Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ
2012 ජූනි මස 18 13:40:43 | තවලම රංජිත් හේවගේ
වෙරළු ඇහිඳින්න අයියා සහ අක්කා සමග කැලේට ගිය නෙළුව කොළොම්තොටුවේ දැරියක දෙබර ප්‍රහාරයකට ලක්වී මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ අක්කා සහ අයියාද රෝහල්ගත කරනු ලැබ සිටිති.
අදහස්(61)
බැලූවෝ (3511)
වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අමිල කටුනායක 2012-06-18 13:59:29
පව් ඒ දරුවන් ..
කිරිමාටින් 2012-06-18 14:50:24
මිනිස්සු වගේද දෙඹරු.....පුහ්....
නතාෂා සෙව්වන්දි 2012-06-18 14:20:37
අපේ ලොකු මාමලගේ ගෙදරත් වෙරළු ඕන තරම් තියෙනවා.එත් එයාලාට නම් වෙරළු දැකලා දැකලම එපා වෙලා අපි එහෙ ගිහාම අක්කයි අයියයි අපිට වෙරළු කඩලා ගෙනත් දෙනවා.කඩෙන් නම් අපි වෙරළු ගන්නේ නැහැ.එත් අයියට මිසක මට නම් වැඩිය වෙරළු අම්මා කන්න දෙන්නෙත් නැහැ.දත් නරක් වෙනවා කියලා කහට වලට.එත් වෙරළු දෝසි අම්මා හැදුවම මම පීරියක්ම පුරවලා කනවා.හරිම රසයි.
ප්‍රියන්ති අල්විස් 2012-06-18 15:01:48
අනේ මම නම් සල්ලි දීලාවත් වෙරළු ගෙදර ගෙනියන්නේ නැහැ.මම අපේ දුවලා දෙන්නටත් ඔය වගේ දේවල් කන්න එපා කියලා තියෙන්නේ.දැන් නම් දෙන්නම ක්ලාස් ගිහින් ගෙදර ආවාම මුළු ගෙදරම සද්ද පූජාව.මට කණක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ.
ලාල් ගලබඩ ඉතාලියේ සිට 2012-06-18 15:05:52
ආයිමත් ලංකාවට එන්නම ඕනේ අපිට ඉතින් වෙරළු දකින්න වත් .මෙහෙ නැති පළතුරක්නේ ඉතින් ඔය.
සඳමාලි 2012-06-18 14:30:47
අනේ අක්කි ඔයාලගේ දිහා වෙරළු තියෙනවාද?වෙරළු කාපු කාලයක් මට මතක නැහැ.ඇයි අපේ අම්මි තාත්ති කියනවනේ ඕවා අපිට කන්න එපා කියලා.එයාලා ගෙනැත් දෙන දෙයක් විතරයි අපිට ඒ නිසා කන්න ලැබෙන්නේ.
කොරමාටින් 2012-06-18 15:10:30
පිස්සු නේ ...මේ මලගෙදරක් වෙලා..........මෙයාල ඒ කාලේ වෙරළු කඩපුව ගැන කියවනවා....කොහෙද යන්නේ...මල්ලේ පොල්....
අයෝමි ශානිකා 2012-06-18 15:12:11
වෙරළු හොඳ පළතුරක් නමුත් අනාරක්ෂිතව මෙසේ කුඩාදරුවන් අනතුරු කර ගැනීමට ඉඩ තිබෙන බැවින් ඔවුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.
ඉන්දික 2012-06-18 14:37:54
බලාගෙන .....වෙරඵ ගහෙන් වැටෙයි !!
හේමන්ත 2012-06-18 15:20:38
මැරිලා තියෙන්නේ අහිංසක දරුවෙක්.මේ අය දගලනවා වෙරලු කන්න.
පබෝධා හංසිනී 2012-06-18 15:20:40
මමත් වෙරළු කන්න ආසයි තමයි.හැබැයි වෙරළු ගස්වල සමහරවිට මීවද, දෙබර වද,බඹර වද,දිමි ගොටු වැනි දේ බැද තිබෙන බව පෙනෙනවා.ඒ නිසා වෙරළු අහුලන්න යන විට ලොකු කෙනෙක් හරි වැඩිහිටියෙක් එක්ක හරි යන්න බලන්න.
ඉන්දු 2012-06-18 14:43:44
අපේ දූලත් ගොඩක් ආස පළතුරක් තමයි වෙරළු.මම නම් කඩෙන් අරන් ඇවිත් දෙනවා මිසක් ළමයින්ව ගස් යටට යවන්නේ නැහැ කවදාවත්ම. අපේ වත්තේ තැඹිලි පොල් එහෙම තියෙන නිසා තවත් බයයි.ඇයි ගෙඩියක් එහෙම ඔලුවට වත් වට්ට ගනියිද දන්නේ නැහැනේ.ළමයි එක තැනක ඉන්න එකක්යෑ.
සජී 2012-06-18 15:29:46
නතාෂා,ප්‍රියන්ති,සදමාලි අද ගුලි කාලා වගේ.මොනවද මේ පිස්සු කමෙන්ට්ස්?
ගාලු කොලුවා 2012-06-18 14:52:29
පව් ළමයගේ අවාසනාව...
කෞශල්‍ය බස්නායක 2012-06-18 15:32:10
දැන් හැම තැනම දෙඹරු.තැනක ඉගිලෙන දෙඹරු..තවත් තැනක කකුල් දෙකේ දෙඹරු.කොයි දෙඹරු වැඩිපුර විෂ සහිතද කියලා දන්නේ නැහැ. සමහර මිනිස්සුත් දෂ්ට කලාම දෙඹර විසයි. බොහෝවිට දෙබරුන්ගේ තැන උසුලන්නේ පිරිමි පාර්ශවය තමයි
දිනූෂි නවරත්න 2012-06-18 15:36:17
ආදරය කිරීමේදී මල නොතලා රොන් ගන්නා සමනලයෙකු මෙන් වියුයුතු බවයි පැවසෙන්නේ.නමුත් විෂ සහිත දෙඹරෙකු පරිදි හැසිරී තමන් ආදරය කරන ආදරවන්තිගේ මුළු ආත්මයම විනාශ කරන පිරිමින්ද සිටින බව පෙනී යයි.මේ නිසා සත්ව ලෝකයේ දෙඹරුන්ට වඩා මිනිස් ලොව පිරිමින්ගෙන් ප්‍රවේශම්වීම අනාගත ජීවිතය සැපවත් කරගැනීමට මඟකි.
ගිනිකසයා 2012-06-18 14:56:50
ඒක හරිම වේදනාකාරී මරණයක් වෙන්න ඇති..කිසිවෙකුටත් එවන් මර්ණයක් නොවේවා !
කේ 2012-06-18 15:36:36
මෙයාලගේ අදහස් හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි..
වරුණ 2012-06-18 15:37:55
කෝ මේ අයියනායක දෙයියෝ වැඩ ඉන්නේ කොහේද? මෙච්චර කැළෑ පාලුවො ඉන්නේ.විදපල්ලකෝ උන්ට.මේ අහිංසකයින්ටම විදින්නේ
වරුණ 2012-06-18 15:41:22
ප්‍රියන්ති සද්ද නැතුවම දූලා දෙන්නෙක්ම හදාගෙන.ඒක නිසාද මේ පිරිමින්ට බනින්නේ.එක පාර නිවුන්නුද හම්බ වුණේ
නිර්මාණි වත්සලා 2012-06-18 15:02:47
අක්කලා කියන එක ඇත්ත.අපේ ඉස්කෝලේ උ/පෙ ක්ලාස්වල අක්කි කෙනෙක් වහ බීලා ලොකු ප්‍රශ්නයකුත් වුනා ඔය වගේ දේකට හිත රිදිලා. එයා යාලු වෙලා හිටපු බෝයි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. මේ බෝයි යාලු වෙලා තියෙන්නෙත් ඒ අක්කිගේ හොඳම යෙහෙලිය එක්ක නිසයි ඒ අක්කිට දරා ගන්න බැරිවෙලා තියෙන්නේ.ඒ අතින් නම් ඒවගේ අය දෙබරුන්ටත් අන්තයි තමයි..
ප්‍රසන්න 2012-06-18 15:05:47
මේ කාන්තා පක්ෂයට මොකද මේ වෙන්න යන්නේ? දෙබරෙක් වත් ඇනලද?
අනුත්තරා 2012-06-18 15:45:45
මම නම් ආයේ තනියම වෙරළු ඇහිදින්න වත්ත පහලට යන්නේ නැහැ.දවසක් එහෙම ගිහින් මගේ ඔලුවට දිමියෝ වැටිලා මගේ මුණයි ඇහ ලඟයි ඉදිමිලා ආවා දිමියෝ කාලා.පස්සේ ඩොක්ටර් ලගට යන්නත් වුනා.ඔයාලත් පරෙස්සමින්.
පාඨකයා 2012-06-18 15:46:19
මිනිස්සු මැරිලත් මේ අයට විහිලු.මොකද හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ මැරෙන්නේ නෑ කියලා
දේවිකා රත්නායක 2012-06-18 15:49:42
මම නම් වෙරළු වලට වඩා ආස ජම්බු වලට.අපේ ගෙදරත් ජම්බු ගහක් තියෙනවා.සමහර කාලවලට එකේ ජම්බු ඉදිලා රතුම රතු පාටට ලස්සනට තියෙනවා.එතකොට ලේන්නු ඒ ගහ දිගේ උඩටයි පහළටයි බඩ ගගා ජම්බු කනවා .ඒ ගස්වල දෙබරු වගේ ලොකු සත්තු නැති වුනාට පුංචි පණුවෝ වගේ සත්තු හැදිලා ඉන්නවා.කූඹි නම් හරියට ඉන්නවා. සමහර දවස්වලට දළඹුවෝ ඉන්න නිසා පරිස්සමින් ගහ යටට යන්නේ.
උපමාලි නිරෝධා 2012-06-18 16:11:01
මගේ ගම ගම්පහ.අපේ පළාත්වලතේ වෙරළු වැහි වැහැලා.එත් අපේ අම්මලා නම් ඒවා ඇහිදින්න අපිට තනියම යන්න දෙන්නේ නැහැ.
.ගස් යටයි උඩයි විවිධ සත්තු ඉන්නවා.කැලේ ගොඩක් වැවිලා නම් සර්පයින් පවා ඉන්නවා.
රංගා ශානි 2012-06-18 15:15:55
කුඩා දරුවන්ව මෙසේ අනාරක්ෂිත තැන්වලට හුදකලාව නොයැවිය යුතුය. මෙහි සිරස්තරලය දුටු විට මට එක්වරම සිතට නැඟුනේ මෙවැනි ස්ථානයක දී කුඩා දැරියකට මුහුණ පෑමට සිදුවිය හැකි වෙනත් ආකාරයේ අතවරයක් වැනි සිදුවීමකි.එබඳු සිදුවීම් පවා මෙවැනි අයුරින් හුදකලාවන කුඩා දැරියකට සිදුවීමට ඉඩ ඇතිබව යොවුන් දියණියකගේ මවක් ලෙස මගේ හිතට නැගී ආවා.
රංගා ශානි 2012-06-18 15:55:26
කුඩා දරුවන්ව මෙසේ අනාරක්ෂිත තැන්වලට හුදකලාව නොයැවිය යුතුය. මෙහි සිරස්තරලය දුටු විට මට එක්වරම සිතට නැඟුනේ මෙවැනි ස්ථානයක දී කුඩා දැරියකට මුහුණ පෑමට සිදුවිය හැකි වෙනත් ආකාරයේ අතවරයක් වැනි සිදුවීමකි.එබඳු සිදුවීම් පවා මෙවැනි අයුරින් හුදකලාවන කුඩා දැරියකට සිදුවීමට ඉඩ ඇතිබව යොවුන් දියණියකගේ මවක් ලෙස මගේ හිතට නැගී ආවා.
චමෝදි 2012-06-18 16:03:09
අපේ ලොකු අක්කා එක්ක යාලු වෙලා ඉන්න අයියා අපේ ගෙදර ආවාම සමහර දවස්වලට වෙරළු ගේනවා ලොකු අක්කට.ලොකු අක්කා මටයි පොඩි අක්කටයි මල්ලිටයි ගෙඩි දෙක තුනක් දීලා එයා අනිත් ඒවා සේරම කාලා දානවා.මමයි පොඩි අක්කියි කරන වැඩේ ලොකු අක්කා නැති වෙලාවට එයාගේ වෙරළු ටික කාලා දාන එක.ආයිමත් ලොකු අක්කා ඇවිත් බලනකාට අපි එයාගේ වෙරළු සෑහෙන්න කාලා.
හිමාලි මහේෂිකා අමරසිංහ 2012-06-18 15:27:08
කුඩා දරුවන් හා දැරිවියන් අද අනාරක්ෂිත ස්ථානවලට හැකිතාක් නොයවා සිටීමට මව්වරුන් තරයේ වගබලාගත යුතු කාලවකවානුවකි.මන්ද සත්ව ලෝකේ බඹරාට හා දෙබරාට වඩා බියකරු නොමිනිස් බඹරු හා දෙබරු මිනිස් සමාජය අතර සුබලව සිටින බැවිනි.
එස්.එල්.ටී.කේ.2004 2012-06-18 16:09:05
මෙතන මරණයක් වෙලා තියෙන එක අස්සේ සමහරු අතීතයේ සොඳුරු මතක සහ සොබාසිරි වර්ණනා කරනවා
නන්දනී වෙත්තසිංහ මිය 2012-06-18 15:36:01
මේ දුවණිය මියයෑම පිළිබඳ පුවත මටත් මහත්තයාටත් ලොකු දුකක්. මොකද අපේ දුවකුත් කුඩා කාලයේදීම ඩෙංගු උණ වැළඳී අප අතරින් සඳහටම සමු අරන් අදට වසර හතරක් සම්පූර්ණ වෙනවා.මොන ක්‍රමයකින් මිය ගියත් කුඩා කාලයේදී කුඩා දරුවෝ මේ විදිහට මරු තුරුළට යන එක දෙමව්පියන්ට නම් මොන තරම් දුකක්ද කියලා මම මගේ අත්දැකීම් තුලින් වටහාගෙන ඉන්නේ.මම මේ දෙමව්පියන් ගැන ඇත්තෙන්ම කණගාටුවෙනවා.
අලිබබා 2012-06-18 15:45:48
චූටි ලස්සන කෙල්ලෝ ටිකක්.මට ආසාවේ බැහැ.හිච්චි පිංචි පුංචි පැංචි මෙහෙම ඈයෝ ඉන්නවා නම් දෙන්නම්කෝ මල්ලක් පුරවලා වෙරළු කඩලා.දොම් දොම්කිට..රම්පෙට පොරි පොකුරු පොකුරු වෙන්න..
ප්‍රියන්ති අල්විස් 2012-06-18 15:48:09
වරුණ ඔයා ඉතින් කෙල්ලන්ටමනේ ලයින් එක දාන්නේ.අපි හිටියට ඇහැක් ඇරලා බලන එකක්යෑ.මම දුවලට වඩා ලස්සනයි දන්නවද
දයා,saudi 2012-06-18 16:28:56
මෙතන වෙලා තියෙන්නේ ශෝචනීය දෙයක්.ඒත් පිස්සියෝ කට්ටියකට වෙන දෙයක් මතක් වෙලා
කිරිමාටින් 2012-06-18 15:50:42
නන්දනී අක්කේ,ඔයා වෙරලු කාලා නැද්ද පොඩි කාලේ
ශ්‍යාමලී 2012-06-18 15:51:53
කුඩා දරුවන් විතරක් නෙවෙයි ලොකු කෙනෙකුට ඇන්නත් දෙබරු විසයිනේ ඉතින් අම්මලා දැන ගන්න ඕනේ දරුවන්ව පරෙස්සම් කරගන්න. මහත්තයා රට ඉන්න කාලේදී වත් මම කවදාවත් දරුවන්ව අම්මලා ගාව දාලා කොහේවත් ගියේ නැහැ.මොකද අපි වගේම පරෙස්සමින් දරුවෝ ගැන වෙන අය බලාගන්නේ නැහැ කියලා මම දන්නවා.
ශෂිකලා 2012-06-18 16:35:35
අපේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනවා වෙරළු තම්බලා ලුණු කුඩු දාලා විකුණන්න. මම හරිම ආසයි ඒවට.එත් අම්මා බනිනවා ඌෂ්ණයි කන්න එපා කියලා.යාලුවොත් එක්ක මම හොරෙන් කනවා.
ජීවක 2012-06-18 16:37:53
මියගිය අයට නිවන් සුව!
මේකේ කමෙන්ට්ස් දාන වැඩිහිටියෝ දරුවන්ව ගස් යටට යවන්න මාර භයක් තියෙන්නේ.
ඒත් භය නැතුව බස් වල යවනවා.කැම්පස් වලට යවනවා.ඒවා කමක් නෑ
නලිනි මධුශංකි 2012-06-18 16:38:26
මටත් ලොකු දුකක් දැනුනා පව්.මෙහෙම චූටි නංගි බබලා නැති වෙන එක හරි පව්.මට හරි දුකයි.අනේ එයාට රිදෙන්න ඇති දෙබරු අනිනකොට පව් අනේ.
ගොඩයා 2012-06-18 16:03:24
මම නම් ආස වෙරලු මල් සුවදට.ඔය නංගිලා වෙරලු මල් සුවද බලලා තියෙනවද?
අලිබබා 2012-06-18 16:44:09
නියම අලිබබා මෙහි අදහස් පලකර ඇති පුද්ගලයන්ගේ තත්වයන් දකින කල ඇත්තෙන්ම මෙවැන්න සිටිනා තාක්කල් ලංකාවට යහපතක් වන්නේම නැත. නමුත් අර මරණයටපත් දරුවා සහ එම කරදරයට ලක්වු පවුල් දරුවන් කෙරෙහි මෙයට වඩා කල්පනාකාරීව කටයුතු කරන්නේනමි මෙවැනි විපත්වලින් බේරීමට බොහෝ දුරට පුලුවන.
රාජිත් මංජුල 2012-06-18 16:06:47
ඇමතිතුමාට කියන්නේ බඹරු, දෙබරු, අලි,බූරුවෝ ඔක්කොම ආරක්ෂා කරන්න කියලද ?
රජිත් 2012-06-18 16:10:09
සීගිරියෙනුත් හෙට අනිද්දට ඔය වගේ ආරංචියක් එයි
අමල් 2012-06-18 16:16:59
පවුකාර මිනිස්සු.මෙච්චර අසරණ දරුවට වඩා වෙරලු ගෙඩිය ලොකු වෙලා
වරුණ 2012-06-18 17:12:53
ප්‍රියන්ති,අපි ඕවට නෑ.දැන් අපි කෙල්ලෝ දිහා බලන එක නවත්තලා තියෙන්නේ.කැමති නම් ඇහැක් වහලා බලන්න පුලුවන්
සජී 2012-06-18 17:16:57
මට මතකයි මම පොඩි කාලේ, අපේ අක්කයි එයා බදින්න ඉන්න අයියයි, මමයි වෙරළු අහුලන්න ලදු කැලාවට යනවා, එයාල වෙරළු ගහ ලගට යන්නේ මාව මග නතර කරලා, වෙරළු ගහ ලග ලොකු දෙබර කුඩුවක් තියන නිසාලු මාව මග නතර කරලා යන්නේ..
සජී 2012-06-18 18:22:32
කවුද බොලේ මේ අනික් සජී... මට නම් දැන් හිතා ගන්නවත් බෑ
මාමා 2012-06-18 19:52:24
සජී වෙරළු ගහ යට වෙරළු මල් සුවඳයි නේද .???
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-18 20:04:48
කුඩා දරුවන්ව මෙසේ හුදකලාව වැඩිහිටියන් නැතුව නොයැවිය යුතුයි. වැදගත්ම දේ නම් තමන්ගේ ගෙවත්තේ මෙවැනි දෙබර කූඩුවක් බැද තිබුනේ නම් කුඩා දරුවන් නිවසේ සිටියේ නම් මෙවැනි අනතුරක් සිදුකර ගැනීමට ඉඩ ඇති බව දෙමව්පියන් දැනගත යුතු අතර එම දෙබර කූඩුව ඉවත් කර තිබුනේ නම් මෙවැනි අනතුරුක් සිදුවිය නොහැකිය
මාතර කොල්ලා 2012-06-18 21:09:03
අද කෙල්ලෝ වැඩියි අදහසුත් වැඩියි
සිල්වා 2012-06-18 20:49:32
දරුවා ගැන දුක් වෙන්නෑ....වෙන වෙන වැඩකට නැති කතා කියනවා......
විජය 2012-06-18 23:26:46
දරුවන්ව මීට වඩා පරිස්සම් කරන්න බලන්න
කෝලිත 2012-06-19 01:21:20
දුප්පත් අහින්සක දරුවෙක් මිය ගිහින් අහින්සක ලෙස ..නමුත්...අම්මල කතා කරන්නේ එයාලගේ දරුවෝ කර නොකර ඒවා ගැන ....
වෙරළු කන්න ගියේ ඇයි ඇපල් නොකා කියල නොඇහුවා පුදුමයි....
ඇමතිතුමා 2012-06-19 02:24:30
හොඳ වෙලාවට මේක සීගිරියේ නෙමෙයි වෙලා තියෙන්නේ .මට සීගිරි බඹරු පිහිටයි...
හූනා 2012-06-19 03:26:11
දෙබරු 7 කෑවොත් නයි විස කියල මම අහල තියෙනවා..
වරුණ 2012-06-19 14:43:31
දෙබරු කන්නෑ....විදිනව. ඒකවත් දන්නෑ..?
2012-06-19 15:07:10
ඔබ අදහස් දක්වද්දී අර අසරණ ළමයි සහ දෙමාපියන් ගැන සිතන්න......
පැටිරික් 2012-06-19 20:21:57
මළ ගෙයක් වෙලා දුක් වෙද්දි තව කට්ටියකට වෙරලු කන්න ආසාවක් ඇතිවෙලා.ඩොක්ටර් කෙනෙක් ළගට ගිහින් මුත්‍රා එකක් බලා ගන්න
මිහිර 2012-06-20 07:51:52
මේ දරුවාට වයස අවුරුදු 4යි නේද? ඇයි මිනිසුනේ අනුකම්පාවක් ගෑවිලාම නැද්ද? ඒ දරුවාගේ මරණය ගැන විකාර අදහස් ලියන්නේ
නිලා 2012-06-20 08:57:48
මරණයක් වෙලා තියන කොට මෝඩ වෙරළු කතා කියන්න තරම් මිනිස්සුන් නොමිනිසුන් වෙලා ..
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(116)
(17549)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12830)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12817)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12510)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11761)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(54)
(10961)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(92)
(10727)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(8992)