2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

නීතිඥයාගේ කලබලයෙන් ඔප්පු හිමිකරුට තරු පෙනිලා

2016 දෙසැම්බර් මස 29 00:00:55 | . , තිහගොඩ උපසේන ලියනගම

අදහස්(1) බැලූවෝ (3260)

දකුණු පළාතේ ප්‍රධාන උසාවි සංකීර්ණයකි. ඉඩම් ගැටලුවක් පිළිබඳ නඩුවක් බාර දීමට ආ මැදිවියේ වූවකු ඉඩම් ඔප්පුව නීතිඥවරයාට දී කීවේ තමා සහ තම සහෝදරයා අතර උරුමය පිළිබඳ ගැටලුවක් නිසා මේ නඩුව පවරන බවකි. ඔහුට කාර්යාලයේ සිටින ලෙස දැනුම් දී නිතීඥයා ඔප්පුව රැගෙන ලේඛනාගාරයට ගියේ තොරතුරු විමසීමටය.

මොහොතකට පසු ලේඛනාගාරයෙන් එළියට එන විට එතැන සිටි ඔප්පු හිමිකරුට එය දී “යමු” කියා කඩිනම් ගමනින් කාර්යාලයට ගියත් ඔහු තමා පසුපසින් ආවේ නැත. කාර්යාලයට ගිය විට එතැන ඔප්පු හිමිකරු සිටිනු දුටු ඔහුට තරමක තැති ගැන්මක් ඇති විය. ඔහු “කෝ සර් ඔප්පුව” කියා විමසූ විට “ඇයි මම උසාවිය ඉස්සරහදි දුන්නේ” කීවේ විමතියෙනි. “හත් දෙයියනේ එහෙනම් සර් වැරදිලා, මං කියලා හිතාගෙන මල්ලිට ඔප්පුව දීලා. එයත් හැඩරුවෙන් මං වගේම තමයි. අද එයත් උසාවි ආවා” කීමෙන් නීතීඥවරයාට තරු පෙනිණ. වහාම ආපසු ගොස් ඔප්පුව දුන් කෙනා හෙව්වත් සොයා ගැනීමට බැරි වුණාලු.

(තිහගොඩ උපසේන ලියනගම) 

අදහස්(1) බැලූවෝ (3260)

නීතිඥයාගේ කලබලයෙන් ඔප්පු හිමිකරුට තරු පෙනිලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අබය 2016-12-30 22:27:01

"සුබ සහ යස" මතක්වුණා (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :