2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට කැනඩා අගමැති නොයයි

2017 ජනවාරි මස 11 10:07:49 | . , රොයිටර් ඇසුරිනි - පරිවර්තනය - ලුසිත ජයමාන්න

අදහස්(11) බැලූවෝ (4943)

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 20 වැනි දා දිවුරුම් දීමට නියමිත අතර දිවුරුම් දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා දන්වා ඇත.

දිවුරුම්දීමේ උලෙළ පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනාව මත ලොව රාජ්‍ය නායකයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. කැනඩා අගමැතිවරයාට ද ආරාධනා ලැබී තිබේ.
ඇමෙරිකාවේ අසල්වැසියා වන්නේ කැනඩාව වන අතර, කැනඩා අගමැති කාර්යාලය පවසා ඇත්තේ අගමැති ටෘඩෝ මහතා දිවුරුම් දීමට සහභාගී නොවනු ඇති බවත්, එදින ඔහු කැනඩාව පුරා සංචාරය කරමින් ජනතාවගේ ගැටළු විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම කරනු ඇති බවත්ය.

 ටෘඩෝ මහතාගේ අඩුව පුරවමින් කැනඩා රජය නියෝජනය කරමින් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී වනු ඇතැයි කැනඩා අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

අදහස්(11) බැලූවෝ (4943)

ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට කැනඩා අගමැති නොයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සිල්වා 2017-01-11 10:39:49

එතකොට දෙමළ ඩයස්පෝරාව සතුටු වේවි. ඔතනට ගිහිල්ල නිකන් ඡන්ද කඩා ගන්නේ මොකටද ? (අ)

රිචි බාලසුරිය 2017-01-11 19:50:22

ත්‍රස්තවාදයට උදව් කරපු කිසිම දේශපාලකයෙක් ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට එන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වුණ නිසා (නි)

මහින්ද 2017-01-11 21:00:31

ට්‍රම්ප් සමග සෙල්ලම් බැරිබව කවුරු කවුරුත් මතක තබා ගත්තොත් හොඳයි. කොන්ද පන ඇති නායකයෙකි. (නි)

බමුණුසිංහ 2017-01-12 01:42:45

කැනඩාවත් ලෝකයේ අනික් රටවල අභ්‍යන්තර කටයුතු වලට අැඟිලි ගහන්න හදනවා වගෙයි. (නි)

ජයන්ත 2017-01-12 05:55:28

මේ දවස්වල් කැනඩාව පුරා සංචාරය කරන්නේ කොහොමද, කැනඩාව පුරා හොඳටම හිම වැටෙන කාලේ. අනෙක කැනඩාවේ ඉඳලා එන්න පැය දෙකක් නැත්නම් තුනක් තමයි යන්නේ. එයා නාවත් ට්‍රම්ප් ජනාධිපති තනතුරේ දිවුරුම් දෙනවාමයි. අපේ රටට එහෙම ආරාධනා කරලා නැද්ද? (නි)

සමන් 2017-01-13 16:58:38

කැනඩාවට ස්‌නෝ වැටුනාට වැඩකටයුතු නවතින්නේ නෑ .. ඕනනම් ඕන තැනකට යන්න පුලුවන්. (අ)

හේෂාන් මානවඩු ඉතාලිය 2017-01-13 18:46:14

කැනඩාවේ දමිළයන්ට තියෙන බය නිසා වන්න ඕනෑ මෙයා යන්නේ නැත්තෙ. ගියොත් මිලියන ගානක ඡන්ද අහිමිවෙයි ලබන ඡන්දයේදී (නි)

අජිත් 2017-01-14 00:07:53

හොඳට බලාගෙන ඉන්න, ලංකාවට හොඳට සළකාවි! (නි)

හුසේන් මොහමඩ් -රියාද් 2017-01-14 06:41:38

ඇමරිකාවට ලෝකවාසීන්ගේ හිත්වල ටිකක් හරි ඉතිරිවෙලා තියෙන හොඳ නමත්, ට්‍රම්ප් නිසා නැතිවෙන දවස වැඩි ඈතක නැහැ. (අ)

බමුණු 2017-01-14 23:46:00

හුසේන් මොහමඩ්, ඇයි බයවුණාද?

නලීන් 2017-01-16 03:00:30

පොල් 1800 ක් ගහලා සුභ පතලා යාලුවෙමු (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :