X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

ලොවක් කැළඹූ පුවත ගෙන ආ මාධ්‍යවේදිනිය මියයයි

2017 ජනවාරි මස 10 20:47:23 | . , බීබීසී ඇසුරිනි - පරිවර්තනය කෝවිද ගුණසේකර

අදහස්(4) බැලූවෝ (4284)

දෙවන ලෝක යුද්දය ආරම්භවීයැයි ලෝකයට පළමු පුවත ගෙන ආ කෘතහස්ත මාධ්‍යවේදිනියක වන බි‍්‍රතාන්‍ය ජාතික ක්ලෙයාර් හොලින්ග්වර්ත් අද (10) මෙලොවින් සමුගත්තාය.

මියයන විට 105 හැවිරිදි වියේ පසුවූ ක්ලෙයාර් සිය ජීවිතයේ අවසන්භාගය ගතකළේ හොංකොං හිය.

1939 වසරේ දී වෙනත් කටයුත්තක් සදහා පෝලන්තයේ සිට ජර්මනිය බලා යමින් සිටින අතරතුරදී ජර්මන් හමුදා පෝලන්ත දේශසීමාව ආක‍්‍රමණය කරනු දැක, ඒ පිළිබදව පළමු මාධ්‍ය වාර්තාව ලෝකයා හමුවේ තැබුවේ ඇයයි.එවක ඇය බි‍්‍රතාන්‍යයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ ආධුනික මාධ්‍යවේදිනියක වූවාය.

පසු අවස්ථාවක බි‍්‍රතාන්‍යය ඔත්තුකරුවකු වූ කිම් ෆිල්බි අරබයා ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදුනු ඇය ඒ නිසාවෙන්ම නැවත වරක් ලෝකයේ අවධානයට ලක්වූවාය.

මාධ්‍යවේදිනියක වීමට පෙර සිටම ක්ලෙයාර් මානව හිතවාදී කි‍්‍රයාකාරකම් වල යෙදුනු තැනැත්තියකි.වරක් ඇය හිට්ලර්ගේ හමුදා ග‍්‍රහණයෙන් මිදී බි‍්‍රතාන්‍යය වෙත පැමිණීම සදහා ජර්මනියේ සිටි දහස් ගණනක් වෙනුවෙන්  බි‍්‍රතාන්‍යය ගමන් බලපත් සාදා දීමට මැදිහත් වූවාය.

ක්ලෙයාර් තම සැදෑ සමය මාධ්‍යකරණය වෙනුවෙන්ම කැපකර තිබූ අතර, ඇයගේ මරණයෙන් පසු, ක්ලෙයාර් සාමාජිකත්වය දරමින් සිටි හොංකොං විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය ප‍්‍රකාශයක් නිකුත් කරමින්, ක්ලෙයාර් සංගමයේ සිටි ඉතාම ආදර්ශමත් හා වටිනා සාමාජිකාවක් වූ බව නිවේදනය කළේය.

CLHOLWW 0110 01 CLHOLWW 0110 02 CLHOLWW 0110 03

 

අදහස්(4) බැලූවෝ (4284)

ලොවක් කැළඹූ පුවත ගෙන ආ මාධ්‍යවේදිනිය මියයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පහන් 2017-01-10 15:45:53

මොන ආගම ඇදහුවත් තමන් කරපු පින් තමයි භවය සකස්කරලා දෙන්නේ ලෝකයට හොද දේ නැත්නම් විශ්වයට හොද දේ දායාද කෙරු මෙතුමිය සුගතිගාමී වෙලා ඇති .(අ)

උපාලි 2017-01-11 07:57:48

බොන්න හදන දෙය දැක්කම ඇඟ හිරිවැටිලා යනවා...(බ)

සුරන් 2017-01-11 13:03:31

අනේ උපාලි, ඔබ බබා නේද? (බ)

පහන් 2017-01-13 15:02:05

මේ ස්වීට් වයින් වෙන්න පුළුවන් .සුදු මිදී යුෂ සහ රතු මිදී යුෂ සවුදිය පුරන්න ගන්නවා .(හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :