X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

ජනමාධ්‍ය ලේකම්ට නරක කාලයක්

2016 දෙසැම්බර් මස 25 18:21:52 | .

අදහස්(10) බැලූවෝ (3280)

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට නුදුරේදීම සිය ධූරයෙන් ඉවත්වන්නට සිදුවෙතැයි දේශපාලන ආරංචි කියයි.

ලබන මාසයේ මුලදී අලුත් පුද්ගලයකු එම තනතුරට පත්කිරීමට නියමිත බව වාර්තාවේ. පසුගිය සතියේ දිනක බෝපගේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි කියති. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වන කරුණක් සඳහා ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබූ අතර එහිදී ඔහු පැවසූ තොරතුරු හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් කියති.

ජ්‍යෙතිර්වේදීන් සම්බන්ධ කරගනිමින් වැදගත් නොවන කරුණක් උදෙසා මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ බොහෝ පිරිසක් උරණව සිටින බවද වාර්තාවේ. මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් වන ලියකියවිලිවලට අත්සන් නොකිරීමක් ගැනද එහිදී කියැවිණි. එයටද බොහෝ පිරිසක් බෝපගේට එරෙහිව අවි අමෝරා සිටිති.

මීට පෙර බෝපගේ එම තනතුරට පත්වූ විගසම ඇදගෙන නාගත් බව බොහෝ දෙනෙක් කියති. ඊට හේතුව වචනයක් අල්ලාගෙන මාධ්‍ය හරහා ඔහු ජනප්‍රියවීමට තැත් දැරීම බව බොහෝ දෙනාගේ අදහසවී තිබේ. 

අදහස්(10) බැලූවෝ (3280)

ජනමාධ්‍ය ලේකම්ට නරක කාලයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සත්‍යයා 2016-12-26 04:06:21

ඒ වගේම මේ ආණ්ඩුවේ ධූර කාලයත් අවසන්වන ලකුණු පහළ වෙමින් පවතිනවා. ඒ හැම ප්‍රශ්නයකදීම ඉල්ලාගෙන කෑමේ අදුරදර්ශී ප්‍රතිපත්තිය නිසා. (නි)

ටෝනි 2016-12-26 06:07:04

අහෝ යහපාලනයට ගිය කල! (නි)

බමුණු ආරච්චි 2016-12-26 08:13:23

පාසල් යන කාලේ බයිසිකල් කට්ටක්වත් නොතිබුණ සමහර අයට සුපිරි වාහන දීමට අකමැත්ත පළකිරීම ගැන මම ඔබට ප්‍රශංසා කරමි (නි)

යටවත්ත 2016-12-27 04:46:56

අනේ මන්දා මේක නම් මහ පුදුම රටක් (නි)

ඔසධ 2016-12-28 22:50:34

පුදුම රටක්. මේ රට හොරුන් පාර්ලිමේන්තුවට අරින වැඩි මෝඩ ජනගහණයක් ඉන්න රටක්. ඔවුන්ගේ පණ්ඩිතකම් හා හොරකම නිසා දේශපාලන හොරුන් වැජඹෙනවා (නි)

නිහාල් 2016-12-29 20:29:39

අපේ ලංකාවේ එක පුරවැසි සංවිධානයක්වත්, සිවිල් සමාජයකවත් කියලා තියෙනවද උගත් බුද්ධිමතාට පමණක් ඡන්දය දෙන්න කියලා. ඒ අයත් වාසියට පක්ෂ සරණ යන එක තමයි කරන්නේ. (නි)

දිල්කි 2017-01-02 04:09:31

අනේ අනේ මහලොකුවට යහපාලනයක් කියල තමන්ගේ වටිනා ඡන්දෙ නාස්තිකොරගත් මිනිසුනේ. දැන් තේරෙනවද කරපු ගොන් කමේ තරම. (අ)

ඇසල 2017-01-02 04:30:14

මෙතුමා කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයයෙන් බිහි වු නීති වේදියෙක් සහ නීති ගුරුවරයෙක් මොහුට ජයවේවා (ම)

සිරිනිමල් කරුණාරත්න. 2017-01-13 09:45:31

උගතුන්ගේ ලෝකය හිස්වෙමින්, හිස්කරමින් පවතින සමාජයක,අපි බලමු උගත් එමෙන්ම බුද්ධිමත් නීතිගරුක හා යුක්තිගරුක පරිපාලන ක්ෂේශ්‍රතයේ කී දෙනෙක් සහයට එලියට බහීද කියල? ඔබතුමාට ජය පතමි. (අ)

පෙරුමාල් 2017-01-13 13:52:27

අමාත්‍යාංශ ලේකම් වරයකු කලැයි කියන වැරදි හෝ නුසුදුසු ක්‍රියා ගැන යහපාලනයට දොස් කියලා හරි යනවද? (හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :