X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

මලල ක‍්‍රීඩා සංගමය මහපාරට

2012 ජූනි මස 20 11:11:01 | නාමල් පතිරගේ

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: base_url2

Filename: views/arti.php

Line Number: 286

images/comments1.gif" /> අදහස්(0)

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: base_url2

Filename: views/arti.php

Line Number: 286

images/views1.gif" /> බැලූවෝ (611)

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පරිපාලන මූලස්ථානය දැනට එය පවත්වා ගෙන යන කොළඹ මරදානේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරවා ගන්නා ලෙස ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ.

වසර 2000 ඔක්තෝබර් 6 වැනිදා සිට මලල ක‍්‍රීඩා සංගමයේ මුලස්ථානය පවත්වාගෙන ගිය ටොරින්ටන් පෙදෙසේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගන්නා ලද මලල ක‍්‍රීඩා මූලස්ථානය පසුගිය අගෝස්තු මාසයේ මරදානේ ටිරානියා වීදියේ අංක 281 දරන මූලස්ථානයට රැගෙන ගියේය. දැන් එය මාස හතක් ඉක්ම යාමට පෙර එම ස්ථනයෙන් ද ඉවත් කර ගැනීමට සිදුව තිබේ.

වසර 11 ක්ම මලල ක‍්‍රීඩා සංගමයේ මූලස්ථානය ලෙස පැවැති ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සිදු වූයේ ටොරින්ටන් පෙදෙසේ සංවර්ධන කටයුතු සඳහා එම ගොඩනැගිල්ල ද කඩා ඉවත් කිරීම නිසාය.

මලල ක‍්‍රීඩා සංගමයට නව නිලධාරීන් පත් වූයේ පසුගිය මැයි 3 වැනිදා පැවැති නිලවරණයෙනි. දැන් ඔවුන්ට මාස එකහමාරක කාලයක් ඉක්ම යාමට මත්තෙන් පරිපාලන මූලස්ථානය ඉවත් කර ගැනීමට සිදුවීමෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවී තිබේ.

මලල ක‍්‍රීඩා සංගමයේ බලධාරීන්ට නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත්තේ මෙම (ජුනි) 30 වැනිදාට පෙර මරදාන මූලස්ථාන ගොඩනැගිල්ලෙන් බඩු බාහිරාදිය ඉවත් කර එය නිදහස් කරදීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනයේ පළවූ මාධ්‍ය කමිටු රැස්වීම එදිනට පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර එය පැවැත්වෙන්නේ නාවික හමුදා මූලස්ථානයේදී බව ද වාර්තා වේ.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පසුගිය සතියේදී නිමාව දුටු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් හයක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් අවස්ථාව ලෙසද වාර්තා පොතට එක්විය.

අදහස්(0) බැලූවෝ (611)

මලල ක‍්‍රීඩා සංගමය මහපාරට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :