2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

සංචාරක කුරුල්ලන්ට බර්ක්ලි වළ මර උගුලක් වෙයි

2016 දෙසැම්බර් මස 08 00:17:32 | . , සිරංගිකා ලොකුකරවිට

අදහස්(3) බැලූවෝ (7110)

ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග මෙලෙස සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙමින් සිටි බවත් වෙනත් වසරවල දී ද සුළු පිරිසක් මියයන බවත් පරිසරවේදීහු පවසති. එසේ වුව ද මෙවර දහස් ගණනින් පක්ෂීන් මියයාම කණගාටුදායක දසුනක් බව ද ඔවුහු පවසති.

පසුගිය සතියේ දී බර්කිල් වළට සංක්‍රමණික කුරුල්ලන් 25,000ට වැඩි පිරිසක් ගොඩ බැස්ස බව පරිසරවේදීන්ගේ ඇස්තමේන්තු අනුව පැවසේ. ඒ අතරින් දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් සිටිති.

පතල්වලින් ඉවතලන ආම්ලික අපජලය මේ වළේ රැඳී පැවතීම මීට හේතුවිය හැකි බව ද ඔවුහු කියති.

_92871608_hi036766953 _92871611_p039cjwq

අදහස්(3) බැලූවෝ (7110)

සංචාරක කුරුල්ලන්ට බර්ක්ලි වළ මර උගුලක් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

රොහාන් 2016-12-07 21:05:09

මේකට තමයි මහා ලොකුවට දියුණුව, සංවර්ධනය කියන්නේ. ඔහොම යමු. තව අවුරුදු 50- 100 ක් යනකොට තැන් තැන් වල මිනිස්සු දහස් ගණන් මැරිලා ඉඳීවි (නි)

කුමාර 2017-01-19 09:00:47

වළ වැහෙන්න උඩින් දැලක් එලුවා නම් මේ ගැටලුව විසඳෙන්න තිබුනා. තරමක් දුෂ්කර වැඩක් වුණත් ඵලදායක දෙයක්. (නි)

නාමල් 2017-02-05 19:10:51

කුමාර, මේක වළක් කිව්වට පොඩි විලක් වගේ. බෙර්ක්ලි පිට් ගැඹුර අඩි 1000 පමණ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :