Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර
2012 අපේ‍්‍රල් මස 08 11:58:31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.
කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.
ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරැුණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.
දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.
පුරාවිද්‍යා කැණීම් ඇරඹිණි. හෙමින් සීරුවේ ගොඩගැනුණු අතීතයට අනුව වෙල්ගම් වෙහෙරෙහි නිර්මාතෘ දෙවනපෑතිස් රජු ය. දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් ආරම්භ කළ වෙල්ගම් වෙහෙර බෞද්ධ ජනතාවගේ මුල්ම පුද බිමක්ම විය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ලංකාවට වැඩම කරන්නටත් පෙර පැවති ත‍්‍රිකුණාමලය හෙවත් සිරි ගෝණමල පෙදෙස බෞද්ධයන්ගේ නිජබිමක්ව තිබී ඇත. මේ අනුව වෙල්ගම් වෙහෙරේ ආරම්භය ක‍්‍රි.ව. පළමු වැනි සියවස බව විශ්වාස කළ හැකිය.
එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.
එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්, විවිධ කැටයම් ආදිය ද විය.
වෙල්ගම් වෙහෙරේ මහා පිළිම ගෙය දෙමළ විහාරයක් බව පෙන්නුම් කරයි. එසේ වීමට හේතුව චෝල අධිරාජයාගේ වෙල්ගම් වෙහෙර කඳවුරේ සේවය කළේ දෙමළ බොද්ධයන් වීමය. ඔවුහු මේ විහාරය ඔවුනගේ ඌරුවට අනුව පිළිසකර කර ගත්තා පමණක් නොව පුද පූජා ද පැවැත්වූහ.
මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවී තිබේ. ඉන් විශාලතම දාගැබ චතුරස‍්‍රයේත් අනෙක් දෙක කඳු වැටිය මතත් පිහිටා ඇත. මේ කඳු වැටියේ තිබෙන දාගැබ් දෙක ඉතාමත් පැරැුණිය. මහ පිළිම ගෙය දෙපස ඇති කුටි දෙකකම බුදු පිළිම තැන්පත් කර තිබිණි. මින් ඇතැම් ඒවා තනා තිබුණේ හුණු ගලිනි. එබැවින් ඒ පිළිම අයත් වන්නේ පස්වැනි සියවසට බව විශ්වාස කෙරේ.
ශෛලමය තාප්පයකින් වටකර ඇති මේ නටබුන් පෙදෙස පුරා සංචාරය කරනවිට හැෙඟන්නේ අප ජීවත්වන්නේ බොහෝ අතීතයක බවය.
ඒ අතීතයේ සැරිසැරූ අපි ඉනික්බිති බෝධි වෘක්ෂය දෙසට ඇවිද ගියෙමු. අනෙකුත් බෝධි වෘක්‍ෂවලට වඩා කුඩා පත‍්‍ර සහිත මේ බෝධිය අපේ හිත්වල ජනිත කරන්නේ අමුත්තකි.
මේ පන්සලේ තිබුණු මුල් බෝධිය 1964 සුළිසුළඟට ඇද වැටුණා. මේ තියෙන්නේ ඊට පස්සෙ රෝපණය කළ බෝගසක්.
වත්මන් විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමියෝ කියති. වෙල්ගම් වෙහෙර කාලයක් අපට තහනම් ප‍්‍රදේශයක්ව තිබිණි. ඒ කොටි සංවිධානය විසින් ස්වකීය පාලනයට මේ පෙදෙස නතුකර ගෙන සිටීම නිසාය වත්මන් නායක හිමියනට පවා ජීවිත තර්ජන එල්ල කළ ඔවුහු පන්සලට මෝටාර් ද ගැසූහ. එවැනි විටෙක පන්සල රකින්නට පැමිණි සෙබළ මුලක්ම ඝාතනය කරනු ලැබිණි. ඒ අතීතයේ සටහන් ඡායාරූප හා පුවත්පත් වාර්තා රැසක් අපට දැකබලා ගනු පිණිස බිත්තියක එල්ලා තිබේ. ඒ ඛේදවාචකය සිදුවූයේ 2000 ජුනි 30 වැනිදාය. ඒ සිද්ධිය එදා "ලංකාදීප”ය වාර්තා කළේ මේ අයුරිනි.
-විල්ගම් වෙහෙර ගමට කොටි මෝටාර් ගසති. පන්සල් වත්තට වැටුණු බෝම්බයෙන් විහාරාධිපති හිමිට බරපතල තුවාල ගම්වැසියෝ හතරක් නසිති”
මේ තියෙන්නේ ඒ තුවාල තමා
වෙල්ගම් වෙහෙර නායක හාමුදුරුවෝ එදා සිදුවූ බරපතළ තුවාලවල සුව වූ කැළැල් අපට පෙන්වති. එහෙත් මේ කොටි තර්ජනවලට බියපත්ව වෙල්ගම් වෙහෙර හැරදා යන්නට නායක හිමියන් සිතුවේවත් නැත. හමුදාවේ රණවිරුවන්ගේ ඇල්ම බැල්ම මැද ඒ හිමියෝ වෙල්ගම් වෙහෙරෙම රැඳී සිටිමින් අපේ නැගෙනහිර බෞද්ධ උරුමය රැක බලා ගත්තෝය.
දැන් යළිත් වතාවක් වෙල්ගම් වෙහෙරේ බෞද්ධ පුබුදුවක් සිදු වෙමින් පවතී. දැන් සමාධි බුදුරුවක් ද ඉදිවෙමින් තිබේ. මේ ප‍්‍රබෝධය සිත් පහන් කරලන බව ද කිව යුතුමය.


සෙල් ලිපි


විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමි


පිළිම ගෙයක්
අදහස්(40)
බැලූවෝ (17113)
දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
විමුක්ති 2012-04-08 18:17:07
හරිම වටින ලිපියක්
Kenath 2012-04-13 22:26:45
දෙමල බෞද්ධයා යන්න ඉතා මෑතකදී ඇතිවෙමින් පවතින මතයකි. එයට තම පුරාවිද්‍යාත්මක පදනමක් නැත.
මෙම මතය නිසා අද උතුරු නැගෙනහිර පවතින ඉපැරණි නටබුන් මේ දෙමල බෞද්ධයා ගොඩනගපු ඒවා බවට දෙවැනි මතයකුත් එයි.
එම මතය සමග එම ප්‍රදේශවල ඇති සිංහල බෞද්ධ නිජබිම් යථාර්තය යටවී දෙමල නිජබිම් බවට පිළිගැනීමක් සිංහලයා විසින්ම ඇතිකර ගැනීමට සිදු වේ.
මෙය ඊලමට බෞද්ධ පදනමක් දෙන අපේ සිංහල බෞද්ධ පදනම පාවාදෙන මතයකි. යථාර්තය නම්, දෙමල බෞද්ධයකු සිටියේ නැත. මේවා අපේ මුතුන් මිත්තන් ගොඩනගපු පුරාණ පුදබිම්ය.
දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා වල් වැදී විනාශ විය, දෙමළ ආක්‍රමණිකයන් ඒවා විනාශ කළේය. ඒවා මත ඔවුන්ගේ කෝවිල් ඉදිකළහ. කලාතුරකින් හමුවෙන දෙමල සෙල් ලිපියක් නිසා නිජබිම් ඔප්පු ලිවිය යුතු නැත.
වැඩ වටින්නේ දෙමල සෙල් ලිපියක් හමුවීම නොවේ. එහි ලියා ඇත්තේ කුමක්ද හා එහි කාල වකවනුයි. බොහෝ දෙමල සෙල් ලිපි සිංහල පාලකයන් විසින් එම ප්‍රෙදේශ වල සිටි දෙමල අයට කියවීමට ලියපු දේවල් මිසක් දෙමල අය බෞද්ධ කමට ලියපු දේවල් නොවේ. දෙමල බෞද්ධයං සිටියානම් අද කෝ දෙමල අයට බෞද්ධ පදනමක්. දෙමල අය සියල්ලෝම හින්දු හෝ කතෝලිකය. සිංහල ප්‍රෙද්ශවල ශතවර්ෂ ගණනක් සිටියද දෙමල අය බෞද්ධයං වී නොමැත. එහෙව් එකේ දෙමල බහුතර පැති වල දෙමල අය විශාල වශයෙන් බෞද්ධ උනායයි කීම විහිළුවක්. දෙමල සංස්කෘතිය හින්දු ඇදහිලි වලට ගහට පොත්ත මෙන් ඇලී ඇත. හින්දු බවින් මෙපිට දමල සංස්කෘතිමය පැවැත්මක් අදත් නැත එදත් නැත. හරියට බෞද්ධ කම ගිලිහුන තැන සිංහල කම නැති වෙනවා වගේ. දෙමල අයට බෞද්ධ ලේබලය ගැහුවම අපේ ප්‍රශ්නේ විසදෙනවායැයි සිතීම විහිළුවක් වෙනවා විතරක් නොව පුරණ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට පහර ගැසීමකි. මහාවංශයෙවත් නැති ඒවා තමයි දැන් මිනිස්සු හොයා ගන්නේ!
එස්.ගනේගොඩ 2012-04-24 16:39:45
මහා සම්මත රජුගේ කාලයේ පටන් පැවත එන අපේ උරුමය අපි රැක ගත යුතුයි.
එස්.එස්. 2012-04-25 12:15:06
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
Palitha 2012-05-01 00:04:53
සත්‍ය පැවසු Kenath හට තෙරුවන් සරණයි
පුෂ්පා 2012-05-03 12:24:39
මසුරන් වටින සටහනක් කෙනත් ගෙන්...
පුෂ්පකුමාර 2012-05-05 13:50:04
අපේ උරුමය රැකීම ගැන ස්තූතියි....
අජිත් රුක්මන් ද සිල්වා 2012-05-09 05:38:20
මෙය ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිමක්ම වේ.
උපාලි 2012-05-15 11:04:25
වෙල්ගම් වෙහෙරේ අපේ හාමුදුරුවෝ සැබෑ වීරයෙකි.බුදු සරණයි
නලින් 2012-05-28 21:03:35
LTTE එකෙන් කීයක් හරි දීලද මන්දා
කුමුදු 2012-06-02 16:30:14
වෙල්ගම් වෙහෙරේ අපේ හාමුදුරුවෝ සැබෑ වීරයෙකි. ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා .
මේරි 2012-06-07 09:13:56
කූරගලටයි,දළදා මාළිගාවටයි වැඩේ දීලා දැන් දඹූල්ලට වැඩක් දෙන්න හැමදේම කරනවා
ෂෙරීෆ් 2012-06-08 03:30:06
බුදුහාමුදුරුවොයි, දෙමළ ජනයායි ලංකාවට පැමිණියේ ඉන්දියාවේ ඉදලා.බුදුන්ගේ කාලෙත් දෙමළ බුදුහාමුදුරුවරු ඉන්න ඇති
චාමා 2012-06-08 16:34:29
කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
මායා 2012-06-11 11:24:22
මහාවංශයෙවත් නැති ඒවා තමයි ෂෙරීෆ් හොයා ගන්නේ!
Sujatha 2012-06-11 12:10:58
ෂෙරීෆ් දන්න දෙවල් අපි දන්න නැ
amila 2012-06-11 12:14:52
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි Balangoda කූරගල අපි රැක ගත යුතුයි.
කීසාගොතමි 2012-06-11 12:36:51
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...
හිමමල 2012-06-11 13:05:07
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති.
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා
කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
ගමේ කොල්ලා 2012-06-16 03:19:17
කෙනෙත් ඔබේ කොමෙන්ටුව ඉතා අගෙයි. එලෙසම ඔබ පවසන දෙය පැහැදිලි සත්‍යයකි. දෙමළ බෞද්ධයන් යනුවෙන් බෞද්ධ කොට්ටාශයක් නැත (සිංහල කතෝලිකයන් හා දෙමළ කතෝලිකයන් සේ). සිංහල කම හා බෞද්ධ කම එකට බද්ධ වී ඇතිමුත් දෙමළ කම හා බෞද්ධකම එකට බද්ධ වී නැත. රටේ ඉතිහාසය හා මහාවංශය විකෘති කිරීම වහා නතරකල යුතුය. ඔබ කියූ පරිදිම මෙම ව‍්‍යාජ මතය හීන් නුලෙන් ත්‍රස්තවාදීන්ට උතුරු නැගෙනහිර තම නිජ භුමිය ප්‍රකාශ කිරීමට සාධක සපයයි.
සමන් 2012-06-19 16:45:16
සිරී ලංකාව බුදුන්ගේ දේශයයි
හිරැණි 2012-06-19 17:30:12
පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම යුතුයි..
අම්පාර- මහියංගන පාරෙ තියනෙ රජගල තැන්න නම් ස්ථානය පිළිබදව තොරතුරැ පළකරන්න..
කුමාරි 2012-06-19 17:31:45
අපිට අපේ දේවල් අගේ නැහැ.
ඒක තමයි වැරදුණ තැන
ජානක 2012-06-19 16:53:22
රටේ ඉතිහාසය හා මහාවංශය විකෘති කිරීම වහා නතරකල යුතුය.
නිසාන් 2012-06-19 17:35:54
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්නවෙනවා ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
මිහිරංග 2012-06-22 12:12:02
අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන්ගේ වගකීමයි.
වසන්ති 2012-06-22 12:31:46
අපේ සිංහල බෞද්ධ උරුමයන් දැන ගන්න පිරිත් පොත බලල පුඑවන් (පරිසර වර්නනාව)
ලොකුගේ 2012-06-23 02:13:42
ඔහොම කෙනෙක් කියන දේ දැන ගැනීම වැදගත්..
සමිර 2012-06-25 12:44:34
ඉතා වැදගත් පාසැල් දරුවනට
ජී.ජී 2012-06-28 09:14:47
වෙල්ගම් වෙහෙරට යන පාර ලොකු කර පිළිසකර කරන්න....
මනොරි 2012-06-28 10:46:38
පොළොන්නරුව රාජධානිය සමයේ ඇදපු චිත්‍ර බලන්න. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
කුමුදුමලී 2012-07-02 10:26:45
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
රුවන් 2012-07-02 12:19:19
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා. මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් .
හිමාලි 2012-07-03 12:10:18
චුලවංශය කියන්නේ දීතුන් නිකායේම පැවති වටිනා දාගැබි සිදළමින් අගනා රන් පභිම අදිය ගෙන ගිය සෝළිහු යකුන් මෙන ලංකාවෙ තැන තැන පිහිටි වෙහෙර විහාර සාහසික ලෙස විනාශ කරමින් ලක්දිව සාරය උරා බීවු බවයි ඉතින් ඉතිහාසේ කියන්නේ ති‍්‍රකුනාමලය ආසන්නයේ පැවති නාථනාර් කෝවිල් බිමෙ පිහිටා තිබු වෙල් ගමි විහාරය ප‍්‍රතිසංස්කරණය කොට රාජරාජපෙරුමිපල්ලි යන නමින් නමි කල බවයි. දෙමළ බෞද්ධයෝ කියලා කෙනෙක් හිටියේ නැහැ නැහැ. මෙවා ඉගෙන ගන්න අයත් බලනවානේ ඉතින් ඇත්ත කියනවානමි ගොඩක් හොදයි.
කෝසල 2012-07-04 10:59:32
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
එස් ජේ .සුනිල් 2012-07-06 23:21:27
අපේ පැරණි උරුමයන් ගැන කියනකොට ඒවාට යන මාර්ග සිතියමක් දෙන්න
samanmal 2012-07-07 14:04:05
අපගේ පුරා වස්තු බුදු දහම අනුව කටයුතු කරන ජනතාව වැදුම් පිදුම් කරන පූජනීය වස්තූන්ද වේ. මේ නිසා පුරා වස්තු වලට ආගමික ස්වරූපයක්ද ආදි කාලයේ සිටම පැවතිණි. අපේ මුතුන් මිත්තන් ගස්, ගල් වලට වැන්දයි කියන්නේ ජය සිරි මහා බෝධියට හා බුදු සිරි පතුල් (ගලින් නෙළන ලද) වැදීමම වේ
කුමාර 2012-07-28 20:28:56
ඔබලා හොදින් පොත පත කියනවන්න.. ලෝකෙ ඕනතරම් සිංහල නොවන බෟද්ධයෝ ඉදල තියෙනවා.. දන්නෙ නැත්නම් අපේ පන්සලකට ගිහිං අහගන්න...(නු)
සුබෝධා 2012-08-22 02:22:05
දෙමළ සෙල්ලිපිය කුමන කාල වකවානුවකට අයත් එකක්ද?(නු)
ශ්‍රීමාල් 2012-09-17 15:29:14
බුදු දහම ජීවමානයි (දී)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17157)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16261)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12518)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12395)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12260)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11367)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11282)