2014 ඔක්තෝබර් මස 02 වැනි බ‍්‍රහස්පතින්දා

2014-10-02 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.129.1300 , විකුණුම් මිල රු.132.0100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.208.6000 , විකුණුම් මිල රු.214.5800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.1900 , විකුණුම් මිල රු.167.5300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.2500 , විකුණුම් මිල රු.139.1200 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.115.6400 , විකුණුම් මිල රු.119.5500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.6300 , විකුණුම් මිල රු.116.9100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.0500 , විකුණුම් මිල රු.104.3500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1821 , විකුණුම් මිල රු.1.2197 |

පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි

2012 ජූනි මස 14 16:09:24 | තිළිණි ද සිල්වා

හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් තීන්දුවේ පිටපත් ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යංශ ලේකම් කැඳවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (14) අභියාචනාධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය.

තම පාර්ලිමේන්තු මන්ති‍්‍රධුරය අහිමි කිරීමට එරෙහිව ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා, ඒ. ඩබ්ලිව්.ඒ. සලාම්, උපාලි අබේරත්න ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය ලබාදෙන ලදී

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රදානය කැරුණු සමාව ෆොන්සේකා මහතාට ලැබුණත් එහි පිටපතක් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කල් ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය දුන්නේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සමාවේ පිටපතක් මේ වන තුරු නීිපතිවරයා වෙතට වත් ලැබී නොමැති බවය.

ෆොන්සේකා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දෙවැනි යුද්ධාධිකරණය විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස් නම් කරනු ලැබ සිටී.

අදහස්(10) බැලූවෝ (3544)

පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල 2012-06-14 17:08:42

දැන් එයාටම කරකවනවා වගේ නේද?

මහජනයා 2012-06-14 18:34:22

සමාව දීලා තියෙද්දි තවත් දේවල් ඉල්ලනවා.කට...කට....

ජනතාව 2012-06-14 19:15:35

ඔන්න දැන් ඔය වග උත්තර කරැවෝටික ඇතුලට යන්න පැදුරැ කොටිට ලෑස්ති කරගන්න.

ලහිරු-ලීඩර් 2012-06-14 19:32:22

SF-ඔබයි අපේ සම්පත

රෝහිත සමරකෝන් 2012-06-14 21:15:15

මෙයාට ඇත්තටම මානසික ආබාධක් තියෙනවා..

සුදත්- uae 2012-06-15 09:52:36

මෙයා නම් දකුණේ කෙනෙක් වෙන්න බෑ

කිරි පණුවා 2012-06-15 16:35:02

හිරේ ඉන්න තාක්කල් වෛද්‍ය සහතික.ඇපලෝ,නවලෝක දොස්තරලට ඉවරයක් නෑ වෛද්‍ය සහතික ලියලා

කිරි පණුවා 2012-06-15 17:15:01

දැන් ඔය යන්නේ ගිජ්ජකූට පර්වතේ පෙරළන්න.

මුසාවාදා වේරමණී සික්ඛා නොපදං සමාධි නොයාමි

හිමාෂි- abudhabi 2012-06-16 01:07:42

නමට ගැළපෙන්නම වැඩ

සුදත් රෝහන ප්‍රනාන්දු 2012-06-16 14:08:30

'' SFමහත්තයෝ ෂේප් එකේ ඉන්නකෝ...''

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :