2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි

2016 දෙසැම්බර් මස 28 13:39:03 | අකිල බද්දෙවිතාන

අදහස්(12) බැලූවෝ (8035)

පසුගිය සිකුරාදා (23) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පොලිසියට තොරතුරු දී ඇත්තේ කඩවත පදිංචි තරුණියක බව පොලිස් ආරංචි කියයි.

ඇය එසේ බොරු තොරතුරක් ලබාදී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක හා විවාහ වීමට නියමිතව සිට ඒ සඳහා එම දුම්රියෙන් ඔහු ගමේ යාමට සිටි නිසා බවත් ඔහුගේ ගමන වැළැක්වීම ඇගේ අරමුණ වී ඇති බවත් කියති.

ඇය සිය පෙම්වතා ඔහුගේ ගමේ තරුණියක සමග හාදව සිටින බව දැනගෙන පසුගිය කාලය පුරා විවිධ ගැටුම් ඇතිකරගත් බවත් කියා ඇත. දුම්රියේ බෝම්බයක් ඇතැයි 119 අංකය ඔස්සේ පොලිසියට තොරතුරු ලබාදුන් ජංගම දුරකථනය සොයා යාමේදී ඇගේ තොරතුරු අනාවරණය වී ඇති අතර ඇය පොලිසියට මුලදී ප්‍රකාශ කර තිබුණේ කොටුව දුම්රිය ස්ථානයේ සිටි දෙදෙනකු දුම්රියේ බෝම්බයක් තැබූ බවට කථාවන ආකාරය තමාට ඇසුණු බවයි.

මෙම ව්‍යාජ තොරතුරු හේතුවෙන් මගීන් හා දුම්රිය දැඩි පරීක්ෂාවකට ලක් කැරුණු අතර දුම්රියේ ගමන පැය කිහිපයකින් ප්‍රමාද විය.

අදහස්(12) බැලූවෝ (8035)

බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඩී.උපුල් 2016-12-28 11:04:43

කොහොමද ගැහැණු මොලේ? කාන්තා පරපුරටම ආඩම්බරයක්. (බ)

බමුණු 2016-12-28 13:39:45

එදා දුම්රිය පමා වීම නිසා වැඩ අවුල් වුන මිනිසුන් ගොඩට මෙයාව දමන්න. මෙයාව හම ගහන හැටි බලන්න. (බ)

භාතිය 2016-12-28 16:11:39

දඬුවම? (බ)

ජනහිත් 2016-12-28 22:54:00

එයා අමාරුවේ වැටිලා මදිවාට අනෙක් අයත් අමාරුවේ දාන්න හදන එක හොද නැහැනේ. ප්‍රශ්නය බේරගන්න තිබුනේ ඒ මිනිහත් එක්කනේ. (නි)

තිස්ස 2016-12-29 01:33:50

ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ බව දන්නෙ නැද්ද? (නි)

සෑම් 2016-12-29 03:04:26

තිස්ස, මෙයාගේ නුවණ නම් කන් හැන්දක මිට තරම්වත් දිග නැහැ (නි)

සරත් 2016-12-29 03:35:54

කවදා හෝ මෙයා විවාහ කරගන්නා අයට සියලු දෙවියන්ගේ පිහිටයි (නි)

ගමගේ 2017-01-02 23:36:33

මේ පුවත මුලින්ම දුටුවිට මට මේ හා සමාන දෙයක් හිතට ආවා. මට හිතුනේ ඒක දුම්රියේ යන්න හිටි කාටහරි වෙලාවට දුම්රියට එන්න බැරිවුණු නිසා දුම්රිය ප්‍රමාද කරවන්න දාපු උප්පරවැට්ටියක් කියලයි. දඬුවම් දියයුතු වරදක්. (නි)

පිටිගල මිලානෝ 2017-01-03 15:36:27

ලංකාවේ ගැහැණු ඔහොමම තමයි. ඕපාදූප කියන්නත් හරිම දක්ෂයි. (නි)

අජිත් කරුණාරත්න 2017-01-06 02:39:52

මේ කතාව කියවනවිට මතක්වුණේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් අපේ සිංහල තරුණයාගේ සිද්ධියයි. ආදරය නිසා මේ වගේ දේවල් නොවෙයි මීට වඩා දරුණු දේවල් වුණත් නොකර ඉන්නේ නැහැ. (නි)

දිනේෂ් සිල්වා 2017-01-09 19:06:35

මේක ගැන සිංදුවක් ලියලා ගායකයෙකුට දෙන්න ඕනෑ කියන්න. (නි)

fb-icon කල්‍යාණි ජයවික්‍රම 2017-01-24 04:45:15

ගැහැණියකගේ දෙතොල මත පිපෙන සිනහව පිරිමියකු නිසාම නොවේ. ඒත් ඇගේ දෙනුවන් තුළ උණන කඳුළු සහ හදවතේ ගිනි ගන්නා වෛරයට බොහෝ විට පිරිමියකු හේතුවෙයි (බ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :