න ඕනෑනේ. එහෙම නැත්නම් ඕනෑම මෝඩයෙකුට තේරෙන සහ දැනටමත් ඔප්පු වී ඇති මහබැංකු හොරුන්ට කෝ දඬුවම් (නි)

ජයාත් 2017-01-12 03:14:29

"ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි" (නි)

යෝනක 2017-01-12 03:37:15

අපිටත් බැරියෑ එහෙනම් බත් මුලක් අරගෙන එන්න (නි)

හේමන්ත 2017-01-12 04:24:44

මේකද සමාජවාදේ? (නි)

රොකී 2017-01-12 04:47:44

ඔවු ඔවු බමුණු උන්නැහේ, "යටත් විජිතවාදය“ වගේ දේවල් තේරුම් ගන්න ඔය විදිහට රාජ්‍ය වාහන තම තමන්ගේ කට්ටියගේ ප්‍රයෝජනයට දෙන්න ඕනෑ. එ්ක තමයි කවදත් බමුණන්ගේ ප්‍රතිපත්තිය. බමුණෝ හිතන්නේ ඔවුන් තරමට අනිත් මිනිසුන්ට දැනුමක් නැහැ කියලයි. (නි)

ඇසළ 2017-01-12 04:46:09

සමහරක්ට මහා බැංකු කොල්ලකෑමට වැඩිය ලොකුයි මේ වාහන අවභාවිතය කියන එක. පොලිසියට අනුව හතර දෙනෙක් කරපු වරදක්. මහා බැංකු කොල්ලකාරයෝ රජුන් වගේ වැජඹෙනවා. ඒ ගැන දැන් කිසි කතාවක් නැහැ. (නි)

ජනහිත 2017-01-12 05:15:54

දැන් නම් කවුරුවත් විශ්වාස කරන්න බැහැ. එකට කාපු උදවිය තමයි දැන් ලෙඩ අදින්නේ. පිටින් කෑම ගෙනාවත් ආප්ප එහෙම නම් ගෙන්න ගන්න එපා. මේ වගේ වැඩ කරන අය ඉන්න රටක තමයි අපිත් ඉන්නේ කියන එක විතරක් හිතලා හිත හදාගන්න. අද පෝයදා කාටත් මෛත්‍රිය කරන්න. (නි)

පෙරුමාල් 2017-01-12 15:06:07

ඒක අසාධාරණයි.(හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :