IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රාර්ථනා බිඳවට්ටන රාජ්‍ය නායකයා බොලිවියාවේ එවෝ මොරාලෙස්

 

 

සමාජවාදී පාලනයක් යටතේ කිසිලෙසකින්වත් ජනතා අයිතීන් උල්ලංඝනය නොවන අතර බාධාවකින් තොරව ප්‍රජාතන්ත්‍රීය පාලනයක් තුළ හිමි විය යුතු සියළු අයිතීන් බුක්තිවිදිය හැකියි යන සමාජ සම්මත වර්තමානයේදී බිදෙමින් පවතින බවට කදිම නිදසුන පෙන්වන්නේ වත්මන් බොලීවියාව තුළය. නමුත් එහි රට කරවූ එවෝ මොරාලෙස් ගේ නායකත්ව ලක්ෂණ හැම විටම සුවිශේෂීත්වයක් උසුලනු ලැබේ. ඉකුත් මස පැවති ජනාධිපතිවරණයේදී දූෂණ අක්ර්මිකතා සිදුවූ බවට චෝදනා එල්ලවීමත් සමග ජනාධිපතිවරයාට එරෙහි ජනතා විරෝධය උත්සන්න වීමෙන් පසුව බොලීවියා ජනාධිපති එවෝ මොරලෙස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණත්, අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ පුරා වසර 14 ක් තිසේසේ බොලිවියාවේ සුක්කානම වී සිටි ඔහු වෙනුවෙනි.


බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍යය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමෙරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලය ද, දකුණින් පැරගුවේ රාජ්‍යය හා ආජන්ටිනාව ද, බටහිරින් චිලි හා පේරු රාජ්‍යය ද එයට මායිම්ව පවතින්නේය. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍යය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. සියවස් ගණනාවක පටන් අද දක්වාම බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් බැට කෑවේය. එලෙස බැට කෑ බොලිවීයානුවන් අතර සිටිනා සුවිශේෂී පුද්ගලයෙකු 2006 වසරේ එරට ජනාධිපති ධූරයට පත් වූවේය. ඔහු නමින් ජුආන් එවෝ මොරාලෙස් අයිමා හෙවත් එවෝ මොරාලෙස් වූයේය.
එතැන් පටන් ඇරඹු ඔහුගේ ජනාධිපති ධූරය වසර 2025 දක්වා ද තහවුරු කර ගනිමින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පැවති බොලීවියානු ජනාධිපතිවරණයෙන් එවෝ මොරාලෙස් යළිත් වතාවක් ජයගෙන තිබේ. එය ඔහු එරට ජනාධිපති ධූරයට තේරී පත් වූ සිව් වැනි අවස්ථාව වේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විරුද්ධවාදීන් කෝප ගැන්වීමට හේතු වී ඇති බව සඳහන් වෙයි. මේවන විට ඔහුගේ ජයග්‍රහණයට එරෙහිව බොලිවියාවේ ලා පාස් අගනුවර විරෝධතා ආරම්භ වී තිබේ. නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලයට අනුව වාමාංශික ජනාධිපති  එවෝ මොරාලෙස් ජනාධිපතිවරණයෙන් සියයට 46කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්  ලබාගෙන ප්‍රතිවාදී අපේක්ෂකයා අබිබවා  ඉදිරියට පැමිණ තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින අතර ඇතැම් බොලිවියානු වැසියන් පවසන්නේ තවදුරටත් ආඥාදායක පාලකයෙකු යටතේ ජීවත් වීමට තමන්ට අවැසි නොවන බවය. එවෝ මොරාලෙස් යනු බොලිවියාවෙන් බිහිවූ පළමු ස්වදේශීය නායකයාය. 1956 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ගොවි යුවළකට මොරලෙස් දාව උපන්නේය. සිය මූලික අධ්‍යාපනයෙන් පසුව 1978 වසරේදී අනිවාර්ය හමුදා සේවයට එක් වූයේය. ඉන් අනතුරුව වෙළෙඳ වෘත්තීය සමිති සේවාවන්හි නිරත වූයේ කොකෝවා වගාකරුවන්ගේ සමාජ සුබ සිද්ධිය උදෙසාය. එතැන් පටන් පැවති රජයන් හි ප්‍රතිපත්තීන්වලට විරුද්ධව ක්‍රියාකාරී විරෝධතාවලට එක්වූ ඔහු 1995 වසරේ දී එරට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.


එතැන් පටන් ඇරඹි ඔහුගේ දේශපාලන ව්‍යාපාරය වාමාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දරිද්‍රතාව අවම කිරීම සහ එරට පිහිටි ඇමෙරිකාවේ බහුජාතික සමාගම්වල බලපෑමට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ජනතා වරම ඉල්ලා සිටියේය. එරට සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ නායකයා වූ ඔහු පළමුවරට ජනාධිපති ධූරයට පත් වූයේ 2006 වසරේදීය. ඒ එවකට අසල්වැසි රාජ්‍යයක් වූ වෙනිසියුලාවේ හිටපු ජනාධිපතිවරයා වූ හියුගෝ චාවේස් ගේ ද ආශිර්වාදයෙනි.


ජනතාවාදී කතාවලින් රටේ ජනතාවගේ ආකර්ෂණය දිනා ගත් ඔහු එරට ආදිවාසී හා දුප්පත් ජනතාවට බලපාන ගැටලු, ඉඩම් ප්‍රතිසංස්කරණය ආදිය වෙනුවෙන් වැඩි අවධානය යොමු කළේය. එලෙස ඔහු ජනාධිපති ධූරයට 2006, 2008, 2014 සහ 2019 දී තේරී පත් වූයේය.


මේ කාලය තුළ නව ලිබරල්වාද ප්‍රතික්ෂේප කිරීම, බොලීවියාව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම අඩු කිරීම ආදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම නිසා අන්ත දක්ෂිණාංශිකයන් ඔහු රැඩිකල් හා ඒකාධිපති නායකයෙකු ලෙසින් හංවඩු ගැසීය. 

 

 


මෙලෙස තද ගති ලක්ෂණ වලින් හෙබි බොලිවියා ජනාධිපති එවෝ මොරාලෙස් වරෙක පිළිකා රෝගය හේතුවෙන් සැත්කමකට භාජනය විය. කෙසේ වෙතත් තමන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මොරාලෙස් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කිරීමට අමතක නොකළේ ඔහුගේ පාරදෘශ්‍යභාවය පෙන්වමිනි.


වරෙක ඔහු එරට සංචාරයට පැමිණි විට දුන් තිළිණයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට උභතෝකෝටිකයකට මුහුණ පෑමට සිදු වූයේය. මෙය සිදු වූයේ 2015 වසරේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොලිවියාවේ රාජ්‍ය මාලිගයේ දී එරට ජනාධිපති එවෝ මොරාලෙස් මහතා මුණගැසුණු අවස්ථාවේදීය. නායක දෙපොළ අතර සාකච්ඡාවෙන් පසුව දෙදෙනා තිළිණ හුවමාරු කරන අවස්ථාව එළඹුණේය. ඒ මොහොතේ ජනාධිපති මොරාලෙස් මහතා පාප් වහන්සේට පිරිනැමූ තිළිණය දුටු, පාප් වහන්සේ ඇතුළු එහි සිටි සියල්ලන්ගේ “ඇස් උඩ ගිය” අතර බොලිවීයා ජනාධිපති පාප් වහන්සේට දුන් තිළිණය වූයේ දෑකැත්ත සහ මිටිය පදනම් වන ලෙස සැකසූ කුරුස ප්‍රතිමාවකි. මෙම “දෑකැති-මිටි කුරුසිය” බොලිවියා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අරගලයේ දී එහි පුරෝගාමියකු වූ ජේසු නිකායික ලුවිස් එස්පිනාල් පියතුමාගේ නිර්මාණයක් අනුව සැකසූවක් බව ජනාධිපතිවරයා කීවේය. 


දකුණු ඇමෙරිකානු කාලාපයේ පිහිටි බොලිවියානු ජනාධිපති එවො මොරාලෙස්ගේ නව ජනාධිපති මන්දිරය වැඩි දෙනාගේ අවධානයට ලක් වූයේය. එරට විශාලතම නගරය වන ලාපාස්හි ඉදිකර ඇති මෙම මන්දිරය මහල් 29 කින් සමන්විත වෙයි. මහා මන්දිරයට වැය වුණු සම්පූර්ණ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 34 කි. 


ස්පාඤ්ඤ යටත් විජිත පාලනයේ පැවැති පෞරාණික ගොඩනැගිලි අතරින් අහස උසට නැගුණු මෙම මන්දිරය නව බොලිවියාව නිරූපණය කරන බව මොරාලෙස්ගේ ආධාරකරුවෝ පවසති. කෙසේ වෙතත් මෙය නිකරුණේ මුදල් වියදම් කරමින් සිදු කළ අපරාධයක් බව එරට ඇතැම් දෙනා සඳහන් කරයි. 


මීටර් 120ක් උස මෙම නව ජනපති මන්දිරයේ ගෘහ නිර්මාණ සැලැස්ම පසුගියදා එරට පුවත්පතක් හරහා හෙළිදරව් කෙරුණු අතර, ජකුසි, සවුනා ආදී පහසුකම් මෙන්ම ශරීර සුවතා  මධ්‍යස්ථානයක් සහ සම්බාහන කාමරයක් ද මෙහි පිහිටුවා ඇත. එසේම ජනපතිවරයා සඳහා පෞද්ගලික විදුලි සෝපානයක් (ලිෆ්ට්) ද මෙහි පවතී. ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම වීදුරුවලින් සකසා ඇති මෙම මන්දිරයේ ඉහළින්ම හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවිය හැකි පහසුකම් පවතී. එසේම එහි භූගතව මහල් තුනක් ද පවතින බව පැවසෙයි. 


පුරා වසර 14ක් තිස්සේ බොලිවියාවේ ජනපති ධුරය දරන එව මොරාලෙස්, එරට ස්වදේශීය ජනවර්ගයන් නියෝජනය කරමින් තේරීපත් වුණු පළමු ජනපතිවරයා ද වෙයි. ඔහු මේ දක්වා සිව්වතාවක් ජනපතිවරයා බවට පත්විය. ජනපතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයෝ, මොරාලෙස් ජනපතිවරයාට අවශ්‍යව ඇත්තේ අමරණීයත්වයට පත්වීමට බවත්, ඒ සඳහා ඔහු කාටත් නොදෙවෙනි මන්දිරයක් තනා ගෙන ඇති බවත් පවසති. 


කෙසේ වෙතත් මෙම විවේචන ප්‍රතික්ෂේප කරන ජනපති මොරාලෙස්, මෙම ඉදිකිරීම හරහා නවාතැන් පහසුකම් වෙනුවෙන් වත්මන් රජය වැය කරන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වන බව පවසා ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ පරිපාලන කාර්යාල සඳහා මෙන්ම අමාත්‍යාංශ පහක් සඳහා ද මේ වනවිට කාර්තුවක් සඳහා ඩොලර් මිලියන 20කට අධික කුලියක් ගෙවන බව ඔහු මෙහි දී සඳහන් කර තිබේ. 


බොලීවියාවේ දරිද්‍රතාව සහ නූගත්කම සැලකිය යුතු ලෙස අඩු කිරීම වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළ බොලිවියා ජනපතිවරයා මෙවැනි සුඛවිහරණ තව දුරටත් සිදු කරන්නේද? තැත්ද? යන්න මත ඔහුගේ දේශපාලන ජීවිතය තීරණය වන බව ඔහු අමතක නොකළ යුතුය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ප්‍රාර්ථනා බිඳවට්ටන රාජ්‍ය නායකයා බොලිවියාවේ එවෝ මොරාලෙස්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3067 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 756 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 566 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1515 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site