IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නොබෙල් තෑග්ගෙන් පිදුම් ලැබූ බඩගිනි රාජ්‍යයේ අගමැති අබී අහමාඞ්

 

 

සුවහසක් ලෝක ජනයා වසරක් තිස්සේ පුල පුලා බලා සිටින්නා වූ නොබෙල් සාම ත්‍යාගය මෙවර හිමි වූයේ තවමත් හතළිස් තුන්වැනි වියේ පසුවන ලෝක තරුණ නායකයෙකු වූ ඉතියෝපියා අගමැති අබී අහමාඞ් වෙතය. ඒ “සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව” ළඟා කර ගැනීම සඳහා ඔහු දැරූ උත්සාහය වෙනුවෙනි. ඉතියෝපියා අගමැතිවරයා වෙනුවෙන් මෙවර දියත වෙන්වේ.


ඉතියෝපියාව එරට අප්‍රිකාවේ දියුණු වෙමින් පවතින රටකි. අප්‍රිකානු කලාපයේ වැඩිම ජනගහනය ඇති රටවල් අතර දෙවැනි තැන සිටී. මෙහි ජනයා දුප්පත්ය. දශක එකහමාරකට කලින් මුළු ජනගහනයෙන් හරි අඩක් දරිද්‍රතා මට්ටමේ පසු විය. මෑතක දී එහි ජනගහනයෙන් තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බව සඳහන්ය. 2018 වසරේ අපේ්්‍රල් මාසයේදී ඉතියෝපියාවේ සන්ධාන පාලනයේ නව අගමැති තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයේ දී ඔරොමෝ ජනතා ප්‍රතිජාත්‍යන්තර නවවාදී සංවිධානයේ නායකයා වන ආචාර්ය අබී අහමඞ් වැඩිම කැමැත්තකින් අගමැති තනතුරට පත් විය. හෙතෙම එදා මෙදා තුර අප්‍රිකානු මහාද්වීපයේ ළාබාලතම ජන නායකයා වීමද විශේෂත්වයකි.


මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අනුමාන කිරීම් ද පැවති අතර පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් එහි ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක සිටියාය. එහෙත් ඇයව පරදා 100 වැනි නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නම් වූයේ ඉතියෝපියානු අගමැති අබී අහමඞ්ය. දෙසැම්බර් මාසයේදී ඔහුට හිමි මෙම සම්මානය පිරිනැමෙනු ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 900,000කි.


2018 අප්‍රේල් මාසයේ අගමැති ධුරයට පත්වීමෙන් පසු අබී, ඉතියෝපියාවට දැවැන්ත ලිබරල්කරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබුවේ ඒ දැඩි පාලනයකින් සිටි ඉතියෝපියා ජනතාව මුදවා ගනිමිනි.


විපක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනක් සිරෙන් නිදහස් කළ ඔහු පිටුවහල් කළ විරුද්ධවාදීන් යළි සිය රට ගෙන්වා ගැනීමටද පියවර ගත් අතර ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ තුළ ලොව වැඩි අවධානයක් දිනා ගත්තේ ඉතියෝපියාව පසුගිය වසරේදී  එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමකට එළඹීමයි. ඒ සමග 1980-2000 දේශසීමා යුද්ධයෙන් පසු වසර 20ක සිවිල් යුද්ධය අවසන් වූයේය.


අබී අහමඞ්ගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් ඉතියෝපියාවේ ජනවාර්ගික ආතතීන් ඉවත් වූවත්, එහි අතුරු ප්‍රතිවිපාකයක් වූයේ ප්‍රචණ්ඩත්වය හමුවේ මිලියන 2.5 ක පමණ ජනතාවකට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්වීමටයි. කෙසේ වෙතත්, අසල්වැසි එරිත්‍රියාව සමඟ දේශසීමා ගැටුම නිරාකරණය කිරීමේ තීරණාත්මක පියවර වෙනුවෙන් අබී ගෞරවයට පාත්‍ර කෙරෙන බව නෝර්වීජියානු නොබෙල් කමිටුව නිවේදනය කළේය.


ඉතියෝපියාව මෙන්ම නැගෙනහිර සහ ඊසානදිග අප්‍රිකානු කලාපවල සාමය හා සංහිඳියාව සඳහා කටයුතු කරන සියලුම පාර්ශ්වකරුවන් හඳුනා ගැනීමට මෙවර ත්‍යාගය මනා පිටුබලයක් බව ද නොබෙල් සාම කමිටුව අවධාරණය කළේ අබී ගේ මෙහෙවර අගයමිනි.


ඔරොමෝ ජනවර්ගයේ භාෂා විලාසය අනුව අහීමාඞ් යනුවෙන් ද කියැවෙන අබී අහමඞ් 1976 දී උපත ලබා තිබේ. පක්ෂ හතරකින් සැදුම්ලත් පාලක සන්ධානයක් ඉතියෝපියාව පාලනය කරයි. ඔරොමෝ පක්ෂය ද එම මණ්ඩලය නියෝජනය කරන අතර අබී අහමඞ් එම සන්ධානයේ ද සභාපති වශයෙන් කටයුතු කරයි. අගමැති වරයා තෝරා ගත්තේ සන්ධානයේ සාමාජිකයන් අතර පැවැති රහස් ඡන්දයෙනි. 


ඉතියෝපියාවේ අනාගතය අබී අහමඞ් වෙත භාර වී ඇති බව දැනගත් වහා එරට ජනී ජනයා සතුටට පත්ව තිබේ. එයට හේතුව පසුගිය වසර තුනක කාලය තුළ පැවති දේශපාලන අස්ථාවර භාවයයි. එම අස්ථාවර කාලය අවසන් කරන සියුම් අවස්ථාවක් ලෙස හිටපු අගමැතිවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සනිටුහන් වූ අතර අගමැති ඉල්ලා අස්වීම වාර්තා වූ වහා ගැටුම් ඇතිවීම වළක්වනු සඳහා පියවර ගෙන තිබේ. 


ලිබරල් ප්‍රතිසංස්කරණවාදියකු සේ සැලකෙන අබී අහමඞ් බලයට පත් වූ වහා විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ සංවාදයක් ඇරඹූයේය. බලයට පත් වූ වහා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරුකර රට ඉදිරියට ගෙන යන උපායමාර්ග යෝජනා කර සිටියේ හමුදා පසුබිමක් සහිත සහ සමාජ ආර්ථික කාරණා සම්බන්ධ මනා දැනුමක් ඇති නායකයකු වශයෙනි.
අබී අහමඞ් ඉතියෝපියාවේ බිෂාෂා ගම්මානයේ කුඩා පාසලක මූලික අධ්‍යාපනය ලැබූ අතර බාල වියේදී ඉගෙන ගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙකු බැව් පැවසේ. ද්වීතියික අධ්‍යාපනයෙන් අනතුරුව එරට හමුදාවට බැඳුණු හෙතෙම එහි සන්නිවේදන හා බුද්ධි අංශවලද සේවය කරනු ලැබුවේය. ඔහුට රුවන්ඩාහි එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය නියෝජනය කිරීමට ද අවස්ථාව ලැබී ඇති බව පැවසේ. 1980-2000 කාලයේ දී එරිත්‍රියාව සමඟ දේශ සීමා සම්බන්ධ ගැටුම් පැවැති වකවානුවේදී එරිත්‍රියානු හමුදා ස්ථානගත කිරීම ගැන ගවේෂණය කළ බුද්ධි කණ්ඩායම මෙහෙයවූයේ අබී අහමඞ් බව සඳහන්ය. 

 

 


හමුදා සේවයට පසු ඔහු අඩිස් අබාබාහි මයික්‍රෝ ලින්ක් තොරතුරු තාක්ෂණ විද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ඇත. දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධිය දිනූ අබී අහමඞ් 2011 දී ලන්ඩන්හි ග්‍රාන්විච් විශ්වවිද්‍යාලය හා ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ ජාත්‍යන්තර නායකත්ව ආයතනය හා එකතු වී පවත්වන ලද උපාධියක් ද සමත්ව තිබේ. එයින් වසර දෙකකට පසු ව්‍යපාර කළමනාකාරීත්වය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කළේය. අන්තර් ආගමික ගැටුම් නිරාකරණය උදෙසා සම්ප්‍රදායික ඉතියෝපියානු ක්‍රියාමාර්ග විග්‍රහ කරමින් කරන ලද පර්යේෂණය උදෙසා අබී අහමඞ් ආචාර්ය උපාධිය ලබා ගැනීමට සමත් විය.


ඉතියෝපියාවේ තොරතුරු ජාලගත ආරක්ෂක ඒජන්සිය පිහිටුවීමේ දී නියමු කාර්ය භාරයක් ඉටු කළ අබී අහමඞ් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක හා පසුව අධ්‍යක්ෂ ධුරයද හෙබවීය. ඒ වන විට හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු වූ හෙතෙම ඒවා අත්හැර සිවිල් රාජකාරිවලට එකතු වීමට තීරණය කළේ 2010 වසරේ දීය. එම වසරේදීම දේශපාලනයට එකතු වූ හෙතෙම මාස දොළහක් යන්නටත් කලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට සමත් වූ අතර විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වශයෙන්ද කටයුතු කළේය.


එරට අඩිස්අබාබා ඇතුළු ප්‍රදේශ ගණනාවක අයුතු බලපෑම් මැද ඉඩම් අත්පත් කරගැනීමට බලවත් කණ්ඩායම් ගෙන යන දූෂිත වැඩපිළිවෙළ අබී අහමඞ්ගේ විරෝධයට බඳුන් විය. ඉඩම් කොල්ලය නතර කරන්නට හෙතෙම තරුණ පිරිස සමඟ එකතු වී වැඩපිළිවෙළක් ඇරඹීය. ඉතියෝපියාවේ ඔරොමියා ප්‍රදේශයේ උපපාලකයා වශයෙන් පත් වූ අබී අහමඞ් තම දේශයේ ආර්ථික සංවර්ධනයේ නියමුවා විය. 2017 කාලයේ දී අවතැන් වූ මිලියන ගණනක පිරිසකගේ ජන ජීවිතය නගාසිටුවීම ඔහුගේ රාජකාරි අතර කැපී පෙනෙන තැනක් ගත්තේය. 


දශක දෙකකට වැඩි කාලයක් ඉතියෝපියාවේ දේශපාලන හා වෙනත් සන්ධාන අතර පැවැති අසමගිය දුරු කරන්නට අබී අහමඞ් අගමැතිවරයා සමත් වූයේය. අගමැති ධුරයට පත්ව පැවැත්වූ සිය පළමු නිල දේශනයේ දී අසල්වැසි එරිත්‍රියාව සමග පවතින ආරවුල් තුරන් කිරීම ගැන පමණක් නොව රට තුළ සියලු පාර්ශ්ව එකතු කරගෙන නව ගමනක් ඇරඹීම ගැන කරන ලද කතා රටේ වැඩි දෙනකුගේ ප්‍රසාදයට ලක්වූ බව සඳහන් කළ යුතුමය. 


ඉතියෝපියානු හමුදා සේවයේ නිරතව සිටිය දී දැන හඳුනාගත් සිනෑෂ් සමග විවාහ වූ හෙතෙම දියණියන් තිදෙනකුගේ පියෙකි. ඉතියෝපියානුවෝ අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිති. දශක දෙකකට වඩා වැඩි කාලයක් අසල්වැසි රට සමග පැවති දේශපාලන අසමගිය දුරු කර අලුත් යුගයක් ඇති කිරීමට ඇප කැප වී සිටින අබී අහම්ඩ 2018 වසරේ දී “වැඩිම බලපෑමක් ඇති කළ අප්‍රිකානුවන් සිය දෙනා”ගේ ලැයිස්තුවට සහ ඇමෙරිකාවේ ‘ටයිම්’ සඟරාව විසින් එම වසරේ ලොව වැඩිම බලපෑමක් ඇති කළ සිය දෙනා අතරට එක් කිරීමටද අමතක නොකළේය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

නොබෙල් තෑග්ගෙන් පිදුම් ලැබූ බඩගිනි රාජ්‍යයේ අගමැති අබී අහමාඞ්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site