2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

රජය පරාජය කරන බව ෆොන්සේකා කියයි

2012 ජූනි මස 14 18:53:04 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ප‍්‍රංශ පුවත් සේවයෙනි

මහින්ද රාජපක්ෂ ජනපතිගේ දූෂිත රජය පරාජය කරන බව පවසමින් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය.

ජනපතිට  එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ එක් විය යුතු යැයිද ජනපතිගේ සහෝදරයන් තිදෙනා හා පුතා රජය පාලනය කරතියිදි ඔහු කීවේය.

”නායකත්ව සටන නිසා විපක්ෂය දුර්වල වී තිබෙනවා. මෙම දූෂිත දේශපාලන සදාචාරය වෙනස් කිරීමට කැමැති පක්ෂ සමග මාගේ පක්ෂය අත්වැල් බැඳ ගන්නවා. නායකයා කවුදැයි ජනතාව තීරණය කරාවි. ඊළඟ මහා මැතිවරණයේදී මේ දූෂිත රජය පෙරළා දැමිය යුතුයි. ඒ සඳහා කෙටි මාර්ග නැහැ. හමුදා කුමන්ත‍්‍රණත් නැහැ”යි ෆොන්සේකා කීවේය.

හමුදාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් නඟන චෝදනා ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ මගේ හමුදාවේ නම පිරිසුදු කර ගැනීම සඳහා මම  ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට දැන් වුණත් සූදානම් බව කියමිනි. අන්තර්ජාතික ප‍්‍රජාව මා සමගයි රජය මට දැක්වූ සැලකිල්ල ඔවුන් කවදාවත් අනුමත කරන්නේ නැහැ.”

ඡායාරූප ඒ.එෆ්.පී

ඡායාරූප ඒ.එෆ්.පී

අදහස්(150) බැලූවෝ (17531)

රජය පරාජය කරන බව ෆොන්සේකා කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

විභූති 2012-06-14 19:37:07

ජෙනරල් තුමනි ඔබ හොරෙක් නෙමෙයි.. අපි හැමෝම ඒක දන්නවා..

තෙරැවන් සරණයි ඔබට අ‍ේප සුභ පැතුම්...!!

අසේල 2012-06-14 18:59:17

නියමයි, ඔබ බලයට ආවාහම බෑනටනම් දෙන්න එපා කොන්තරාත්තු හමුදාවට ආයුධ උපරකණ සැපයීමට... පෙර සේ ...

ජහමනයා 2012-06-14 19:07:12

නියමයි, ඔබට ජාති‍ෙ‍ය් උපහාරය ........

සකලබුජං 2012-06-14 19:15:38

ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු...

සුගත් 2012-06-14 20:15:10

ඔන්න නියම කෙලෙහි ගුණ නොදත් කෙනා කළ වැඩක්...

ජගත් 2012-06-14 20:17:54

අනේ ඉක්මනට මේ ආණ්ඩුව පරාජය කරමු.. ඔබ තමා නියම සුදුස්සා නායකයා..

අසින්ත 2012-06-14 19:41:36

අනේ මෙහෙමත් ගුණමකුවෙක්

නයි වෙදා 2012-06-14 19:49:56

ඔය අන්තර්ජාතික ප‍්‍රජාව නැතුව මොකුත්ම කරන්න බැරිද මං අහන්නෙ

ඔය ගොල්ලො උදවු කරන්නෙ නිකන් අත පිහදගන්න නෙවෙයිනෙ

ඩුබායි පුල්ලියා 2012-06-14 20:33:35

කවුරැ අාවත් ඹය ටික තමයි අපි නේදන්න මොනර තැන්න නෙ

ජීවා 2012-06-14 20:37:29

මේ ෆොටෝවල හැටියට නම්,මේ රැස්වීම තියල තියෙන්නෙ මාධ්‍ය වේදීන්ට පමනයි වගේ මොකද ඉන්න ඔක්කොමොලගෙ අතේ කැමරා තියෙන්නෙ. එතන ජනතාවක් නැහැ.

ජීවා 2012-06-14 19:57:51

මේ ෆොටෝවල හැටියට නම්,මේ රැස්වීම තියල තියෙන්නෙ මාධ්‍ය වේදීන්ට පමනයි වගේ මොකද ඉන්න ඔක්කොමොලගෙ අතේ කැමරා තියෙන්නෙ. එතන ජනතාවක් නැහැ.

ලසන්ත - ඩුබායි 2012-06-14 20:38:28

කුහක දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොන්දට හිතා බලල වැඩ කරන්න.

ජගත් 2012-06-14 20:47:15

ඔබයි අ‍පේ ජනපති...

හූනා 2012-06-14 20:49:21

හිටපු ජෙනරාල්තුමනි, ඔබතුමාවත් සාස්තර කාරයෝ ලංකර නොගෙන දේශපාලනය කරන්න..

සිංහලයා 2012-06-14 20:50:20

මෝඩයි

අපතයා 2012-06-14 20:12:57

ඔයාත් අරය වගේම තමයි...වෙනසක් නෑ

අපතයා 2012-06-14 20:55:14

දෙන්නම එකයි. වෙනසක් නැහැ..

ජයාන් kuwait 2012-06-14 20:32:45

"ඒ සඳහා කෙටි මාර්ග නැහැ. කුමන්ත‍්‍රණත් නැහැ”යි ෆොන්සේකා කීවේය." අම්මෝ ලොකු දෙයක් ගිය සැරේ ඒව කරන්න ගිහිං ඇණ ගත්තෙ..

ඩිලන් පීරිස් 2012-06-14 21:14:04

ඔබ මේ ආණ්ඩුව වෙනස් කරනවානම් අපි ඔබ සමගයි.. නමුත් ජේ.වී.පී. එකේ සහය කිසිසේතම ලබා ගන්න එපා..

ගාමිනි ලේකම්ගේ 2012-06-14 21:14:12

අපේ රටේ ජනප්‍රිය දේශපාලකයන් බොහෝම දෙනෙක් කලේ සෝඩා බෝතල් දේශපාලනයක්........මතකද සී.පී. ද සිල්වා,දහනායක,නියතපාල,සූරියප්පෙරුම,විජය,ඔසී වගේ අය. පොන්සේකා මහත්තය ඒ ගොන්නට වැටෙනවාට නම් ඔහුට ලැදි බොහෝ දෙනෙක් කැමති වෙන එකක් නැහැ.කොහොම වෙතත් තව ටිකක් කල්පනාකාරීව කටයුතු කලොත් ඔහුට හොඳ දේශපාලන ගමනක් ජනතා සහභාගිත්වයෙන් යා හැකි වනු ඇත.

ඇමතිමඩුල්ල 2012-06-14 20:37:40

ඔහොම කතාකෙරැවාට තවමයතුර තියෙන්නේ ජනාධිපතිගේ සාක්කුවෙනේ. ඒක අරන් ඉන්නවෙනවා..

ගමරාල 2012-06-14 21:21:11

පෙර සේ අඥාණ වැඩ කරන්න එපා. අපි ඔබට ගරැ කරනවා. ගොඩක්.. බටහිර මාෆියාවල උගුල්වලට අහුවෙන්න එපා.. අපි ඔබට ආදරෙයි.. සුභපතනවා ඔබට..!!

කේතේ 2012-06-14 21:25:10

බොහෝ දෙනෙකුට සිහිනය මෙය විය හැක.. එහෙත් ඒවා ඉටුවීමද සිහිනයක්මය..

සුරන්ද 2012-06-14 21:25:35

ජය වේවා පොන්සේකා මහතා...!!

රොජාන 2012-06-14 21:25:44

හමුදාපතිවෙලා ඉන්න කොට නම් ඔබතුමාට ජනාධිපති ඔක්කොම දෙයියෝ වගේ නෙ.. අනේ යන්න මෙයා සීනි බෝල බෙදන් නැතිව..

කමල් 2012-06-14 21:26:58

ඔව් ඉතිං අන්තර්ජාතික ප්‍රජාව තමා ඔබට ඔක්කොම සහය දුන්නෙ..

හර්ෂ 2012-06-14 21:28:50

අපි නොදන්න මොනරතැන්න.. ආ.. වේගවත් ගමන කොටයි..

නිලූ 2012-06-14 20:50:11

මේ මනුස්සය මොනවද මේ කියන්නෙ..??

සුමිත් 2012-06-14 21:30:35

ඔබ තුමාට ඇයි කලින් මේ යුද්ධය ඉවර කරන්න බැරි උනේ....

කේ.කේ. 2012-06-14 20:52:10

සියල්ලට පෙර සිහිනවලින් මිදෙන්න.. මොකද ඔයාගෙ කෙරැවාවල් ජනතාව දන්නවා..

මොරිස් 2012-06-14 21:32:58

මෙතන පැහැදිලිවම පේනවා ටිරාන් අලස්ගේ දෙවැනි

උපක්‍රමය කියලා .....ටිරාන් කිසිම මාධ්‍ය සාකච්ඡාවකට ජෙනරාල් එක්ක

ඉදිරිපත් වෙන්නේ නැහැ....අන්තිමට තුන් කට්ටුවම

ජෙනරාලුත් එක්ක රජය සමග එක්‌ වෙනවා වගේ

සජිත් 2012-06-14 21:02:44

ඔබ තුමා දැන් ඇමරිකානු නියෝජිතයෙක් කියල අපි දන්නවා..

සිල්වා - ලන්ඩන් 2012-06-14 21:04:20

සුමිත් එකට හේතුව තමා කලින් හිටපු ජනාධිපති වරු ෆොන්සේකා කව්ද

කියල හොදට දන්න නිසා ෆොන්සේකාව ලගට ගත්තේ නැහැ..අනුකම්පා කරලා

මහින්ද ජනාධිපති තුමා තමයි මෙයාට තනතුරු දුන්නේ

කළණ ජේ. 2012-06-14 21:07:33

මාළුවා නහින්නෙ කට හින්ද කියලා නිකන් නෙවෙයිනේ කියල තියෙන්නෙ.

කෙවින් 2012-06-14 21:55:51

ඔබට විතරයි මේ රට හදන්න පුළුවං...

අමිල 2012-06-14 21:19:54

සියඹලාන්ඩුවට ගියත් මේ ආණ්ඩුවට නම් එන්නෙ නැහැ කියල මම දන්නවා...

තරුෂ 2012-06-14 22:08:29

බලන්නකෝ මෙයාගේ කතාව.ඔයාට ඔය කතාවම ඇති ඊළඟ ඡන්දෙන් පරදින්න.රජය ඔයාව නිකම් හිරේට ඇරීයේ නෑ.ඔයා කරපු වැඩ වලටයි ඔයාට එහෙම උනේ.තමුන්ගේ වල තමුන්ම කපාගත්තා.කෙළෙහිගුණය අහලවත් නැති මෙයා රට හප කරලා දාවි......

සමන්ත 2012-06-14 21:30:09

කවුද දැන් ඊළට ඡන්දය තීරණය කරන්නෙ මෙයාද? ආණ්ඩුවද??

නසීර් 2012-06-14 21:31:37

ලොක්ක ආයෙත් නාගන්න වගේ හදන්නෙ..

අමිල 2012-06-14 21:47:15

අපි ඡන්දයක් තියෙන කොට බලමුකෝ

රුවන් 2012-06-14 22:33:17

ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරෙයෙක් . දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔහු තේරුම් අරගෙන ඉන්න බවක් පේනවා . එක හොද දෙයක් .

මගේ නම් අදහස මීලග ජනාධිපති විය යුත්තේ සහෝදරයෝ එකෙක්වත් නැති කෙනෙක් . ෆොන්සේකාට සහෝදරයෝ ඉන්නවද දන්නේ නෙහෙ.........?

නීරෝ 2012-06-14 22:15:20

චිරන් ජයතු!

ඉන්ද්‍රා 2012-06-14 22:56:36

ලොක්කා කෙලෙහිගුණ දන්නෑ වගේ ...

2012-06-14 22:19:21

නිකන් අපිව මෝඩයා කරන්නැතුව ඉන්න..ඔයා දන්න දේශපාලනය.

ප්‍රියන්ත 2012-06-14 22:59:50

ngo සල්ලි තාමත් ලැබෙනවනේ

චාමර වත්තල 2012-06-14 22:31:18

අනේ මන්ද සරත් ඔය කියන කතාවලට බයත් හිතෙනවා.මොන අවුරුද්දේද කරන්න යන්නේ?

පිනා 2012-06-14 23:20:24

ජීවා 2012-06-14 20:37:29 සිංහල කියවන්න දන්නෙ නැද්ද? පුවත් පත් සාකච්ඡා වලට මාධ්‍යවේදීන් මිසක් සාමාන්‍ය ජනතාව එන්නෙ නැහැ...

සිල්වා - ලන්ඩන් 2012-06-14 21:04:2 එහෙම හරි දුන්න නිසා තමයි ජනාධිපති තුමාට අද මහරජ වෙලා ඉන්න පින ලැබිල තියෙන්නෙ...

‍මොහොමඩ් 2012-06-14 23:31:01

භාගෙට පිස්සු....

මාලේ. 2012-06-14 22:53:18

මෙයාගෙ කට හොද නැත....

බුද්ධි 2012-06-14 23:11:39

ජ වි පෙ නැතුව මෙයාට කරන්න පුලුවන් දෙයක් නෑ

දිස්සා 2012-06-14 23:13:32

හිටපු ජෙනරාල්තුමනි, දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොදට හිතා බලන්න.

සුනිල් විජේ 2012-06-14 23:17:16

ලංකාව සදලංකාවට ගියත් ලන්ඩන් සිල්වා කිව්වදේ තාම හරි...

දුමින්ද 2012-06-14 23:49:52

මගෙ පෙම්බරයිනි...

දන්නවද; මම හිටපු ගෙදර වහලේ කලවෑද්දො පිරිලා හිටියා. මෙන්න සයිස්.

මලිති සේනානායක 2012-06-15 00:32:48

ජාත්‍යන්තරය ඔබට රජකමත් දේවි පෝරකයත් සමග එතකං ඉවසන්න...

රොෂාන් 2012-06-14 23:56:26

මෙයා දැන් පිං අතේ වැඩක් කරගෙන ගෙදර හිටියනං හොදයිනෙ....

ෂානා 2012-06-15 00:22:29

පොන්සේකා ඇත්තටම වීරයෙක්... ඒත් දේශපාලනයට ඇවිත් දැන් රටට විහිළුවක් වෙනවා...

උපුල් වීරප්පෙරැම 2012-06-15 01:30:49

සිල්වාගෙ කීම හරි....

රන්ජන් ලොරෙන්සු හේවා 2012-06-15 01:32:35

ඔය කවුරැ කවුරැත් රජයට මුක්කු ගහන කාලය ළගම එනවා.....

සුගත් 2012-06-15 01:33:11

මෙයා හොදයි හමුදාවට දේශපාලනය නැත්තටම නැති වෙනවා.. පව් ජෙනරල් තුමා..

ධම්මික 2012-06-15 00:59:13

මෙයා බලයට ආවොත් රටවත් ඉතිරිවෙවිද දන්නැහැ. අඩු තරමින් පොතපත වත් කියවන්න අනුන්ගෙ ලනු තවත් කන්නැතුව

ධම්මික 2012-06-15 01:39:04

මෙයා බලයට අවොත් රටවත් ඉතිරිවෙවිද දන්නැහැ පඩික්කම දන්න කෙලෙහිගුණ වත් මෙයා දන්නැහැ අඩු තරමින් පොතපත වත් කියවන්න අනුන්ගෙ ලනු තවත් කන්නැතුව නහය නැතනම් මොනවා කයිද දන්නැහැ

සවුදියා 2012-06-15 01:17:15

යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය.

මේක මාධ්‍ය හමුවක් විතරයි.රැස්වීමක් නෙමෙයි මිනිස්සුන්ට එන්න

රංග 2012-06-15 01:37:12

පිස්සු තමයි බලාගෙන ගියහම..

රංගන 2012-06-15 02:17:29

පිස්සු පූසා

රූපසිංහ 2012-06-15 02:53:02

පිටකොටුවේ ගස්යට කතා කරන අයටත් සෙනග ඉන්න රටක නේ අපි ඉපදුනේ.ජනතාවට නායකත්වයක් දෙන්න හරි නායකයෙක් හොයා ගන්නත්, දැනට ඉන්න අය අතරින් හරි නායකයෙක් හොයා ගන්නත් බැරි ජනතාවක්නේ අපේ රටේ ඉන්නේ. ඒ හිටියත් ඉන්නේ දුෂණයට, හොරකමට, පගාවට, මැර කමට බල පුළුවන්කාරකමට ඇත හිත දෙන සහචරයන් පිරිසක්නේ.

බණ්ඩා 2012-06-15 03:16:46

ජෙනරාල්තුමනි,

අපේ රට අනතුරේ, පවුල් බලය,වව්ලෝ වගේ,

මැර බලය තිරිසන්නු වගේ, නීතිය අන්ඳරේගෙ වගේ,

දූෂනය වංචාව රටපුරාවට, කුස ගින්න අහස උසට, දුප්පතා අසරනයා ප්‍රපාතයට,

රට ගොඩ නගන්න​,රට හදන්න ඔබ තුමානන්ට බාරයි පියානෙනී,

ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරයෙක්

ඒඒ 2012-06-15 02:42:17

එතකොට ෆොන්සේකාද යුද්ධය දිනලා දුන්නේ ...

ආරක්ෂක ඇමතිතුමා මොනවත් කලේ නැද්ද යුද්ධය දිනන්න ? අනේ හපොයි ....

බණ්ඩා 2012-06-15 03:28:03

අරයා බොරුවට කැහෑගහන්නේ මොකද? කොලේ වහල බොරු නොකිය ඇත්ත කියන්න, ජනතාව දන්නවා කකුලට උනේ මොකද කියල​,

දේවඳඩුවම් කියන්නේ ඕවට. දැන්වත් බොරු නොකිය ඉන්න​, දේව සාප බොඩි ගාඩ්ලට වඩා අති ප්‍රබලයි

ආරියපාල 2012-06-15 04:33:27

මේ කාලේ රට හදන්න නෙටමයි හිත හදාගන්න බලන්න....

සිසිර 2012-06-15 04:32:02

නරියෙක් පැන්න ඉහල

සිසිර 2012-06-15 05:20:53

මේ පාරත් බඩුම තමා

රසිකා 2012-06-15 05:13:47

දන්න යකා හොදයි නොදන්න යකාට වැඩිය

මංගල 2012-06-15 05:14:31

අනේ ඔබ තුමා ජෙනරාල් කියන නම තියාගෙන හිටියනම් හරි නේද ?

අරුණ 2012-06-15 06:58:52

හිටුපු හමුදාපතිතුමනි ඔබතුමා මොඩයෙක් නෙවෙයි. ඒවගේම අපි හරක් නෙවෙයි.

සිංහලයා 2012-06-15 07:11:39

කවුරු ආවත් කමක් නෑ අපේ බෞද්ද රට තම්බියන්ටයි සුද්දන්ටයි විකුනන්නේ නැත්තම්....මෙයා පස්සේ තම්බියෝ පිරිලා ඉන්නේ රටේ ඉතුරු ටිකත් දහගන්න වෙන්න ඇති.සිංහලයන්ට උඩ බලන් ඉන්න වෙයි.

ගාමිණී 2012-06-15 07:22:41

පෙරළයි කියල තමයි බය..

කැලුම් ඕමානය 2012-06-15 07:38:03

ෆොන්සේකා මහත්තයෝ ඊලග කතාවට කලින් අපේ workshop එකට එන්න බැරිද ? Brake හදාගෙන කතා කරන්න .

ගියපාර ඡන්දෙදිත් ඔයාව දිනවනවා මෙහෙ ආවනම් .

ගාමිණී 2012-06-15 07:29:20

රජයත් විපක්ෂයත් දෙකම එපා වුණ වෙලාවේදී ඔබ ඉන්න ඕනේ කොතනද කියල හොඳට හිතල බලන්න.

ගාමිණි 2012-06-15 08:08:58

ඔබතුමාට හැම දෙනාම කියන දෙය තමා ඔබගේ සියලු දේ හොඳයි කට හැර කියල. එහෙමනම් ඔබට මේගැන මීට වඩා දුරට අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. මිනිස්සු රජය ගැන කලකිරුන පමණින් ආණ්ඩු පරදවන්ඩ බැහැ. ජනතාව දිනාගැනීමෙන් පමණයි ඒක කලහැක්කේ. අමතක කරන්ඩ එපා මිනිස්සුන්ට රජයට වඩා අද එපාවෙලා තියෙන්නේ විපක්ෂය බව. ඔවුන් නටන නාඩගම් බලල මෙරටේ මිනිස්සුන්ට එපාවෙලා. එහෙමනම් රජයත් විපක්ෂයත් දෙකම එපාවුණ වෙලාවේදී ඔබ ඉන්න ඕනේ කොතනද කියල හොඳට හිතල බලන්න.

නිශාන්ත 2012-06-15 08:16:42

දූෂණය හා පවුල්වාදය නැති කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අධිකරණයේ ස්වෛරීභාවය ඇති කිරීම, ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීම, යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ ඇතිකිරීම, දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, යුද්ධය දිනා දුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම, නීතිය හා සාමය රැකීම, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත්කිරීම, දාහත් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හා ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීම මෙම ප්‍රතිපත්ති වේ.

රොෂාන් 2012-06-15 09:24:06

මගේ හමුදාව?අනේ අනේ ගොයියෝ ..යුද්දේ කාලේ ආමි එකේ කෑම්ප් වැටෙනකොට රජයේ හමුදාව.ඒවාට වගකියන්න ඕන ජනාදිපති,යුද අපරාද වලට අනුබල දුන්නේ ආරක්ෂක ලේකම් ..එතකොට දිනපු හමුදාව ඔයාගේ?මෙහෙම් මිනිස්සුන්ට මොනවා කියන්නද?

ජගත් 2012-06-15 09:43:38

පරාද කරලා විතරක් මදි.වැරදි වලට දඩුවම් දෙන්නත් ඕනි

ගජබා 2012-06-15 09:14:33

මෙයාගේ නව පක්ෂයේ නියෝජ්‍ය නායක අනෝමා ෆොන්සේකා. ඉතින් කොහොමද පවුල් වාදය නෑ කියන්නේ. අතේ පත්තුවෙන බොරුනේ.

චමිල් 2012-06-15 09:20:46

මට කියන්න මෙතුමා තවම ඇමරිකානු පුරවැසියෙක්ද ??? ඒක ඇත්ත නම් මෙයාට ලංකාවේ දේශපාලනය කරන්න බැහැ .......................

මහජනයා 2012-06-15 10:17:21

අපෙහු ඉල්ලගෙන කන්නයි හදන්නේ

අම්බලන්ගොඩ රූකඩයා 2012-06-15 10:23:13

මේ වන විට අප ලබාගත් නිදහස සහ ජයග්‍රහනය හේතුවෙන් වියරු වැටී සිටින බටහිර බලවේග එය අපසු හැරවීමේ විභවය සහිත වටපිටාවක් දේශීයව සහ විදේශීයව නිර්මානය වෙමින් පවතී.එදා ඔවුන් තම කුලී හමුදාව වු ම්ලේච්ච එල්.ටී.ටී සංවිධානය හරහා ඉටුකරගැනීමට උත්සාහ කල දේ අද රාජ්‍යතාන්ත්‍රික පීඩනය හරහා ඉටුකරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ. මේ සඳහා බටහිර බලවේගයන්ට ඔවුන් කියන පදේට නටන නායකයකු අවශ්‍ය බව මගේ වැටහීමයි. වෙනත් වචන වලින් කියනවනම් ලංකාවත් ලිබියානු කරනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත. ජනරල් තුමනි, ඔබේ ගමේන් වත් 20% කවත් සහයොගයක් ඔබට නැති බව ඔබම සක්සුදක් සේ දනී.දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොදට හිතා බලන්න.

හසී 2012-06-15 10:28:16

මාත් කැමතියි වෙනසක් වෙනවට...හැබැයි විදායක බල තල නැතුව.

ආරි 2012-06-15 10:35:01

ගුටිකන මූණක් තියෙන්නේ

සිරිබිරිස් 2012-06-15 09:55:44

´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶……..

´´´´´´´´´´´´´´´´´´´´¶¶´´´´´´´´´´¶¶……

´´´´´´¶¶¶¶¶´´´´´´´¶¶´´´´´´´´´´´´´´¶¶……….

´´´´´¶´´´´´¶´´´´¶¶´´´´´¶¶´´´´¶¶´´´´´¶¶…………..

´´´´´¶´´´´´¶´´´¶¶´´´´´´¶¶´´´´¶¶´´´´´´´¶¶…..

´´´´´¶´´´´¶´´¶¶´´´´´´´´¶¶´´´´¶¶´´´´´´´´¶¶…..

´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶….

´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶….

´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´´´´´´´´´¶¶´´´´´¶¶….

´´¶¶´´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´¶¶….

´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶´´´´´´´´¶¶´´´´´´´¶¶…

´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´´¶¶….

´¶¶´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´´¶¶…..

´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´¶¶….

´´¶¶´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´´´´´¶¶….

´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´¶¶´´´´´´´´´´´´¶¶…..

´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶…….

ෆාරු 2012-06-15 10:59:46

අනේ ජීව.........මේක පුවත්පත් සාකච්ඡාවක්...

ගමගේ 2012-06-15 10:24:53

ගුත්තිල මූසිල කතාවේ දෙවන වටය

ඇලෙක්ස් 2012-06-15 10:26:49

ඔබට විතරයි මේ රට කන්න පුළුවං

ඇලෙක්ස් 2012-06-15 10:41:09

ඉල්ලන් කන්නයි හදන්නෙ

සිසිර 2012-06-15 11:26:27

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි

සුමිත් 2012-06-15 11:34:11

පෙන්ෂන් යවන්නේ නැතුව දිගටම ඒ මනුස්සයාට වැඩ කරන්න දුන්න නම් අද මේ මොකුත් නෑනේ

සන්ජේ 2012-06-15 11:38:07

හොරු ටික අයින් නොකරන තාක් කල් අපි කාටවත් උදවු කරන්නේ නෑ

පෙන්ෂන් කාරයා 2012-06-15 11:56:43

මේකේ ඉන්න සමහරුන්ට චෞර රාජ්‍යය දිගටම තියා ගන්න තමයි ඕනේ

ජනක 2012-06-15 12:02:59

පාඩුවේ හිටියා නම් හරිනේ

හිරාන්-UAE 2012-06-15 11:27:35

අනේ මගේ කට

මාධව 2012-06-15 12:30:32

"මංමුලා නොවී කිසිදා ජවය ඔබ සතුවේ" දිරිය ගන්න

අනුරංග 2012-06-15 12:05:07

ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව-ටාජ් සමුද්‍ර හෝටලයේදී

…මාධ්‍ය - ඔබට ලැබී ඇති ආරක්‍ෂාව ගැන සෑහීමකට පත් වෙනවාද?

ෆොන්සේකා මහතා - යුද්ධයට අදාළව කටයුතු කළ සමහරුන්ට නම් අදත් තුන්සීයක හාරසීයක සෙබළ පිරිසකගේ ආරක්‍ෂාවක්‌ තියෙනවා. යුද හමුදාපතිව සිටි මට එකළ සිටි පන්සියයක පිරිස ඉවත් කළා. අද පොලිස්‌ නිලධාරීන් පහළොස්‌ දෙනෙක්‌ ලබාදී තිබෙනවා. ඔවුන් පවා දන්නවා....... මේ පිරිසෙන් ආරක්‍ෂාව සැලසීම කොතරම් දුෂ්කරද කියලා. මම පසුබසින්නේ නැහැ. ආරක්‍ෂාව නැහැ කියලා යන ගමන නතර කරන්නේ නැහැ.

…පොලිස් ස්ථානය -සරත් ෆොන්සේකා කියල එකක් හදමු

තරු 2012-06-15 12:13:55

අපේ දේශපාලඥයෝ හැම වෙලාවෙම රජයයි,ආණ්ඩුවයි පටලවා ගන්නවානේ.ඔබට වෙනස් කරන්න පුලුවන් ආණ්ඩුව.

ගැලැක්සි 2012-06-15 12:14:16

ඔයා කොන්ත්‍රාත් කරන කෙනෙක්ද?අනේ අපිට නම් ජීවත් වෙන්න අමාරුයි

දිලාන් 2012-06-15 12:15:27

ඔබ තමයි අපේ රට මේ අනතුරෙන් බේරා ගන්න ඉන්න එකම සුදුස්සා

ජෝන් සීනා 2012-06-15 13:03:59

මාලුවාගේ...........

කිරි පණුවා 2012-06-15 13:04:33

ගණන් ගන්න එපා.තාම මගේ ඔලුවේ අමාරුව සනීප නෑ මලේ

සකලබුජන් 2012-06-15 12:29:03

පුම්බ ගෙන බඩ - ගෙම්බා බක බක

කවි 2012-06-15 12:39:13

කෙලෙහි ගුණ දන්නේ නෑ

කවී 2012-06-15 13:18:57

‍කලගුණ නොදන්නා කම.

ශ්‍රීනාත් 2012-06-15 13:25:42

මම කියන්න කැමතියි රට දියුණු කරන්න ඕනිනම් කරුණාකරලා කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න.ජාත්‍යන්තරේට උදවු කරන්න යන්න එපා.ඔයා නැතිවෙලාම යයි

dj 2012-06-15 13:31:00

හිරේ හිටිය කාලෙට වැඩිය නම් සද්දේ ටිකක් අඩුයි

අනුර සිල්වා 2012-06-15 13:33:35

රටට සහ ජනතාවට ආදරය කරන දේශපාලන නායකයෙක් බිහිවන්නේ චිරාත් කාලයක් දේශාපාලන හැල හැප්පීම් මත ජනතාවගේ ප්‍රශ්න හමුවේ නොබියව, එඩිතරව ජනතාව සමග එකට හිදිමින් ජනතාවගේ ආදරයට පත්වන පුද්ගලයාය ..එසේ වූ නායකයෙකි මහින්ද රාජපක්ෂ ජනධිපති තුමා. තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරන්නට දායකවූ ත්‍රිවිද හමුදා නායකයන් අතර සිටි දක්ෂ හමුදා නායකයෙකි ජනරාල් සරත් ෆොන්සේකා. ඔහු යුද්ධය නිමාවූ සැනින් ජනතාව අතරට ආ වීරවරයෙකි ...දේශපාලන නායකයා සහ වීරයා කියන දෙක ජනතාව පටලවා ගත යුතු නැත ..

සුරංග 2012-06-15 12:58:27

අපි සැමදා ඔබ සමගයි.ඔබට ජය!

කුමුදුමලී 2012-06-15 13:57:01

දේශපාලන නායකයා සහ යුධ වීරුවා කියන්නේ දෙකක්. පටලවා ගන්න එපා .

අනුර 2012-06-15 13:20:39

ඔබට දේශපාලනය ගැළපෙන්නේ නෑ.ඔබේ අඩුපාඩු රටටම පෙන්නන්න එපා

රෙෂ්මා 2012-06-15 14:09:49

අරමුණක් ඇතිව මිනිස් සේවයට බහින්න අද රජයේ සේවකයට කන්න බොන්නවත් පඩිය ප්‍රමාණවත් නෑ. ඉන්ධන මිල ගෑස් මිල අපව දුප්පත් කමින් මිරිකල. හමුදා පොලිස් පඩියත් ලෙවකනව විතරයි.මැති ඇමතිවරු හොදට කනව බොනව. රට යනව. අපට වැලේ වැල් නෑ. සමාජයේ ජීවත් වෙන්නත් ඕන. හොරකමි කරන්නත් බෑ. ඔබතුමා වෙනුවෙන් හිරේ ගිය අයගැනත් කථා කරන්න. ඔබට ජය

අනිල් 2012-06-15 13:32:34

කෙලෙහිගුණ නොදන්න කම

අලිබබා 2012-06-15 13:42:22

අනුර සිල්වා මහතා නිවැරදිය. දේශපාලන නායකයා සහ වීරයා කියන දෙක ජනතාව පටලවා ගතයුතු නැත.

චින් 2012-06-15 13:42:31

කතන්යු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් - කල ගුණ දත් තැනැත්තන් ලොව ලුර්ලභය - බුදුන්රජාණන් වහන්සේ

බුදුදහම මුල සිටම කෙලෙහි ගුණයේ අගය කියා පාන එය දරුවන්ට හුරු කරන ආගමකි .

ලංකාවේ බහුතරය මෙසේ හික්මුන බෞද්ධයන් වීම ඔබ තුමාගේ අවාසියට හේතුවකි.

කාලගුණ නොදත් තැනැත්තා කොපමණ පොරොන්දු දුන්නත් ලං කරගැනීම නුවණට හුරු නැති බව ජන මනසට බද්ධ වී ඇත.

ඔබගේ දැවැන්ත ආකර්ෂණය තිබුනේ යුද්ධයේදී මිස දේශපාලනයේදී නොවේ. තාමත් මේක තේරිලා නැති පාටයි

අරුණ 2012-06-15 14:33:27

පිස්සු මිනිහෙක්

ටොක්සන් 2012-06-15 13:58:56

ජෙනරාල්තුමනි,

අපේ රට අනතුරේ, පවුල් බලය,වව්ලෝ වගේ,

මැර බලය තිරිසන්නු වගේ, නීතිය අන්ඳරේගෙ වගේ,

දූෂණය වංචාව රටපුරාවට, කුස ගින්න අහස උසට, දුප්පතා අසරණයා ප්‍රපාතයට,

රට ගොඩ නගන්න​,රට හදන්න ඔබ තුමානන්ට බාරයි පියානණනී,

ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරයෙක්

සුමිතු 2012-06-15 14:39:32

කවුරු උනත් කියනකොට ඔහොමයි...කරන්නේ නෑ ..අපිත් ඉතිං අහන් ඉමු...

ගාමිණී 2012-06-15 14:48:02

බුදු සරණයි අපේ රටට ?

පෙරේරා 2012-06-15 14:56:16

මෙයාව හදන්න නම් කෝවක දාලා මකලා ගන්න ඕනි

සී.බී 2012-06-15 16:02:47

ජය වේවා අපේ රණවිරුවනි !

සමීර 2012-06-15 15:48:29

නරියෝ උඩු බිරුවට කදු පාත් වෙන්නේ නෑනේ.මේක තමයි ෆොන්සේකා රටට අවශ්‍යම කාලය

සමන් 2012-06-15 16:13:36

අනේ තාමත් මොළේ පෑදුනේ නැද්ද අපේ කට්ටියට එක කට්ටියක් අපේ බඩවැලුත් අපිට නොදැනෙන්න අදිනවා කඅයලා

ගාමිණී 2012-06-16 06:23:40

ඔබතුමා රජයට යනවාටත් ජනතාව කැමති නැහැ . විපක්ෂයට යනවාටත් ජනතාව කැමති නැහැ . එහෙමනම් ඔබ කල යුතු හොඳමදේ මැද්දට වෙලා මේ දෙගොල්ලන්ගේම නාඩගම් බලබලා තව ටිකක් ඉගනගන්න ඡන්දයක් එනතුරු. එහෙම නැතුව මැද්දේ ඉදන් ඔබත් නාඩගම් නටන්න යන්ඩ එපා. ජනතාව මේ රටේ දේශ පාලකයන්ට වඩා බුද්ධිමත්.

තරංග 2012-06-16 09:53:16

අපි දන්නවා අපේ වීරයා ෆොන්සේකා බව.අපි ඔබ එනතුරු බලා සිටිමු

ආමි 2012-06-16 11:59:38

මේ COMMENTS කියවලාවත් තමන් ඉන්න තැන ගැන අවබෝධයක් ලබා ගන්න.අනුර සිල්වා මහතා කියන දෙය නිවැරදියි. යුධ හමුදාපති වුනාට මොලයක් තිබෙන බවක් පෙනෙන්නට නැත

ගාමිණී 2012-06-16 12:32:41

ඔබතුමා රජයට යනවාටත් ජනතාව කැමති නැහැ . විපක්ෂයට යනවාටත් ජනතාව කැමති නැහැ . එහෙමනම් ඔබ කල යුතු හොඳමදේ මැද්දට වෙලා මේ දෙගොල්ලන්ගේම නාඩගම් බලබලා තව ටිකක් ඉගනගන්න චන්දයක් එනතුරු. එහෙම නැතුව මැද්දේ ඉදනන. ජනතාව මේ රටේ දේශ පාලකයන්ට වඩා බුද්ධිමත්.

කුසුම් 2012-06-16 14:42:48

ප්‍රියන්ත හරි. තාම මුදල් ලැබෙනවා. නගා....

ලක්ෂ්මන් 2012-06-16 14:45:28

අම්බලන්ගොඩ රූකඩය කියන කතාවටනම් මම 100% ක් අගය කරනවා. පකිස්තානයටත් ඔය ටිකම තමා අමෙරිකාවෙන් කරලා තියෙන්නේ. එයාලට නටවන්න පුළුවන් ජනාධිපති කෙනෙක් තමා පකිස්ථාන ජනාධිපති වෙන්නේ. ජනතාවනි බුද්ධිමත් වන්න.

චමීර පී 2012-06-16 16:27:42

අනේ.. අනේ..

මාතර මල්ලි 2012-06-17 01:10:27

පුළුවන් නම් ආණ්ඩුවට එකතුවෙලා විපක්ෂයට තල්ලුවක් දාන්න.. දන්න වෙළදාම නොදන්න ගොවිතැන...

බණ්ඩා 2012-06-17 01:47:38

ආයු රක්ඛන්තු ආ වඩා ..!!

සමීර 2012-06-17 03:16:12

මෙයාට ලොකු අමාරැවක් තියෙනවා රනිල් මහත්තයට වගේ...

සම්පත් 2012-06-17 03:56:45

ආයෙ ඉල්ලගෙන කන්න යන්නෙ වගේ...

අමිල ඉෂාන් 2012-06-17 08:15:25

අප ඔබ සමගයි........

සූකිරි 2012-06-17 18:33:29

දැන් පවුලේ ප්‍රශ්න ගොඩක් ඇති නේද?

අමල් 2012-06-17 22:57:58

ඔබ සදා අපගේ ජෙනරාල්මයි

කුසුම් 2012-06-18 15:37:38

මුදල් ngo නෙමෙටි ප්‍රියන්ත.ළගම රටකින්

ලාංකිකයා 2012-06-19 11:46:35

රටක ජනතාවට පාලකයෝ ලැබෙන්නේ ජනතාවගෙ හැටියට කියල කතාවක් තියෙනවා.. අපේ රටෙත් අපිට හොරා මැරවැඩ, ස්ත්‍රී දූෂණ කරන පාලකයෝ ලැබිල තියෙන්න ජනතාවගෙ වැඩි දෙනෙකුට බුද්ධියක් නැති කමටයි.. 30 වසරක යුද්දෙ දිනාදුන් හමුදාපතිට ගහන මඩ කන්දරාව..

කරැණාපාල 2012-06-19 15:00:11

මෙයාට පොඩ්ඩක් හරි මුල මතක තිබුණනම්... මෙයා වෙනුවෙන් හිරගෙවල්වල හිටපු අය මතකවත් නැහැ...

ශ්‍රීමාල් 2012-06-19 21:51:09

සමහර කමෙන්ට්ස් දැක්කම තාමත් අපේ රටේ තුන් වේලටම පුන්නක්කු කන හරක් කොච්චර ඉන්නවද කියලා හිතෙනවා

කසුන් 2012-06-19 22:07:18

ඇස් කන් ඇති අයට කෙරුවාව තේරේකවා...ඒක තේරුම් ගන්න බැරි අය අන්ධ බීරි අයයි....

ජේ.ආර් 2012-06-20 07:19:31

ඇයි මහතතයෝ එක සැරයක් පරාජය කොරාම ගිහිං කොරගත්තහරිය මදිවද?

කපුරාළ 2012-06-20 08:02:16

පොන්සේකා නෝනෝ තව පොල් ‍ගෝනි දෙක තුනකු්ත හොයාගෙන ආයෙමත් ලෑස්ති උනානම්..

සොනික් 2012-06-21 22:48:39

අනේ එක්කෙනෙක් ගිය උඩ කිව්වලු!!

උඩවෙල 2012-06-26 08:06:52

ඔයාගේ පුංචි මොළේට මේවා තවම බර වැඩියි

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :