2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති

2012 මැයි මස 24 18:59:32 | දමින්ද විජේසූරිය

දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙතිලබන මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 සහ එක්දින තරගාවලි සඳහාත් චාමර කපුගෙදර සහ දිල්හාර ප‍්‍රනාන්දු දෙදෙනා නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.

චාමර කපුගෙදර ශී‍්‍ර ලංකා විස්සයි/20 කණ්ඩායමට කැඳවා තිබෙන අතර දිල්හාර ප‍්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවා තිබේ. දග පන්දු යවන්නන් වශයෙන් සචිත‍්‍ර සේනානායක විස්සයි/20 සංචිතයටත්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් එක්දින සංචිතයටත් එක්වී සිටිති. තේරීම් කමිටුවට සම්බන්ධ අයකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අජන්ත මෙන්ඩිස් තවමත් පිටකොන්දේ ආබාධයෙන් සුවය ලබා නැති බවයි.

ශී‍්‍ර ලංකා විස්සයි/20 සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂල්‍ය ලොකුආරච්චි, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, උපුල් තරංග සහ ඉසුරු උදානශී‍්‍ර ලංකා එක්දින සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, උපුල් තරංග, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු සහ දිල්හාර ප‍්‍රනාන්දු

 

 

 

අදහස්(25) බැලූවෝ (2927)

දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුජීව 2012-05-24 19:01:13

ඉවරයි

තිළිණි ද සිල්වා 2012-05-24 19:03:08

අපෝයි ලංකා ක‍්‍රීකට් කොතනටද?

මුන් දෙන්නා ගම කාවිද?

කම්ල් 2012-05-24 19:03:09

කපුගෙදර නම් අනේ මන්දා

තිළිණි ද සිල්වා 2012-05-24 19:04:17

නියමයි අපිට නියම ජොලියක් ගන්න පුලුවන් මේ දෙන්නා කරන දේවල් හින්දා

ඉබ්බා 2012-05-24 20:27:08

මේ දෙන්නා කොච්චර මොනව උණත් ටීම් එකේ.ඒත් 1000ක් අප් කරලත් චාමර සිල්වා නෑ.හරිම කණගාටුයි

අමාන් 2012-05-24 20:47:09

මේ දෙන්නට දෙන අවසාන වතාව මේක. හොදට කරන්න

මික්ස් 2012-05-24 22:34:04

එහෙනම් මේ ටූනමන්ට් එකත් හරි ,,,,,,,,,,,,,,,,,

රවී පෙරේරා 2012-05-24 22:55:07

ඇයි චාමර සිල්වට තැනක් නැත්තේ ?? තේරීම් කමිටුවට නම් මාරුවෙලාද ? හරිම කණගාටුයි......

දෙව්මිත් විතානගේ 2012-05-25 01:40:46

දිල්හාර තිරිමාන්නට වඩා එක්දින ක්‍රීඩකයෝ වෙන නැද්ද ,මාලිංගත් වැඩක් නෑ .එයා ගහන්නේත් රට වෙනුවෙන් නෙමෙයි...අයියෝ සල්ලී.................

ජෝන් 2012-05-25 01:46:17

අ‍පෝ ඉවරයි....

යක්ස් 2012-05-25 01:51:16

ආපෝ.....

කාන්ස් බොයි 2012-05-25 06:51:44

චාමර නැති එක ගැන නම් දුකයි...

ලෙස්ලි හර්බට් විජේසිංහ 2012-05-25 08:37:40

මට හරි අසයි දිල්හාරගේ නෝ බෝල් එකට .අසන්ත දී මේල් ලුත් කැමතිලු මැච් පැරදුනත් ඒ නෝ බෝල් බලන්න .

ජීවන් හර්ෂ 2012-05-25 09:18:36

එයාගේ කවුරු හරි බෝඩ් 1 ඉන්නවද

රොෂාන් කොඩිකාර 2012-05-25 09:32:16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙවියන්ගෙම පිහිටයි.......

රසික ප්‍රණාන්දු 2012-05-25 11:27:21

අජන්තට ඇති අසනීපයක් නෑ. තේරීම් කමිටුවේ අයටයි අසනීපේ තියෙන්නේ මෙතන තියෙන්නේ කැපිල්ල.

සපුමල් 2012-05-25 11:55:18

අපරාදේ කොහොමහරි ටිකට් එකක් අරන් දිල්හාරගේ නෝ බෝල් මැච් 1 බලන්න යන්න ඕන.

පාලිත 2012-05-25 11:54:19

කපු, ඔබ දක්ෂයෙක්.නමුත් තවම එය රටට ඔප්පු වී නැහැ.මෙය ඔබේ හැකියාව රටට පෙන්වීමට හොද අවස්ථාවක්

සිසිර 2012-05-25 12:23:21

කොහොමත් මේ දෙන්නා ටීම් එකට වැටෙනවා

චාමින් 2012-05-25 12:32:36

ඇයි උපුල් තරංගව ටෙස්ට් මැච් වලට දාන්නේ නැත්තේ?එයා හොදය සෙල්ලම් කරන නිසාද?

යකා 2012-05-25 15:27:48

කපුවා කපෝති

සිසිර 2012-05-25 15:38:12

ඇත්තටම ඇයි දිල්හාරට මෙච්චරටම චාන්ස් දෙන්නේ

රම් 2012-05-25 15:39:09

කපු ගෙදර ඇත්තටම දක්ෂද ?

ඉස්හාම් 2012-05-25 15:49:29

ඇයි මහරුෆ්ට බෝල් කරන්න බැරිද?

තරිදු 2012-05-28 06:40:28

ලොකුආරච්චිත් ටීම් එකේ 11 දෙනා අතරට යන්න ඕනි

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :